ඩොලර් බහින්නෙ මහ බැංකුවේ fix එක නිසාද, රනිල් නිසාද? වට්ටක්කා කඩයක් සහ මුදලාලි ඇසුරෙන් තේරුම් ගමු.

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,847
    113
    32
    Moratuwa
    www.facebook.com
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන ආවා. හැම එකාටම දහ පාරක් එකම උත්තරය දීලා එපා වෙලා මේක දාන්නෙ. දැනටමත් දන්න උන් කියෙව්වෙ නැතත් කමක් නෑ. හැබැයි සීන් එක තවත් කබ්‍රාල්esque ජිල්මාට් එකක් කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම කියවහන්. සරල කතා ටිකක් මුලින්ම තේරුම් අරන් ඉමු.

    පා කිරීම කියන්නෙ තනිකරම supply demand මත විනිමය අනුපාතය තීරණය වෙන්න දීම. Fix කිරීම කියන්නෙ මොකක් හරි නිශ්චිත අගයක් දැනුම් දීම. කාලයක් 200 ට fix කරලා තිබිලා මාර්තු මුල රුපියල පා කරා උඹලාට මතක ඇති. ඔය දෙක ගැන මේ කිව්වෙ.

    Fix වලත් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි credible fix. ඒ කියන්නෙ විනිමය අනුපාත ස්ථාවර කිරීම පිළිගත හැකි පදනමක් එක්ක සිදු කිරීම. අනික තමයි කබ්‍රාල්ගෙ වගේ පුකෙන් ඇදලා ගත්ත අගයකට fix කිරීම හෙවත් non-credible fix. එතනදි වෙන්නෙ කිසිම පදනමක් නැතිව ඔහේ ඉලක්කමක් කියන එක.

    දැන් මොකක්ද ඕකෙ වෙනස? Credible fix එකක් කියන්නෙ තමන් විකුණන දේට තියෙන ඉල්ලුම, තියෙන සැපයුම මත බුද්ධිමත්ව හිතලා යම් මිලක් නියම කරන එක. උදාහරණයට හිතපන් උඹ වට්ටක්කා විකුණන්න යනවා කියලා. සාමාන්‍යයෙන් මේ කාලෙ වට්ටක්කා මිල, උඹට තියෙන වට්ටක්කා ගාණ විකුණගන්න පුළුවන් කියලා හිතෙන මිල එහෙම බලලා උඹ කිලෝග්‍රෑම් එකට ගාණක් දානවා. ඒක උඹට පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා, ලස්සන රවුම් ගාණකට දාන්න එහෙම අවුලක් නෑ. ඒ කියන්නෙ ඉල්ලුම සැපයුම අනුව හරියටම ගණන් හැදුවොත් මිල රුපියල් 146.84 වගේ ගාණක් එනවා නම් 140 හරි, 150 හරි වගේ දැම්මාට ලොකු අවුලක් නෑ. මෙහෙම කරන එකෙන් ප්‍රයෝජන කීපයක්ම තියෙනවා. එකක් උඹට කිලෝ එක මෙච්චරයි කියලා ලේසියෙන් කෑ ගහලා කියන්න පුළුවන්. අනික දවස පුරා හරිම මිල එහා මෙහා වෙන එකේ කරදරයෙන් බේරෙන්න පුළුවන්. නැත්නම් එන එන එකාට එවෙලේ තියෙන මිල සතේ ගාණට හදලා විකුණන්න වෙනවානෙ. Credible fix එකක් කියන්නෙ අන්න එහෙම විකුණන්න පුළුවන් ගාණ බලලා දාන නිශ්චිත අගයක්.

