දෙවැනි කොරෝනා රැල්ලේ මුල අසුවෙයි : ව්‍යාප්තියට යුක්ක්‍රේන ගුවන් සේවකයෙක් සම්බන්ධ බවට හෙළිවෙයි

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,849
    1,095
    113
    CALL 0x754EA
    රුපියල් 5000 පොස්ට්,දැන් අද හෙටම hotel එක,යුක්රේන ජාතිකයා දාලා පොස්ට් share වේවි fb pages වල...

    මන් පැයකට ඩොලර් වලින් ගන්නේ. 5000කට කහින්නේ නෑ.

    බුවාලන්තේ ජනාධිපතිවරනයක් තිබ්බලු. ඒ ජනාදිපතිවරනෙට සල්ලි හෙලෙව්වලු බුවෙන්ඩික්ස් කියලා. ටික කාලකය පස්සෙ බුවෙන්ඩික්ස් රටේ ලොකු ප්‍රශ්නයක් ඇති කරා. ඒත් අර බුවෙන්ඩික්ස් රටෙ ජනාධිපතිවෙන්න උදව් කරා කියලා බුවාලන්තේ ජනාධිපති නිකන් හිටියේ නෑ. බුවෙන්ඩික්ස් බේරගන්න බුක්‍රේන් කෙනෙකුට වැරැද්ද පැටෙව්වේත් නෑ
    ඔන්න ඕකට බුවෙනෙක හොටෙලෙත් දැම්මොත් සුප්පා
     
    Last edited:

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    322
    404
    63
    මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. මේ සම්බන්ධව බුද්ධි වාර්තාව රාජ්‍ය ඔත්තු සේවා මගින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආරක්ෂක මණ්ඩලයට ලබා දී තිබේ.

    මෙම යුක්ක්‍රේන් කාර්ය මණ්ඩලය මෙරටට පැමිණ ඇත්තේ සැප්තැම්බර් 11 වැනිදාය. එම පිරිසේ එකොළොස්දෙනකු සිට ඇති අතර ඔවුන් සීදුවේ පිහිටි තරු හෝටලයක ස්වයං නිරෝධායනයට ලක් වී ඇත. ගුවන් යානාවල එන කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනය වෙද්දී හෝටල් කාර්ය මණ්ඩලයද නිරෝධානය විය යුතුය.

    ගුවන් කාර්ය මණ්ඩලයේ නිරෝධානය වූ යුක්ක්‍රේන් ජාතිකයකු සැප්තැම්බර් 13 වැනිදා කොවිඩ් ආසාදිතයකු ලෙස වාර්තා වී අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.

    මේ සමග රෝහල් කාර්ය මණ්ඩලය හා සෙසු ගුවන් කාර්ය මණ්ඩලයට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇත.

    හෝටල් කාර්ය මණ්ඩලයේ හැට දෙනාගෙන් දහඅට දෙනකු දිනපතා නිවෙස්වලට ගොස් සේවයට පැමිණි අය වෙති. එම 18 දෙනා සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා නිවෙස්වල සිට සේවයට වාර්තා කර ඇත. හෝටල් කාර්ය මණ්ඩලයද දින දාහතරක් නිරෝධායනය කළ යුතු වුවත් හෝටල් පරිපාලනය කොවිඩ් නීති නොතකා සේවකයන් පිරිසකට නිවෙස්වලට යෑමට ඉඩ සලසා ඇත.

    නිවෙස්වලට දිනපතා ගිය පිරිසෙන් පස්දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති අතර ඉන් තිදෙනක් සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා සේවය කළ අය වෙති. හෝටලයේ කෝකියා හා ලොන්ඩරි භාර නිලධාරියාද එම පිරිසට අයත්ය.

    ‘‘මෙම පිරිස පරීක්ෂා කිරීමේ දී මෙතෙක් මෙරටින් වාර්තා වූ කොවිඩ් වයිරසයේ ධාරිතාවට වඩා වැඩි ධාරිතාවක් එම වයිරසයේ තිබෙන බව තහවුරු වුණා. කලින් මෙම වයිරසය ශරීරගතව තිබූ සියයට 15ත් 18ත් අතර ප්‍රමාණයක්. නමුත් මේ අයගේ සියයට 29ත් 31ත් අතර ප්‍රමාණයක් වුණා. මේක අලුත් තත්ත්වයක්. බ්‍රැන්ඩික්ස් එකෙන් හමුවූ පළමු රෝගීන්ගෙන් වයිරසය ලෝඩ් එක 29ත් 31ත් අතර තිබුණා. එමෙන්ම පෙර කී හෝටලයේ සේවකයන් බ්‍රැන්ඩික්ස් සේවකයන් සමග සම්බන්ධ වීමෙන් මෙම වයිරසය ආසාදනය වූ බවට විමර්ශනවලින් තහවුරු වුණා.’’ යැයි මේ සම්බන්ධව විමර්ශන පැවැත්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු තහවුරු කළහ.

