දෛවය සරදමකට මාහට වැලදුනු කෝවිඩ් 19 නිව්මෝනියා තත්ත්වය සහ මාහට ඉතාමත් සැකසහිත PCR පරීක්ෂණය.

analytics

Well-known member
  • Jun 6, 2015
    646
    874
    93
    FB එකෙන්.

    මාගේ පුද්ගලික ඡායාරූප කීපයක් මා ප්‍රසිද්ධ සමාජජාලාවට එක්කරන මාගේ ඒකායන අරමුන කොවීඩ් 19 නිව්මෝනියා ආසාදනය වී සිටි සමයේ මා ලැබු දැඩි වේදැනාව, මානසික පීඩනය,
    අද වන විටත් මා ඒ අසුන්දර අතිතය මතක් වන විටත් මා ලබන මානසික පිඩනය ඔබට තේරුම් කර තව අයෙකු හෝ මෙයින් බේරාගැනීමට හැකිවේවායි කියා ප්‍රාර්ථනා කරන නිසාය..
    රොගය වැලදුනා කියා මාගේ අනුමානය.
    05/04/2021 දින කෝවිඩ් ආසාදිත මාගේ මිතුරෙකු සමග දිවා ආහාරය ගැනීමට.
    ඔහුට රෝගය ආසාදනය වී ඇති බව මා දැනගන්නේ 09/04/2021.
    එදිනම රාත්‍රී 09.00 ට පමන මා මාගේ මුල්ම PCR පරීක්ෂණ කිරිම.
    එහි results Negative ලෙස පැමිනෙන්නේ 11/04/2021.
    13/04/2011 දින රාත්‍රී මාගේ ඔලුව ඉතා මද වශයෙන් රිදීමට පටන් ගැනිම..
    මා එය එතරම් නොසැලකුවේය.
    16/04/2021 දින වන විට මාගේ උගුරේ සෙම ගතිය තිබුනත් පිටතට නොපැමිනිම නිසා හිසරදය ඇතිවු විට මා Panadol ගත් විට එය මදවේලාවකින් සහනය විය.
    මා නිසි වෛද්‍ය වරයෙකු වෙත යොමු නොවුනේ මාගේ ඊලඟ PCR පරීක්ෂණ තිබුනේ 18/04/2021ට යෙදී තිබුනු නිසාය.
    18/04/2021 වන විට මා තරමක් අසනීප තත්වයෙන් පත්විය..
    18/04/2021 මාගේ දෙවන PCR පරීක්ෂණ කිරීම.
    එහි results Negative ලෙස පැමිනෙන්නන් 19/04/2021.
    මේ PCR ප්‍රතිඵලය ගැන මා හට තිබෙන්නෙ දැඩි සැකයකි.
    19/04/2021 දින වන විට මා යම්කිසි දුරකට මා අමාරු රෝගි තතවයකින් පෙලීය.
    20/04/2021 මාගේ හිතවත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත්තේය.
    නමුත් රෝගය අඩුනොවු නිසා මා නැවතත් 24/04/2021 මා නැවතත් වෛද්‍යවරයා හමුවි ප්‍රතිකාර ගැත්තේය.
    නමුත් රොගය අඩු නොවීය.
    ඒ නිසා මා 26/04/2021 දින මා වෙනත් වෛද්‍යවරයකු හමුවීමට ගියෙමි.
    එවිට ඔහු මාවෙත පැවසුවේ මාහට ඇදුම රෝගය මදවශයෙන් හටගෙන ඇතිනිසා මාහට Inhaler එකක් පාවිච්චි කිරීමට ලබාදුන්නේය.
    නමුත් 26/04- 27/04 රාත්‍රී දෙකම නිදි වර්ජිතව ගතකරේය.
    එමනිසා 28/04/2021 දින
    මා තිරනය කරේ Asiri central රෝහලට ගොස් නේවාසිකව ප්‍රතිකාර ගැනමට.
    මා Dr K.Thirawalan හමුවිය. එවිට ඔහුමාහට පැවසුවේ මා Bronchitis රෝගය වැලදී ඇති බව ඔහුට හැහී යන බවයි.
    ඔහු මාහට රෝහලේ administration එකට ගොස් register වෙන්න කියා උපදෙස් ලබා දුන්නේය.
    මේ සියලුම වෛද්‍යවරු මාගේ රෝග විනිශ්චය නිසියාකාරව හදුනානොගත්තේ 18/04/2021 කරපු PCR පරික්ෂණය නිවරදී තාවයක් නොමැති වු නිසා කියා මා තරයේ විශ්වාස කරන නිසාය.
    රෝහල් කාර්ය මන්ඩලය මාහට දැනුම් දුන්නේ රෝහල් ගතවන සියලුම අය Rapid Antigen පරීක්ෂණයක සිදුකල යුතු බවයි.
    එම අවස්ථාවේ මා සහ මාගේ බිරිඳ කොවිඩ් 19 ආසාදිතයින් බව දැන්විය..
    අප දෙදෙනාම එකම අවස්ථාවක කෝවිඩ් ආසාදනය වීම මාහට වෙස්වලාගෙන පැමිනි දේව ආශිර්වාදයක් ලෙස මා සලකමි. එය මා පසුව විස්තර කරමි.
