නව තාක්ෂණය යොදාගෙන රට තුළ සම්පූර්ණයෙන් කාබනික ගොවිතැන කිරීමේ හැකියාව පවතිනවා - වෛද්‍ය පාදෙණිය

Sen-lu

Well-known member
  • Mar 13, 2019
    1,506
    3,601
    113
    කාබනික පොහොර හොඳයි, වාසි බොහොමයි, හැබැයි ලෝකයකට ආහාර හිඟයකින් තොරව කන්න දෙන්න කාබනික පොහොර වලට විතරක් බැහැ,

    එහෙම පුළුවන් වුනා නම් අවුරුදු දාස් ගානක් තිස්සේ ප්‍රගුණ කරගෙන ආපු ගොවිතැනෙන් ආහාර හිඟයකින් තොරව කන්න දෙන්න පුළුවන් වෙන්න ඕන, එත් අපි හොඳටම දන්නවා එහෙම නෑ කියල, ලංකාවේ සහල් හිඟයක් තිබුන, ඒ නිසා තමයි චීනය සමග රබර් සහල් වෙළෙඳ ගිවිසුම ඇතිකළේ. ගෙවතු වල එළවලු පළා මොනවා හරි වැවෙන නිසාත් සහනාධාර නිසාත් ලංකාවේ මිනිස්සු ලොකුවට සාගතය අත්වින්දේ නැහැ.

    දැන් ලංකාවේ සහල් අතිරික්තයක් තියෙනවා, එහෙම වුනේ කාබනික පොහොර නිසා නෙවේ, දැන් යම් හෙයකින් පසේ පෝෂක අවසන් වෙලා මෙයින් දෙවැනි තුන් වැනි කන්න වල ඉඳල සහල් හිඟයක් ඇති වුනොත් ලංකාවට ආයේ සහල් ගෙන්වන්න වෙනවා. කලින් වගේ ගෙවතු නැති නිසාත් ඉඩම් කුඩා වී ඇති නිසාත් එළවලු මිලත් බොහෝ සෙයින් වැඩි වෙනවා.

    මට හිතෙන්නේ ආණ්ඩුවේ උන් මොන රෙද්දක් කරනවාද කියල? ගොවීන්ට නොමිලයේ පොහොර දෙනවා කියල, දෙන පොහොර එකත් නැවැත්තුව, ඒක විශාල රැවටීමක්. ඒ සහනාධාරයේ වියදම දරාගන්න අමාරු නම් ගොවීන්ට ලෝක වෙළෙඳපොළේ මිලට හොඳ පොහොර ගන්න දෙන්න ඕන, එතකොට පාලනයකින් තොරව අසීමිතව පොහොර යෙදවීම නවතිනවා, පසේ තත්වය පරීක්ෂාකර බලා අවශ්‍ය පෝෂක පමණක් පොහොර වලින් ගන්නට පෙළඹෙනව, පොහොර වඩාත් ඵලදායීව යොදන්න පෙළඹෙනව.

    දැන් කහ ආනයනය නැවැත්තුවා කියල ආණ්ඩුව පුරසාරම් දෙඩුවාට, පවතී කහ මිල වගේ තුන්ගුණයක් අද පාරිභෝගිකයන් ගෙවනවා. කහ වැවීම සඳහා වෙනත් කුමන වගාවකට යොදාගත් ඉඩම් නිසා වෙනත් වගා කීයක් අත්හරුනාද යන්න ගැනත් කිසිවෙක් දන්නේ නැහැ. කහ වලින් අපි ස්වයන්පෝෂිත වීත් නැහැ.

    ආර්ථික වාසිය බැලුවාම අප නිෂ්පාදනය කරන ද්‍රව්‍යයක අවසාන මිල ඒ ද්‍රව්‍යය ලෝකයේ වෙන කොතැනක හෝ නිෂ්පාදනය කර අලෙවි කිරීමේදී මිලට වඩා වැඩි නම් අපේ නිෂ්පාදනය අකාර්යක්ෂමයි, ලොකු වරදක් තියෙනවා, එහෙම වෙලාවක ඒ වරද සොයා පිළියම් කිරීම හෝ වඩාත් පහසුවෙන් ලාභයට කල හැකි වෙනයම් නිෂ්පාදනයක් කිරීම තමයි දියුණුවීම කියන්නේ, ඒ ඇර සාධාරණ වෙළෙඳාමකට අවාසි වන බදු පනවා මිල ඉහළ දැමීම සුදුසු නැහැ.

