දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන් සාමාන්‍ය සිරමැදිරියකට මාරු කෙරේ. 🌞

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    19,715
    29,748
    113
    කෑගල්ල
    @kasun090354t ත්‍රීවීල් මල්ලි බලන්න උනු විපත ඔයාගෙ සජීහාමු ආවනම් මෙහෙම විපත් වෙන්නෙ නෑනෙ 😢😢😢

    සාමාන්‍ය වට්ටුවක්ද, සිර මැදිරියක ද? හරියට හොයලා බලල කෙඳිරි ගාපන් :lol: :lol:

     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,429
    7,101
    113
    පව කෙසේ වෙතත් කරුමේ කියලා තමයි කියන්න වෙන්නේ. ජයරත්න එකේ කෙලීව නේද බදින්න හිටියේ. ඒ කාලේ සෑහෙන ගොසිප් ගියා. බදින්න ලෑස්තිවෙද්දිම තමයි, ආයෙත් දුමියට ඇතුලට යන්න වුනේ.

    නිරාශා වගේ නමක් තියන එක්කනෙක් නේද ? හිතපන්කෝ බැඳලා තිබ්බ නම් . දේපොළ ටික ඔක්කොම ගෑනිගේ. අරු හිරේ!
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    39,753
    1
    89,872
    113
    32
    Kalutara
    පව කෙසේ වෙතත් කරුමේ කියලා තමයි කියන්න වෙන්නේ. ජයරත්න එකේ කෙලීව නේද බදින්න හිටියේ. ඒ කාලේ සෑහෙන ගොසිප් ගියා. බදින්න ලෑස්තිවෙද්දිම තමයි, ආයෙත් දුමියට ඇතුලට යන්න වුනේ.
    කවුද? නිශාරා ජයරත්න?
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    1,641
    1,367
    113
    නිරාශා වගේ නමක් තියන එක්කනෙක් නේද ? හිතපන්කෝ බැඳලා තිබ්බ නම් . දේපොළ ටික ඔක්කොම ගෑනිගේ. අරු හිරේ!
    37512053_1943496449028493_3804473144509464576_n.jpg
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    2,262
    3,290
    113

    සාමාන්‍ය වට්ටුවක්ද, සිර මැදිරියක ද? හරියට හොයලා බලල කෙඳිරි ගාපන් :lol: :lol:

    වීල්පාක් එකේ අයනම් දන්නව ඇතිනේද හරියටම 🤣🤣
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    39,753
    1
    89,872
    113
    32
    Kalutara
    නිරාශා වගේ නමක් තියන එක්කනෙක් නේද ? හිතපන්කෝ බැඳලා තිබ්බ නම් . දේපොළ ටික ඔක්කොම ගෑනිගේ. අරු හිරේ!
    ඒකි මහේශ්ත්‍රාත් නේද? ඒකිම නඩුව අහයි මිනිහගෙ. පහුවෙනිදම මිනිහා එලියේ.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    12,511
    15,457
    113
    ඕකා හිටියෙ කොහෙද ? දැන් ඉන්නෙ කොහෙද ? වෙනස මොකක්ද ? මොන සැප තිබ්බත් එක තැනකට වෙලා ඉන්නෙ කොහොමද බං.
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    997
    488
    63
    Nugegoda
    සියල්ලට ඉහලින් ඉන්න හිරු ඵකට පේන්නෙ නැති ප්‍රවෘත්ති උට්ටෝ...

    ඕකා හිටියෙ කොහෙද ? දැන් ඉන්නෙ කොහෙද ? වෙනස මොකක්ද ? මොන සැප තිබ්බත් එක තැනකට වෙලා ඉන්නෙ කොහොමද බං.
    ඌට වෙනම ලැප්ටොප් දෙකක්, ෆෝන් වගේම ඉන්ටර්නෙට් කනෙක්ෂන්, අතට පයට වැඩට එවුන් වගේ පහසුකම් එක්ක තමයි බන්ධනාගාර ඉස්පිරිතාලෙ ඉඳල තියෙන්නෙ. කන බොන ඒවත් මූට අවුලක් නෑ කියල තමයි ආරංචිය. එක ආණ්ඩුවක් තිබුණ කාලෙ එළියෙ කෑම කඩවලින් බන්ධනාගාරෙට කෑම ඇවිල්ල තිබුණෙ.. මතකනෙ. අපි වුණත් බං මොන ලෝකෙ හිටියත් ලැප්ටොප්, ෆෝන් වගේම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක්ක තනියම එක තැනක ඉන්න තියෙනවනම් ලොකු අවුලක් නෑ නේහ් බං. එහෙම ඉන්න එවුනුත් ඉන්නවනෙ. ඒ පහසුකම් ටිකත් නැති වුණොත්නම් ජීවිතේ සෑහෙන්න අමාරු වෙයි ඉතින්...
    ------ Post added on Jan 10, 2025 at 10:55 PM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    7,846
    8,831
    113
    කවුද? නිශාරා ජයරත්න?
    ඔව් බන්. ඒකිගේ පොටො එක්කම යූටියුබ්, ෆේස්බුක් ගොසිප් සයිට්වල තිබ්බා. එලකිරියෙත් ත්‍රෙඩ් තිබුනා. එයාත් තාම බැදලා නැනේ. මොනව උනත් පව් ඉතින්
     
