නව තාක්ෂණය යොදාගෙන රට තුළ සම්පූර්ණයෙන් කාබනික ගොවිතැන කිරීමේ හැකියාව පවතිනවා - වෛද්‍ය පාදෙණිය

Randir

Well-known member
  • Sep 5, 2006
    18,351
    2,428
    113
    Earth
    100% කරන්න අමාරුයි නෙවෙයි කරන්න බෑ මචං. තේ නම් අමාරුවෙන් 15% organic කරන්න පුළුවන් වෙයි.

    Production අඩු වෙන්කොට jobs කොහොමත් අඩු වෙනව ඒක නම් හොඳටම sure. Tea industry එක දැනටත් හෙලවෙන දතක් වගේ තියෙන්නෙ.
    මට ඔයාලා කියන එක තේරෙනවා ඕවා practically කරන්න තමයි බැරි. ගෙදර පාත්තියක් වවනව වගේ නෙවෙයි නෙ commercialise plantation එකක් handle කරනව කියන්නෙ.

    Implement කරන්න පුළුවන් sectors අඳුරගෙන මේව කරන්න ඕන. නැත්නම් ගොං පාට් වෙලා හරියට කරන කෙනෙකුට වත් කරන්න බැරුව යනව concept එකම joke එකක් වෙනව. හරියට යහපාලනය,ඉන්න හිතෙන රටක්, හොරු ඇල්ලීම වගේ
    Jobs adu wenne na mcn. Organic produce wala price wadiy, e wagema labor intensive.

    Anit eka organic farming ekka aluth jobs godak ati wenawa transport, organic fertilizer manufacturing fields wala. eka nisa uba hitana widiyata jobs adu wenne naa.

    ekama de, demand ekata supply karanna amaru wena eka. 30% organic farming can be a good option for SL. approximately 1/3 organic.
     
    • Like
    Reactions: malakadss

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    13,412
    5,307
    113
    මෙතන ගොඩක්ම තියෙන්නෙ දේශපාලනය, සර් ඕක කරොත් කෙඩිට් එක සර්ට තමන්ගෙ එකාලට හුලන් කියන කුහක මනසින් ඔය කතා කරන්නෙ,එහෙම නැතුව මේ ගොවියා කෙරෙහි උපන් ආදරේට නිශ්පාදනය අඩුවෙයි කියන බයට එහෙම නෙමේ ඔය තනිකර කුහක දේශපාලනය
    magulak katha kerenewa..apinan itihin dina patha polewa ekka happpena minussu :LOL:
     
    • Like
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    61,113
    11,136
    113
    Malabe
    යතාර්තය තේරුම් ගන්නේ නෑ බන්.. අනික ඉරෝසන් වගේ කරුණු මත පදනම් නොවී වහල් කම උඩ විතරක් තර්ක කරන එකෙක් එක්ක සාකච්චා කරනවට වඩා හොදයි පියුමි හන්සමාලි එක්ක චමුදිත ගෑන කතා කරනවා... මේක රිවස් කරන්නම වෙනවා.. එහෙම නොවුනොත් කබලෙන් ලිපට තමා

    උබට තමයි යතර්තය නොතේරෙනෙ , අරූ කියපු ජපන් ටී කතාව් ටොන් පචයක්, ගුගල් කරල බලාපිය උන් ඩොලර් මිලියන කියක් හොයනවද කියල,මොකක් හරි ටොන් පචයක් කියනවනම් තමන්ගෙ කුහක අදහස්වලට හරි යන්ඩ ආන්න පිලිගනව ඉහ මුදුනින්, ඒක යතාර්තයත් වෙනව අනේ උබල වගේ බඩු..🤭🤭🤭🤭

