දෙවැනි බිරියත් ඇගේ දියණියත් එල්ලකළ ඇසිඩ් ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් රෝහලේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,109
    56,603
    113
    දෙවන බිරිය හා ඇගේ පළමු විවාහයේ දියණිය විසින් එල්ලකළ ඇසිඩ් ප්‍රහාරයකින් පිළිස්සුම් තුවාල ලැබූ පුද්ගලයකු කෑගල්ල මහ රෝහලට පෙරේදා 18 පෙරවරුවේ ඇතුළු කර ඇතැයි බුලත්කොහුපිටිය පොලිසිය පැවසීය.

    මෙලෙස කෑගල්ල මහ රෝහලේ අංක 05 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ අංක 3සී මල්වාන කොටස, ගැටියමුල්ල බුලත්කොහුපිටිය ලිපිනයේ පදිංචිව සිටින 59 හැවිරිදි පුද්ගලයෙකි.

    කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන තුවාලකරු පළමු විවාහයෙන් වෙන් වී යළි දෙවැනි වතාවට උදුගොඩ 10 කණුව ප්‍රදේශයේ විවාහ පහක් සිදු කර ගත් කාන්තාවක සමඟ දෙවැනි වරට විවාහ වී ඇති බව පොලිසිය පැවසීය. දෙවැනි බිරිය සමඟ මෙම පුද්ගලයා ජීවත්ව ඇත්තේ

    මල්වාන කොටසේ ඇති ඔහුට අයත් නිවසකය. ඔවුන්ට පිරිමි දරුවකුද සිටින බව පොලිසිය පැවසීය.



    දෙවැනි විවහාක බිරිය අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවට ලද තොරතුරකට අනුව මීට දින කිහිපයකට ඉහතදී ඒ බව මෙම පුද්ගලයා බිරියගෙන් විමසා ඇති බව පොලිසිය කියයි. එහිදී දෙදෙනා අතර ඇතිවූයේ යැයි කියන බහින් බස් වීමකින් පසුව දෙවැනි විවාහක බිරිය ඇගේ පළමු විවාහයේ දියණිය සමඟ එක්ව පෙරේදා (18) ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති බවද පොලීසිය සඳහන් කළේය.

    ඇසිඩ් ප්‍රහාරයෙන් තුවාල ලැබූ මෙම පුද්ගලයාව අසල්වැසියන් විසින් කබගමුව ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා ගිලන් රථයකින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පැවසීය.

    තුවාලකරුගේ මුහුණ කොන්ද පාද දෙකේ පිළිස්සුම් තුවාලවලට ප්‍රතිකාර කර ඇති බවත් පොලිසිය පැවසීය.

    දෙවැනි විවාහක බිරිඳ සහ ඇගේ දියණිය අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව පොලිසිය කියයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,598
    1
    26,896
    113
    දාර බඩුවකට කර ගහලා ඔයින් බේරුණා මදැයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,109
    56,603
    113
    ප්‍රදේශයේ විවාහ පහක් සිදු කර ගත් කාන්තාවක සමඟ දෙවැනි වරට විවාහ වී

    දෙවැනි විවහාක බිරිය අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවට ලද තොරතුරකට අනුව මී


    baduwakda koheda :lol:

    @J Starlin ge amma ban
     
    • Haha
    Reactions: dananjaya696