    දැන් අපි ආනයන බදු පනවා පිට රටකින් ගෙන්වන භාණ්ඩය මිල වැඩි කර තරඟ කරන්න කියනවා, එත් එම විදේශික රටත් අපේ භාණ්ඩ වලට එම ආකාරයෙන්ම බදු පැනාවුවොත් මොකද වෙන්නේ? ලංකාවේ නිපදවන සුවිශේෂී භාණ්ඩ ඉතාම අඩුයි. ලංකා කුරුඳු වගේ සීමා සහිත භාණ්ඩ ප්‍රමාණයක් හැරුනුකොට අනෙකුත් හැම දෙයක්ම පාහේ ලෝකයේ ඕනෑම තැනක මිළදීගන්න පුළුවන්. ඉතින් ටිකක් කල්පනා කර බලන්න, මේ සම්බන්ධයෙන් මීට පෙර තානාපතිවරුන් ලංකා ආණ්ඩුවට විරෝධය දක්වා තිබුනා, ඉදිරියේදී තත්වය තව නරක අතට හැරෙන්න පුළුවන්.
    Finally, a man who knows what is happening outside his bedroom.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    1,051
    594
    113
    JAPAN
    රසායනික පොහොර නැතුව වවන්න බෑ කියන අයව මහරගම පිලිකා රෝහලේ ටුවර් එකක් එක්කගෙන ගියානම් හරි.

    එතකොට නිකන්ම කාබනික පොහොර වලට අනුගත වෙයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    15,208
    16,525
    113
    තාම ලන්කාවේ

    ජපානෙ තියනව organic tea බලන්න කොච්චර පොඩි වතුද කියල ඒවා මහා පරිමාණයෙන් කරන්න බෑ. crop yield එක කොච්චර අඩු වෙනවද?
    කරත් වැඩක් නෑ එච්චර ලොකු marcket එකක් නෑ. Rolls-Royce ගනං කියල උන් production 100ගුනේකින් වැඩි කලා කියල වැඩක් නෑ ගන්න උන් නැත්නම්.

    Ps
    Organic ලේබල් එකෙන් export කරන්න fertilizer විතරක් දාලා බෑ USDA guidelines තියනව. පොඩ්ඩක් හොයල බලන්න. ඒ වට factory restructured කරන්න.ගැලපෙන තේ අලුතින් හිටවන්න. Production අඩු උනාම රස්සා නැති වෙන මිනිස්සු ගැන. අලුතෙන් marcket එක හොයන එක, තියන marcket එක නැති උනාම ඒකෙන් එන economic impact එක ඒවා මැද මුලනෙන් සල්ලි ගෙනල්ලද පියවන්නේ
    යතාර්තය තේරුම් ගන්නේ නෑ බන්.. අනික ඉරෝසන් වගේ කරුණු මත පදනම් නොවී වහල් කම උඩ විතරක් තර්ක කරන එකෙක් එක්ක සාකච්චා කරනවට වඩා හොදයි පියුමි හන්සමාලි එක්ක චමුදිත ගෑන කතා කරනවා... මේක රිවස් කරන්නම වෙනවා.. එහෙම නොවුනොත් කබලෙන් ලිපට තමා

    රසායනික පොහොර නැතුව වවන්න බෑ කියන අයව මහරගම පිලිකා රෝහලේ ටුවර් එකක් එක්කගෙන ගියානම් හරි.