    එමෙන්ම යුක්ක්‍රේන් කාර්යමණ්ඩලයෙන් වයිරසය ආසාදනය වූ හෝටල් සේවකයකු හලාවත සිට දිනපතා පොදු ප්‍රවාහන සේවා ඔස්සේ සීදුවට පැමිණ ඇතැයිද හෙළි වී තිබේ.

    බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු රෝගියාට සැප්තැම්බර් 21 වැනි දා රෝග ලක්ෂණ පහළ වී ඇත. එම කාන්තාවට සැප්තැම්බර් 16 වැනිදා වන විටවත් රෝගය ආසාදනය වී තිබෙන්නට ඇතැයි සැක කෙරේ. ඔක්තෝබර් 05 වැනිදා බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු ආසාදිතයා වාර්තා විය.

    දෙවැනි රැල්ලක් නිර්මාණය වූ මෙම කොවිඩ් වයිරසය පැතිරයන ප්‍රමාණය කලින් වතාවට වඩා දෙතුන් සැරයක් බව අනාවරණය වී තිබේ.

    දෙවැනි රැල්ල ආරම්භ වූ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ බව ඉන්දියාවේ විශාඛාපට්නම් සිට මත්තල ගුවන් තොටුපොළ පසුගිය සැප්තැම්බර් 22 වැනිදා පැමිණි මගින් 48ක කාර්ය මණ්ඩලයකින් බව මුලදී සඳහන් විය. එහෙත් මෙම පිරිස විශාඛාපට්නම්හි බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් වූ අතර ඔවුන් දෙවැනි රැල්ල ව්‍යාප්ත වන විටත් දකුණේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි බව පසුව තහවුරු විය.

    ( මුලාශ්‍ර :අරුණ පුවත්පත)
    http://sinhala.newswire.lk/2020/10/26/දෙවැනි-කොරෝනා-රැල්ලේ-මුල/?fbclid=IwAR1DK5DJBYBC_tlzzcK8hRpyo8oTHpEDCZakVDJyYolZLF8_4Q7hlF7gVzo
    Brandix සල්ලි මල්ල හොල්ලා damage control දිලිත් ජයවීරට බාරදුන්නාම
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    1,466
    351
    83
    හම්මට සිරි හොටෙල් එක නේද වැරදි..බ්‍රන්ඩික්ස් එක නෙමෙයි...

    යුක්රේන කාරයෝ සෙට් එකක් ලංකාවට ආවේ මොකටද බන්? එයාපෝට් වහල නෙමේද එතකොට තිබ්බේ?
    .... Former ambassodor of Ukraine Udayanga Weeratunaga has any link?
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,849
    1,095
    113
    CALL 0x754EA
    බුවාලන්තේ ජනාධිපතිවරනයක් තිබ්බලු. ඒ ජනාදිපතිවරනෙට සල්ලි හෙලෙව්වලු බුවෙන්ඩික්ස් කියලා. ටික කාලකය පස්සෙ බුවෙන්ඩික්ස් රටේ ලොකු ප්‍රශ්නයක් ඇති කරා. ඒත් අර බුවෙන්ඩික්ස් රටෙ ජනාධිපතිවෙන්න උදව් කරා කියලා බුවාලන්තේ ජනාධිපති නිකන් හිටියේ නෑ. බුවෙන්ඩික්ස් බේරගන්න බුක්‍රේන් කෙනෙකුට වැරැද්ද පැටෙව්වේත් නෑ
    ඔන්න ඕකට බුවෙනෙක හොටෙලෙත් දැම්මොත් සුප්පා

    Brandix සල්ලි මල්ල හොල්ලා damage control දිලිත් ජයවීරට බාරදුන්නාම

    දිලිත්ට මුකුත් කියන්න එපා. කෙලින්ම වන්දි ඉල්ලන්නේ කේස් දාලා. ට්විට්ටරයෙ හෙන කේස් එකක් ගියා, මාස ගානකට කලින්
     