    Non-credible fix කියන්නෙ ඕකෙ අනිත් පැත්ත. උඹ අමු කැරියා කියලා හිතාගෙන වට්ටක්කා කිලෝ එක 200 යි කියලා දානවා. මිල 150 වුණාට ගන්න බැරි නම් නිකන් හිටු කියනවා. හැබැයි කේස් එක කියන්නෙ වට්ටක්කා විකුණන්නෙ උඹ විතරක් නෙවෙයි. එහෙම වුණාම එකෙක්වත් උඹෙන් ගන් නැතිව වෙන තැනකට යනවා. අන්තිමට වට්ටක්කා විකිණෙන්නෙම නැති නිසා දවල්ට කන්න සල්ලිත් නැතිව මිල බස්සන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි, උඹෙන් කුණු කොල්ලෙට ගන්න උන් අනිත් වට්ටක්කා කාරයන්ගෙනුත් අඩුවට ඉල්ලනවා. උන් තව බස්සද්දි උඹටත් බස්සන්න වෙනවා. ඔය චක්‍රයම ගිහින් අන්තිමේ වට්ටක්කා කුණු කොල්ලෙට යනවා.

    කබ්‍රාල් රුපියලට කරෙත් ඕක. ඉලක්කම් හදා ගන්න ලේසි වෙන්න රුපියල් 5000 කොළය වට්ටක්කා කිලෝ එක කියලා හිතමු. කබ්‍රාල් කිව්වා ඩොලර් 25 ක් දීලා මේක ගනින්, නැත්තම් නිකන් හිටු කියලා. හැබැයි 5000 කොළ තියෙන්නෙ කබ්‍රාල්ට විතරක් නෙවෙයි. අනිත් හැම එකාම 5000 කොළේ ඩොලර් 20 ට 22 ට විකුණන්න ගත්තා. එතකොට කබ්‍රාල්ගෙන් ගන්න එවුන් ප්‍රමාණය අඩු වුණා. රෙද්දෙ රෙවිලා ගෑස් බැස්ස ගමන් අර උඩ කියපු චක්‍රයම ආයෙත් ගියා. අන්තිමට මිනිස්සු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන හරි ගාණටත් වඩා අඩුවට 5000 කොළ ගන්න පටන් ගත්තා. Credible නැති fix එකකින් වෙන්නෙ ඕක තමයි.

    හැබැයි හොඳට හොයලා බලලා දාන credible fix එකක ඔය අවුල නැහැ. වට්ටක්කා මිල දන්න මිනිස්සුන්ට විශ්වාස කරන්න පුළුවන් සාධාරණ, ස්ථාවර ගාණක් තිබ්බාම හොඳ වට්ටක්කාත් නිසා මිනිස්සු ඒ ගාණට වට්ටක්කා ගන්නවා. එතකොට අනිත් උන්ටත් පත්තු වෙලා ගාණ ටික ටික වැඩි කරනවා. උන්ගෙ වට්ටක්කා ටිකක් සවුත්තු වුණත් කුණු කොල්ලෙටම යන එක අඩු වෙනවා.

    වැදගත්ම දේ එතකොට වට්ටක්කා මිල දාන්නෙ ලොකුම මුදලාලි වන උඹ. අනිත් එකාලා උඹෙ මිල බලලා ගාණ දා ගන්නවා. උන් කුණු කොල්ලෙට විකුණලා, උඹෙ වට්ටක්කාවල ගාන බස්සන විහිළුව නවතිනවා. අන්න ඒකයි අවශ්‍ය වෙන්නෙත්. අන්තිමට මුළු වට්ටක්කා අස්වැන්නම සාධාරණ ගාණට විකිණෙනවා.

