
"සාහිත්‍යය කන්නද?"
"දේශපාලන විද්‍යාව කරල බෑනෙ රස්සාවල් ගන්න. ඩිමාන්ඩ් එකක් තියෙන ඒවා කරන්න එපැයි."

මම මේ කතා දෙකට එක හෙළා ම එකඟයි.
ප්‍රශ්නේ මේකයි: මිනිස්සුන්ට තේරෙන්න ඕන සාහිත්‍යය කරන්නේ කන්න වත් දේශපාලන විද්‍යාව කරන්නේ රස්සා ගන්න වත් නෙවෙයි කියල. සාහිත්‍ය ඩිග්‍රි වලට කන්න හම්බවෙන හෝ දේශපාලන ඩිග්‍රි වලට රස්සා හම්බ වෙන සමාජයක් හැදීමේ කිසිදු අවශ්‍යතාවයක් නෑ.
මිනිස්සු දැනගන්න ඕන තමන්ගේ ප්‍රමුඛ අවශ්‍යතාවය කෑම, ඇඳීම, සහ රැකියාවක් කිරීම නම් ඒකට ගැලපෙන ටෙක්නිකල් කෝස් එකක් හරි මොකක් හරි කරන්න. ලංකාවෙ එහෙම නැතුව නෙවෙයි. නයිටා, ජර්මන් ටෙක් වගේ ඒව ඕන තරම් තියෙනව. බල්ලෙක්වත් යන්නෙ නෑ ඒවට. කන්න රස්සා හොයන්න ඕන එවුන් ඒවට ගියා නං, ඇත්තටම සාහිත්‍යයට දේශපාලන විද්‍යාවට කැමති උන් කන්න නැතිව රස්සා නැතිව හරි ඒ විෂයයන් ඉගෙන ගනියි එතකොට. (ඇත්තටම එහෙම ආසාවෙන් ඉගෙන ගන්න එවුන්ට හරි යනවා. ඔය ඕන තරම් කාල ඇඳල ඉන්න කලාකාරයො, ලෙක්චරර්ස්ල, සහ කලා විෂයය කරල හොඳට සල්ලි හොයන උන් ඇති වෙන්න ඉන්නව).
ඔය ගොඩේම, දේශපාලන විද්‍යාව එක්ක තියෙන සිංහල, බෞද්ධ ශිෂ්ඨාචාරය, ඉතිහාසය වගේ ඒව ගැනත් කියන්න තියෙන්නෙ එච්චර තමයි. තොපිට තියෙන්නෙ කන බණේ නං, වයසක අම්මගෙ තාත්තගෙ බර සැහැල්ලු කරන්න ඕන නං, නංගිව කසාද බන්දලා දෙන්න ඕන නං, බයික්කෙයක් අරන් රවුන් ගහන්න ආස නං, කන්න අඳින්න හම්බෙන එකක් කරපල්ලා මෙතන වැළලෙන්නෙ නැතුව.
"එචකොට අනී රසඥචාවය දියුඤු වෙඤ්ඤෙ කොහොමජ? ඒව නැචි සමාජයක බිහි වෙඤ්ඤෙ ගොරහැජි මිඤිහෙක්" (සමාවෙන්න ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවනේ).
මෙහෙමයි. සාහිත්‍යය, කලාව, කියල ඉතිහාසය කියල අපි උගන්නන්නෙ මොනාද? "මෙය කා විසින් කා හට කියන ලබ්බක්ද" වගේ ප්‍රශ්න අහල හරි, ඒලෙවල් සිංහල වලට ලියන වට්ටෝරු විචාර ලියල හරි, සුමට මිනිස්සු බිහි වෙනවද? පරාක්‍රමබාහුලා දහ දෙනාගෙ අන්වර්ථ නමුයි රජ කරපු කාල ටිකයි මතක තියා ගත්තම රටට ආදරේ මිනිස්සු බිහි වෙනවද? රාග හතරක් කටපාඩම් කරපු පලියට සංගීතෙන් හිත සුමට වෙනවද?
ඔය දේවල් වලට ආස මිනිස්සු උසස් පෙළට සරසවි අධ්‍යාපනේට මොනා කලත් ජීවිතේ පස්සෙ කාලෙක හරි ඒවට යොමු වෙනවා. අයිටී කරපු සෙට් එකක් මට මතකයි හෙළ හවුලක් හදාගෙන වියරණ ගැන සිංහල ගැන හරි ආසාවෙන් හෙව්වා. රියැලිටි ෂෝ වල සින්දු කියන්න එන්නේ සංගීතෙ හදාරණ මිනිස්සුම නෙවෙයි. කොමස් කරල බැංකු වල රස්සා කරගෙන ඉන්න එවුන් මලයාලම් ෆිල්ම් ප්‍රංස ෆිල්ම් හොය හොය බලනව. බයෝ කරපු සමහර එවුන් කොළඹට එන හැම නාට්ටියක්ම අරින්නෙ නැතුව බලනව. ජැක්සන් ඇන්තනිගෙ වීඩියෝ සීරීස් එක බලන්නෙ උසස් පෙළට ඉතිහාසය කරපු එවුන් නෙවෙයිනෙ.
ඉතිං මන් දන්නෙ නෑ ඒ වගේ එවුන්ගෙ හිත් සුමට උනේ කොහොමද කියල. අධ්‍යාපනෙන් නං නෙවෙයි. ගල්කන්දේ හාමුදුරුවො කියනව වගේ එහෙම සුමට කරන අධ්‍යාපනේක අවශ්‍යතාවයත් මම පිලිගන්නව.