    • Wow
    Reactions: Heshan Daminda

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    10,896
    1,865
    113
    හිරු එකෙ අයිතිකාරයට ඔක breaking news වුනාට මිනිස්සුන්ට දුමින්ද මැරුනත් එච්චර වැඩක් ඇති දෙයක් නෙමෙයි
     
    • Like
    Reactions: ElaBaba

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    40,693
    82,115
    113
    දුමින්ද සර්ගේ බල්ලා පූසෙක් මරලා

    එකල කොරෝනා ව්‍යාපෘතිය හේතුවෙන් මහර බන්ධනාගාරය දිවයිනේ කප් ගසමින් ඉදිරියට පැමිණි වකවානුවකි, බන්ධනාගාර කැරැල්ල නිසා බන්ධනාගාර රෝහලද සහමුලින්ම විනාශ වී තිබූ අතර කොරෝනා රෝගීන් වහ වහා අගුනුකොලයට සහ වැලිකඩට මාරු කොට යැවීම හැරුනකොට අන් විසඳුමක් බලධරයන්ට නොමැති විය. එසේ පිටත් කර හැරුණු රෝගීන් අතරින් මාද එක් රිමාන්ඩ් සිරකරුවෙකු විය, අපගේ නව වාට්ටුව ph වාට්ටුව වූ අතර එහිදී අප පත් වූයේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා සේ ප්‍රතිකාර ක්‍රමයකි. රෝගී තත්ත්වය උස්ව උත්සන්නව නැගුනු රෝගීන් 5 දෙනෙකු අප අතරම මිය ගියඅතරින් දිනකට දෙකකට එපිටදීම බන්ධනාගාර රෝහල් කාර්ය මණ්ඩලය දැනුවත් කළද පැනඩෝල් පෙත්තක් හැරුන කුඩා ඔක්සිජන් ටැංකියක් කොට මළගියවුන්ට කිසිදු් ප්‍රතිකාරයක් නොවීය.

    අවමය වෛද්‍ය සහායකයෙකුවත් අප අසලට පැමිණියේ නැත, එසේම පොලිසියෙන් දැඩි ලෙස පහර කා මියයා හැකයි සිතෙන රෝගීන්ද කොරෝනා වාට්ටුවට ගෙන දැමූ අතර, සිය දියණිය දූෂණය කළ සීයා කෙනෙකුද කොරෝනා වැලඳී මිය ගිය උන්ගේ විශේෂ බෑගය තුල අවසන් ගමන් ගියේය.