    දැන් රුපියල් 5000 කොළෙත් දෙන්නෙ අන්න එහෙම පවතින මිල අනුව සාධාරණ ගාණකට. කබ්‍රාල් වගේ ඩොලර් 25 කියලා අමු කැරියා වෙන්න හදන්නෙ නැහැ. ඩොලර් 14 ක සාධාරණ ගාණක් දාලා තියෙනවා. මිනිස්සුත් හොඳ වටිනාකමක් තියෙන නිසා හොර පාරවල යන එක අඩු වෙලා ඩොලර් 14 ක් දීලා රු. 5000 කොළ ගන්නවා. 5000 කොළ ප්‍රමාණයත් හිමීට සීමා කරාම වටිනාකම වැඩි වෙලා මිනිස්සු ඩොලර් 15, 16, 17 වගේ අගයකට 5000 කොළේ ඉල්ලන කාලයක් එනවා.

    මෙතනදි රනිල් කරන්නෙ ඔය කියන සාධාරණ ගාණට විකුණන්න පුළුවන් තරමට 5000 කොළයට demand එක හදන එක. හරියට වට්ටක්කා කඩේට advertising පාරක් දාලා, සානුකම්පිතව හිතලා වට්ටක්කා ගන්න අඳුරන අය එක්ක සාකච්ඡා කරලා ගේමක් ගහනවා වගේ. රනිල් ඕක කරලා වට්ටක්කාවලට demand එක හැදුවෙ නැත්තම් උඹට වට්ටක්කා උඹ දාන මිලට විකුණන්න බැරි වෙලා මිල බහිනවා. එතකොට ආයෙත් වටේ ඉන්න එවුන් වට්ටක්කා මිල තීරණය කරලා උඹෙ ගාණ කපන්න පටන් ගන්නවා.

    ණය පහසුකම්, ආධාර, credit line මේ හැම දේකින්ම වෙන්නෙ රුපියල් 5000 කොළේට තියෙන demand එක වැඩි කිරීම. උඹ බුද්ධිමත් මුදලාලි නිසා හැම වෙලාවෙම තමන්ට විකුණන්නත් පුළුවන්, ගන්න අයට වටිනවා කියලත් හිතෙන, අනිත් බාල වට්ටක්කා කාරයන්ට නටන්න බැරි ගාණක් මිල විදිහට දානවා. නන්දලාල් මහත්තයාත් අන්න එහෙම හොඳට බලලා, මිනිස්සුන්ට ඩොලර් දීලා ගන්න හිතෙන ගාණට රුපියල් 5000 විකුණනවා. කාලයත් එක්ක හිමීට හරි ගාණටම විකුණන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා.

    ඉතින් ඔන්න ඕකයි කතාව. අද තියෙන ඩොලර් එකෙත් demand අනුව ඇත්ත මිල තියෙන්නෙ රුපියල් 290-300 විතර සීමාවේ. හැබැයි අර කලින් නටපු පිස්සුව නිසා වට්ටක්කා මිල හෑල්ලු වෙලා ගියා වගේ රු. 5000 කොළෙත් හෑල්ලු වෙලා ගියා. හිමින් සැරේ ආයෙත් විශ්වාසය දීලා 5000 කොළේ සැබෑ මිල වෙන ඩොලර් 17 ක විතර මට්ටමට ගේන එක සිද්ධ වෙනවා. ඒක කරන්නෙ රුපියල් 5000 කොළේ වටිනාකම තියෙන බව තහවුරු කරන අතරේම නිසා අදාළ නැති උන්ට නටලා ඒක හෑල්ලු කරන්නත් අවස්ථාව නැති වෙනවා.