    ලෝකේ රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන් නෑවෑත්තුවොත් මෑරෙන්නේ බඩ ගින්නේ.. හෑම ප්‍රශ්ණෙකටම හරිම විසදුම තියෙනවා.. එහෙම නෑතිව මූණත් එක්ක තරහා වෙලා නහය කපලා හරි යන්නේ නෑ,
    ------ Post added on Jun 10, 2021 at 10:01 AM
    ලෝකෙ රසායන පොහොර නතර කරන්ඩ අපි කතා කරන්නෙ නැ, අපිට අදාල නැ ඒව, අපිකතා කරන්නෙ අපේ රට ගැන, අපේ රට කියද්දි ලෝකයක් අල්ල ගන්නෙ අහවල් දේටද, අඩුම ගානෙ 50%ක් ඕගනික් කරත් අපි දිනුම්,එතනිනුයි පටන් ගන්ඩ ඕන, කොරහෙ කිබුල්ලු දැකල හරි යන්නෙ නැ කුහකකමට, වසවිස කාල බයියො විතර ලෙඩවෙයි කියල නම් හිතන් ඉන්ඩ එපා.

    Jobs adu wenne na mcn. Organic produce wala price wadiy, e wagema labor intensive.

    Anit eka organic farming ekka aluth jobs godak ati wenawa transport, organic fertilizer manufacturing fields wala. eka nisa uba hitana widiyata jobs adu wenne naa.

    ekama de, demand ekata supply karanna amaru wena eka. 30% organic farming can be a good option for SL. approximately 1/3 organic.
    :yes: :yes: :yes: මාත් කියන්නෙ මෙහෙම සීන් එකක් 100%ක් අල්ල ගන්ඩ ඕන නැ, මුලින් 50%ක් ගොඩ දාගත්තත් අපි දිනුම්, අපි කරන්ඩ පුලුවන් දේ බලල ඒකට කතා කරනව මිසක්, දේශපාලන කුහකකමට කියෝල වැඩක් නැ,
    ------ Post added on Jun 10, 2021 at 11:03 AM

    magulak katha kerenewa..apinan itihin dina patha polewa ekka happpena minussu :LOL:
    ඔව් ඔව් කිරියෙ කොටනව කුඹුරු,..🤭🤭
    ------ Post added on Jun 10, 2021 at 11:05 AM
     
    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    1,506
    3,601
    113
    Jobs adu wenne na mcn. Organic produce wala price wadiy, e wagema labor intensive.

    Anit eka organic farming ekka aluth jobs godak ati wenawa transport, organic fertilizer manufacturing fields wala. eka nisa uba hitana widiyata jobs adu wenne naa.

    ekama de, demand ekata supply karanna amaru wena eka. 30% organic farming can be a good option for SL. approximately 1/3 organic.
    Let's see machan let's see. Good luck
     
    • Like
    Reactions: malakadss

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    1,794
    665
    113
    chemical fungicides and Insecticides need to ban there is no question about it, but quality chemical fertilizers banning mean useless at this time

    Just to keyboard farmers. who said compost poison naa kiyala ? compost is pretty darned safe. But even compost can cause serious health problems. ( mostly not for those who made compost at home for home gardening ) and compost not always organic there is a lot of unwanted chemical stuff inside it.

    gannda compost walata qulity gurantee ekak dennda puluwanda ? commercial wagawakata compost danna eka particle da ? polytunnel walata dane monnda ? already process eke tiyanna polytunnel aniwa crop eka iwarayi me waden
    polytunnel organically karannda puluwan habayi dannata non organically karanna aya watenawa aniwa

    house plants nursery, flowers nursery and flowers export karanna aya ta direct effect no solution then close business

    end of this year rice and vegetable price will be 2 x time or higher due to current issues :)

