තරග පරාජයන් පිටුපස කුමන්ත්‍රණයක් – ප්‍රමෝද්‍ය සියල්ල හෙළිකිරීමට සැරසෙයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,169
    20,222
    113
    Westනාහිර
    Pramodya-New.jpg

    ලෝක කුසලාන තරගාවලියේ අවසන් කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් යම් මානසික පීඩනයකින් පසුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසනවා.

    එක්දින ලෝක කුසලාන තරගාවලියේ අන්ත පරාජයකින් පසු අද (10) උදෑසන දිවයිනට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

    මේ අතර සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ තරග පරාජයට පත්වීමට හේතුව කණ්ඩායමෙන් පිටත සිදුවෙන කුමන්ත්‍රණයක් බවයි.

    දින දෙකක කාලයත් ඇතුළත එම සියලු තොරතුරු මාධ්‍ය වෙත අනාවරණය කරන බවයි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මෙහිදී පවසා සිටියේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10) අලුයම ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 174 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

    https://dasathalankanews.com/තරග-පරාජයන්-පිටුපස-කුමන්/
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    6,837
    10,343
    113
    NWP
    රට ඉහළින්ම ඔසවා තැබූ අපේ සිංහ පෝතකයින්ට..................

    dilann

    Well-known member
  • Jul 6, 2018
    53,812
    137,295
    113
    එකමත් එක රටක
    කියන මගුලක් ඉතින් අද කියන්න ඕනේ.
    දවස් දෙකක් ගියාම කියන්න ඕන දේ නෙවෙයි නේ කියන්නේ. :rofl:
    මොකක් හරි කතාවක් හදාගෙන එයි.
     
    • Haha
    Reactions: sakuntha1996

    elajani

    Well-known member
  • Oct 18, 2020
    9,861
    5,947

    pala huththa