    ඉතින් ඔන්න ඕකයි ඩොලර් එකේ ගාණෙයි, වට්ටක්කාවලයි කතාව. ඩොලර් එක බහින්නෙ මහ බැංකුව දාන fix එක නිසා බව ඇත්ත. හැබැයි ඒ fix එක තියාගෙන යන්න විශ්වාසය දෙන්නෙ රනිල් ගහන ගේම හරහා රු. 5000 කොළේට ලැබෙන credible වටිනාකම. ඒ වටිනාකම නැතිව ඕක කරන්න ගියොත් වෙන දේ කවුරුත් අත්දැකීමෙන්ම දන්නවානෙ. වාසනාවකට මේ පාර එහෙම නැහැ. 👍
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    4,511
    13,005
    113
    Ice Cube Reaction GIF
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,847
    113
    32
    Moratuwa
    www.facebook.com
    දැන් අරූ ගාව වට්ටක්ක නැතුව මිලක් දාල බලන් හිටියොත් මොකද වෙන්නෙ.
    වට්ටක්කා ඕන තරම් තියෙනවා බං. විකුණන්නයි අමාරු. මිල දාන්න ඕන විකුණන්න පුළුවන් ගාණකට. කලින් කෙළවුණේ එහෙම නොකරපු නිසා. රනිල් නැත්තම් මේ පාරත් එ්කම වෙනවා. හැබැයි පොර ඉන්න නිසා මේක credible. 😊
     

    Sen-lu

    Well-known member
  • දැන් අරූ ගාව වට්ටක්ක නැතුව මිලක් දාල බලන් හිටියොත් මොකද වෙන්නෙ.
    ඒකනෙ වට්ටක්කා ලොජික් එක ෆේල්. වට්ටක්කා ගෙඩියක් දෙකක් තියාගෙන අඩු මිලක් ගැහුවට වැඩක් නෑ. ඒ ගෙඩිදෙකත් පාඩුවට විකුණලා ඉවරවුනාම කඩේ වහල ගෙදර යන්න වෙන්නෙ. Supply එක වැඩි කරන්න ඕන මිල පාලනය කරන්න නැත්නම් කලුකඩ එනව කියන එක බොහොම සරල ආර්ථික විද්‍යාව.
     

    Sen-lu

    Well-known member
  • වට්ටක්කා ඕන තරම් තියෙනවා බං. විකුණන්නයි අමාරු. මිල දාන්න ඕන විකුණන්න පුළුවන් ගාණකට. කලින් කෙළවුණේ එහෙම නොකරපු නිසා. රනිල් නැත්තම් මේ පාරත් එ්කම වෙනවා. හැබැයි පොර ඉන්න නිසා මේක credible. 😊
    ලංකාවේ සංච්ත අද වෙනකොට කීයද බං? මනුස්සයෙක්ගෙ නමට ඕක බොහොම ටික දවසයි අල්ලගෙන ඉන්න පුළුවන්. ඌ $ ගෙනාවෙ නැත්නම් තිබ්බට වඩා වැඩේ අල වෙනව.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    33,345
    65,488
    113
    වට්ටක්කා ඕන තරම් තියෙනවා බං. විකුණන්නයි අමාරු. මිල දාන්න ඕන විකුණන්න පුළුවන් ගාණකට. කලින් කෙළවුණේ එහෙම නොකරපු නිසා. රනිල් නැත්තම් මේ පාරත් එ්කම වෙනවා. හැබැයි පොර ඉන්න නිසා මේක credible. 😊
    සිරාවට කොහෙ තියෙන වට්ටක්කද? උදාහරණෙ අමතක කරමුකො කොහෙද ඕනි තරන් ඩොලර් තියෙන්නෙ
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,847
    113
    32
    Moratuwa
    www.facebook.com
    ඒකනෙ වට්ටක්කා ලොජික් එක ෆේල්. වට්ටක්කා ගෙඩියක් දෙකක් තියාගෙන අඩු මිලක් ගැහුවට වැඩක් නෑ. ඒ ගෙඩිදෙකත් පාඩුවට විකුණලා ඉවරවුනාම කඩේ වහල ගෙදර යන්න වෙන්නෙ. Supply එක වැඩි කරන්න ඕන මිල පාලනය කරන්න නැත්නම් කලුකඩ එනව කියන එක බොහොම සරල ආර්ථික විද්‍යාව.
    යකෝ වට්ටක්කා = රුපියල්. ඒවා ඇති තරම් තියෙනවා. විකුණලා ඩොලර් ගන්නයි අමාරු වෙලා තියෙන්නෙ. සේරටම කලින් ලියලා තියෙන දේ කියවලා තේරුම් අරන් හිටු. උඹෙ වටහා ගැනීමෙ හැකියාව තමයි fail. 👍
     