    එතකොට නිකන්ම කාබනික පොහොර වලට අනුගත වෙයි
    ලෝකේ රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන් නෑවෑත්තුවොත් මෑරෙන්නේ බඩ ගින්නේ.. හෑම ප්‍රශ්ණෙකටම හරිම විසදුම තියෙනවා.. එහෙම නෑතිව මූණත් එක්ක තරහා වෙලා නහය කපලා හරි යන්නේ නෑ,
    ------ Post added on Jun 10, 2021 at 10:01 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    16,405
    9,514
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රසායනික පොහොර නැතුව වවන්න බෑ කියන අයව මහරගම පිලිකා රෝහලේ ටුවර් එකක් එක්කගෙන ගියානම් හරි.

    එතකොට නිකන්ම කාබනික පොහොර වලට අනුගත වෙයි
    එහෙම මහරගම පිලිකා රොහලේ ටුවර් එක දානකොට අරක්කු / සිගරට් හින්ද පිලිකා හැදිච්ච එවුන්ව දැක්කොත් මොකද කරන්නෙ? :unsure:
     
    ඔව් මචන් අපි තවත් වකුගඩු රෝහල් හදමු.තවත් රසායනික පොහොර ආනයනය කරමු.

    එහෙම මහරගම පිලිකා රොහලේ ටුවර් එක දානකොට අරක්කු / සිගරට් හින්ද පිලිකා හැදිච්ච එවුන්ව දැක්කොත් මොකද කරන්නෙ? :unsure:
    එකත් ඔය වගේම දෙයක් තමයි හැබැයි සිගරත් බොන්නෙ එක තෝරාගත්ත පිරිසක් විතරයි.ඒත් එලවලු පලතුරු සිගරට් බොන නොබොන අපි උබල හැමෝම කනව නේද?
    ------ Post added on Jun 10, 2021 at 10:07 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    16,405
    9,514
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකත් ඔය වගේම දෙයක් තමයි හැබැයි සිගරත් බොන්නෙ එක තෝරාගත්ත පිරිසක් විතරයි.ඒත් එලවලු පලතුරු සිගරට් බොන නොබොන අපි උබල හැමෝම කනව නේද?
    අරක්කු සිගරට් නිසා පිලිකා හැදෙනව කියල විද්‍යාත්මකව ඔප්පු කරල තියෙනව. රසායනික පොහොර නිසා පිලිකා හැදෙනව කියල ඔප්පු කරල නෑ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    15,208
    16,525
    113
    තාම ලන්කාවේ
    ඔව් මචන් අපි තවත් වකුගඩු රෝහල් හදමු.තවත් රසායනික පොහොර ආනයනය කරමු.

    එකත් ඔය වගේම දෙයක් තමයි හැබැයි සිගරත් බොන්නෙ එක තෝරාගත්ත පිරිසක් විතරයි.ඒත් එලවලු පලතුරු සිගරට් බොන නොබොන අපි උබල හැමෝම කනව නේද?
    ------ Post added on Jun 10, 2021 at 10:07 AM
    ප්‍රධාන තර්කේ මේ විදිහට එක පාර පොහොර නවත්තලා කාබනික වගාවට යන්න බෑ කියන එක.. ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න. හෑමෝම දන්න දෙයක් තමා රසායනික පොහොර වලින් ගන්න අස්වෑන්න කාබනික වලින් ගන්න අමාරුයි කියන එක. සෑහෙන්න අස්වෑන්න අඩුවීමක් වෙනවා. ගොවියෝ තාම මේ කාබනික වගාවට හුරු නෑ. ඒකට අනුගත වෙන්න, දෑනුම ලබා ගන්න සෑහෙන්න කාලයක් යනවා. අන්න ඒ හින්දයි කියන්නේ ක්‍රමාණූකූලව මේක කරන්න ඕනේ කියලා... රසායනික පොහොර නවත්තන්න කලින් ලන්කාවට ගේන කෘමි නාශක අඩු කලා නම්, අහාර වර්ග වලට වස ගහන එක නෑවෑත්තුවා නම් සෑහෙන්න හොද ප්‍රතිපලයක් ගන්න පුලුවන්.. කෑම වලට වෑඩියෙන්ම වස ගහන්නේ වගාවෙන් පිටදි..ඒ හින්දා පලදාව අඩු කරන්න කලින් පිලිකා රෝගීන් අඩු කරන්න ඕනේ නම් කරන්න දේවල් තව හුගක් තියෙනවා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    4,741
    1,743
    113
    GMOA එකේ සක්කිලි ටික හැදෙන්නේ මේකේ credit එක ගන්න
    ජනාධිපතිතුමාට මේක කරගෙන යන්න දීල මුන්ව අයින් කරානම් හරි
     