    • Like
    Reactions: hirashgeff

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    6,001
    961
    113
    Owa boru, script,
    oya Brandix berandai, Anduwe Waradi wahagan gothapu katha
    LOL
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    14,992
    16,011
    113
    තාම ලන්කාවේ
    පොකුරේ මුල මොකක් උනත් බ්‍රැන්ඩික්ස් එකේ උන්ට රෝග ලක්ෂණ තියෙද්දිත් නොසලකා පැනඩෝල් දිදී වැඩ ගත්තු එක වැරදි නෙ.
    ඒකෙන් තමා පෑතිරුනේ. ඒත් මේ කතාව ඈත්ත නම් හෝටල් නිරෝධායනය කියලා ජෝක් එකක් කරලා තියෙන්නේ. හරියට උපදෙස් පිලිපෑදලම නෑ.. එතකොට වගකීම ආණ්ඩුවට. නිකන් හෝටල් සමාගම් වලට වෑඩේ බාර දීලා අත පිහදාගෙන. හොයලා බලන්න ඕනේ නේද වෙන්නේ මොකක්ද කියලා?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    24,042
    5,844
    113
    කැළෑ පොජ්ජේ
    ශ්‍රී ලන්කන් එකේ වැඩ කරන එකෙක් කිව්වේ සාමන්යෙන් ඔය පිට රටවලින් එන උන් නිරෝදායනය කරන්නේ නෑලු ලොකුවට...දවසක් දෙකක් මොකක් හරි හොටෙල් එකක තියල උන්ව යවනවලු...සමහර උන් ඉතින් සතියකට එහා ඉන්නවලු..පහු ගිය ටිකේ කොරෝනා ලොකුවට එහෙම තිබ්බේ නැති නිසා ඕව එච්චර සැලකුවෙත් නෑලු..ඕක තමයි ඉතින් වෙලා තියෙන්නේ..
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    16,910
    5,149
    113
    අදාල නෑනේ
    Owa boru, script,
    oya Brandix berandai, Anduwe Waradi wahagan gothapu katha
    LOL
    Capture.JPG
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,849
    1,095
    113
    CALL 0x754EA
    ශ්‍රී ලන්කන් එකේ වැඩ කරන එකෙක් කිව්වේ සාමන්යෙන් ඔය පිට රටවලින් එන උන් නිරෝදායනය කරන්නේ නෑලු ලොකුවට...දවසක් දෙකක් මොකක් හරි හොටෙල් එකක තියල උන්ව යවනවලු...සමහර උන් ඉතින් සතියකට එහා ඉන්නවලු..පහු ගිය ටිකේ කොරෝනා ලොකුවට එහෙම තිබ්බේ නැති නිසා ඕව එච්චර සැලකුවෙත් නෑලු..ඕක තමයි ඉතින් වෙලා තියෙන්නේ..
    සිරා. ඒරියා එකේ PHI මත ඩිපෙන්ඩන්ට් ඕක.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    24,042
    5,844
    113
    කැළෑ පොජ්ජේ
    සිරා. ඒරියා එකේ PHI මත ඩිපෙන්ඩන්ට් ඕක.

    තොටළග, පෑලියගොඩ ඒරියා එකේ ඉන්න එකෙක්ගෙන් පණිවිඩයක් ආවා..ඒ හරියේ කොරෝනා පොසිටිව් එක්කෙනෙක්ට කිව්වලු ගෙයි දොරවල් වගහෙන ඉන්න, අමාරු උනොත් කතා කරන්න ගෙනියන්න කියලා..එතකන් ඔහොම ඉන්න කිව්වලු...ඔන්න ඔහොමයි කොරෝනා පාලනය කරන්නේ..මුන්ට ඉඩ නැහැ දැන් කරගන්න..ගෙනිච්චොත් අවට මිනිස්සුත් ගෙනියන්න වෙනවනේ...ඒ මිනිස්සුත් බයේ ඉන්නවා..
     
    • Like
    Reactions: Boralugoda01

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,849
    1,095
    113
    CALL 0x754EA
    තොටළග, පෑලියගොඩ ඒරියා එකේ ඉන්න එකෙක්ගෙන් පණිවිඩයක් ආවා..ඒ හරියේ කොරෝනා පොසිටිව් එක්කෙනෙක්ට කිව්වලු ගෙයි දොරවල් වගහෙන ඉන්න, අමාරු උනොත් කතා කරන්න ගෙනියන්න කියලා..එතකන් ඔහොම ඉන්න කිව්වලු...ඔන්න ඔහොමයි කොරෝනා පාලනය කරන්නේ..මුන්ට ඉඩ නැහැ දැන් කරගන්න..ගෙනිච්චොත් අවට මිනිස්සුත් ගෙනියන්න වෙනවනේ...ඒ මිනිස්සුත් බයේ ඉන්නවා..

    අපේ පැත්තේත් ඕක වෙනවා මචන්, දැන් හොස්පිටල් නෑ ඕකට තමයි මුලින්ම කිව්වේ කොන්ට්‍රොල් කරේ නැත්තම් Bed නැතිව තමයි කට්ටිය මැරෙන්නේ. වයසක ක්ට්ටිය ටික මැරෙයි අපරාදේ.
     