    • Like
    Reactions: Idias

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    33,345
    65,488
    113
    ඒකනෙ වට්ටක්කා ලොජික් එක ෆේල්. වට්ටක්කා ගෙඩියක් දෙකක් තියාගෙන අඩු මිලක් ගැහුවට වැඩක් නෑ. ඒ ගෙඩිදෙකත් පාඩුවට විකුණලා ඉවරවුනාම කඩේ වහල ගෙදර යන්න වෙන්නෙ. Supply එක වැඩි කරන්න ඕන මිල පාලනය කරන්න නැත්නම් කලුකඩ එනව කියන එක බොහොම සරල ආර්ථික විද්‍යාව.
    නිකමට හිතෙනව කුඩු ගේන විදියට වෙරලට බාල පෙට්ටි වලින් පරිප්පු බෙත් ඒම එන්න පටන් ගනී වගේ මේ සෙල්ලමෙන්
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,847
    113
    32
    Moratuwa
    www.facebook.com
    සිරාවට කොහෙ තියෙන වට්ටක්කද? උදාහරණෙ අමතක කරමුකො කොහෙද ඕනි තරන් ඩොලර් තියෙන්නෙ
    මුටත් සිංහල බෑ. යකෝ වට්ටක්කා කියන්නෙ රුපියල්. කියවලා හිටපංකො ලබ්බ. රුපියල් ඕන තරම් තියෙනවා. ඔහේ විකුණන්න ගිහින් ගාණ හෑල්ලු වෙලා තියෙන්නෙ. නැති ඩොලර් ගන්න තමයි වට්ටක්කා විකුණන්නෙ.

    ලංකාවෙ උන්ට මෙච්චර අමාරුද බං දෙයක් තේරුම් ගන්න? 🤔 මේක මරු රටක් වගේ. 🤣 🤣
    ------ Post added on May 16, 2022 at 12:56 AM
     
    • Like
    Reactions: maanasa2

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    33,345
    65,488
    113
    යකෝ වට්ටක්කා = රුපියල්. ඒවා ඇති තරම් තියෙනවා. විකුණලා ඩොලර් ගන්නයි අමාරු වෙලා තියෙන්නෙ. සේරටම කලින් ලියලා තියෙන දේ කියවලා තේරුම් අරන් හිටු. උඹෙ වටහා ගැනීමෙ හැකියාව තමයි fail. 👍
    මුටත් සිංහල බෑ. යකෝ වට්ටක්කා කියන්නෙ රුපියල්. කියවලා හිටපංකො ලබ්බ. රුපියල් ඕන තරම් තියෙනවා. ඔහේ විකුණන්න ගිහින් ගාණ හෑල්ලු වෙලා තියෙන්නෙ. නැති ඩොලර් ගන්න තමයි වට්ටක්කා විකුණන්නෙ.
    උබ පටලගෙන නේද ඉන්නෙ. උබ රුපියල් විකුණල ඩොලර් ගේනවද ඩොලර් විකුණල රුපියල් ගන්නවද?

    උබ විනිමය අනුපාතය ඇමරිකන් එකෙක්ගෙ පර්ස්පෙක්ටිව් එකෙන්ද බලන්නෙ.

    මුටත් සිංහල බෑ. යකෝ වට්ටක්කා කියන්නෙ රුපියල්. කියවලා හිටපංකො ලබ්බ. රුපියල් ඕන තරම් තියෙනවා. ඔහේ විකුණන්න ගිහින් ගාණ හෑල්ලු වෙලා තියෙන්නෙ. නැති ඩොලර් ගන්න තමයි වට්ටක්කා විකුණන්නෙ.