    අප වාට්ටුවට එහා පස තිබුණේ දුමින්ද සර්ගේ වලව්වයි. එයට වලව්ව යයි නම් දමා ඇත්තේ, ඕනෑම ප්‍රබල දේශපාලකයෙකු බන්ධනාගාර ගත වූ පසු සිය බල පුළුවන්කාරකමේ තරමට ඔහුට හිමි වන්නේ එය බැවිනි, සාමාන්‍ය සිරකරුවන් පනහක් පමණ රැඳවිය හැකි මෙම ශාලාව තුල දුමින්ද සිල්වා රැඳී සිටින බව අප දැනගත්තේ , මෝෆීන් නැමති ද්‍රව්‍ය ළඟ තබාගෙන මත්ද්‍රව්‍ය නාශක අංශයේ රදවා සිටි , දෙමටගොඩ වසන්තගේ දකුණු අත වූ දෙමටගොඩ ෆර්සාන් මගිනි. ඔහු අපගේ වාට්ටුවට දමා පැයකින් පමණ පසු අදාළ වලව්ව දෙසට ඇති ජනේලයෙන් ,දුමින්ද සර් යනුවෙන් කීප විටක් කෑ ගැසීමෙන් පසු අපට නොපෙනෙන නමුත් ඇතුලට පෙනෙන වලව්වේ ජනේලයෙන් දුමින්ද සිල්වා "කවුද අඩෝ කෑගහන්නේ" යනුවෙන් විමසීය. එවිට මම චමින්ද අයියාගේ ගෝලයෙක් යැයි කිවූ පසු ඔහුගේ අදාළ වරද මීටර දහයක දුරින් පිහිටි වලව්වේ සිට විමසූ දුමින්ද සිල්වා ජනේලයේ අපට නොපෙනෙන ඔහුට පෙනෙන තිරය ඉවත් කොට සිය ජංගම දුරකථනය මගින් අඟුණු කොළයේ රඳවා සිටිමට ගොඩ චමින්ද අමතා ඔහුගේ අනන්‍යතාවය හෙළිකොට ගත්තේය, උඹට මොනවද ඕනෑ යයි විමසූ දුමින්ද සිල්වා ඉන් පසුව මදනි හිමි ( මරණීය දන්ඩනය හිමි) සිරකරුවෙකුගේ අත "නව ඇඳ ඇතිරිළි දෙකක්, දුම් කොළ අත්තක් ,සබන්, නෙස්ටමෝල් පැකට්ටු දෙකක් එවීය.

    එවකට බන්ධනාගාරය තුළ දුම් කොළ අත්තක් රුපියල් දහදාහත් පහලොස් දහසක් පමණ වටිනා අමුද්‍රව්‍යයක් විය, මා හට ජීවිතයේ පළමු වතාවට එසේ දුමින්ද සිල්වා ඇස් දෙකට දැක ගැනීමට වාසනාව හිමි වූ අතර ඔහුගේ ශරීරය ඉතා ශක්ති සම්පන්න ශාරීරික ව්‍යායාම වලින් යුත් එකක් සහ හේ දෙකේ හයේ අයෙකු විය. ඉන් ඉකුත් වූ මාස හතරම කොරෝනා රෝගය හොඳ වුවද මා හට එහි රැඳී සිටීමට සිදුවූ නිසා දුමින්ද සිල්වා ගැන මනරම් බොහෝ දෑත් මා සිත තුළ තැන්පත් විය, දුමින්ද සිල්වා සෑම දිනම වලව්වේ පිහිටි දෑතට බැදිය නොහැකි lcd රූපවාහිනියෙන් රට තොට දෙස බලා සිටියේය. ඔහුට වොශින් මැශින් අටක් විය. ඔවුන් අට දෙනාම අච්චු සිරකරුවන් විය. දුමින්ද සිල්වාගේ වලව්වේ ව්‍යායාම් යන්ත්‍ර දෙකක් වූ අතර විශේෂිත පිටින් එන අමුත්තන් සදහා වෙනම කාමරයක්ද විය. ඔහුගේ අමුත්තන් අපගේ අය මෙන් බන්ධනාගාරය ඇතුළත ඉදිරියේ ඇති කුටියක් භාවිතා නොකළ අතර ඒ සඳහා වලව්ව තුළම පහසුකම් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඔහුට සපයා තිබිණි, එක් දිනක් අච්චු සිරකරුවන් පස් හය දෙනෙක් අපගේ වාට්ටු වටා කුමක් හෝ සතෙකු ඇල්ලීමට පොළු මුගුරු රැගෙන දිව යන ආකාරයත් පැය භාගයකට පමණ පසු මිය ගිය පූසෙකු අතින් එල්ලාගෙන දුමින්ද සිල්වාගේ වාට්ටුවට රැගෙන යන ආකාරයත් මම දුටුවෙමි, එවිට සෙසු සිරකරුවන් " දුමින්ද සර්ගේ බල්ලා පූසිව මරලා" යනුවෙන් අදහස් හුවමාරු කොට ගත්තේය, පසුව මට සිතුනේ දුමින්ද සිල්වාට වෙන කිසි රෝගයක් නොමැති උවත් ,බරපතළ මානසික රෝගයක් නම් ඇති බවය. මන්ද දුමින්ද සිල්වා බන්ධනාගාර පූසන්ට ඉතා ආදරය කළ අතර පූසියන්ව දුටු තැන මරා දැමීය.