    chemical to organic change must be done step by step but not like this

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    4,437
    4,431
    113
    අම්මෝ පිස්සු ජනනායකගේ අනිත් එක. 🤣🤣🤣🤣.
    මේ පොන්නයා කොහෙද මෙච්චරකල් හැන්ගිලා හිටියේ
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    15,208
    16,525
    113
    තාම ලන්කාවේ
    keep-calm-wait-and-see.png
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    1,020
    862
    113
    කොහොමත් කාබනික වගාව විතරක් කරන්න බැහැ. හැබයි දැනට පාවිච්චි වෙන පෝර වලින් සෑහෙන ප්‍රමාණයක් අඩු කරන්න පුලුවන් වෙයි. දැනට ලංකාවේ පෝර භාවිතා කරනවා වැඩී. අනික දැනට තියන බීජ ජාති වලට සෑහෙන්න පෝර කෘෂිරසායන ඕනේ. මුල් අවුරුදු පහක් වගේ සෑහෙන අස්වැන්නේ අඩුවීමක් සිද්ද වෙයි. ඊට පස්සේ ඕක හරියයි.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    15,208
    16,525
    113
    තාම ලන්කාවේ
    කොහොමත් කාබනික වගාව විතරක් කරන්න බැහැ. හැබයි දැනට පාවිච්චි වෙන පෝර වලින් සෑහෙන ප්‍රමාණයක් අඩු කරන්න පුලුවන් වෙයි. දැනට ලංකාවේ පෝර භාවිතා කරනවා වැඩී. අනික දැනට තියන බීජ ජාති වලට සෑහෙන්න පෝර කෘෂිරසායන ඕනේ. මුල් අවුරුදු පහක් වගේ සෑහෙන අස්වැන්නේ අඩුවීමක් සිද්ද වෙයි. ඊට පස්සේ ඕක හරියයි.
    අනිවා.. ලන්කාවේ පෝර දාන තරමට අස්වෑන්න නෑ. අනවශ්‍ය විදිහට බාල පෝර දානවා. අන්න ඒවා තමා ඉස්සෙල්ලම පාලනය කරන්න ඕනේ
     
    • Like
    Reactions: ieannet

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    14,430
    987
    113
    මේ ආණ්ඩුව ගත්ත තීරණේ හරි.. අපිට වස කවන හැත්ත මීඉඩියාවල බෙරිහන් දෙනවා.. කාබනික ගොවිතැනින් රටේ අස්වැන්න වැඩි කරන්න පුලුවන්. ඒකට දේශීය කෘෂිකර්මයේ තියන පාරම්පරික ක්‍රමත් යොදාගන්න ඔනේ.. ලොකේ කොලිටිම තේ හදන්න ලංකාවට පුලුවන්..:cool:
    Chinen pohora gemu, goviyonta wade epa karawamu, gowithan idam sanwardabayata gamu, mulu process ekenma gasa kamu.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    16,405
    9,514
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාබනික පොහොර ගෙන්වීමට මීට සති දෙකකට පමණ ඉහතදී කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ලබන මහ කන්නයේ සිට භාවිතා කිරිම සඳහායි.

    කෙසේ වුවත් කැබිනට් අනුමැතිය හිමිවුවත් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් වීමට පෙර කාබනික පොහොර තොගයක් ජුනි මස 02 වෙනිදා මෙරටට රැගෙන විත් තිබෙන බවයි වාර්තා වන්නේ.

    කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් විසින් ඉන්දියාවේ සිට මෙම කාබනික පොහොර තොගය ආනයනය කර ඇති බවයි රේගු දෙපාර්තමේන්තුවේ ලේඛණ මගින් තහවුරු වී ඇත්තේ.

    කිලෝග්‍රෑම් 12.5ක බරින් යුත් කාබනික පොහොර උර 6,140ක් මෙලෙස දිවයිනට රැගෙනවිත් ඇති අතර එහි වටිනාකම රුපියල් කෝටි 37ක් වනවා.

    මේ අතර ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ජාවට එක්වෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ ගෙන් මාධ්‍යවේදියෙකු මෙම කාබනික පොහොර ආනයනය කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියා.

    එහිදී අමාත්‍යවරයා කියා සිටියේ
    පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේදී තීරණය කරනු ලැබුවේ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා රජයට මෙම කාබනික පොහොර ආනයනය කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කිරීමට බවත් ඒ සඳහා නිෂ්පාදන සමාගම් වලින් අභිලාෂය කැඳවීමක් සඳහා පසුගිය සතියේ අවසර ලබාදීමක් සිදුකරනු ලැබු බවයි.
    http://nethgossip.lk/article/37642