    ලංකාවෙ උන්ට මෙච්චර අමාරුද බං දෙයක් තේරුම් ගන්න? 🤔 මේක මරු රටක් වගේ. 🤣 🤣
    ------ Post added on May 16, 2022 at 12:56 AM
    උබ මේ පල් හෑලි තෙරුම් කරන්න කලින් ලියපු ඒව ආයෙ කියවපන් 🤪 නැත්තන් ජන්ගියක්ම ගලවගෙන හිටපන්. 😂😂
     
    Last edited:

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,113
    838
    113
    Import pressure wadi.
    Circulation eke salli wadi.
    Ape GDP eka 90 bn USD eth money supply thiyenawa 19 trillion rupees.

    Import export wenasa balannako. E gap eka balance wenakan exchange-rates udata yanawa.

    Hama import ekakma L/C vitharak open කරලා priority වලට vitharak dollar release kara nam oyita wada loku effect ekak enawa.
     

    Sen-lu

    Well-known member
  • යකෝ වට්ටක්කා = රුපියල්. ඒවා ඇති තරම් තියෙනවා. විකුණලා ඩොලර් ගන්නයි අමාරු වෙලා තියෙන්නෙ. සේරටම කලින් ලියලා තියෙන දේ කියවලා තේරුම් අරන් හිටු. උඹෙ වටහා ගැනීමෙ හැකියාව තමයි fail. 👍
    උඹ කියන එක හරි යනව පුච්චන්න $ තියෙනව නම්. ඒකට$ එන්න ඕන තවම $ ආවෙනම් නෑනෙ. ආවොත් හරි නැත්නම් ආයෙම හිටිය වලේම තමා. Lets see.

    සංචිත අතේ නැතුව open කරපු L/C වලට වත් ගෙවාගන්න බැරුව අපිට මොනම විදිහකින් හරි ඩිමාන්ඩ් කරන්න පුළුවන් කියල හිතනව නම්. That's hilarious
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    33,345
    65,488
    113
    උඹ කියන එක හරි යනව පුච්චන්න $ තියෙනව නම්. ඒකට$ එන්න ඕන තවම $ ආවෙනම් නෑනෙ. ආවොත් හරි නැත්නම් ආයෙම හිටිය වලේම තමා. Lets see.
    වට්ටක්ක සප්ලයි එක වැඩි වෙලා අන්තිමට කුණු වෙලා අලින්ට කන්න තමා දෙන්න වෙන්නෙ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,130
    13,580
    113
    වට්ටක්කා ආවාරේ නම් මොකද වෙන්නේ. කොහේවත් ඇති තරං නෑ. හැබැයි මිනිස්සු ඉල්ලනවා එතකොට ගාන වැඩි වෙනවා.

    සරල ඉල්ලුම් සැපයුම් න්‍යාය. බඩු නැත්නම් ගනන් වැඩි වෙනවා. කළු කඩ ඇතිවෙනවා (undial වගේ).
     

    Sen-lu

    Well-known member
  • වට්ටක්ක සප්ලයි එක වැඩි වෙලා අන්තිමට කුණු වෙලා අලින්ට කන්න තමා දෙන්න වෙන්නෙ
    රනිල් ආවම ආර්ථිකය හැදෙනව කියන මතය මත සල්ලි ගෙන්න ගන්න උපක්‍රමයක් විදිහටයි. එහෙම ආවෙ නැතත් ඉස්සරහට එන ණය වලින් ඕක අල්ලගෙන ඉන්න පුළුවන් කියන පදනම මත මේව කරනව කියල තමයි මට නම් හිතෙන්නේ. බලමු මොන වැහි නැටුම මෙදා සැරේ නටන්නෙ කියල. අපිට හෙන වදින්නෙ නැතුව ඕන වැහි නැටුමක් නැටුවට කමක් නෑ.
     
    • Like
    Reactions: Bart_Allen

    Similar threads