හායි මචන්ලා, මෙන්න තවත් වැදගත් දෙයක්.

ඉස්සරහට වාහන මාකට් එකේ සිද්ධ වෙන විපර්යාසය හැමෝම දන්නවනෙ. එ‍්කත් එක්ක එක්කො ලීසිං කොම්පැණිවලට අනිවාර්යයෙන්ම වාරික ගණන් renegotiate කරන්න දෙන්න සිද්ධ වෙනවා. ඔව් උන්ට එ‍්ක පාඩුවක් තමයි, මොකද වාරිකය අඩු වෙනවනෙ.
හැබැයි එහෙම නොකර බැහැ, මොකද එ‍් වගේ තත්වයක් යටතේ උන්ට ගෙවාගෙන යන පිරිස අඩු වෙනවා. ගෙවන එක අත අැරලා දාලා seize වෙන්න දෙන එක, නැත්තම් හප්පලා condemn කරල දාලා insurance එක / වෙන වාහනයක්ම ඉල්ල ගන්න එක වඩාත් වාසිදායක තත්ත්වයක් එනවා.
ඉතින් ලීසිං කොම්පැණිවලට තියෙන බුද්ධිමත් විසඳුම වෙන්නෙ terms renegotiate කරන්න දීලා, ලීසිං වාරිකය සාධාරණ ගාණකට අඩු කරගන්න එක. එහෙම නොවුණොත් වෙන්නෙ අර කියපු සීන් එක නිසා උන්ගෙ revenue අඩු වෙනවා කියල දන්න උදවිය Stock market එකේ ලීසිං කොම්පැණිවලට හුකන්න ගන්න එක. ඉතින් දෙපැත්ත බැලන්ස් කරගන්න සිද්ධ වෙනවාමයි.
කොහෙන් ගියත් අනිවා ලීසිං දාපු අයට ලාබයක් එයි. එ‍්කට දුක් වෙන්න ඕන නෑ. ලීසිං කොම්පැණි කාරයො මේ ටිකේ අස්ප ලාබ ගත්තනෙ ඉතින්. දැන් එ‍්කෙන් ටිකක් වියදම් කරන්න වෙන වෙලාව.


තව ටිකක් කල් යද්දි ලීසිං කොම්පැණි එහෙම Renegotiate කරන සීන් එකක් පේන් නැත්තම්, උන් ටික අල්ලගෙන පැත්තක ඉන්න අපිටත් පට්ට ලාබයක් ගන්න ක්‍රමයක් තියෙනවා. එ‍් තමයි PLC තියෙන ලොකු ලීසිං කොම්පැණි සේරම ටික short sell කරන එක. මොකද උන්ගෙ revenue කෙළවෙලා, share prices අනිවා බහිනවා එ‍්කෙ කතා දෙකක් නෑ.
Short selling ගැන ඕන කෙනෙකුට ඉතින් search කරල බලලා හොයා ගන්න පුළුවන්. හැබැයි ලංකාවෙන් උදාහරණයක් අරගෙන, මගෙ විදිහට කරන පැහැදිලි කිරීමකින් සීන් එක තේරුම් ගන්න මේක මරු. වෙන පොරක් අහපු එකකට දාපු උත්තරයක්. කැමති අයට දිග අැරලා බලන්න Spoiler විදිහට දානවා.
එහෙනම් කියවල බලලා ඉස්සරහට හැම දේම කැරකෙන විදිහ අනුව try එකක් දාල බලහන්. කොහෙන් හරි ලාබයක් එන්න ඉඩක් තියෙනවා.