    ගණන් හදන්න කැමති අය එන්න
     
    • Like
    Reactions: Dr Sue

    ගාණ වෑරදි වගේ නේ.. පෑකට් 6140 කෝටි 37 වෙන්න බෑනේ.. එහෙම බෑලුවම පට්ට ගණන්නේ
     
    • Like
    Reactions: topkollek

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    42,329
    5,064
    113
    Lakwan
    ගොතයාගේ කටු කන එකෙක් නේ මූ
    මිහිදු ලංකාවට එන්න කලින් සිංහලු වෙජිටේරියන් කියපු එකා
    හැම ගෙදරකටම සෙක්කුවක් ගානේ ගන්න ඌ හරකට එන්නං කියපු එකා
    ඒ පාර පොහොර

    වියපත් බඹරා රියර්.අද්මිරාල් උනේ කොහොමද වගේ මූ ස්පෙෂලිස්ට් උනේ කොහොමද හොයන්න ඕනා

    ඒ නැතිනං තමන්ගේ දැනුම ඉගෙනගත්ත දෙයට වඩා පිස්සෙක් ගේ සල්ලි වලට කෑදර එකෙක් මූ
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    513
    771
    93
    Chinen pohora gemu, goviyonta wade epa karawamu, gowithan idam sanwardabayata gamu, mulu process ekenma gasa kamu.
    ඔය කියන ඒවා වෙනවමයි කියලා කොහොමද ඔප්පු කරන්නේ ?
    රසායනික පොහොර නැතුව හැදෙන්නේ නැති දෙමුහුම් බීජ අතේ තියාගෙන කාබනික පොහොර වලට බැනලා වැඩක් නෑ :no:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    14,430
    987
    113
    ඔය කියන ඒවා වෙනවමයි කියලා කොහොමද ඔප්පු කරන්නේ ?
    රසායනික පොහොර නැතුව හැදෙන්නේ නැති දෙමුහුම් බීජ අතේ තියාගෙන කාබනික පොහොර වලට බැනලා වැඩක් නෑ :no:
    Kalin ewa una wage thamai.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    12,367
    8,197
    113
    කෘෂිකර්ම ලේකම් රෝහණ ඉල්ලා අස්වූනේ ඇයි?
    කෘෂිකර්ම ලේකම් තනතුරේ වැඩ කරන්නට බැරි තැන කෘෂිකර්ම ලේකම් එම්.බී.රෝහණ පුෂ්පකුමාර සිය ඉල්ලා අස්වීමේ ලිපිය යවා ඇත.
    රෝහණ ඉල්ලා අස්වීම මට නම් පුදුමයක් නොවේ. ඔහු ඉල්ලා අස් නොවුණා නම් තමයි පුදුම!

    හිටපු නුවරඑළිය හා වව්නියාව දිසාපතිවරයා ද, අඹගමුව (නුවරඑළිය) ප්‍රා.ලේ. ද වූ රෝහණ සිංහල දෙමළ භාෂා දෙකම කතා කරන්නට දන්න දක්ෂ පරිපාලන සේවා නිලධාරියෙකි.

    කෘෂිකර්ම ලේකම් ධූරයට පත් වන්නට පෙර නුවරඑළිය දිසාපති ලෙස ඔහු මා මධ්‍යම ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන විට එකට වැඩ කළේය. කවදාවත් ප්‍රශ්න නොතිබුණු රෝහණ හැමදාම ‘අපි මෙහෙම කරමු‘ යැයි කියන ධනාත්මක මිනිසෙකි. අතිශයින් සංකීර්ණ නුවරඑළිය දේශපාලනයේ සෑම පාර්ශවයකම ගෞරවය දිනූවෙකි.

    තමන්ගේ නිල නිවසේ ද අර්තාපල් හදා තිබූ ඔහු ඇසූ පිරූ තැන් ඇති ‘ගොවියෙකි‘. වව්නියාවේ දිසාපති ලෙස කටයුතු කරන විට ඔහු එහි ඉතා විශ්ෂ්ඨ ‘කාබනික පොහොර
    නිෂ්පාදන ඒකකයක්‘ හැදූ දක්ෂයෙකි.