    • Haha
    Reactions: malakadss

    Randir

    Well-known member
  • Sep 5, 2006
    18,351
    2,428
    113
    Earth

    ජපානෙ තියනව organic tea බලන්න කොච්චර පොඩි වතුද කියල ඒවා මහා පරිමාණයෙන් කරන්න බෑ. crop yield එක කොච්චර අඩු වෙනවද?
    කරත් වැඩක් නෑ එච්චර ලොකු marcket එකක් නෑ. Rolls-Royce ගනං කියල උන් production 100ගුනේකින් වැඩි කලා කියල වැඩක් නෑ ගන්න උන් නැත්නම්.

    Ps
    Organic ලේබල් එකෙන් export කරන්න fertilizer විතරක් දාලා බෑ USDA guidelines තියනව. පොඩ්ඩක් හොයල බලන්න. ඒ වට factory restructured කරන්න.ගැලපෙන තේ අලුතින් හිටවන්න. Production අඩු උනාම රස්සා නැති වෙන මිනිස්සු ගැන. අලුතෙන් marcket එක හොයන එක, තියන marcket එක නැති උනාම ඒකෙන් එන economic impact එක ඒවා මැද මුලනෙන් සල්ලි ගෙනල්ලද පියවන්නේ
    prashna tiyenawa tamai, test karala balanna wenawa mulinma. 100% ma organic karanna amarui wei, eet 30% wat puluwan nam tamai hoda.

    Organic guideline, etc kohomat follow karanna wenawa. Ewa amaru naa. Anith eka mama hitanne na organic farming walin minissunge jobs adu wei kiyala.

    ekama de 100% organic farming walin witarak demand ekata supply karanna amarui.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    15,208
    16,525
    113
    තාම ලන්කාවේ
    prashna tiyenawa tamai, test karala balanna wenawa mulinma. 100% ma organic karanna amarui wei, eet 30% wat puluwan nam tamai hoda.

    Organic guideline, etc kohomat follow karanna wenawa. Ewa amaru naa. Anith eka mama hitanne na organic farming walin minissunge jobs adu wei kiyala.

    ekama de 100% organic farming walin witarak demand ekata supply karanna amarui.
    :yes: :yes: :yes: :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    16,405
    9,514
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ රටේ දේසපාලකයො ඓතිහාසික වැරදි කරපු අවස්ථා කීපයක් තිබුන. ඒවගෙ විපාක ලැබුනෙ කාලයක් ගිහින්. ඒ වෙනකොට ඒ වැරදි තීරණ ගත්ත දේශපාලකය බලයෙන් පහවෙලා ගොඩක් කල්.

    මේකත් ඒවගෙ වැරදි තීරණයක්. මේ වගෙ තීරණ ගන්නෙ ගෝට ඒයාගෙ දැනුම පාවිච්චි කරලද නැත්නම් කවුරුහරි පිටිපස්සෙ හිටන් ගෝටට උපදෙස් දීලද කියන එක හොයල බලන්න ඕනෙ
     
    • Like
    Reactions: Dr Sue

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    1,506
    3,601
    113
    යතාර්තය තේරුම් ගන්නේ නෑ බන්.. අනික ඉරෝසන් වගේ කරුණු මත පදනම් නොවී වහල් කම උඩ විතරක් තර්ක කරන එකෙක් එක්ක සාකච්චා කරනවට වඩා හොදයි පියුමි හන්සමාලි එක්ක චමුදිත ගෑන කතා කරනවා... මේක රිවස් කරන්නම වෙනවා.. එහෙම නොවුනොත් කබලෙන් ලිපට තමා

    ලෝකේ රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන් නෑවෑත්තුවොත් මෑරෙන්නේ බඩ ගින්නේ.. හෑම ප්‍රශ්ණෙකටම හරිම විසදුම තියෙනවා.. එහෙම නෑතිව මූණත් එක්ක තරහා වෙලා නහය කපලා හරි යන්නේ නෑ,
    ------ Post added on Jun 10, 2021 at 10:01 AM
    මචං මේව කරන්න පුළුවන් තැන් තියනවනෙ ඒවා අඳුරගෙන කරන්න පටන් ගන්න ඕනි. Project feasibility එක බලන්න ඕනි නේ මොනව කරන්නත් කලින්.පොහොර නවත්තලා තමයි
    කරන්න ඕනි කොහොමද කියල plan කරන්නෙ. IT company එකක electricity නවත්තලා ඉවර වෙලා sola වලින් දුවපං කිව්වට හරියන්නේ නෑ නේ.

    රටින්ගේන පොහොර ටික වත් හරියට දෙන්න බැරුව දැන් අලුතෙන් project කරල පොහොර දෙනවලු. දැන් උන් පොහොර දෙනකම් අපි පාඩු කරගෙන ඉන්න ඕන. මොකද ඔච්චර පොහොර අපි හදාගන්න ද?

    ඔය කියන සෞඛ්‍ය ප්‍රශ්න ගොඩක් අඩු වෙනව quality පොහොර ගෙනාව නම්. ඡන්ද ගන්න පොහොර සහනාධාර දුන්න එකෙන් තමයි ගොඩක්ම බාල පොහොර ලංකාවට ආවේ.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    1,051
    594
    113
    JAPAN
    අරක්කු සිගරට් නිසා පිලිකා හැදෙනව කියල විද්‍යාත්මකව ඔප්පු කරල තියෙනව. රසායනික පොහොර නිසා පිලිකා හැදෙනව කියල ඔප්පු කරල නෑ.
    ඔකේ මචාන් මම නම් මාර්කට් එකෙන් එලවලු බඩු ගන්නේ නෑ.පොඩි ඉඩක උනත් අපි ඉන්නේ ගෙදරදිම හැම එලෝලුවක්ම වගේ හදා ගන්නව.

    පර්‍යේශන වලින් ඔප්පු කරල නැති නිසා උබ ඕන එලවලුවක් කන්න මචන්.

    හැබැයි ඔප්පු කරල තිබ්බත් නැතත් අපි නම් තේරෙන කාලෙ ඉදන්ම කන්නේ ගෙදරම වවාගෙන.

    කොහොමත් අපි හැමෝම මැරෙනව.
     
    • Like
    Reactions: malakadss

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    1,506
    3,601
    113
    prashna tiyenawa tamai, test karala balanna wenawa mulinma. 100% ma organic karanna amarui wei, eet 30% wat puluwan nam tamai hoda.

    Organic guideline, etc kohomat follow karanna wenawa. Ewa amaru naa. Anith eka mama hitanne na organic farming walin minissunge jobs adu wei kiyala.

    ekama de 100% organic farming walin witarak demand ekata supply karanna amarui.
    100% කරන්න අමාරුයි නෙවෙයි කරන්න බෑ මචං. තේ නම් අමාරුවෙන් 15% organic කරන්න පුළුවන් වෙයි.

    Production අඩු වෙන්කොට jobs කොහොමත් අඩු වෙනව ඒක නම් හොඳටම sure. Tea industry එක දැනටත් හෙලවෙන දතක් වගේ තියෙන්නෙ.
    මට ඔයාලා කියන එක තේරෙනවා ඕවා practically කරන්න තමයි බැරි. ගෙදර පාත්තියක් වවනව වගේ නෙවෙයි නෙ commercialise plantation එකක් handle කරනව කියන්නෙ.