බුදු සරණයි එහෙනම්.
Short කරනවා කියල කියන්නෙ short selling. උඹට search කරල බැලුවොත් හොඳ idea එකක් එයි. සරලව කිව්වොත් එ‍්ක Stock market එකේ තියෙන strategy එකක් වගේ. කෙළවෙන්න යන company අල්ලගෙන ලාබ ගන්න තියෙන ක්‍රමයක්. හැබැයි කෙළවුන් නැත්තම් තමන්ට සෑහෙන හිකවෙන්නත් ඉඩ තියෙනවා, එ‍් නිසා හොඳට හිතලා කරන්න වෙනවා.
මෙන්න උදාහරණ අරගෙන විස්තරයක්. ටිකක් දිගයි, හැබැයි අවශ්‍යම නම් කියවලා බලහන්කො.
සාමාන්‍යයෙන් ගොඩක් අය shares ගන්නෙ ඉස්සරහට prices වැඩි වුණාම විකුණල ලාබ ගන්න වගේනෙ. (hold කරන් ඉද්දි company profit පොඩ්ඩකුත් එනවා ඉතින්) උදාහරණයක් විදිහට උඹ අද රු. 11.30 ගාණෙ dialog shares ගන්නවා 1000 ක්, එ‍්කට රු. 11,300 ක් වියදම් වෙනවා. හෙට එකපාරටම share price එක 12 වුණොත් උඹට එ‍් ටික 12,000 ට විකුණලා රු. 700 ක් ලාබ ගන්න පුළුවන්. එ‍් සීන් එක දන්නවනෙ.
Short selling කියන්නෙ ඕකෙ අනිත් පැත්ත. ඉස්සරහට කෙළවෙනවා කියල ෂුවර් එකක් තියෙන company එකක shares අරන්, කෙළවුණාම විකුණලා ලාබ ගන්න සීන් එකක් තියෙන්නෙ. එ‍්ක කරන්න ක්‍රම ගොඩක් තියෙනවා, හැබැයි ලේසිම දේ තමයි share lend එකක්.
එ‍් කියන්නෙ මෙහෙමයි, උඹ dialog shares දැනට තියෙන කෙනෙක්ට පොඩි lend fee එකක් ගෙවල shares 1000 ක් මාසෙකට කුලියට වගේ ගන්නවා, එ‍් කරලා එ‍් ටික විකුණලා සල්ලි ගන්නවා. Fee එක මාසෙට රු. 500 යි කියමුකො, එ‍්ක ගෙවලා අරන් විකුණලා උඹ රු. 11,300 ක් ගන්නවා. එතකොට දැනට උඹ අතේ 10,800 ක් ලාබ තියෙනවනෙ.
හැබැයි lend කරද්දි පොරොන්දු වෙන්න ඕන කවදා හරි දවසක එ‍් shares 1000 අාපහු උටම දෙනවා කියලා. හිතපන්කො මාසෙ ගියා කියල. එක්කො උඹ අරූට අායෙ 500 ක් ගෙවන්න ඕන fee එක. නැත්නම් market එකෙන් dialog shares 1000 ක් අරන් උට දෙන්න ඕන.
මාසෙ ගියාම dialog share price එක රුපියල් 6 ක් තරම් කඩා වැටිලා කියල හිතපන්කො. දැන් උඹට එ‍් ටික අරන් අරූට දෙන්න වියදම් වෙන්නෙ රු. 6000 යිනෙ. ඉතින් කලින් හම්බුණ 10,800 න් උඹට 6000 ගෙවලා රු. 4800 ක් ලාබයිනෙ.
හැබැයි ඕකෙම අනිත් පැත්තකුත් තියෙනවා. වැරදිලාවත් dialog share price එක 15 වෙලා කියල හිතපන්කො. එක්කො උඹට තව මාසෙක fee එක රු. 500 ගෙවලා ඉන්න වෙනවා. නැත්තම් 15000 ක් වියදම් කරලා shares 1000 අරන් උට දෙන්න වෙනවා. ඉතින් 4200 ක් පාඩුයි. තව මාසයක් ඉඳල තව prices වැඩි වෙලා ඕක 20 ක් වුණා කියල හිතපන්කො, එතකොට තවත් පාඩුයි.
එ‍් වගේම තමයි කලින් එකේ විදිහට හිතුවොත් 6 ට වැටිච්ච එක තව වැටෙනවා වගේ පේනවා නම් එවෙලෙ අරන් දීලා 4800 ලාබෙ ගන්නවා වෙනුවට තව මාසෙක 500 fee එක ගෙවලා, ඊළඟ මාසෙ රු. 4 ටම වැටුණම අරන් දෙන්න පුළුවන්. එතකොට 4000 + 500 + 500 වියදම් වෙලා උඹට 4800 නෙවෙයි, 6300 ක්ම ලාබයිනෙ.
ඔය විදිහට ඉස්සරහට මාකට් එක හැසිරෙන විදිහ ගැන තමන්ට තේරෙන විදිහට කෙළවෙන්න යන කොම්පැණිවලින් ගාණ හම්බ කරන ක්‍රමයක් තමයි short selling කියන්නෙ.