    පරිපාලන සේවය තරමටම මහ පොළොවේ කෘෂිකර්මය ද රෝහණ දන්නේය.
    පස්සර සාමාන්‍ය පවුල උපන් රෝහණ ට 70-80 දශක වල ඔහුගේ අම්මා වත්තේ දළු කඩා උගන්වා ඇත. දෙවනුව, රෝහණ ඉගෙන ගත්තේ හතර වටේ එළවළු වගා කරන බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ය.

    දමන හිඟුරාන සීනි සමාගමේ රස්සාවට ගිය රෝහණ, එය නගා සිටුවූවේය. හඟුරන්කෙත එදා මෙදා ඉතිහාසයේ විශිෂ්ඨම ප්‍රා.ලේ. මේ රෝහණය. පසුව ඔහු එක තැන පල්වෙමින් තිබුණු හදබිම අධිකාරිය වෙනස් කළ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විය. කෘෂිකර්මයට අදාළ සෑම තැනම සිය සුවිශේෂ අනන්‍යතාව සනිටුහන් කළ පරිපාලන (සේවා) නිලධාරියා, අමාත්‍යාංශ ලේකම්වරයා වී ‘මාගේ කාලය තුල කාබනික පොහොර වගාව ක්‍රියාත්මක කළ යුතු යැයි හීන දකින ඇමතියෙකු නිසා ඉල්ලා අස්වී යන්නේය.

    රෝහණ ගේ ඉල්ලා අස්වීම ගැන මම පුදුම නොවන්නේ ඒ නිසාය.

    ව්‍යාපාරික කෘෂිකර්මය නඟා සිටුවීමට නුවරඑළිය දිසාපති ලෙස රෝහණ බොහෝ දේ කළේය. හරිතාගාර කෘෂිකර්මය ඒ අතර ප්‍රමුඛය. අණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරද්දී මම කෘෂිකර්මය පිළිබඳ ඔහුගේ විශිෂ්ඨත්වය දුටිමි. දැන් ආණ්ඩුව ඩොලර් කාබාසිනියා කරන ‘කෘෂිකර්ම නවීකරණ‘ වැඩසටහනේ නියමු ව්‍යාපෘති බොහෝමයක් ඇරඹියේ රෝහණ නුවරඑළියේ දිසාපති සමයේ ය.

    පොහොර ආනයනය තහනම් කිරීමේන් රෝහණ ම ගොඩනැගු හරිතාගාර කෘෂිකර්මය සම්පූර්ණයෙන්ම විනාශ වන බව ඔහු හොදින්ම දන්නේය. රෝහණ ගේ ඉල්ලා අස්වීම ගැන මම පුදුම නොවන්නේ ඒ නිසාය.

    වව්නියාවේ දිසාපති ලෙස ‘කැලෑ කොළ කාලා ජීවත්වෙන‘ මිනිස්සු සමඟ රෝහණ කටයුතු කළේය. ඉරිඟු, වට්ටක්කා සහ කිරි කා නියං කාලය ජීවත්වන වන්නි හත්පත්තුවේ මිනිස්සුන්ට පොහොර තහනම මාරාන්තික වන්නේය.

    රෝහණ ගේ ඉල්ලා අස්වීම ගැන මම පුදුම නොවන්නේ ඒ නිසාය.

    71 කැරැල්ලේ දී පස්සර සම සමාජ පක්ෂයේ සංවිධායකවරයා වූ රෝහණගේ අයියා ජවිපෙ සමාජිකයෙකු ලෙස සලකා මරා දමන ලද්දේ, (සමසමාජ - ජවිපෙ වෙනස නොදන්නා උන්) ය.* (Note) රෝහණගේ අම්මා, තේ වත්තේ දළු කඩා පවුල් නඩත්තු කළ බව රෝහණ ප්‍රසිද්ධියේ කියා ඇත. දැනටමත් පස්සර, බණ්ඩාරවෙල, වැලිමඩ, මාතලේ පමණක් නොව වැවිලි ඇමති, පොහොර ඇමතිවරුන්ගේ ඡන්ද බලප්‍ර දේශය වන ගාල්ලේ වතුකකම්කරුවන්ට දළු කඩා ලැබෙන ආදායම නැත.

