රතුපස්වල තීන්දුවෙන් පසු බොහෝ දෙනෙක් කතා කර ඒ ගැන විමසූහ. මිනීමරුවකු නිදොස්කොට නිදහස ලැබීම ගැන දුක්වූහ. නඩුවේදී කියවුණේ පැමිණිල්ල එනම් නීතිපතිවරයා තමාගේ කාර්ය වගකීමෙන් ඉටු කර නැති බවයි. මිනීමරුවාට එරෙහිව තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරන්නට පැමිණිල්ල එනම් නීතිපතිවරයා අපොහොසත් වූ බව අධිකරණය ප්‍රකාශ කළේය. එසේ හෙයින් අවසානයේ මිනීමරුවා නිදොස් කොට නිදහස් විය. අවසානයේ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ සාමකාමී ප්‍රදේශවාසීන්ට වෙඩි තැබීමටත්, පහරදීමටත්, තිදෙනකු ඝාතනය කිරීමටත් තවත් 50කට ආසන්න පිරිසක් තුවාල කිරීමටත් පියවර ගත් කෙනකු නැත.
මේ වසර 11 පුරාවට අපි ඇසින් දුටු, කනෙන් ඇසූ සත්‍යයක් තිබේ. අපරාධකරුවෝ නිදොස්කොට නිදහස් වුවද අපි ඇසූ, දුටු සත්‍ය වෙනස් වෙන්නේ නැත. අපරාධකරුවෝ නිදහස්වූ පමණනින් අපේ සත්‍ය, අසත්‍යයක් බවට පත්වන්නේ නැත. රතුපස්වල යනු දැනටමත් ජයග්‍රාහී සටනකි. වතුර අපවිත්‍ර කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකාවේ ධන කුවේරයන් අතර ඉදිරියෙන්ම සිටින, පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් සමග ළඟම කුලුපගකම් ඇති ධම්මික පෙරේරාට වැඩිම කොටස් හිමිව තිබූ ආයතනයක කර්මාන්ත ශාලාව ගලවාගෙන යන්නට සිදු විය. වෙඩි කෑ තුවාලකරුවන්ට වන්දි ලැබිණි. තවත් බොහෝ දෑ සිදුවිය. වන්දි ලැබීම සහ අනිකුත් සියලුම දේවල් යුක්තියේ කොටස් වේ. නමුත් අපරාධකරුවන්ට දඬුවම් ලබාදීම යුක්තියේ ප්‍රධානම අංගයකි. රතුපස්වල සාමකාමී විරෝධතාකරුවන්ට පහරදුන් සහ වෙඩි තැබූ පිරිස ශ්‍රී ලංකා යුද හමුදාවේ වූ පමණින් ඔවුන්ට විනිර්මුක්තියක් එසේත් නැත්නම් දඩුවම්වලින් ගැලවීමක් ලැබීමට හැකියාවක් නැත.
රතුපස්වල වෙඩි තිබ්බේ, පහර දුන්නේ ගෝඨාභය රාජපක්ෂ විසින් මේජර් ජනරාල් ධුරයට උසස් කරනු ලැබූ දේශප්‍රිය ගුණවර්ධනගේ අධීක්ෂණයෙන් සහ ඔහුගේ අනුදැනුමෙන් ඔහුත් සමගම පැමිණි නිලධාරීන් බවට වන සත්‍ය කිසිදා වෙනස් කළ නොහැකිය. රතුපස්වල දී වෙඩි තැබුවේ, පහර දුන්නේ, පල්ලියට පැන පහර දුන්නේ යුද හමුදාව බවට වන සත්‍ය කිසිදා වෙනස් කළ නොහැකිය.
නැදුන්ගමුව ග්‍රාමයේ 1994 වසරේ ඉදි කළ වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාවෙන් පිටවන අප ජලය නිසා භූගත ජලය අපවිත්‍රවී ඇති බවත්, ඒ අනුව තමන්ගේ ළිංවල ජලය පානය කිරීමට නොහැකි තත්ත්වයකට පත්වී ඇති බවත් ප්‍රදේශවාසීන්ගේ අඳෝනාව විය. මෙම කර්මාන්ත ශාලාවේ අප ජලය පිරිපහදු පද්ධතියක් සකස් කරන තෙක් වැඩකටයුතු ආරම්භ නොකරන ලෙසට මධ්‍යම පරිසර අධිකාරිය පාරිසරික බලපත්‍රය ලබා දෙද්දී පැනවූ කොන්දේසිය කඩ කර ඇති බව සහ කම්හල පිටකරන අප ජලයේ ගුණාත්මක බව නියමිත ප්‍රමිතියේ නොවන බව මධ්‍යම පරිසර අධිකාරිය සහ රබර් පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන 1996-2000 වසර හතර ඇතුළතදී ලබා දී ඇති වාර්තා අනුව රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරිය නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් වසර 15ක් පුරා මෙම ගැටලුව ඇදී ගොස් තිබිණි. ඒ වෙනුවට කළේ කම්හල අයත් සමාගමේ වැඩිම කොටස් අයිතියක් හිමි ධම්මික පෙරේරා කම්හල ගැන තීන්දු තීරණ ගන්නා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ ඉහළම පුටුවටත් ඉන් පසුව රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියකු පත් කළ යුතු ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් තනතුරටත් පත් කරනු ලැබීමයි.