    අපි දෙදෙනා කෝවිඩ් ආසාදිතයින් වීමෙන් පසු රෝහලෙන් අප වෙත පැවසුවේ සාමාන්‍යයෙන් කොවිඩ් රෝහීන් බාර නොගන්නා බවත්, අප දෙදෙනා රොහල තුලදී Positive වීම නිසා නේවාසිකව ප්‍රතිකාර කිරීමට එකගවිය.
    එදින රාත්‍රී මා නැවති සිටි කාමරයට පැමිනි ඉතා කාරුණික Sister Chandrani මහත්මිය මාගේ මූලික ප්‍රතිකාර පටන්ගත්තේය..
    මේ අතරේ 29/04 දින මා හට රෝහලෙන් දන්වා සිටියේ මාහට ප්‍රතිකාර කිරීම Dr K. Thirumawalan විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි..
    එවිට මා රෝහලට දන්වා සිටියේ මාහට ප්‍රතිකාර කිරීමට කැමති කුමන හෝ වෛද්‍යවරයකුට මා යොමුකරනා ලෙසයි.
    එවිට මාහට ප්‍රතිකාර කිරිම සදහා වෛද්‍ය Thurul Attygalle මහතා සහ ඔහුගේ කාර්යමණ්ඩලය බාරගත්තේය..
    මම 29/04 - 30/04 මා සාමාන්‍ය අයුරුන් ගතකරේය.
    30/04 දවල් chest physician Dr Aflah Safikren මහතා ඇවිත් මාගෙන් ඇසුවේ ඔයාට Bathroom එකට යනකොට මහන්සි ගතියක් එනවාද කියලා . මට ඒ වෙනකොට එහෙම මුකුත් අමාරුවක් දැනී තිබුනේ නෑ.
    මම පැවසූවේ එහෙම දෙයක් නෑ කියලා.
    නමුත් ඔවුන් විසින් මගෙ x ray හැමදාම ගත්තා.
    මට පසුව හැගී ගියේ මාගේ X ray බලා ඔහු ඒ බව ඇසු බවයි.
    01/05 උදේ මගේ blood එකක් ගත්තා. එ වෙලාවේ මම පොඩ්ඩක් ඇග තදකර ගෙන හිටියේ. එක පාරටම මට හුස්ම ගන්න බැරි උනා.
    එක තමයි මට මේ රෝගයේ ගැන මට දුන්න මුල්ම sign එක. විනාඩි 20ක් විතර මම හුස්ම ගන්න සටන්කරා.
    උදේ 9 ට විතර bathroom ගියා.
    අර කලින් දවසේ ඩොක්ටර් ඇවිත් අහපු ඔක්කොම රෝග ලක්ෂණ මට තේරෙනවා දැන්.
    02/05 මට strictly advise කරා ඇදෙන් බහින්න එපා කියලා .
    අවසානයේ මා ඇදෙන් බහින්න හැකි උනේ දින 8 කට පසුවය.
    එදා දවල් Dr ඇවිත් කිව්වා Special drug එකක් තියෙනවා ඒක ලොකු මිලක් වෙනවා කියලා. ගාන ප්‍රශ්නයක්ද කියලා . මම කිව්වා හොදවෙයිනම් දෙන්න කියලා.
    එදාම කිව්වා අද අපි ඔයාව ICU මාරු කරනවා හැබැයි Asiri central එකේ ICU full. එම නිසා Asiri surgical transfer කරනවා කියලා.
    කෙසේ හෝ මාව Asiri surgical මාරු කරෙ නෑ.
    Hospital එකෙන් වෙනමම Room එකක ICU එකක් එයාලා මා වෙනුවෙන් නිර්මාණය කරා. ඒක isolated room. Low pressure. ඒක හදලා තියෙන්නෙ පැපොල වගේ ලෙඩ්ඩු දාන්න.
    එහෙම වෙච්චි නිසා තක්ශිලාටත් මගේ ලග ඉන්න පුලුවන් උනා. 02/05 ඉදන් 08/05 වෙනකම් මම හිටියේ ICU .
    03/05 උදේ ඩොක්ටර් ඇවිත් කිව්වා අර drug එක not available කියලා. මගේ බලාපොරොත්තු සුන්වෙනවා වාගේ දැනුනා.
    මම තක්ශිලාට කිව්වා මගෙ School එකේ මිතුරන්ට කතාකරලා drug එක ගැන කියන්න කියලා. එයාලා ගොඩාක් මහන්සි වී එලිවෙනකම් එයාලා ඒක හෙව්වා. ( Tocilizumab 600mg one dose)
