දිඹුලාගල සෙල්ලිපිය ගැන මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි
https://www.lankadeepa.lk/latest_news/දඹලගල-සල-ලපය-වහ-එළයට/1-658158
ඊට අමතරව අපිට සංකේත දෙකක් හඳුනාගන්න හැකිවුණා. භාෂාව හැටියට සිංහල ප්‍රාකෘත භාෂාව පාවිච්චි කරලා තියෙනවා. ලිපියේ කාලය සහ කතෘත්වය ඉතා වැදගත් වෙනවා. ඒ ගැන විවිධ කතා බහ තිබුණා. අපි පැහැදිලිව හඳුනා ගත්තා මෙම ශිලා ලේඛනයේ තිබෙන නම් අනුව මෙහි තිබෙනවා අයතිෂ කියන නාමය අපි හඳුනාගත්තා ඒ කාවන්තිස්ස රජතුමා කියලා ඒ වගේම එහි මහරජ තිෂ වශයෙන් තිබෙනවා. අපි ඒක නිවැරදිව හඳුනාගත්තා. සද්ධාතිස්ස රජ තුමාට අයිතියි කියලා. ඒ අනුව අපි විශ්වාස කරනවා මෙම ශිලා ලේඛනය සද්ධාතිස්ස රජ තුමාගේ කාලයෙදී තවත් තේරෙන විදියකට කිව්වොතින් අදින් අවුරුදු 2200කට පෙර ලියන ලද ශිලා ලේඛනයක්. මෙහි විශේෂත්වය තමයි මෙතෙක් මෙරටින් ලැබී තියෙන පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියන ලද විශාලතම ශිලා ලේඛනය. එසේම ශාසනය වෙනුවෙන් කරන ලද මහා පරිමාණ පරිත්‍යාග ගැන සඳහන් වන මෙතෙක් හමුවෙලා තිබෙන පැරණිම සෙල් ලිපිය හැටියටත් මෙය හැඳින්විය හැකියි. එසේම අනුරාධපුර රාජධානි සමයේ මුල් අවදියේ දිවයිනේ නැගෙනහිර පළාතේ විශේෂයෙන් දිඹුලාගල ගැන තොරතුරු විශාල පරමානයක් එහි දැක්වෙනවා. මෙම ශිලා ලේඛනයේ පළමු පේළිය අවාසනාවකට ගෙවිලා ගිහිල්ලා. මෙම ශිලා ලේඛනයේ දැක්වෙනවා ලංකාව පාලන ඒකක හැටියට කොටස් කිහිපයකට බෙදලා රජවරු විසින් පාලනය කළ බව. මෙම ශිලා ලේඛනයේ වැදගත් රජ පරපුරක් පිළිබඳව අපට හමුවෙනවා. දේව මූශික කියන කර්ණිකාව පාලනය කළ පියපුතු පරපුරක් ගැන දැක්වෙනවා. එහි ගමනි අෂලි කියන රජෙක් ගැන ඒ වගේම ඔහුගේ පුත්‍ර ශිව කියන කෙනෙක් ගැන ඒ වගේම සුර තිස්ස කියලා කුමාරයෙක් ගැන සඳහන් වෙලා තියෙනවා. එසේම දීප රාජ කියලා කිසියම් රාජ්‍ය පාලකයෙක් පිළිබඳව මෙහි දැක්වෙනවා. දීප රාජ කියන නම මිහින්තලේ ශිලා ලේඛනයකත් දැක්වෙනවා. මේ රජවරු දෙන්නම එක්කෙනෙක් ද කියන එක ගැන අපිට සැකයක් තියෙනවා. කෘෂි ආර්ථිකය සහ වෙළෙඳ ආර්ථිකය ගැනත් එහි දැක්වෙනවා. කුඹුරු බදු, බිම් බදු පිළිබඳව ඉඩම් කොටස් ආරාම වලට පැවරීම පිළිබඳව ඒ වගේම එම බදු ආරාමයේ පරිහරණය සඳහා කෙසේ යොදා ගත යුතුද යන්න පිළිබඳවත් එහි දැක්වෙනවා. ඒ වගේම ලංකාවේ බැංකු වලට සමාන කළ හැකි කිසියම් වෙළෙඳ ආයතන හෝ මූල්‍ය ආයතන ගැන තොරතුරු මෙහි දැක්වෙනවා. ඒක ලංකාවේ පළවෙනි අවස්ථාව තමයි ශිලා ලේඛනයක බැංකුවලට සමාන සමාන ආයතන ගැන වාර්තා වෙන එක. මේකේ එබඳු මූල්‍ය ආයතන 3ක් ගැන දැක්වෙනවා. මුලතන, දේවතන, බදනතන සහ අරියතන වශයෙන් ඒවා හඳුන්වල තියෙනවා. වසර 2200කට පෙරත් මෙම දිඹුලාගල කලාපයේ බුදුදහම හොඳින් ව්‍යාප්තව තිබූ බව අනාවරණය වුණා. මෙම ආරාමයට විවිධ පරිත්‍යාග කළ අය ගැනත් සඳහන්. එම සමාජය වෘත්තිකයින් හැටියට අශ්වාරෝහකයින්, චිත්‍ර ශිල්පීන්, ආචාර්යවරුන්, කාර්මික ශිල්පීන් දාසයන් බ්‍රාහ්මණයන් මැණික් කර්මාන්තකරුවන් ගැන දැක්වෙනවා. ඔවුන් මෙම ආරාමයට දායකත්වය දීලා. පොදුවේ ගත් කළ අනුරාධපුර රාජධානි සමයේ මුල් අවදීයේ දේශපාලන, ආර්ථික, ආගමික සහ සමාජයික තොරතුරු විශාල ප්‍රමාණයක් අනාවරණය වන මෙම ශිලා ලේඛනය ඉදිරියේදී ඉතිහාසඥයින් පුරාවිද්‍යාඥයින් ඒ වගේම භාෂා විශාරදයින් විසින් අධ්‍යයනය කළ යුතුයි. ඒ එක්කම මේ ශිලා ලේඛනය මහාර්ඝ වස්තුවක් ලෙස අප සලකනවා. අපේ උරුමයක් ලෙස ආරක්ෂා කළ යුතු වෙනවා. එහි ආරක්ෂාව සඳහා වැඩපිළිවෙලක් අවශ්‍යයි. ජනතාවට මෙය දැකබලා ගැනීමට අවස්ථාව දිය යුතුයි. දිඹුලාගල ශිලා ලේඛනය තවදුරටත් කැලයේ වැස්සට තෙමෙන අව්වට වේලෙන ගල් ගෙඩියක් නොකොට මෙම ශිලා ලේඛනය කල්ප රුක්ෂයක් කරගත යුතුයි..."