ලංකාවේ ඉන්න තරුණ සහ අත්දැකීම් සහිත තාක්ෂණවේදීන්ට මෝටර් බයික් හදන්න බැරි කමක් නෑ මිත්‍රයා, මෝටර් බයික් එකක් හදනවා කියන එක තමිල්නාඩුවේ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ පවා කරන එකේ ඒක මේ රටේ කාර්මික තාක්ෂණය දන්න මිනිහෙක්ට හරි කණ්ඩායමකට හරි අලුත් දෙයක් නෙවෙයි. එහෙම හැදුවා කියලා ලංකාවේ වෙළඳපොල යාන්ත්‍රණය ඇතුලේ සහ සහය ලැබිය යුතු පාර්ශවයන්ගෙන් සහය නොලැබෙන වටපිටාවක් නිර්මාණය වෙලා තියෙන්නේ ගොබ්බ මානසිකත්වයේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි මේ රටේ අවුරුදු තිහ හතලිහක් තිස්සේ මුල්බැහැගෙන ඉන්න ගොබ්බ තියරිය තමයි අනිත් රටවල් වල දේවල් වාව් මේ රටේ දේ අප්සට් කියන එක. ඒකටම හරියන පරිපාලනයකුත් අපිට ඉන්න නිසා සියරටදේ පොළවටම පස්වෙනවා මිසක් ඒවා ඉස්සරහට එන්නේ නෑ. ඒකට ඉතිහාසයවත්, ලංකාවේ ශිෂ්ටාචාරයේවත් ප්‍රශ්නයක් නෙවෙයි පුතා.. අතීතය හොඳයි වර්තමානය අප්සට් අනාගතය ඊටත් වඩා අප්සට් කියන තියරිය එක රැයෙන් ආශ්චර්යය බලාපොරොත්තු වෙන ඔබතුමා වගේ පාර්ශවයන්ට නම් මරු.. මේ රටේ ඉතිහාසය පලි නෑ වර්තමානයේ ඉන්න පසුගාමී මානසිකත්වයට.. ජපානය, කොරියාව, වියට්නාමය උන්ගේ ඉතිහාසය අතඇරලද නව කාර්මික රටවල් වුනේ..අදටත් NHK එකේ CGTV එකේ යන වැඩසටහන්වලින් වැඩි හරියක් උන් කතාකරන්නේ, විමර්ශනය කරන්නේ උන්ගේ අතීතයේ ශක්‍යතා ගැන මිසම් නැතිවාදමවත්, අද තියන පම්පෝරියවත් නෙවෙයි. මොකද උන් දන්නවා රටක වර්තමානය සහ අනාගතය තමයි කවදහරි ඉතිහාසය වෙන්නේ කියන එක. ඔබතුමාලට තියෙන්නේ මේ රටේ ඉතිහාසය එක්ක ඇරියස් එකක් නෙවෙයි ඉතිහාසයේ පිරුවටයට යටවෙලා වර්තමාන අසමත්කම වහගන්න පාලකයන් එක්ක ප්‍රශ්නයක්, ආයෙත් කියන්නේ ඒකට මේ රටේ ඉතිහාසයවත්, කලාවවත් පලි නෑ. මේ වීඩියෝ එකෙන් කලේ රිසර්ච් එකක්, අඩුම තරමේ මේකේ විනාඩි 9 බලපු එකෙක්ට තේරෙනවා මේකේ තියෙන්නේ පම්පෝරියක්, නැත්නම් වෙන මොකක්ද කියලා. කිසිම සංවර්ධනය වෙච්ච රටක් උන්ගේ පොතෙන් ඉතිහාසය අයින් කෙරුවේ නෑ, ජේ.ආර් වගේ ඉතිහාසය කන්නද කියලා ඇහුවෙත් නෑ. රාවණා ගැන මම කොතනකවත් කතා කරලා නෑ, අබ්දුල් කලාම්ලා පවා තමන්ගේ ප්රවාදයන්ට හරය කරගත්තේ භාරත ඉතිහාසය. මේ රටේ නව නිර්මාණකාරයෝ කොච්චර බිහිවුනත් උන් උපන්ගෙයි මරලා දාන තැනට හැදුණු යාන්ත්‍රණයක් ඇතුලේ අපි හිතනවා මේ රටේ ඉන්න සේරම කබ්බෝ කියලා. තමන්ගේ තැනට රටේ හැම එකාම ඇදලා දාන්න එපා. වියට්නාමයේ හැනෝයි විශ්වවිද්‍යාලයේ ඇතුල්වෙන තැන ලියලා තියන කියමන් තුනෙන් එකක් තමයි 'ඔබේ නොහැකියාවට වෛර නොකරන්න හැකියාවට අභිමානයක් වෙන්න' කියලයි.. ක්‍රිටිසිසම් සෑහෙන්න තියනවා වයබල් සජෙෂන්ස් තමයි පුතා හිඟ