    ඒ ඉතා මිලේජ්‍ය ලෙස තමන්ගේ සේවක සිරකරුවෙකු වූ " බල්ලා" යොදාගනිමිනි. බල්ලා යනු සුනාමියෙන් ගාල්ල නගරයේ තරුණියක් බේරාගෙන ඇගේ මාලය කඩා නැවත ජලයට තල්ලු කොට මරා දැමූ පුත්ගලයාය. ඔහුට හිමිව තිබුණේ ජීවිතාන්තය තෙක් සිර දඬුවම් වන අතර එය අවුරුදු එකසිය පහලවක් සේ දිගුකොට තිබින. එල්ලුම් ගස ක්‍රියාත්මක නොවන බැවින් මරණීය දණ්ඩනය හිමි සිරකරුවන් වසරක් යහපත් කල්ක්‍රියා තිබුනා හෝ නැතා වසර විසි දෙකෙන් ,විසි පහෙන් එළියට සාමාන්‍යයෙන් එන අතර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි අය මියන තෙක් සිර දඬුවම් විඳිය යුතුය. බල්ලා එසේ එකෙකි. බල්ලා බාගයට මියගිය සතාව දුමින්ද සිල්වාගේ ජනේලය අසලට ගෙන ගොස් දේවතාවක් තෙවතාවක් පොළොවේ ගසා ඝාතනය කරන ආකාරය දුමින්ද සිල්වා හොඳින් බලා සිටිනු මා දැක ඇත, ( පසු කලෙක බල්ලා වෙනුවට වෙනත් අයෙකුට දුමින්ද සිල්වාට ලබා දී බල්ලාව අගුණු කොළයට මාරු කොට හැර තිබුණි)

    කවරෙකුට හෝ දුරකථන ඇමතුමක් ගැනීමට අවැසි නම් බන්ධනාගාර දුරකථනයෙන් ඉරිදා දවසට විනාඩි දෙකක් හිමි වන අතර, එය දුමින්ද සිල්වාගේ දුරකථනය මගින්ද කරගත හැක . වෙනස නම් අදාල පුත්ගලයා දෙමට ගොඩේ චමින්දගේ හෝ රාජපක්ෂ දේශප්‍රේමී පාතාලයේ සාමාජිකයකු විය යුතුමය, එවැන්නෙකුට බන්ධනාගාර නිලධාරියෙකු අතක් තබා තිබුණොත් දුමින්ද සර් අමතන්නේ " අහවල් අම්මට හු. කැ ජේලර් පකා ගෙන්නපන් මෙතනට " යනුවෙනි. සිංහල අලුත් අවුරුද්දට රෝහලේ සියලුම සිරකරුවන්ට බුරියානිද , නත්තලට එක්වාට්ටුවකට අයිස් ක්‍රීම් ලීටර් හතලිහක්ද ලබා දෙන දුමින්ද සිල්වාට බන්ධනාගාර රෝහල තුල එකල " කල නොහැක්කක් නොමැත" , දුමින්ද සිල්වා රෝහලින් බන්ධනාගාරය වෙතට මාරුකොට යවා ඇති බවට සුළු මොහොතකට පෙර මා දැනගත්තෙමි. එහෙත් ඔබ නොදන්නා වගනම් සාමාන්‍ය මත්කුඩු ජාවාරම් හිමි කරුවෙකුට එය තුල අහිමිවන්නේ කාන්තාවක් පමණි .අන් සියලු සැප එහි හිමිය. ( බූස්සේ හැරුණ කොට)

    මා මේ බලා සිටින්නේ දුමින්ද සිල්වා හිස් වූ වලව්වවේ සැප විදීමට ඊළඟ හිමිකාරත්වය දරන මෙරට සුපහන් දේශපාලනඥයා කවුදැයි යන්න දැනගැනීමටය,

    (ඉහත ලිපියේ සියලුම වගකීම මා සතුවන අතර නීති විරෝධී දේශීය ගිනි අවියක් ළඟ තබා ගැනීමේ වරදට මා බන්ධනාගාර ගත වූ මාස හතක කාලයෙන් වැලිකඩ බන්ධනාගාරයේදී ලද සත්‍යය අත්දැකීම්අනුව එම වගකීම මා ගනිමි)

    චරිත් ජනප්‍රිය
    https://www.facebook.com/share/p/1WRZJbEU6d/