    Implement කරන්න පුළුවන් sectors අඳුරගෙන මේව කරන්න ඕන. නැත්නම් ගොං පාට් වෙලා හරියට කරන කෙනෙකුට වත් කරන්න බැරුව යනව concept එකම joke එකක් වෙනව. හරියට යහපාලනය,ඉන්න හිතෙන රටක්, හොරු ඇල්ලීම වගේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    13,412
    5,307
    113
    ඔකේ මචාන් මම නම් මාර්කට් එකෙන් එලවලු බඩු ගන්නේ නෑ.පොඩි ඉඩක උනත් අපි ඉන්නේ ගෙදරදිම හැම එලෝලුවක්ම වගේ හදා ගන්නව.

    පර්‍යේශන වලින් ඔප්පු කරල නැති නිසා උබ ඕන එලවලුවක් කන්න මචන්.

    හැබැයි ඔප්පු කරල තිබ්බත් නැතත් අපි නම් තේරෙන කාලෙ ඉදන්ම කන්නේ ගෙදරම වවාගෙන.

    කොහොමත් අපි හැමෝම මැරෙනව.
    podi ideka wawela kola wage ewa kanna puluwan hame daama..
    anith ewa bane :baffled: ..kaden gannama wenewane
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    15,208
    16,525
    113
    තාම ලන්කාවේ
    ඔකේ මචාන් මම නම් මාර්කට් එකෙන් එලවලු බඩු ගන්නේ නෑ.පොඩි ඉඩක උනත් අපි ඉන්නේ ගෙදරදිම හැම එලෝලුවක්ම වගේ හදා ගන්නව.

    පර්‍යේශන වලින් ඔප්පු කරල නැති නිසා උබ ඕන එලවලුවක් කන්න මචන්.

    හැබැයි ඔප්පු කරල තිබ්බත් නැතත් අපි නම් තේරෙන කාලෙ ඉදන්ම කන්නේ ගෙදරම වවාගෙන.

    කොහොමත් අපි හැමෝම මැරෙනව.
    හෑම එලවලුවක්ම ගෙදරම වවන එක නම් මරු.. නියම වෑඩක් ඒක
     
    • Like
    Reactions: ieannet and shenat

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    1,506
    3,601
    113
    ඔකේ මචාන් මම නම් මාර්කට් එකෙන් එලවලු බඩු ගන්නේ නෑ.පොඩි ඉඩක උනත් අපි ඉන්නේ ගෙදරදිම හැම එලෝලුවක්ම වගේ හදා ගන්නව.

    පර්‍යේශන වලින් ඔප්පු කරල නැති නිසා උබ ඕන එලවලුවක් කන්න මචන්.

    හැබැයි ඔප්පු කරල තිබ්බත් නැතත් අපි නම් තේරෙන කාලෙ ඉදන්ම කන්නේ ගෙදරම වවාගෙන.

    කොහොමත් අපි හැමෝම මැරෙනව.
    ගෙදර කුඹුරකුත් තියනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    61,113
    11,136
    113
    Malabe
    රසායනික පොහොර නැතුව වවන්න බෑ කියන අයව මහරගම පිලිකා රෝහලේ ටුවර් එකක් එක්කගෙන ගියානම් හරි.

    එතකොට නිකන්ම කාබනික පොහොර වලට අනුගත වෙයි
    මෙතන ගොඩක්ම තියෙන්නෙ දේශපාලනය, සර් ඕක කරොත් කෙඩිට් එක සර්ට තමන්ගෙ එකාලට හුලන් කියන කුහක මනසින් ඔය කතා කරන්නෙ,එහෙම නැතුව මේ ගොවියා කෙරෙහි උපන් ආදරේට නිශ්පාදනය අඩුවෙයි කියන බයට එහෙම නෙමේ ඔය තනිකර කුහක දේශපාලනය
     
    • Like
    Reactions: malakadss

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,447
    704
    113
    Kurunegala

    මේකෙ හොඳ පැහැදිලි කිරීමක් තියනවා, මෙයා ඉතින් ආණ්ඩුවට කඩේ යනවා කියලනේ කියන්නේ හැබැයි මෙයා කියන්නෙත් දෙකම BALANCE ඕනේ කියල එකකවත් 100% කරන්ඩ යන එක මෝඩ වැඩක් කියල
     
    Last edited:
    • Like
    Reactions: malakadss