    03/05 වන දිම රාත්‍රී මා හට ගොඩක් අමාරු උනා. මා හට මරණ මංචකයේ සිටිනා කෙනෙක්ට ලැබෙනා සියලුම අත්දැකීම් ලැබුනා.. මා හට තෙරුනා මා දැන් වෙන තැනකට යන්න ලැස්තිවෙනවා කියලා .. තක්ශිලා මා ලගින්ම ඉදගෙන මා මාහට මා මාගේ ජීවිතයේ කර ඇති සියලුම පිංකම් එකින් එක මතක් කරන්න පටන් ගත්තා.. මට ලොකු සැනසීමක් ලැබුනා. මට මගේ මනස ලොකු හිස් බවක් දැනුනා. මට ඒ මොහොතේ මා කිසිම කෙනෙක් කිසිම දෙයක් ගැන කල්පනා උනේ නෑ. මම බොහොම සැහැල්ලු හිස් මනසකින් හිටියේ . මා තවමත් කල්පනා කරන්නේ ඒ වගේ ඒ මරණ මංචකයේදී මා හට එවැනි හිස් මනසක් ඇතිවියේ කෙසේද කියායි.. මා ඉතාමත් සැහැල්ලු මනසකින් හිටියේ. සමහර වේලාවට මා මාගේ ජීවිතයේ කර ඇති පිං නිසා විය හැක.
    04/05 උදේ Message එකක් ආවා.
    Drug එක හොයාගන්න පුලුවන් වෙයි කියලා.
    මාහට ලබාදීමට අවශ්‍ය කරේ 600mg.
    නමුත් තිබුනේ 400mg. Dr කිව්වා තියෙන ප්‍රමානයක් ගේන්න දීලා බලමු කියලා .
    වාසනාවට මට එ දීපු 400mg ඇති උනා.
    එතකොට මට oxygen දුන්නේ 80%. C - Pap කියන මැශින් එකෙන්.
    C- Pap එක දාගෙන පැය දෙකක් ඉන්න බෑ.
    ඒක ඒ තරම් අමාරුයි . නමුත් මම එක දිගට පැය 7-8 දාගෙන හිටියා. මම ඒක ගැලෙව්වෙ විනාඩි 7-10 විතරයි. ඒ soup and water බොන්න විතරයි.
    මොකද් මම දැනගෙන හිටියා ඊලග Option එක මාව සිහිය නැතිකරලා oxygen ventilator machine දාන එක කියලා . ඒකට දාන 90% ජීවිතය බේර ගන්න අමාරුයි .
    දෙවියන්ගේ පිහිටෙන් මගේ පෙනහලු වලට oxygen අවශෝෂණය කරගන්න පටන් ගත්තා .
    ICU ඉන්න ටිකේ නොවිදිනා දුක් වින්දා.
    මගේ අත්වල කටු ගහන්න තැන් නෑ.
    Every morning and evening normal blood test.
    ඉට අමතරව special blood test තියෙනවා.
    එකට කියන්නෙ artety blood test කියලා.
    එක ගන්නෙ අපේ අතේ ධමනි අල්ලලා.
    එක ගන්න්කොට පුදුම වේදනාවක් තියෙන්නෙ . Direct blood from heart.
    ඒකෙන් තමයි Actual oxygen levels on the blood and carbondioxide level,
    Metabolic immalance දැනගන්න පුලුවන්.
    එක ගන්නේ ඩොක්ටර් කෙනෙක් විතරයි .
    සමහර ඩොක්ටර්ලා එක පාරින් ගන්නවා. සමහර අය දෙතුන් පාර ට්‍ර්‍යි කරනවා.එකට එයාලාට මුකුත් කියන්න බෑ. මොකද ඒක පෙන්නෙ නැතිනිසා සහ ඒයාලා hand gloves 3 ක් විතර දාලා ඉන්නේ. එතකොට එයාලාට ඒක හරියට දැනෙන්නේ නෑ.
    එක දවසකට 3-4 පාරක් ගන්නවා.
    ඒක කියන්න බැරි තරම් වේදනාකාරී.
    හැමදාම උදේට , රෑට බඩට injection ගහනවා. ඇගේ ලේ කැටි ගැහෙන එක නවතින්න.
    තක්ශිලා නැත්නම් මම අද මෙතන නෑ. මොකද මට හුස්ම ගන්න බැරි උන ගමන් එයා කැගහලා ඩොක්ටර්ලාට කතාකරනවා. ඒක තමයි වෙස්වලාගෙන ආ මාහට දෙවියන්නේගේ ආශිර්වාදය. තක්ශිලාට මං ලග ඉන්න පුලුවන් වීම.
    පොඩ්ඩක් හරි ඇග හෙල්ලුවොත් හුස්ම ගන්න බැරි වෙනවා..
    ඒක සාමාන්‍ය තත්වයට පත්වන්න විනාඩි 20 විතර යනවා.. එය මරනය අබියස කරන සටනක්.
    මම සුවවී ගෙදර ආවට මට තම හරියට කතා කරන්න බෑ. අඩි 10ක් ඇවිදින්න බැ.
    තව මාසයක් විතර යාවි සුව වෙන්න.
    මම දෙවියන්ට සහා දෙවිවරු වැනි වෛද්‍යවරුන්ට පින් දෙනවා මාගේ ජීවිතය බේරා දුන්නාට...
    කෝවිඩ් නිව්මෝනියා ‍තත්වයට පත්වුවහොත් ඔබගේ ජීවිතය බේරා ගැනිමට ඔබට ඉමහත් වෙහෙසක් දරන්න වෙනවා..!!
    මාහට මේ රොගය වැලදුනු නිසා ජීවිතයේ සත්‍ය / අනිච්‍ය කියන දේ හොදින්ම වැටහුණි.
    අපිට කොයි මොහොතේ හෝ ජීවිතය දාලා යන්න වේවිද දන්නේ නැ.
    එම නිසා නොපමාව පිං රැස් කර ගන්න..
    🙏

