ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට! 2021 අවසානයේදී රාජ්‍ය අංශයේ මුළු ණය ඩොලර් බිලියන 110.9ක්. එයින් ඩොලර් බිලියන 53.6ක් රුපියල් ණය

monson

Well-known member
  • May 7, 2007
    12,254
    2,442
    113
    2021 අවසානයේදී රාජ්‍ය අංශයේ මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 110.9ක්. එයින් ඩොලර් බිලියන 53.6ක් රුපියල් ණය වන අතර ඉතිරිය විදේශ ව්‍යවහාර මුදල් වලින් ගත් ණයයි. Public Debt stood at 114% of GDP as at end 2021

    පෙනෙන විදිහට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හැකිතාක් ඉක්මණින් අවසන් කිරීම රජයේ අභිලාෂයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයක් ඇති කර ගැනීමෙන් අනතුරුව රජය ඉතා ඉක්මණින් ඊළඟ පියවර වෙත යොමු වෙමින් සිටිනවා.
    මේ සිකුරාදා (සැප්තැම්බර් 23) නිවුයෝර්ක් වේලාවෙන් උදේ අටට (ලංකාවේ වේලාවෙන් හවස 5:30ට) රජය අන්තර්ජාලය හරහා ණයහිමියන්ව හමු වෙනවා. ක්ලිෆඩ්චාන්ස් ආයතනය විසින් මෙම හමුව සංවිධානය කරන අතර ඕනෑම විදේශ ණයහිමියෙකුට කලින් ලියාපදිංචි වී මෙම රැස්වීමට සහභාගී විය හැකියි.
    මෙම රැස්වීමේදී රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති ස්ථායීකරණ වැඩපිළිවෙළ පිළිබඳව ණයහිමියන් දැනුවත් කිරීමට අපේක්ෂා කරන අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ඉදිරි පියවර පිළිබඳවද දැනුම් දීමක් කිරීමට නියමිතයි. ඉන් අනතුරුව, ණයහිමියන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමද සිදු වෙනවා.
    මුදල් අමාත්‍යාංශය විසින් ණයහිමියන් වෙත ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව, 2021 අවසානයේදී රාජ්‍ය අංශයේ මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 110.9ක්. එයින් ඩොලර් බිලියන 53.6ක් රුපියල් ණය වන අතර ඉතිරිය විදේශ ව්‍යවහාර මුදල් වලින් ගත් ණයයි.
    ඩොලර් බිලියන 47.3ක් වන විදේශ ව්‍යවහාර මුදල් වලින් ගත් ණය වලින් ඩොලර් බිලියන 38.9ක් මධ්‍යම රජයේ ණය වන අතර ඩොලර් බිලියන 5.4ක් රජයේ ඇප මත රාජ්‍ය සංස්ථා විසින් ලබාගත් ණයයි. ඉතිරි ඩොලර් බිලියන 3.0 මහ බැංකුවේ ණයයි.
    රජය හා රාජ්‍ය සංස්ථා විසින් ලබාගෙන ඇති ද්විපාර්ශ්වික ණය ප්‍රමාණය ඩොලර් බිලියන 10ක්. එයින් 44%ක් චීනයෙන්ද, 32%ක් ජපානයෙන්ද, 10%ක් ඉන්දියාවෙන්ද ලබාගෙන තිබෙනවා. මීට අමතරව මහ බැංකුවේ ණය වලින් ඩොලර් බිලියන 1.8ක්ද ද්විපාර්ශ්වික ණයයි. එවිට ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයේ එකතුව ඩොලර් බිලියන 11.8ක්.
    ජාත්‍යන්තර සංවිධාන වලින් ලබාගෙන තිබෙන ණය ප්‍රමාණයද මීට ආසන්නයි. එම ප්‍රමාණය ඩොලර් බිලියන 11.3ක්. ඉතිරි ඩොලර් බිලියන 24.4 වාණිජ ණයයි.
    දැනට පළව ඇති ඉඟි වලින් පෙනෙන්නේ ණයහිමියන් ඉක්මණින් කැමති කරවා ගත හැකි, ඔවුන්ට සාපේක්ෂව වාසිදායක, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ලංකාවේ පැත්තෙන් ඉදිරිපත් වීමේ වැඩි ඉඩක් ඇති බවයි.


    308111273_511440234318408_5409040733344186753_n.jpg


    - https://www.facebook.com/Economatta
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    1,144
    1,614
    113
    ඩොලර් බිලියන 114ක මොනාද බන් මුන් කර්ලා තියෙන්නෙ, චන්දිර්කා මැඩම් යද්දි හෙන පොඩි ගනාක් නයක් නෙ තිබ්බෙ?
     
