දේශපාලනඥයන්ගේ නිවාසවල තිබූ ගිනි අවි රැසක් උද්ඝෝෂකයන් අරන් ගිහින්

asbestos

Well-known member
  • May 5, 2022
    763
    1,233
    93
    පසුගිය නවවැනිදා ඇති වූ නොසන්සුන් තත්ත්වය හමුවේ ප්‍රබල මැති ඇමැතිවරුන් හා ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ නිවාසවල සඟවා තිබූ නීති විරෝධී ගිනි අවි රැසක් එම දේපොළවලට හානි කළ පුද්ගලයන් පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා වේ.

    වයඹ පළාතේ ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනකුගේ හා ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ නිවාසවල තිබූ ටී. 56 ගිනි අවි හා පිස්තෝල මෙසේ ප්‍රහාරකයන් රැගෙන ගොස් තිබේ. මේ අතර එක් දේශපාලනඥයකුගේ නිවසේ නීති විරෝධීව සඟවාගෙන තිබූ ටී 56 ගිනි අවි දෙකක් රැගෙන ගොස් ඇත.
    ඊට අමතරව අනුරාධපුරය, මොනරාගල දිස්ත්‍රික්කවල දේශපාලනඥයන් දෙදෙනකුගේ නිවාසවලට ප්‍රහාර සිදු කිරීමේදී හමු වූ ගිනි අවි කිහිපයක්ද උද්ඝෝෂකයන් පැහැරගෙන ගොස් තිබේ.

    මේ අතර එදින දහවල් නිට්ටඹුව ප්‍රදේශය හරහා ගමන් කරමින් සිටියෙදි ප්‍රහාරයට ලක් වූ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරාල ඔහුගේ ආරක්ෂකයා සතුව තිබූ පිස්තෝලයද උද්ඝෝෂකයන් පැහැරගෙන ගොස් ඇත.

    මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූවගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ නිවාසවල තිබූ අතුරුදන් වූවා යැයි කියන ගිනිඅවි සම්බන්ධයෙන් මෙතෙක් පැමිණිලි ලැබී නැති අතර එම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති හෙයින් ඉදිරියේදී තොරතුරු හෙළිවිය හැකි බවයි.

    (චමින්ද සේනාරත්න - අරුණ)
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    802
    964
    93
    මචං මේක විහිළුවක් නෙවේ. මතකද ඔය ගෙවල් වල ගෑස්/ පොහොර/පරිප්පු දාලා තිබ්බා. මිනිස්සු ඕවා කරේ තියන් අරන් ගියා. ඕක ප්ලෑනක් මචං. මොකද දැන් මිනිස්සු හිතනවා සල්ලි කාර ගෙවල් වල බඩු මුට්ටු ගොඩ ගහලා තියනවා කියලා. දැන් මේ තුවක්කු කතාව ඇත්ත වෙන්න පුළුවන් බොරු වෙන්න පුළුවන්. ඒත් මේකේ අරමුණ තමා හමුදා පාලනයක් රටට ගෙන ඒම. තව ටික දවසකින් තුවක්කු ගත්තු මිනිස්සු ටිකක් ලොකු ලොකු ගෙවල් කොල්ල කයි/ පාරේ යද්දී බය කරලා මාල/සල්ලි අරන් යයි.

    ඊට පස්සේ දුප්පත් පෝසත් බෙදේ ඇති වෙනවා. මිනිස්සු දෙකට බෙදෙනවා. බඩ ගින්න එද්දී මචන් ආගම් බේද ජාති බේද අමතක කරලා මිනිස්සු එකතු වෙනවා. බෙදන්න පුළුවන් එකම විදිහ තමා දුප්පත් පෝසත් කියලා. ඔහොම රටේ හොරකම් වංචා වැඩි වෙද්දී රටෙන් බාගයක්ම අරගලේට විරුද්ද වෙනවා. ඊට පස්සේ මිනිස්සු ජාතික ආරක්ෂාව ඉල්ලන්න පටන් ගන්නවා.

    ඒ මුවාවෙන් ගෝටා හමුදා පාලනයක් ගේනවා. කොහොමද මුන්ගේ මොළ.
     
    Last edited:

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    852
    904
    93
    7 Sea's
    Illegal Arms? It is an offence to keep illegal fire arm. Specially is that is automatics weapon the person can be severely punished for possession of illegal firearm including the politician who needs to admit he kept that to claim if from thief!
    Not Me No GIF by Rosanna Pansino
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    4,378
    3,016
    113
    PANNIPITIYA
    මචං මේක විහිළුවක් නෙවේ. මතකද ඔය ගෙවල් වල ගෑස්/ පොහොර/පරිප්පු දාලා තිබ්බා. මිනිස්සු ඕවා කරේ තියන් අරන් ගියා. ඕක ප්ලෑනක් මචං. මොකද දැන් මිනිස්සු හිතනවා සල්ලි කාර ගෙවල් වල බඩු මුට්ටු ගොඩ ගහලා තියනවා කියලා. දැන් මේ තුවක්කු කතාව ඇත්ත වෙන්න පුළුවන් බොරු වෙන්න පුළුවන්. ඒත් මේකේ අරමුණ තමා හමුදා පාලනයක් රටට ගෙන ඒම. තව ටික දවසකින් තුවක්කු ගත්තු මිනිස්සු ටිකක් ලොකු ලොකු ගෙවල් කොල්ල කයි/ පාරේ යද්දී බය කරලා මාල/සල්ලි අරන් යයි.

    ඊට පස්සේ දුප්පත් පෝසත් බෙදේ ඇති වෙනවා. මිනිස්සු දෙකට බෙදෙනවා. බඩ ගින්න එද්දී මචන් ආගම් බේද ජාති බේද අමතක කරලා මිනිස්සු එකතු වෙනවා. බෙදන්න පුළුවන් එකම විදිහ තමා දුප්පත් පෝසත් කියලා. ඔහොම රටේ හොරකම් වංචා වැඩි වෙද්දී රටෙන් බාගයක්ම අරගලේට විරුද්ද වෙනවා. ඊට පස්සේ මිනිස්සු ජාතික ආරක්ෂාව ඉල්ලන්න පටන් ගන්නවා.

    ඒ මුවාවෙන් ගෝටා හමුදා පාලනයක් ගේනවා. කොහොමද මුන්ගේ මොළ.

    මම නම් හිතන්නේ අායෙත් කොටි නැඟිටියි කියලා අන්න ඉන්දියාවෙනුත් කියලා..ජාතිවාදී වැඩ කරල මේ පාර හරියන්නෙ නෑ කියල රාජපක්ෂල දන්නවා..කරුණට කියල මොනා හරි කරයි මේ පාර..නාමල්ට රට දෙන්නත් ඵපැයි.
     
    • Like
    Reactions: Killer Clown