    සියලු සත්වයින්ට මෛත්‍රී කරන්න
    🙏

    Covid මාරාන්තිකයි ...!

     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    4,380
    5,786
    113
    මෙච්චර අමාරු වෙනවා ඇති.
    මොනා උනත් අමාරුයි අමාරුයි කිව්වට සෙල්ෆිනම් ගහලා තියනව ලෙසට.

    මේ මනුස්සයට සල්ලි තිබ්බ නිසා බේරුනා.සල්ලි නැති මනුස්සයෙක් මොනා කරන්නද.හොද උනොත් ගොඩ නැත්නම් වලේ
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    4,003
    476
    83
    මෙයාගේ වාසනාවකට පුද්ගලික රෝහලකට ඇතුල් වෙන්න පුළුවන් වුණේ. නැතිනම් ගොඩක් දුරට ජීවිතේ බේරගන්න බැරි වෙනවා.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    1,354
    1,986
    113
    මෙච්චර අමාරු වෙනවා ඇති.
    මොනා උනත් අමාරුයි අමාරුයි කිව්වට සෙල්ෆිනම් ගහලා තියනව ලෙසට.

    මේ මනුස්සයට සල්ලි තිබ්බ නිසා බේරුනා.සල්ලි නැති මනුස්සයෙක් මොනා කරන්නද.හොද උනොත් ගොඩ නැත්නම් වලේ
    Sad truth of life bro.
    Salli nemei jeevithe kiyana unta kanata ekak gahala meka pennanna ona.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    61,871
    11,701
    113
    Malabe
    මේ මනුස්සයට සල්ලි තිබ්බ නිසා බේරුනා.සල්ලි නැති මනුස්සයෙක් මොනා කරන්නද.හොද උනොත් ගොඩ නැත්නම් වලේ

    මෙයාගේ වාසනාවකට පුද්ගලික රෝහලකට ඇතුල් වෙන්න පුළුවන් වුණේ. නැතිනම් ගොඩක් දුරට ජීවිතේ බේරගන්න බැරි වෙනවා.
    මේක පිලිගන්ඩ බැ, ඔයාල ඔය පුද්ගලික රෝහල් ගැන දන්නෙ නැ, ලoකවෙ හොදම ප්‍රතිකාර කරන්නෙ සහ තියෙන්නෙ රජයේ රෝහල්වල...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    61,871
    11,701
    113
    Malabe
    Mu nan malata exercise karanne nethi body ekak tiyenne
    ගෑනු කෙනාට නෝමල් හොද උනේ ඇයි, බොහෝ විට රහස සිගරට්ද , ඒව දාන්ඩ තිබ්බෙ, එතකොටයි ඔය කතාව සර්ව සම්පුරන සහ තව කෙනෙක්ට ආදර්ශයක් ගන්ඩ පුලුවන් වෙන්නෙ...

