
පෙබරවාරි-මාර්තු මාසවලදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස ජෙරොම් ලී ජයරත්න පත්කර තිබෙනවා. ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ අසන්තද මෙල් ඉවත්වීමත් සමගම මෙම පත්කිරීම සිදුකර තිබේ.
එළඹෙන කොදෙව් සංචාරයට ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක්, සහ T 20 තරග තුනක් ඇතුළත් වනවා.
නව කණ්ඩායම් කළමනාකාර ධුරයට පත් පත් ජෙරොම් ලී ජයරත්න අගමැති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ බිරිඳ වන ටට්යානා ලී ජයරත්නගේ පියාය.