    හඟුරන්කෙත, නුවරඑළියේ වතු කම්කරුවන්ට, දරුවන්ට පොහොර තහනම කුසගින්න කැඳවන බව රෝහණ දන්නේය. පොහොර තහනම, අම්පාරේ දමන දරුවන් පාසල් රැස්වීමේ කලන්තේ දමා වැටෙන යුගයක් ඇති කරන බව ත්, ඒ පාපයට තමන් අත්සන නොගැසිය යුතු බවත් දන්නේය.

    රෝහණ ගේ ඉල්ලා අස්වීම ගැන මම පුදුම නොවන්නේ ඒ නිසාය.

    වව්නියාවේ කාබනික පොහොර හැදු රෝහණ කාබනික පොහොර හදන හැටිත්, හදන්න බැරි හැටිත් හොදින්ම දන්නේය. ශාක නිරෝධායන පනත ගැනත් (ජගත් ගුණවර්ධන මහතා ගේ ලිපිය බලන්න) කොම්පෝස්ට් ගැන නීතියත් රෝහණ හොඳින්ම දන්නේය.

    රෝහණ ගේ ඉල්ලා අස්වීම ගැන මම පුදුම නොවන්නේ ඒ නිසාය.

    ‘ආහාර සුක්ෂිත භාවය පිළිබඳ‘ හොදින්ම දන්නා පරිපාලන සේවා නිලධාරීන් අතර රෝහණ අංක එක නැත්තම් දෙක මිස තුන නම් නොවේ. කහ, කුරහං, උදු, තල, වගාවෙන් රට ස්වයංපෝෂිත වන ප්‍රතිපත්තිය මිස පොහොර නැතිව රට දුර්භීක්ෂයකට ගෙන යන ප්‍රතිපත්තිය අතර වෙනස රෝහණ නොදන්නේ නැත. රෝහණ අවසාන කෘෂිකර්ම රැස්වීමේ දී මේ කථාව වගකිවයුත්තන්ට සුද්දයෙන්ම කියා ඇත.

    රෝහණ ගේ ඉල්ලා අස්වීම ගැන මම පුදුම නොවන්නේ ඒ නිසාය.

    තේ වතු අතර හැදුණු සිංහල - දෙමළ භාෂා චතුර ලෙස කථා කළ හැකි, උක් වගාව, ආහාර සුරක්ෂිතභාවය, කාබනික පොහොර, පොලිටනල් වගාව, දියර පොහොර කෘෂිකර්මය, දිලීර නාශක, කෘමිනාශක ගැන අතැඹුලක් සේ දන්නා මිනිසෙකු කෘෂිකර්ම ලේකම් වී එම කේෂ්ත්‍ර යේ බොහෝ සාධනීය දේ කෙටි කලක් තුල සිදු කර ඇත.

    ඒ මිනිසා ට චීනයේ නාගරික අපද්‍රව්‍ය ඩම්පින් යාඩ් එකක් බවට පත් කිරීමේ ලේඛනයට අත්සන් තැබීමට අවසානයේ බල කර ඇත. දින තුනක් තුල දෙවරක්ම ‘‘මා සමඟ වැඩ කරන්නට බැරි නම් යන්න‘‘ යැයි කියා ඇත්තේ අනාගත අගමැති සිහිනයේ සිටින දේශපාලනඥයෙකි. නොරච්චෝල විදුලි බලාගාරය වැනි, චීනය සමඟ ගනුදෙණු කිරීමේ රස හොඳින්ම දන්නා දේශපාලනඥයෙකි.

    පොහොර කෘෂි රසායන තහනම ක්‍රි.පු. 103 -89 සමයේ වලගම්බා රජ දවස ‘බැමිණිතියා සාය‘ නිසා සිදු වූ විනාශයට නැවත කැන්දනු ඇත. ගෙඩි, අල හැදෙන හැම ගහක්ම විනාශ කරමින් 1817 -1818 සුද්දා ‘ඌව වෙල්ලසට කරපු අපරාධයට‘ වඩා වැඩි හානියක් ලංකාවේ හැම බිම් අඟලකටම සිදු කරනු ඇත්තේය. දිලීර මර්ධනය එක් දවසකින් අතපසුවන විට නුවරඑළිය එළවළු වගාව, දඹුල්ල බී ළුණු වගාව විනාශ වන හැටි රෝශණ ඇස් දෙකෙන් දැක ඇත. කළ පුරුද්දෙන් අත් දැක ඇත.