ඒ අනුව ප්‍රදේශවාසීහු රතුපස්වල පිට්ටනියේත් නැදුන්මගමුවේ අදාල කම්හල ඉදිරිපිටත් උයාගෙන කමින් එක දිගට විරෝධතා කළහ. කම්හලට එක වැලි කැටයකින් හෝ පහර දෙමින්වත් අලාබ හානියක් නොකළ ප්‍රදේශවාසීහු තම විරෝධතාවය සාමකාමීව කරගෙන ගියහ. 29 වැනිදාත්, 30 වැනිදාත්, 31 වැනිදාත් සමකාමී උද්ඝෝෂණය කරගෙන ගියහ. ජූලි 31 වැනිදා වන කර්මාන්ත ශාලාවට බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ප්‍රමුඛ හමුදා කණ්ඩායමක්ද පැමිණියේය.
------ Post added on May 19, 2024 at 12:13 PM
අපි ඇසූ, දුටු සත්‍ය වෙනස් වෙන්නේ නැත...
රතුපස්වල අවසන් සටන 2013 ජූලි 27 ආරම්භ වූ දිනයේ සිට මේ වනතෙක් ගත වූ වසර 11ක කාලය තුළ මමත්, දීපා අධිකාරී මාධ්‍යවේදිනියත්, ගයාන් මධුසංඛ මාධ්‍යවේදියාත් අවස්ථා 200 ගණනකට වඩා අදාල ප්‍රදේශයේ කරක් ගසා තිබේ. තුවාල කරුවෝ, වින්දිතයෝ විශාල පිරිසක් සමග සාකච්ඡා කරනු ලැබූහ. ඇතැම් සිදුවීම්වල අපිද ඇසින් දුටු සාක්කිකරුවෝ වීමු. ඇතැම් සිදුවීම්වල අපි ඇසින් නුදුටු සාක්කිකරුවෝ වීමු.මේ වසර 11 පුරාවට අපි ඇසින් දුටු, කනෙන් ඇසූ සත්‍යයක් තිබේ. අපරාධකරුවෝ නිදොස්කොට නිදහස් වුවද අපි ඇසූ, දුටු සත්‍ය වෙනස් වෙන්නේ නැත. අපරාධකරුවෝ නිදහස්වූ පමණනින් අපේ සත්‍ය, අසත්‍යයක් බවට පත්වන්නේ නැත. රතුපස්වල යනු දැනටමත් ජයග්‍රාහී සටනකි. වතුර අපවිත්‍ර කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකාවේ ධන කුවේරයන් අතර ඉදිරියෙන්ම සිටින, පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් සමග ළඟම කුලුපගකම් ඇති ධම්මික පෙරේරාට වැඩිම කොටස් හිමිව තිබූ ආයතනයක කර්මාන්ත ශාලාව ගලවාගෙන යන්නට සිදු විය. වෙඩි කෑ තුවාලකරුවන්ට වන්දි ලැබිණි. තවත් බොහෝ දෑ සිදුවිය. වන්දි ලැබීම සහ අනිකුත් සියලුම දේවල් යුක්තියේ කොටස් වේ. නමුත් අපරාධකරුවන්ට දඬුවම් ලබාදීම යුක්තියේ ප්‍රධානම අංගයකි. රතුපස්වල සාමකාමී විරෝධතාකරුවන්ට පහරදුන් සහ වෙඩි තැබූ පිරිස ශ්‍රී ලංකා යුද හමුදාවේ වූ පමණින් ඔවුන්ට විනිර්මුක්තියක් එසේත් නැත්නම් දඩුවම්වලින් ගැලවීමක් ලැබීමට හැකියාවක් නැත.
නීතිපතිවරයාගේ වගකීම් විරහිත දුෂ්ඨ ක්‍රියාකලාපය..
මහාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරන ලෙස නීතිපතිට අපි බල කර සිටිමු. එසේම අපිද අභියාචනයක් කිරීමට අවශ්‍ය නීතිමය වටපිටාව සොයා බලමින් සිටිමු. එම අභියාචනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණ තීන්දුව අනුමත කරන්නේ නම් එයින් කියවෙන්නේ මෙම නඩුවේ පැමිණිල්ල වන නීතිපතිවරයාගේ වගකීම් විරහිත දුෂ්ඨ ක්‍රියාකලාපය ගැනයි. අපරාධකරුවන්ට බේරී යාමට හැකිවන පරිදි සාක්කි වසං කළ පොලිසියේ සහ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ට එරෙහිව එසේ නම් නීතිය ක්‍රියාත්මක කළ යුතුය.රතුපස්වල වෙඩි තිබ්බේ, පහර දුන්නේ ගෝඨාභය රාජපක්ෂ විසින් මේජර් ජනරාල් ධුරයට උසස් කරනු ලැබූ දේශප්‍රිය ගුණවර්ධනගේ අධීක්ෂණයෙන් සහ ඔහුගේ අනුදැනුමෙන් ඔහුත් සමගම පැමිණි නිලධාරීන් බවට වන සත්‍ය කිසිදා වෙනස් කළ නොහැකිය. රතුපස්වල දී වෙඩි තැබුවේ, පහර දුන්නේ, පල්ලියට පැන පහර දුන්නේ යුද හමුදාව බවට වන සත්‍ය කිසිදා වෙනස් කළ නොහැකිය.
ජනමාධ්‍යවේදීන් දෙදෙනකුගේ පාවා දීම..
මෙහිලා තවත් යමක් සඳහන් කළ යුතුය. ඒ පහරකෑ සහ සිද්ධියේ බොහෝ දෑ ඇසින් දුටු ජනමාධ්‍යවේදීන් දෙදෙනකු අධිකරණය ඉදිරියේ ලබා දුන් සාක්කියයි. ‘දැක්කේ නෑ, මතක නෑ, අඳුරන්නෑ‘ යැයි කියමින් සත්‍ය යටපත් කිරීම කිසිසේත්ම මාධ්‍යවේදියකුගේ තබා සාමාන්‍ය පුරවැසියකුගේවත් යුතුකම හෝ භූමිකාව නොවේ. වර්තමානය අතීතය ලෙස සනිටුහන් කරන ජනමාධ්‍යවේදීන් ඒ වර්තමානයේ සිට අනාගතයට යද්දී එදා වර්තමානය විකෘති කර අතීතයට යැවීම තුලින් නැති කරන්නේ වින්දිතයන්ගේ යුක්තිය පමණක් නොව සහෝදර ජනමාධ්‍යවේදීන්ගේ අනාගතයයි. ඊට හේතුව අද යුක්තිය ඉටු නොවන තැනකදී අනාගතයේ මෙවැනිම සිදුවීම් යළි සිදුවීමට ඇති ඉඩ වැඩි හෙයිනි. රාජපක්ෂලාගේ ධනයට බලයට යටවී සාමකාමී නිරායුධ ප්‍රදේශවාසීන් පිට වරද පැටවීමට උත්සා ගනිමින් පත්තර පිටු පිරවූ ඇතැම් ජනමාධ්‍යවේදීහු අද පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් ලෙස සමාජ මාධ්‍ය වීරයන් සේ පෙනී සිටිති.රතුපස්වල ‘ඇත්ත‘ කතාව මුල සිට සරලව මෙසේය.
ඒ 2013 වසරයි. උතුරේ සිවිල් යුද්ධය අවසන්වී වසර 05ක් පමණ ගතවී තිබිණි. එපමණක් නොව යුද්ධය කාලයේදී සිදුවී යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ලොකු කතා බහක් ඇතිවී තිබුණු සමයකි. 2013 වසරේ ජූලි 27 වැනිදා ගම්පහ දිස්ත්‍රික්කයේ රතුපස්වලට සහ නැදුන්ගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාව බැලුම්මහර-වැලිවේරිය පාරේ රතුපස්වල මංසන්ධියට පැමිණියේ වසර 15කටත් වැඩි කාලයක් තිස්සේ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන් ගණනාවකට ඉදිරිපත් කළ තම ගැටලුවට විසඳුමක් නොලැබුණු හෙයිනි.නැදුන්ගමුව ග්‍රාමයේ 1994 වසරේ ඉදි කළ වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාවෙන් පිටවන අප ජලය නිසා භූගත ජලය අපවිත්‍රවී ඇති බවත්, ඒ අනුව තමන්ගේ ළිංවල ජලය පානය කිරීමට නොහැකි තත්ත්වයකට පත්වී ඇති බවත් ප්‍රදේශවාසීන්ගේ අඳෝනාව විය. මෙම කර්මාන්ත ශාලාවේ අප ජලය පිරිපහදු පද්ධතියක් සකස් කරන තෙක් වැඩකටයුතු ආරම්භ නොකරන ලෙසට මධ්‍යම පරිසර අධිකාරිය පාරිසරික බලපත්‍රය ලබා දෙද්දී පැනවූ කොන්දේසිය කඩ කර ඇති බව සහ කම්හල පිටකරන අප ජලයේ ගුණාත්මක බව නියමිත ප්‍රමිතියේ නොවන බව මධ්‍යම පරිසර අධිකාරිය සහ රබර් පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන 1996-2000 වසර හතර ඇතුළතදී ලබා දී ඇති වාර්තා අනුව රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරිය නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් වසර 15ක් පුරා මෙම ගැටලුව ඇදී ගොස් තිබිණි. ඒ වෙනුවට කළේ කම්හල අයත් සමාගමේ වැඩිම කොටස් අයිතියක් හිමි ධම්මික පෙරේරා කම්හල ගැන තීන්දු තීරණ ගන්නා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ ඉහළම පුටුවටත් ඉන් පසුව රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියකු පත් කළ යුතු ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් තනතුරටත් පත් කරනු ලැබීමයි.
ජූලි 27 වැනිදා ජනතාව විසිර ගියා..
ජූලි 27 වැනිදා පාරට බට ජනතාව හමුවීමට එවකට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතා පමණක් දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් පැමිණි අතර ඔහු එවකට පරිසර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සමග දුරකතනයෙන් සාකච්ඡා කිරීමෙන් පසු මෙම කම්හල වසා දමන ලෙස පොලිසියට උපදෙස් දුන් බවට දැනුම්දී පිටව ගියේය. කෙසේ වෙතත් කම්හල සවස්වරුවේත් ක්‍රියාත්මක වීම මත ප්‍රදේශවාසීහු උද්ඝෝෂණය කරන්නට වූහ. එවකට ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු සහ එවකට ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන ජයසිරි කොඩිතුවක්කු පැමිණ මෙම ගැටලුව සම්බන්ධයෙන් පසු දින අදාල බලධාරීන් සමග සාකච්ඡාවක් ලබා දෙන බවට දැනුම් දී පිරිසට විසිර යන ලෙස ඉල්ලීමක් කළහ. එම ඉල්ලීම පිළීගනිමින් පිරිස විසිර ගියහ.ජූලි 28 වැනිදා ජනතාව රැවැට්ටුවා..
බලධාරීන් සමග සාකච්ඡාවක් බලාපොරොත්තුවෙන් පසුදින එනම් ජූලි 28 වැනිදා 3000 කට ආසන්න ප්‍රදේශවාසීන් පිරිසක් රතුපස්වලට පිට්ටනියට පැමිණි අතර බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න ඇතුළු උසස් පොලිස් නිලධාරීහු පිරිසක් ද එහි පැමිණියහ. කර්මාන්ත ශාලාවේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායද යොදවා තිබිණි. ප්‍රදේශවාසීන් සමග සාකච්ඡා කිරීමට දේශපාලන අධිකාරිය සහ නිලධාරීන් මැලිකමක් දක්වන බවට පොලිසිය කළ දැනුම්දීම මත විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව උද්ඝෝෂණ සිදු කිරීමට ප්‍රදේශවාසීහු තීරණය කළහ. එසේම විසඳුම් ලැබෙන තෙක් මාරාන්තික උපවාසයක් අරඹන බව ප්‍රදේශයේ හිමිනමක වන තෙරිපැහැ සිරිධම්ම හිමියෝද ප්‍රකාශ කළහ.ඒ අනුව ප්‍රදේශවාසීහු රතුපස්වල පිට්ටනියේත් නැදුන්මගමුවේ අදාල කම්හල ඉදිරිපිටත් උයාගෙන කමින් එක දිගට විරෝධතා කළහ. කම්හලට එක වැලි කැටයකින් හෝ පහර දෙමින්වත් අලාබ හානියක් නොකළ ප්‍රදේශවාසීහු තම විරෝධතාවය සාමකාමීව කරගෙන ගියහ. 29 වැනිදාත්, 30 වැනිදාත්, 31 වැනිදාත් සමකාමී උද්ඝෝෂණය කරගෙන ගියහ. ජූලි 31 වැනිදා වන කර්මාන්ත ශාලාවට බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ප්‍රමුඛ හමුදා කණ්ඩායමක්ද පැමිණියේය.
------ Post added on May 19, 2024 at 12:13 PM