ඩොලර් එවන ශ්‍රමිකයින්ට දුන් සහනය අවභාවිතාවෙන් විදුලි මෝටර් රථ 119 ක් ගෙන්නලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,109
    56,603
    113
    පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඔක්තෝබර් 18 වෙනිදා එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.
    එහිදී ශ්‍රී ලංකා රේගුවේ හිඟ බදු සම්බන්ධයෙන් ඇතිවූ කථාබහේදී අවභාවිත ලේඛන භාවිතයෙන් විදුලි මෝටර් රථ ගෙන්වීම ගැන කරුනු අනාවරණය විය.
    රටට විදේශ විනිමය එවන අපේ විදේශගත ශ්‍රමිකයන් සඳහා විදුලි මෝටර් රථ ගෙන්වීමේ අවස්ථාවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ලබා දුන් අතර, විදේශ ප්‍රේෂණ මෙරටට එවීම දිරිමත් කිරීමේ අරමුණින් රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිය අවභාවිතා කර බිලියන 1.2කට ආසන්න වටිනාකමකින් යුතු එවැනි විදුලි මෝටර් රථ 119 ක් ආනයනය කර ඇති බවත් ඉන් වාහන 75 ක්ම එක් ආයතනයක් මගින් ආනයනය කීරීම මගින් මෙම ක්‍රියාවලිය අවභාවිත වී ඇති බව කාරක සභාව විසින් අනාවරණය කරගෙන තිබේ.

    එමෙන්ම, මෙම වාහන ආනයනය කිරීමට ප්‍රථම එම බලපත්‍ර අලෙවි කිරීමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කරන බවත්, වාහන බලපත්‍රයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 250,000 ක් වන විට බලපත්‍රය අලෙවි කිරීම සඳහා රුපියල් මිලියන 5 ක තීරු බද්දක්ද අය කරනු ලබන බවත් කාරක සභාව හමුවේ අනාවරණය විය. මෙම ජාවාරම්කරුවන් මෙමගින් විශාල ආදායමක් උපයන අතර රජයට ලැබිය යුතු බදු ආදායමද අහිමි වීමක් සිදු වන බවද මෙහිදී අනාවරණය විය.

    විදුලි මෝටර් රථ ගෙන්වීමට ලබා දී තිබෙන මෙම බලපත්‍රය භාවිතා කොට රටට හොර පාරෙන්, විදුලි මෝටර් රථ ගෙන්වා, ඒවා අලෙවි කිරීම පිළිබඳ වංචනික ක්‍රියාවලියක් සිදු වී ඇති බව අදාළ විමර්ශනයේ දී පැහැදිලි වූ බව කාරක සභා සභාපති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

    ඒ නිසා එය වහාම නතර කිරීමටත්, අදාළ විදෙස්ගත ශ්‍රමිකයන්ට ලැබිය යුතු ප්‍රතිලාභය අයථා ආකාරයෙන් භාවිතා කළ අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද සභාපතිවරයා මෙහිදී නියෝග කළේය. මෙම වාහන සඳහා නිසි පරිදි තීරු ගාස්තු අය කළේ නම් රටට ලැබිය යුතු ආදායම ගණනය කරන ලෙස ශ්‍රී ලංකා ‍රේගුව වෙත නි‍ර්දේශ කළ අතර විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් ලබා දී තිබෙන මේ බලපත්‍රය විධිමත්ව භාවිතා කිරීම පිළිබඳ කම්කරු හා විදේශ රැකියා පිළිබඳ අමාත්‍යාංශයත්, මුදල් අමාත්‍යාංශයත් එක්ව කටයුතු කළ යුතු බවට ද නිර්දේශ කළේය.


    yako me HTTP la nokarana hora wedak naha balanna giyaham.

    ohoma permit ekak dena kathawak thibbata, oka dunna kiyala api danneth neha, a asse me HTTP yakku vehicle import karala hora weda karala wikunalath iwarai
     
    • Sad
    Reactions: Hankook

    shenat

    Well-known member
  • May 13, 2007
    53,494
    80,632
    113
    ආශ්චර්යමත් රටක
    සල්ලි තියෙනව නං හොඳම රට ලංකාව කියන්නෙ ඔන්න ඕකයි. හොරකං, බලුකං වලින් සැප සේ ඉන්න පුලුවන්. වෙන රටකට ගියොත් ඕකුන්ට වැලේ වැල් නැති වෙලා ෆේල් වෙනවා. එක්කො හිරේ යන්න වෙනවා. මේකෙ පවා ඔය කියවන උන් ගොඩකගෙ ඇතුල් පැත්ත ඕකයි. (Hint : මේකට රිදෙන උන් ටික බලාගත්ත නං හරි. 😉)

    කොළඹ වෙනස තමා 😂
     
    • Haha
    • Like
    Reactions: Hankook and SLK_sri

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,023
    48,283
    113
    ජාවාරම්කරුවන්ගේ පාරාදීසය ❤️

    හැමදාම හොරකමක් පත්තරේ යනවා
    දැන් මේක නිව් නෝමල් 😄
     
    • Like
    • Haha
    Reactions: shenat and SLK_sri