නව චක‍්‍රලේඛයකින් කොරෝනා අඩුවෙයි.. පළමු පෙල ආශ‍්‍රිතයන්ට PCR නෑ.. දෙවන පෙල ආශ‍්‍රිතයන් නොසොයයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    13,252
    10,794
    113
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් නිකුත් කරනු ලැබ ඇති නව චක්‍රලේඛයක් හේතුවෙන් මෙරට ඉදිරියේදී කොරෝනා ආසාදිතයන් වාර්තාවීම අඩුවෙන් පෙන්නුම් කරනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

    නමුත් එය සත්‍ය ලෙසම ආසාදිතයන් අඩුවක් නොවන බවද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

    නිරෝධායනයට ලක්කරන ලද පුද්ගලයන් ඉන් මුදා හැරීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවත් ඔවුන්ගේ පළමු පෙල ආශ්‍රිතයන් පරීක්ෂණවලට ලක් කිරීම පිළිබඳව මෙසේ නව චක්‍රලේඛයකින් උපදෙස් ලබාදී ඇතැයි ද ඔහු පැවසීය.

    දින 21 ක කාලයක් නිරෝධායනය කර සිටින පළමු පෙළ ආශ්‍රිතයන් PCR පරීක්ෂණයකට ලක් නොකර නිදහස් කිරීමට උපදෙස් ලැබී ඇති බවත් එනිසා ඉදිරියේදී කොරෝනා ආසාදිතයන්ගේ අඩුවක් දකින්නට ලැබෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

    මේ තත්ත්වය මත පළමු පෙළ ආශ්‍රිතයන්ගේ ආශ්‍රිතයන් කවුදැයි කියා සොයා බැලීමක් සිදු නොවන නිසා ඉදිරියේ දී සමාජයතුල පොකුරු ඇතිවීමේ අවදානමක් ඇතැයිද උපුල් රෝහණ මහතා පැවසීය