    රෝහණ ගේ ඉල්ලා අස්වීම ගැන මම පුදුම නොවන්නේ ඒ නිසාය.

    ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර ආනයනය ලංකාවේ නීතියට පටහැනි බව විශේෂ ශ්‍රේණියේ පරිපාලන නිලධාරියෙකුට නොතේරෙන්නේ නැත. ප්‍රතිපත්ති ගරුක පරිපාලන සේවා නිලධාරියෙකුට මෙවැනි අනීතික කටයුත්තකට අත්සන ගහනවා වෙනුවට වැටුප් ලබමින් ‘වතුර නැති රාජ්‍ය පරිපාලන පූල් එකේ පිහිණීම‘ පහසු තෝරා ගැනීමකි.

    මහවැලි කලාප කුඹුරු හෙක්ටයාර 110,000 කට වී වගාවට පමණක් කාබනික පොහොර ටොන් ලක්ෂ 12 ක් අවශ්‍ය බව රෝහණ නොදන්නේ නැත. වී වගාවට පොහොර ටොන් තුන් ලක්ෂ අසූ දෙදහසක්, තේ වගාවට පොහොර ටොන් තුන් ලක්ෂ එකොළොස්දහසක්, පළතුරු වගාවට පොහොර ටොන් 163,779 ක් අවශ්‍ය බව දන්නා පරිපාලන සේවා නිලධාරියා ‘‘මේ වැඩේ එකවරම කරන්න බෑ. පියවරෙන් පියවර කරන්න ඕනි‘‘ යැයි කීම ගැන අප පුදුම විය යුතු නැත.

    පොහොර ටොන් 1,230,031 (දොළොස් ලක්ෂ තිස් දහසක්) ක ලංකාවේ රසායන පොහොර අවශ්‍යතාවය නීති විරෝධී ගැසට් එකකින්, නියෝගයකින්, ශාක හා සත්ව නිරෝධායන නියෝගයකින් ඉටු කළ නොහැකි බව රෝහණ දනී. ආහාර වගාව මේ තත්වයෙන් පවත්වාගෙන යාමට කාබනික පොහොර ටොන් ලක්ෂ එක්දහස් දෙසීයක් (123,003,100) අවශ්‍ය බව රෝහණ වැන්නවුන් දනී.

    රෝහණ කාබනික පොහොර ටොන් ලක්ෂ එක්දහස් දෙසීයක් හදන්නට බෑ කියූවේ නැත. එය කළ යුතු බවත්, කළ හැකි බවත් කීවේය. එය එකවරම කළ නොහැකි බවත්, කරන්නට කාලයක් අවශ්‍ය බවත් ඇත්ත කිව්වේය.

    ‘තනතුර රැකගන්නවාට වඩා තම ආත්මාභිමානය රැක ගැනීමට ශක්තිය‘ අවශ්‍යය. රෝහණ පුෂ්පකුමාර කෘෂිකර්ම ලේකම්වරයාට එම ශක්තිය ඇති බව ඔහු ක්‍රියාවෙන් පෙන්වා ඇත.

    * Note - නිවැරදි කිරීම - රෝහණ ගේ අයියා 71 සිරගත වී, 1987 එක්සත් සමාජවාදී පෙරමුණ (පහන) යටතේ මොණරාගල දිස්ත්‍රික්ක නායක ලෙස පළාත් සභා වට පත් විය. ඔහු මිය ගියේ මැයි දිනයට පැමිිණ ආපසු යමින් සිටිය දී රිය අනතුරකිනි. රෝහණගේ මල්ලී 1987 -89 කැරැල්ලේ දී ප්‍රහාරයකට ලක් ව මිය ගියේය.

    රජිත් කීර්ති තෙන්නකෝන්
    දකුණ හා මධ්‍ය පලාත් හිටපු ආණ්ඩුකාර
    :sorry: 🙏