"උයාට ඥං කියඤ්ඤ ලේසියි. උයාට තියෙඤ්ඤෙ කම්පියුචර් සයන්ස් ඩිග්රියක්ඥෙ?"
ඔව්. ඒක ඇත්ත. මට කියන්න ලේසියි. මම උනත් කරපු කම්පියුටර් සයන්ස් ඩිග්රිය කරේ දැනගෙන නෙවෙයි. රැල්ලට. වෙලාවට කම්පියුටින් ගැන ප්‍රෝග්‍රෑමින් ගැන ආසාවක් තිබ්බා. ඒ නිසා මට ඒක හරි ගියා.
හැබැයි මම වගකීමෙන් කියනවා මම කරන රස්සාවට මගේ ඩිග්රිය සුදුසුකමක් නෙවෙයි කියලා. මගේ ඩිග්රිය සුදුසුකමක් උනේ මම කරන රස්සාවට ඉල්ලුම් කරන්න විතරයි. ඉන්න මම පැහැදිලි කරන්නම්.
ඡන්ද පොරොන්දු විදියට උපාධිධාරීන්ට රස්සා දීපු එක්තරා සමයෙකැ මගේ අක්කා කෙනෙක් වැඩ කරා එක්තරා ආණ්ඩුවේ කන්තෝරුවක. එයා කියන විදියට මේ අලුතෙන් රස්සාව හම්බ වෙච්ච උපාධිධාරී නෝනල මහත්තුරුන් රස්සා නැතුව පුත්තලම් බූරුවො තුන් දෙනෙක්ගෙ විතර වයස ගෙව්වෙ ඇයි කියල පැහැදිලි උනාලු ඒ ගොල්ලන්ගෙ හැසිරීමෙන්.
බුවාලට මෙලෝ ජීවන දැනුමක් නැහැ ලු. කෙනෙක් එක්ක වැඩ කරන්න දන්නෙ නැහැලු. මුකුත් දන්නෙ නැතත් උපාධිධාරී ලොකුකම නිසා පරණ (කෝසස් කරල රාජ්‍ය සේවයට බැඳිච්ච) මනුස්සයෙක්ගෙන් දෙයක් අහගන්නත් ලැජ්ජ ලු. විශේෂ සැලකිලිත් ඕන ලු. හැබැයි රාජකාරි ලිපියක්වත් හරියට ලියාගන්න බැහැයි ලු (හිතහංකෝ රාජකාරි ලිපි ලියන්න උගන්නන්නෙ හතර වසරෙද කොහෙද).
මම කියන්නේ, මම රස්සාවට ගිය තැන මම ඔය මයින්ඩ්සෙට් එකෙන් හිටියා නම්, ආණ්ඩුවේ කැම්පස් එකකින් ආවා කියල ප්‍රයිවට් කැම්පස් වලින් ආපු එවුන්ට ලොකුව දුන්නා නම්, වැඩත් බැරුව විශේෂ සැලකිලිත් බලාපොරොත්තු උනා නම්, වැඩ කරද්දි අනිත් මිනිස්සු එක්ක සහයෝගෙන් වැඩකරන්න බැරි නම්, මාව එතනින් මාසෙන් එළවනවා පුකට පයින් ගහල. මගේ ඩිග්‍රිය වත්, මම ඔනර්ස් ගත්තද නැද්ද කියන එක වත් අදාළම නෑ. (සාමාන්‍යයෙන් එහෙම එවුන් එන්නෙම නෑ මොකද ඉන්ටර්වීව් වලදිම ඉන්ටර්වීව් බෝඩ් එකට තේරෙනව සතා මොකාද කියල).
මගේ වැඩපොලට මාව ඉන්ටර්වීව් කරද්දි මගේ සහතික කිසිදෙයක් බැලුවෙ නැහැ. මොකද ඒගොල්ලන්ට ඕන එයාලගෙ ප්‍රශ්න විසඳල දෙන මිනිහෙක් මිසක් බෝඩ් ලෑල්ලක් නෙවෙයි. අන්න ඒකයි කියන්නේ. ඩිග්‍රිය රස්සාවකට සුදුසුකමක් නෙවෙයි. සමහරවිට ඉන්ටර්වීව් කෝල් කරගන්න සුදුසු කමක්.
ඒ වගේම ඩිග්රි වලින් ඉගෙනගන්න දේවල් කෙලින්ම යොදා ගන්න පුලුවන් රස්සා මේ ලෝකෙ නෑ. එහෙම ටිකක්හරි තියෙන්නෙ මෙඩිසින් සහ ඉංජිනියරින් විතරයි මං හිතන්නේ (ඒවගෙත් ලොකුවටම නැහැ). අයිටී උනත් ඉතාම අල්ප වශයෙන්. ඩිග්රියක් කරන කොට ඉගෙනගන්නේ විෂය විතරක් නෙවෙයි. දෙයක් ඉගෙනගන්නෙ කොහොමද කියලත් ඉගෙනගන්න ඕන. අන්න ඒ කෑල්ලයි ගොඩක් වැදගත්.
එච්චරයි මට කියන්න තියෙන්නෙ. අසා සිටි ඔබ සැමට ඉස්තුතියි. පින්තූරේ කිසි සම්බන්ධයක් නෑ. ඒකෙ ඉන්නෙ සඳනි ෆනෑන්ඩෝ.

From :fb