තෙල් ගේන්න ඉන්දියාවෙන් හදිසි ණයක් ගන්න යයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    19,664
    28,179
    113
    තාම ලන්කාවේ
    පේන විදිහට නම් තත්වය අන්තිම දරුණුයි.. ඉස්සෙල්ලාම මොකක්ද සමාගමකින් ණයක් ගන්නවා කිව්වා පට්ට කොමිශන් එකකුත් ගෙවලා. මතකනේ අර හර්ෂයා කොමිශන් එක යන එකාගේ ගේ තියෙන තෑනත් කිව්වා.. ඊට පස්සේ ඕමාන් වලින් ගන්නවා කිව්වා.. දෑන් ඉන්දියාවෙන්.. මට පේන්නේ එකෙක් අපිට සත පහක් දෙන්නේ නෑ.. අපි ඉන්නේ අන්තිම දරුණු තත්වෙක..

    බරපතළ අර්බුදයකට ලක්ව ඇති ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඩොලර් කෝටි 50ක හදිසි ණයක් ලබාගැනීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි .

    ඒ සඳහා ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයන් ඉන්දීය රජය සමග මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇතැයි රජයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළේය .

    ඩොලර් හිඟය හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාව බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති අතර, ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සොයා ගැනීමේ දැඩි අසීරුතාවකට ඔවුන් මුහුණ දී ඇත.

    බොරතෙල් ආනයනය සඳහා ඩොලර් නොමැතිවීමෙන් ගිය සතියේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ද වසා දමනු ලැබූ අතර ,එය යළි විවෘත කෙරෙන දිනයක්ද තවමත් ප්‍රකාශයට පත් වී නොමැත .

    මේ අතර ,ඉකුත් සදුදා පැවැති කැබිනට් රැස්වීමේදී අදහස් දක්වා ඇති බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කර ඇත්තේ, ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 350 ක් අවශ්‍ය වන බවය

    එම මුදල සොයාගැනීම බරපතළ අර්බුදයක් වී ඇතැයි ද ඔහු එහිදී සඳහන් කර ඇත .


    මේ කරුණු සැලකිල්ලට ගැනීමෙන් ඉන්ධන ආනයනය සඳහා ඩොලර් කෝටි 50 ක හදිසි ණයක් ඉන්දියාවෙන් ලබා ගැනීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    12,507
    2,873
    113
    ඵක පාරකුත් ගත්ත නේද..හැබැයි මෙහෙම ගියොත් රාජපක්ෂලටම රට දීල පැත්තකට වෙන ඵක හොඳයි වගේ නැත්නම් ඉතිං ඊළගට පත් වෙන ඵකානේ ඕව ගෙවන්න ඕන..මට පේන්නෙ දැන් චීනෙන් මුන්ට ණය දෙන්නෙ නෑ ඒකයි දැන් ඔය ඉන්දියාව පස්සෙ යන්නෙ..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    19,664
    28,179
    113
    තාම ලන්කාවේ
    ඵක පාරකුත් ගත්ත නේද..හැබැයි මෙහෙම ගියොත් රාජපක්ෂලටම රට දීල පැත්තකට වෙන ඵක හොඳයි වගේ නැත්නම් ඉතිං ඊළගට පත් වෙන ඵකානේ ඕව ගෙවන්න ඕන..මට පේන්නෙ දැන් චීනෙන් මුන්ට ණය දෙන්නෙ නෑ ඒකයි දැන් ඔය ඉන්දියාව පස්සෙ යන්නෙ..
    ඉන්දියාවෙන් තෙල් ගේන්න ගත්තේ නෑ. ස්වෑප් එකක් නේ ගියේ.. ඉල්ලුවාට ඉන්දියාව නිකම්ම දෙන එකක් නෑ.
    Antimata Lankawa Indiyawata Sinna weida dan na.. :sorry:
    ඉන්දියාවට, චීනෙට, ඈමරිකාවට එහෙමතමා වෙන්නේ කෑලි කෑලි
     
    • Sad
    Reactions: Ozone4 and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    14,637
    19,437
    113
    උබ දෙනවද හතර වටේටම කෙල වෙලා ඉන්න එකෙක් ඇවිත් මචන් ලබන සතියෙ කොහොම හරි බේරනව කිව්වම රුපියල් 100ක්. මේක ඊට අන්තයි. තානාපතිය ඈතින් එනව පේනකොට දොර වහනව ඇති