දැරියාගේ මරණය යට ගහන්න පොලිස් ලොක්කෙක් අල්ලස් ගේමක… අත්අඩංගුවට ගන්න යයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    15,223
    13,125
    113
    හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේදී අභිරහස් අන්දමින් පිළිස්සී මියගිය බාලවයස්කාර දැරියගේ මරණය යට ගැසීම සඳහා ඇගේ පවුලේ ඥාතීන්ට බලපැම් එල්ල කළ බව කියන පොලිස් මුලස්ථානයේ උසස් නිලධාරියකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

    මෙම උසස් නිලධාරියා දැරියගේ පවුලේ ඥාතීන් හමුවී පවසා ඇත්තේ ‘‘ඇමැතිතුමයි එයාගෙ පවුලෙ අයයි බොහොම වැදගත් උදවිය. එයාල මේ වගේ දේවල් කරන්නේ නැහැ. මේ ප‍්‍රශ්නය දිගට ඇදගෙන යන්න ඕනෙ නැහැ. මේක පොලිසියට ගෙනියන්න අවශ්‍ය නැහැ. රුපියල් පනස්දාහක් අරන් දෙන්නම් මේක මෙතනින් ඉවර කරලා දාමු.’’ යනුවෙන් කියමින් ඔවුන්ට දැඩි බලපෑම් එල්ල කර තිබේ.

    දැරියගේ අභිරහස් මරණය පිළිබඳව පොලිසියට කට උත්තර ලබානොදී මෙය සාමාන්‍ය සියදිවි හානිකර ගැනීමක් ලෙස සලකා එය දිගින් දිගට ඇදගෙන යෑමට කටයුතු නොකරන ලෙස මෙම නිලධාරියා ඇගේ සොහොයුරන්ට සහ සමීප ඥාතීන්ට බලපෑම් එල්ල කර ඇත. මෙම නිලධාරියා විසින් සිදුකරන ලද බලපෑම් පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ දැරියගේ අභිරහස් මරණයෙන් පසු ඇගේ සොහොයුරන් ඇතුළු පවුලේ සමීප ඥාතීන් පොලිසිය වෙත ලබාදුන් කටඋත්තර වලදී ය.

    පසුව විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම නිලධාරියා සොයා විමර්ශන ආරම්භ කර තිබිණි. එහිදී හෙළිවූයේ මෙම නිලධාරියා පොලිස් මූලස්ථානයේ රාජකාරි කරන නවාස් නමැති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු බවය.

    මේ වන විට මෙම නිලධාරියාගේ දුරකථන වාර්තා විශ්ලේෂණයක් සිදුකරගෙන යන අතර ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමට ද නියමිත බව පොලිස් ආරංචි මාර්ග පැවසීය. මෙම නිලධාරියා කලක් රිෂාඞ් බදියුදීන්ගේ පෞද්ගලික ආරක්‍ෂක පොලිස් නිලධාරියා ලෙස රාජකාරි කළ අයෙකි. මොහු බදියුදීන් පවුලේ සමීප හිතවතෙකි.

    මෙම දැරිය පිළිස්සී බරපතළ තුවාල ලැබීමෙන් පසු බදියුදීන්ගේ බිරිඳගේ පියා, නවාස් නමැති පොලිස් නිලධාරියාට දුරකථනයෙන් කතාකර මේ බව දැනුම් දී ඇති බව විමර්ශන වලින් හෙළිවී ඇත.

    පසුව නවාස් නමැති පොලිස් නිලධාරියා බදියුදීන්ගේ නිවස වෙත ගොස් ඒ වන විට එහි පැමිණ සිටි දැරියගේ ඥාතීන් මුණගැසී එම සිදුවීම යට ගැසීමට ඔවුන්ට බලපෑම් එල්ල කර ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.

    සාක්‍ෂිකරුවන්ට බලපෑම් එල්ල කිරීම, අල්ලස් ලබාදීමට තැත් කිරීම ඇතුළු තවත් චෝදනා කීපයක් සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක‍්‍රියාත්මක කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

    බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විමර්ශන පැවැත්වෙයි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    15,223
    13,125
    113
    @nicjosh83 wesa balli kata uththara nathi wennama ridawagena kiriyata enna ekath adu wela. ohoma thamai boruwen jeewath wena anatha jeewitha.
    poddak iwasala hitapanko rajapakshala X thiyana thanhawata ubala wage baiyange puka palala hari badurdeen wa bera gannawa,

    hithapan poddak baya wela thiyenne kawuda kiyala, thread walin penala duwanawa

    https://elakiri.com/threads/13-හැවිරිදි-දැරියක්-අපහරණය-කළ-විහාරාධිපති-හිමිනකමක්.1999540/page-2

    https://elakiri.com/threads/යුද-හමුදා-කප්පම්-කල්ලියක්-අල්ලයි.2000118/

    nicjosh83 said:

    කොහොමත් අපි නම් කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක උනේ නැත්නම් මේක පොන්න ආණ්ඩුවක්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    28,439
    27,796
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1627783214359.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    15,223
    13,125
    113
    @SLK_sri උඹට දුකද හම්බයෝ

    https://elakiri.com/threads/13-හැවිරිදි-දැරියක්-අපහරණය-කළ-විහාරාධිපති-හිමිනකමක්.1999540/page-2

    https://elakiri.com/threads/යුද-හමුදා-කප්පම්-කල්ලියක්-අල්ලයි.2000118

    moda ponnayo duak thiyanam thread danne ne, oya case eka full public karala thiyanna ona, ethakota thamai ubala wage wahalunta ridenne rajapakshala okawa bera gaththahama.

    eka newei ai thota anith thread walata enna bayada pukshanaya wena nisa, dan therenawada tho mona tharan balu welada inne kiyala