    Ethakota Basil rata giye ?
    අදාල නැති ඒව අදාල නැති තෙර්ඩ්වල කියන්ඩ එපා පොන්ස්..
    ------ Post added on May 15, 2021 at 10:56 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    38,094
    19,110
    113
    ගෑනු කෙනාට නෝමල් හොද උනේ ඇයි, බොහෝ විට රහස සිගරට්ද , ඒව දාන්ඩ තිබ්බෙ, එතකොටයි ඔය කතාව සර්ව සම්පුරන සහ තව කෙනෙක්ට ආදර්ශයක් ගන්ඩ පුලුවන් වෙන්නෙ...

    Muge tatteth ekka.thun dos kipila
     

    planner123

    Well-known member
  • May 22, 2018
    1,354
    1,986
    113
    ගෑනු කෙනාට නෝමල් හොද උනේ ඇයි, බොහෝ විට රහස සිගරට්ද , ඒව දාන්ඩ තිබ්බෙ, එතකොටයි ඔය කතාව සර්ව සම්පුරන සහ තව කෙනෙක්ට ආදර්ශයක් ගන්ඩ පුලුවන් වෙන්නෙ...


    අදාල නැති ඒව අදාල නැති තෙර්ඩ්වල කියන්ඩ එපා පොන්ස්..
    ------ Post added on May 15, 2021 at 10:56 PM
    Sorry bn. Basil rata giye medical treatment ganna neh according to Chamal sa.
    Uba dannawa athi kiyala hithuwe. Sorry aehhh...
     
    • Like
    Reactions: fdk

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    1,858
    4,874
    113
    මෙච්චර අමාරු වෙනවා ඇති.
    මොනා උනත් අමාරුයි අමාරුයි කිව්වට සෙල්ෆිනම් ගහලා තියනව ලෙසට.

    මේ මනුස්සයට සල්ලි තිබ්බ නිසා බේරුනා.සල්ලි නැති මනුස්සයෙක් මොනා කරන්නද.හොද උනොත් ගොඩ නැත්නම් වලේ
    මේක කියෙව්වම මට හිතුනෙත් නොපමාව පිං විතරක් රැස් කරලා මදි නොපමාව සල්ලිත් රැස් කරන්න ඕන කියලා
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    2,395
    4,725
    113
    පවුද්ගලික රෝහල් ගැනනම් අහල තියෙන කතා හොද නෑ ඒත් 100% ක් ඇත්තද දන්නෙ නෑ.
    100% ශුවර් පිට කියන්න පුලුවන් කරාපිටිය හොස්පිටල් එක ගැනනම්. පට්ට... මං ඉන්න කාලේ දැකපු සිද්දි එක්ක මිනිස්සු තරහ ගන්නේ රණ්ඩුවෙන්නේ ඩොක්ටර්ස්ලට නර්ස්ලට වඩා දන්නවා කියල හිතාගෙන ඉන්න මිනිස්සු. 😊 ඩොක්ටර්ල්ස්ලට නර්ස්ලට එයාලගේ ජොබ් එක කරන්න දීල ඉදියනම් ඔක්කොම සැටිස්. වැරදි වෙනව නොවෙනව නෙමෙ හදිස්සියෙන්.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    164
    277
    63
    මේක පිලිගන්ඩ බැ, ඔයාල ඔය පුද්ගලික රෝහල් ගැන දන්නෙ නැ, ලoකවෙ හොදම ප්‍රතිකාර කරන්නෙ සහ තියෙන්නෙ රජයේ රෝහල්වල...
    :lol::lol::lol:

    Edited...

    Ekko oni na
     
    • Sad
    Reactions: pathaleiretta

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    1,858
    4,874
    113
    හොද උනොත් ගොඩ නැත්නම් වලේ

    mama nam වලේ thama . kidney case ekakuth tiye
    පුළුවන් උපරිමයෙන් පරිස්සම් වෙයන් මචං.