    • Haha
    • Like
    Reactions: NRTG and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,639
    1
    31,850
    113
    තාම ලන්කාවේ
    රුපියල් ණය ටිකට මොකද කරන්නේ? සල්ලි ප්‍රින්ට් කරලා ගෙවනවා ද? නෑත්නම් ප්‍රතිව්‍යුහගත කරනවා ද?

    ඩොලර් බිලියන 114ක මොනාද බන් මුන් කර්ලා තියෙන්නෙ, චන්දිර්කා මැඩම් යද්දි හෙන පොඩි ගනාක් නයක් නෙ තිබ්බෙ?
    ------ Post added on Sep 21, 2022 at 11:18 AM
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    1,144
    1,614
    113
    රුපියල් ණය ටිකට මොකද කරන්නේ? සල්ලි ප්‍රින්ට් කරලා ගෙවනවා ද? නෑත්නම් ප්‍රතිව්‍යුහගත කරනවා ද?


    ------ Post added on Sep 21, 2022 at 11:18 AM
    ඊට ලෙසි නැට්ද රුබල් වගෙ ප්‍රින්ට් කරා නම්, පුටින් ගහන්න කියලාද,,,
     
    • Haha
    Reactions: malakadss

    monson

    Well-known member
  • May 7, 2007
    12,254
    2,442
    113
    "රාජ්‍ය අංශයේ මුළු ණය ඩොලර් බිලියන 110.9ක්. එයින් ඩොලර් බිලියන 53.6ක් රුපියල් ණය"

    Meken 90% හරිදේ නොකර චන්දේම බලාගෙන මිනිස්සුන්ව බොරු චූන් එකක තියාගන්න ගත්ත 2007 n passe gaththa ණය (cost එකට නැති energy prices, Return on investment නැති expressways (eg:: Galle-Hambanthota section ), government buildings and constructions, roads, irigation projects and dams, beautification projects, subsidies like Samurdi, high-interest commercial loans for useless projects, high cost power generation without constructing planned power stations, Not investing on public transport -result high fuel import cost for using private vehicles, funding loss making SOEs)
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    12,497
    14,344
    113
    日本
    අන්න රනිල් පොන්නයට රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්නවත් සල්ලි නැහැලු..මහ ලොකුවට ජනපති පට්ටම ගත්තා නේද කරනවා කියලා..කෝ වැඩ කෝ? :lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    13,942
    11,613
    113
    හස්තිශෛලපුර
    අන්න රනිල් පොන්නයට රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්නවත් සල්ලි නැහැලු..මහ ලොකුවට ජනපති පට්ටම ගත්තා නේද කරනවා කියලා..කෝ වැඩ කෝ? :lol:

    lol.. account eka maru unada? puuttu fonsiyo kegahuwe unta ona widiyata tamai anduwa duwanne kiyala..

    poddak explain karapan pons.. utura dakuna maru wenawa puuttu ponslage comment balala
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    6,418
    6,247
    113
    අන්න රනිල් පොන්නයට රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්නවත් සල්ලි නැහැලු..මහ ලොකුවට ජනපති පට්ටම ගත්තා නේද කරනවා කියලා..කෝ වැඩ කෝ? :lol:

    ඒකියන්නේ පොහොට්ටු වේසිගෙ පුතාලා පාලිමේන්තුවේදී චන්දෙ දීලා පත්කරලා තියෙන්නේ නන්දයා වගේම තවත් වැඩබැරි පොන්සියෙක්ද ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Tricle_Buwa

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    12,497
    14,344
    113
    日本
    lol.. account eka maru unada? puuttu fonsiyo kegahuwe unta ona widiyata tamai anduwa duwanne kiyala..

    poddak explain karapan pons.. utura dakuna maru wenawa puuttu ponslage comment balala

    ඒකියන්නේ පොහොට්ටු වේසිගෙ පුතාලා පාලිමේන්තුවේදී චන්දෙ දීලා පත්කරලා තියෙන්නේ නන්දයා වගේම තවත් වැඩබැරි පොන්සියෙක්ද ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අරගල කරලා රනිලා ජනපති කරගත්තේ අපිද?
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,127
    5,251
    113
    King's Landing
    රුපියල් ණය මොනවකරත් කෙල වෙනවා.

    සල්ලි අච්චු ගැහුවොත් රුපියල බාල්දු වෙනවා.
    රී ස්ට්‍රක්චර් කරොත් බැංකු ටික ඉවරයි. ලෙබනන් වගේම වෙනවා.
     
    • Sad
    Reactions: NRTG