    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    1,212
    132
    63
    පත්තරේ පත්තරේ චිත්‍රකතා පත්තරේ, අලුත් කතා අලුත් කතා
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    2,860
    2,025
    113
    11 අපු උන්ගෙන් හෝටලේ උන්‍ට හැදිලා 21 brendex ඒකේ අයට රෝගලක්ශන පෙන්නන්න තරම් වේගෙන් පැතිරේනවාද.
    අහ් පොඩ්ඩක් ඒකත් අවුල් උනා.
    කලින් මාලු පොකුරෙscript එක වගේම
    ඉන්න හෙට අලුත් script එකක් ලියාගෙන එන්නම්


    මචන් මටත් සල්ලි ටිකක් ගන්න එකක් සෙට් කරල දියන්කො මාත් thread එකක් දාන්නම් අර ඉන්දියවෙ කොරෝන එකෙන් මැරිච්චි එවුන්ගෙ මිනී මුහුදට දාල ඒ මිනි කපු මාලුන්ව පෑලියගොඩට ගෙනාපු script එකක් දාලා

    ලස්සනට අතේ මාට්ටු වෙන්නෙ නැතිව script එක ලියල දෙන්නම් මට දෙන ගාන පොඩ්ඩක් කථා කරල කියන්න. මටත් ගොඩක් FB Pages / Group තියෙනවා. ඒවගෙත් දාන්නම්
     
    • Haha
    Reactions: Sen-lu and Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    5,491
    2,904
    113
    තොටළග, පෑලියගොඩ ඒරියා එකේ ඉන්න එකෙක්ගෙන් පණිවිඩයක් ආවා..ඒ හරියේ කොරෝනා පොසිටිව් එක්කෙනෙක්ට කිව්වලු ගෙයි දොරවල් වගහෙන ඉන්න, අමාරු උනොත් කතා කරන්න ගෙනියන්න කියලා..එතකන් ඔහොම ඉන්න කිව්වලු...ඔන්න ඔහොමයි කොරෝනා පාලනය කරන්නේ..මුන්ට ඉඩ නැහැ දැන් කරගන්න..ගෙනිච්චොත් අවට මිනිස්සුත් ගෙනියන්න වෙනවනේ...ඒ මිනිස්සුත් බයේ ඉන්නවා..

    අපේ පැත්තේත් ඕක වෙනවා මචන්, දැන් හොස්පිටල් නෑ ඕකට තමයි මුලින්ම කිව්වේ කොන්ට්‍රොල් කරේ නැත්තම් Bed නැතිව තමයි කට්ටිය මැරෙන්නේ. වයසක ක්ට්ටිය ටික මැරෙයි අපරාදේ.

    @erozan
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    24,042
    5,844
    113
    කැළෑ පොජ්ජේ
    සිරා. ඒරියා එකේ PHI මත ඩිපෙන්ඩන්ට් ඕක.

    මමත් හිතන්නේ නම් හැබැයි මෙතන බ්‍රැන්ඩික්ස් එකේ ලොකු කේස් එකක් තියෙනවා මෙයාල වහන්න යනව කියල..මේව දේරන නිව්ස් ඉතින් ඔක්කොම එක පොකුරේ...ඒ නිසා විශ්වාස නෑ
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,849
    1,095
    113
    CALL 0x754EA
    පත්තරේ පත්තරේ චිත්‍රකතා පත්තරේ, අලුත් කතා අලුත් කතා
    අහ් පොඩ්ඩක් ඒකත් අවුල් උනා.
    කලින් මාලු පොකුරෙscript එක වගේම
    ඉන්න හෙට අලුත් script එකක් ලියාගෙන එන්නම්


    මචන් මටත් සල්ලි ටිකක් ගන්න එකක් සෙට් කරල දියන්කො මාත් thread එකක් දාන්නම් අර ඉන්දියවෙ කොරෝන එකෙන් මැරිච්චි එවුන්ගෙ මිනී මුහුදට දාල ඒ මිනි කපු මාලුන්ව පෑලියගොඩට ගෙනාපු script එකක් දාලා

    ලස්සනට අතේ මාට්ටු වෙන්නෙ නැතිව script එක ලියල දෙන්නම් මට දෙන ගාන පොඩ්ඩක් කථා කරල කියන්න. මටත් ගොඩක් FB Pages / Group තියෙනවා. ඒවගෙත් දාන්නම්

    යකූ. එක්කෝ ගිහින් දිලිත් ගෙන් අහපන්, නැත්තම් CID එකෙන් අහපන්. මන් දන්න නව කතාවක් නෑ.

    මන් ස්ක්‍රිප්ට් ලියනවනම් ඔයිට වැඩිය ලස්සනට ලියනවා.