හැබැයි මෙහෙම දේකුත් තියෙනවා, සාමාන්‍ය විදිහට buy කරලා sell කරද්දි හදිස්සි අවස්ථාවක උඹට කෙළවෙන්න පුළුවන් උපරිමය උඹ ගෙවපු ගාණ විතරයි. උදාහරණයක් විදිහට 11,300 ගෙවලා dialog shares 1000 ක් ගත්තා නම්, හෙට dialog එක බංකොලොත් වෙලා එ‍්ක 0 ට වැටුණා නම්, උඹට වෙන්න පුළුවන් පාඩුව රු. 11,300 නෙ උපරිම.
හැබැයි short sell කරාම එහෙම නෙවෙයි, එක්කො කවදා හරි ලාබයක් එනකල් මාසෙට 500 ගෙව ගෙව ඉන්න වෙනවා, කාලෙත් එක්ක fee එකට කැපිච්ච ගාණ නිසා ලාභයක් ගන්න නම් price එක වැඩක්ම නැති කාලයක් එනවා. හිතපන්කො මාස 24 ක් උඹ තියන් හිටියා කියලා, එතකොට 12,000 ම fees ගෙවලනෙ බං. ඉතින් dialog බංකොලොත් වෙලා 0 ටම shares 1000 ගන්න පුළුවන් වුණත් උඹට 700 ක් පාඩුයිනෙ. ඉතින් යම් කාලයක් ගියාම ගොඩ යන්නෙම නැත්තම් තියෙන ගාණට අරන් දීලා කැපෙන්න සිද්ධ වෙනවා.
එ‍් විතරක් නෙවෙයි, සමහර වෙලාවට short sell කරන්න lend කරද්දි උපරිම කාලයක් එහෙමත් contract එකට දෙනවා. එ‍් කියන්නෙ මාස 6 ක් අැතුළත අනිවා අායෙ දෙන්න ඕන කියල වගේ. ඔන්න එතකොට කීය වෙලා තිබ්බත් මාස 6 ඉවර වෙද්දි shares ටික අරන් දෙන්න ඕන.
එ‍් නිසා හිතන් නැති විදිහට dialog එක ලාබ ලබලා shares අහස උසට ගියොත් උඹට වෙන පාඩුව සීමාවක් නැති වෙනවා. හිතපන්කො share එක 100 ට ගියත් උඹට අනිවා මාස 6 යද්දි අරන් දෙන්නම වෙනවනෙ. එතකොට වියදමම රුපියල් ලක්ෂයක්. මාස 6 ට තව 3000 fees ත් ගෙවලා. පාඩුව 103,000 - 11,300 = 91,700 ක්!
මේක වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. කොටින්ම Bill Gates කාරයා පවා ඔය විදිහට Tesla එකේ shares short sell කරලා ඉන්නෙ. උෟ එ‍්කට සෑහෙන ගාණක් fees ගෙවනවා. හැබැයි Tesla එක දැන් trillion dollar company එකක්. උෟ borrow කරපු දවස්වල share එක USD 15 ක් වගේ තිබ්බෙ. දැන් 450 ත් පැනලා. Shares ගණන් දන් නැති වුණත් නිකමට මිලියනයක් කියල හිතුවොත් උට අද market එකෙන් අරන් shares ටික return කරන්න ඩොලර් මිලියන 450 ක් එපැයි. උෟ එදා විකුණල හම්බ කරගත්ත මිලියන 15 න් පුක් ගහන්න තමයි වෙන්නෙ. නැත්තම් පව ගෙවනවා වගේ එ‍්කට fee එක මාසෙට ඩොලර් ලක්ෂයක් විතර සදා ගෙව ගෙවා ඉන්න වෙනවා.
ගොඩක් අය එහෙම තත්ත්වයක් අාවම තවත් ගෙවන්න බැරි නිසා පාඩුව දරාගෙන තියෙන ගාණට අරන් දීලා අයින් වෙනවා. වෙන්න පුළුවන් පාඩුවෙ technically කිසිම limit එකක් නෑ.
Short sell කරන උදවියට තමන් ළඟ තියෙන මොනවා හරි shares ටිකක් කුලියට දෙන එකත් මරු බිස්නස් එක ඉතින්. මොකද අනිවාර්යයෙන්ම shares ටික තමන්ට ලැබෙනවා. මාසෙකට සැරයක් fee එකක් එනවා. නිකන් තියාගෙන ඉන්නවට වඩා හොඳයිනෙ. හොඳ ගොනෙක් අල්ල ගත්තොත් කැරිම ලාබයක් ගන්න පුළුවන් ඉතින්.
ඕක තමයි short selling වල කතාව. දැන් idea එකක් එන්න අැතිනෙ. මේවට අමතරව ඉතින් අනිත් fees, inflation, economic situations වගේ හැම දෙයක්ම හිතලා, short sell කරනවා නම් ලාබය උපරිම වෙලාවෙ අරන් return කරන එක තමයි වෙන්න ඕන.

අා, එහෙම වෙන්නෙ අැයි කියන එකට හේතුව මේ thread එකේ තියෙනවා හොඳේ.
https://elakiri.com/threads/2022-reconditioned-wagon-r-එක-ජපානෙන්-මෙහෙට-ගෙනත්-ලක්ෂ-38-යිලු-


Last edited: