නබි වාක්‍ය ඉරුවැයි පාකිස්තාන ඇඟළුම් කම්හලේ සාමාන්‍යධිකාරී ප්‍රියන්ත ප්‍රසිද්ධියේ මරා පුළුස්සලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    30,825
    31,041
    113
    priyantha-diyawadana-killed-in-pakistan

    පාකිස්තානයේ ඇඟළුම් කම්හලක සාමාන්‍යධිකාරී ලෙස සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු සමග උරණවූ එම කම්හලේ සේවක පිරිසක් ඔහුට ඉතා අමානුෂික ලෙස වදහිංසා පමුණුවා මරාදමා ප්‍රසිද්ධියේ සිරුර පුළුස්සාලීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
    මෙම සිදුවීම එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පවා අවධානයට යොමුව ඇති අතර ඔහු එය හෙළා දැක ඒ ගැන වහාම පරීක්ෂණ සිදුකරන්නට නියෝග කර තිබේ. මෙම සිදුවීම රටට ලජ්ජාවක් බවද අගමැතිවරයා දන්වා ඇත.
    මෙම අවාසනාවන්ත ඝාතනයට ලක්වූයේ පන්ජාබ් ප්‍රාන්තයේ සියල්කොට්හි රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් නමැති කම්හලේ සාමාන්‍යධිකාරී ලෙස සේවය කළ ශ්‍රී ලාංකික ප්‍රියන්ත දියවඩන මහතාය. ක්‍රීඩා ඇඳුම් නිපදවන මෙම ඇඟළුම් කම්හලේ සාමාන්‍යධිකාරී ලෙස මීට වසර 7 කට පමණ පෙර පාකිස්තානයට ගොස් තිබුණ ප්‍රියන්තට එහි සේවකයින් හැසිරවීම හා තීරණ ගැනීමේ බලය පැවරී තිබූ බව පැවසේ.


    මෙම ඝාතන සංසිද්ධියට මුල්ව ඇත්තේ සේවකයින්ගේ ඉස්ලාම් ආගමට ඔහු අපහාස කළේය යන චෝදනාවකි. සිද්ධිය වූ දිනයේ සේවකයින් විසින් ආගමික පාඨ සඳහන් කර කම්හලේ අළවා තිබුණ ස්ටිකර වගයක් දැක ඊට විරෝධය පළ කරමින් ප්‍රියන්ත මහතා ඉරා දමන ලද බවත් ප්‍රියන්ත දියවඩන කුරානයේ වදන් සහිත පෝස්ටරයක් ගලවා ඇති බවට කටකතා පැතිරීමත් සමඟ උදෑසන වන විට කම්හලේ ගේට්ටු අසලට සෙනඟක් එක්රැස් වීමට පටන් ගත් බවත් සවස් වන විට ඔවුන් කර්මාන්ත ශාලාවට ඇතුළු වී ප්‍රියන්තව අල්ලා ගත් බවත් කියැවේ.
    එම අවස්ථාවේ සේවක පිරිස වටවී ඔහුට පහරදුන් බවත් පැවසේ.
    නැගෙනහිර සියල්කොට් නගරයේ පොලිස් නිලධාරියෙක් පැවසුවේ ඉස්ලාමීය ශුද්ධ වාක්‍ය සහිත පෝස්ටරයක් ඉරා දැමීම සම්බන්ධයෙන් ප්‍රහාරකයන් කුපිතවූ බවයි.
    සමාජ මාධ්‍ය හරහා බෙදා හරින ලද බිහිසුණු වීඩියෝවල දැක්වෙන්නේ, ප්‍රියන්තව බිමට හෙළන අයුරුය, එහිදී සිය ගණනක් ඔහුගේ ඇඳුම් ඉරා දැමීමටත්, ඔහුට දරුණු ලෙස පහර දීමටත් පටන් ගත්හ. ඔහුට වධ හිංසා පමුණුවා, පසුව ඔහුගේ සිරුර පුළුස්සා දමන ලදී. සමූහයා ඔහුගේ මළ සිරුර සමඟ සෙල්ෆි ගන්නා ආකාරය ද දැක ගත හැකිය.
    බිහිසුණු ප්‍රහාරයකින් අනතුරුව ශ්‍රී ලාංකික සාමාන්‍යධිකාරීවරයා පණපිටින් පුළුස්සා දැමීමට පිරිස ක්‍රියා කළහ.

    ප්‍රහාරකයින් මෙම සංසිද්ධිය වීඩියෝගත කර පාකිස්තානු සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවද වාර්තා විය.
    ඔහුගේ මරණය වරදක් නොවන ආකාරයට හඟවමින් පිරිස හැසිරී තිබුණි.
    ඉස්ලාමයේ නබිතුමාට අපහාස කිරීම සම්බන්ධයෙන් වින්දිතයාට "දඬුවම්" ලබා දී ඇතැයි ඔවුන් විශ්වාස කරන බව හඟවමින්, දක්ෂිණාංශික Tehreek-e-Labaik පකිස්ථානයේ සටන් පාඨ කියමින් මැරයන් අතරින් කිහිප දෙනෙකු කෑගසා ඇත. සෙනඟ පිරී ඉතිරී යන විට ප්‍රාදේශීය පොලිසිය එම ස්ථානයට පැමිණි අතර, ප්‍රකාශකයෙකු පැවසුවේ පැය තුනක සාකච්ඡාවලින් පසු මැර පිරිස විසුරුවා හැරීමට සහ තත්ත්වය පාලනය කරන්නට හැකිවූ බවයි.
    පන්ජාබ් පොලිස් ප්‍රකාශකයෙකු පැවසුවේ ප්‍රධාන සැකකරු ඇතුළු 50 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ශ්‍රී ලංකා කළමනාකරුට වධහිංසා පමුණුවන ආකාරය සහ ඔහුට එරෙහිව ජනතාව උසිගන්වන ආකාරය වීඩියෝවල දක්නට ලැබෙන බවත්ය.
    CCTV දර්ශන මගින් ලින්ච් මැර කල්ලියේ අතිරේක සාමාජිකයින් හඳුනා ගැනීමට නිලධාරීන් උත්සාහ කරමින් සිටින බව පොලිසිය දන්වා ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7 වැනි වගන්තිය යටතේ දඩුවම් පනවන බවද දන්වා ඇත.
    මුස්ලිම් බහුතරයක් වෙසෙන පකිස්ථානයේ මරණීය දණ්ඩනය නියම කළ හැකි අපරාධයක් වන - අපහාස කිරීමේ චෝදනා මත මෙවැනි මැර ඝාතන නිතර සිදුවන බව පැවසේ.




    AVvXsEj6Wcm67V2sePVLobnDF58LosQf4T7sHmCTZiZCktXWOKtuybz9oI5dIPaLf_N2GSa5-d15D5-U35xTaHBIvaGvk3S9FdtJZ1YQHqn2wjUmvdvo6XSh5oPG-H5IEuBKBiciuMDU6msoOk9ggxjO-c1oLAbvxNzxaFyRZgwZXHjc7xYUtm-zCPy7_yRkgw=s16000




    AVvXsEhoT66F6xCKY7NXF_-DTzEoSJLv29b4OYkOCSD1nHbxK45DbC3hwU2-B6y668rOmo4kuzoDjEbvOSOF8aN9lKy-ldd7PC82UvEThwqY9shjF00h8KW2Fdm8sgbFgfOrLOLx9dcJaB2D4703xfO8oKqfPih2roVf-p6pxqv14qNbXb827QZ21j7y8N1jpg=s16000


    AVvXsEhnmrS8d7ukOcGOuJAHcB8CuUNfgPkudlnNmsbAxWuiMYi3-D4J1MWsamOsZ44hz9baEWCSvXoQ26w5qUkxlw3PBA83udGiI4PrGuorqKzN1HJTrNZAKk8YALWxh6QVjYjW2X_pucQqxdx7fW8i5AG7ikQvI34FPx6xglluQogIIW6LVD1gb55wHxsuhw=s16000


    AVvXsEjFy1jkTNFdfr10bP7jqpf13k6hLegOk3_nGi2SqyB55iwIXLRe4SXcxV1HrJ1buwRn3FdXkNWMIogUGuRoepnNp6N5fhnmR4tCtd8g46ZWWIBGBy6ifAKTza7khBOJpP0Mr1UZxecP9PMJFh1w2_AkOk5AOvx4m9nFV2a68ZLcRm0riEPmIR8yx99-TA=s16000
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    11,795
    7
    24,757
    113
    Lankawata awit tambiyek panasalaka budupilimayak keduwot taniyema, bauddayo hasirennet oma tama. Religion kiyanne moda minissunge mind eke sensitive area ekak
    That's why my favourite quote is...

    "When one person suffers from a delusion, it is called insanity. When many people suffer from a delusion it is called a Religion."
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    13,896
    15,590
    113
    日本
    තම්බි තමා අපේ රටත් කෑවේ..ටුවරිසම් වලින් ලොකේ 1ට තිබ්බ රට වේ@ තම්බි බෝම්බ ගහල නැත්තටම නැති කරා..ඒක වෙනම ප්‍රශ්ණයක්..මේකේදි මූ මොකටද අනුන්ගෙ රටවලට ගිහින් අනවශ්‍ය දේවල් කරන්න ගියේ..තමන්ගෙ පාඩුවේ ගිය වැඩේ කරන් හිටියනම් හරි නේ..
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    1,983
    1,643
    113
    Lankawata awit tambiyek panasalaka budupilimayak keduwot taniyema, bauddayo hasirennet oma tama. Religion kiyanne moda minissunge mind eke sensitive area ekak
    ow machan.....api dan methana kibul kadulu haluwata....apith ohoma thamai.

    Jaffna library 1983
    tamils burnt alive
    Beruwala incident
    Digana incident
    Minuwangoda incident.....

    mata nam mun okkoma ekai
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    20,734
    1
    32,519
    113
    තාම ලන්කාවේ
    මුස්ලිම් බහුතරයක් වෙසෙන පකිස්ථානයේ මරණීය දණ්ඩනය නියම කළ හැකි අපරාධයක් වන - අපහාස කිරීමේ චෝදනා මත මෙවැනි මැර ඝාතන නිතර සිදුවන බව පැවසේ.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,239
    6,218
    113
    ලංකාවේ ඉදන් කොච්චර talk දුන්නත්
    මේ වගේ නූගත් මිනිස්සු ඉන්න රටකට ගිහින්
    පාලනයකින් හැසිරෙන්න ඕන කියල තේරුම්ගන්න තරම්වත් පොඩි මොලයක් තියෙන්න ඕන .
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,334
    11,410
    113
    Malabe
    අවුරුදු 7ක් ගිහිල්ලත් වේස තම්බිත් එක්ක ඉන්න ඕනි විදිය ඉගෙන ගෙන නෑනෙ.
    මට හිතෙන්නේ ඕවගෙ ඉන්න යූනියන් තම්බි මූත් එක්ක ඇරියස් එකට අන්තවාදි කල්ලියකට පචයක් ඇරලා උනුයි යූනියන් තම්බියි එකතු වෙලා වැඩේ දීලා වගේ.
    අර නිකන් ගෝඨා බොදුබලේ යූස් කරලා මුලු රටම ඇවිලුවා වගේ. බුරියානි පිගානට බෝ අතු කපන නාකි මයිනා මීක් නෑ මේවට.
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,214
    93
    Sri Lanka
    අවුරුදු හතක් PAK වල Shape එකේ ඉදපු කෙනා එකපාරටම ඔය වාක්‍යද මොනවද මගුල් ඉරලා දැම්මා,අපහාස කලා කියන එකනම් හිතන්න අමාරුයි.

    කොහේ හරි හරි රටකින් හොදට ඇරගත්තනම් ඔය මිනීමරු ගති නැතිවෙලා යනවා.ජර්මන් උන්ගෙත් ලෙඩ හොදඋනානෙ.අපේ උනුත් 83 පිස්සු කෙලලා ඊට පස්සෙ ඇරගෙන දැන් ලෙඩ හොදයිනෙ.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,016
    113
    අවුරුදු හතක් PAK වල Shape එකේ ඉදපු කෙනා එකපාරටම ඔය වාක්‍යද මොනවද මගුල් ඉරලා දැම්මා,අපහාස කලා කියන එකනම් හිතන්න අමාරුයි.

    කොහේ හරි හරි රටකින් හොදට ඇරගත්තනම් ඔය මිනීමරු ගති නැතිවෙලා යනවා.ජර්මන් උන්ගෙත් ලෙඩ හොදඋනානෙ.අපේ උනුත් 83 පිස්සු කෙලලා ඊට පස්සෙ ඇරගෙන දැන් ලෙඩ හොදයිනෙ.
    wena arawulakata karapu boruwak wenna one ban
    ehe paliyak ganna one unama ohoma boruwak pathuranawa
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    12,238
    1
    8,145
    113
    Oka ithin eka eka widihata karakawanna puluwan.. May be Indian රෝ eken set karapu ekak wennath puluwan... Unge sahenna Political games yanawa yatin apita hithagannawath bari... Paw e Manussaya... BTW this is against the humanity.
     
    Last edited: