ධර්මසේනට නඩු.. ලෝක කුසලානය මැද විත්ති කූඩුවට.. නොතීසි නිකුත් කෙරේ…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    45,648
    47,016
    113
    ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරුවකු හා ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන කුමාර ධර්මසේන මහතා ඇතුළු තවත් 12 දෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

    ඒ අනුව එළඹෙන 12 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට නියෝග කර ඇත.

    අයුතු ලෙස නිවෙසකට ඇතුලු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

    නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පර්චස් 82 ක ප්‍රමාණයකින් යුත් ඉඩමකට සහ එහි පිහිටි පාක්ලීන් නමැති නිවසකට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම චෝදනාව එල්ල කර තිබේ.

    ධර්මසේන මහතා ඇතුළු ඔහුට අයත් ව්‍යාපාරයක අධ්‍යක්ෂ මණ්ඩලයේ 12 දෙනකුට මෙසේ නොතීසි නිකුත් කර ඇත.

    කුමාර ධර්මසේන මහතා ඉන්දියාවේ දී පැවැත්වෙන ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රධාන විනිසුරුවරයෙක් ලෙසද කටයුතු කරමින් සිටී.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    6,017
    7,827
    113
    Hambanthota
    ලපයාගේ ආණ්ඩුවකට ඇරෙන්න ඕවා හදන්න මේ කපේට කිසිම එකෙක්ට බෑ.. ලපයාට ජන්දේ දෙන්න බැරිනම් ධර්මසේන වගේ ඔවා දිහා බල බල අතේ ගහලා මැරියල්ලා.. 🤭