නාගර්ජුනකොන්ඩෙන් හමු වූ සම්බුද්ධ පාද ලාංඡනය හා ලිපිය

hpalpola

Well-known member
  • නාගර්ජුනකොන්ඩෙන් හමු වූ සම්බුද්ධ පාද ලාංඡනය හා ලිපිය

    ශ්‍රී ලංකාවේ වගේම ඉන්දියාවෙත් ඓතිහාසික උරුමය ගැන කතා කරද්දි බහුතරයක් තියෙන්නෙ බෞද්ධ සංස්කෘතියට සම්බන්ධ නිර්මාණ. රටවල් දෙකම සමාන්තර යුග වල ඒ ඒ විදියට නිර්මාණයන් පවත්වාගෙන ගිහින් තියෙනවා කියලා පේන්නෙ හම්බවෙන සාක්ෂි වලින්. මේ කථා කරන්නෙ ඒ ගැන නම් නෙමෙයි. නාගර්ජුනකොන්ඩෙන් 1956 දී හොයා ගත්ත සඳහනක් ගැන. මේ ගැන මේ සමූහයේ ඉන්න බහුතරයක් දෙනා වගේම ශ්‍රී ලාංකිකයො හොඳින් දැනුවත්. මේ නිසා මන් හිතනවා මේක කියවලා ඉවරවෙද්දි කියන්න අදහස් හුඟක් මතු වේවි කියලා.

    1956 දී ඉන්දියානු පුරාවිද්‍යා ආයතනය නාගර්ජුනකොන්ඩයෙ අංක 6 ප්‍රදේශය ආශ්‍රිතව කරන කැණීමකදී හම්බවෙනවා බුදුරජාණන්වහන්සේගේ පා ලකුණු කැටයම් කරලා තියෙන ගල් පුවරුවක්. මේකෙ ඡායාරූපයක් පහත අමුණලා තියෙනවා. ඒ තරම් පැහැදිලි නැති වුනත් හැමෝම දන්න දෙයක් නිසා ප්‍රශ්නයක් ඇති නොවේවි ඒ ගැන. මේ ගල් පුවරුවෙ පා ලාංඡන වලට අමතරව ප්‍රකාශනයක් ඇතුළත් වෙනවා. මෙන්න මේ ප්‍රකාශනයත් හරි වැදගත්. ඒ ප්‍රකාශනයෙ ඡායාරූපයකුත් පහත අමුණලා තියෙනවා.

    1956 හොයා ගත්ත මේ නිර්මාණය ක්‍රි.ව. 3 වන සියවසට පමණ අයත් කියලයි කියන්නෙ. ඒ කාලෙ වෙද්දි පා ලාංඡන නිර්මාණය ජනප්‍රිය වෙලා තියෙන කාලයක්. ඒ වගේම නාගර්ජුනකොන්ඩය අයිති වෙන දකුණු ඉන්දියාව තුළ බුදු දහම සංවර්ධනය වෙන කාලයක්. මධ්‍යම ඉන්දියාවේ නැත්නම් උතුරු ඉන්දියාවේ බුදු දහම ක්‍රි.ව. යුගය වෙද්දි ක්‍රමයෙන් හීන වෙමින් යනවා. හින්දු බලපෑම ඒ සඳහා බලපාන්න ඇති බවයි කියන්නෙ. හැබැයි ඒ යුගය වෙද්දි දකුණු ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් බුදු දහම දියුණු මට්ටමකට අරන් යනවා. හ්‍යුත් සාං, ෆා හියන් මේ ගැන සජීවී වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා සහ ඒවා හුඟක් දෙනා දැනටමත් පරිශීලනය කරලා තියෙන්නෙ නේද. ඒ කාලෙ දි බෞද්ධ මධ්‍යස්ථානයක් විදියට අමරාවතී, නාගර්ජුනකොන්ඩය ජනප්‍රිය වෙනවා. අන්න ඒ නාගර්ජුනකොන්ඩෙන් තමයි මේ කියන පුවරුව හම්බවෙන්නෙ.

    ඉතා පැහැදිලිව පා ලකුණු දෙක දකින්න පුළුවන්. පා ලකුණු දෙකට පැත්තකින් බෝ ගසක රූපයක් දකින්න ලැබෙනවා. පා ලකුණු වල චක්‍ර සලකුණ ඉතා හොඳින් දකින්න පුළුවන්. නාග රූප, ස්වස්ථිකය ආදී රූප දකින්න පුළුවන්. පැහැදිලි ව. මේ පා ලංඡනයේ ඇඟිලි වලට උඩින් තමයි ප්‍රකාශනය කොටලා තියෙන්නෙ.

    දිගින් අඟල් 13 1/2 සහ පළලින් අඟල් 2 වැනි ඉඩ ප්‍රමාණයක පේලි 3 ක් ඒ අනුව දක්නට ලැබෙනවා. මුල් පේලිය අනිත් පේලිවලට වඩා ප්‍රමාණයෙන් විශාලයි. ඊට හේතුව ආරම්භක වචනය. සිද්ධම්. ඒක වම් පැත්තෙ ආරම්භක වචනය. අකුරුවල ස්වභාවය අනුව ඉක්ෂ්වාකු රජකු වන වීරපුරුෂදත්ත රාජ කාලයට අයත් කියලා සැලකෙනවා. අකුරු පාකෘත අකුරු. මේ ප්‍රකාශනයේ අරමුණ තමයි විහාරයකට නැත්නම් බෞද්ධ ආරාමයකට බුදුරජාණන්වහන්සේගේ පා ලාංඡනයක් සවිකිරීම.

    මේ විහාරය නැත්නම් ආරාමය අයිතියි කියලා කියන්නෙ එක්තරා සංඝ පරම්පරාවකට. ඒක ප්‍රකාශනයෙ තියෙනවා. ථේරීය - විභජ්ජවාද - කශ්මීර ගන්ධාර - යවන - වනවාස - තම්බපණ්ණි දීප පසාදක, මහාවිහාරවාසීන්, නවාංග සතු ශාසන අත ව්‍යජන විනිච්ඡය විශාරද හා අරියවංශ පවෙනිධර විදියට. මේ සංඝ පරම්පරාව හඳුන්වලා තියෙන්නෙ ඒ සඳහන් වෙලා තියෙන රටවල මිනිස්සුන්ව බෞද්ධ විශ්වාසයට පරිවර්තනය කරපු සංඝ පරම්පරාව විදියට.

    මේ කියල තියෙන රටවල් වලින් කශ්මීරය තවමත් හඳුන්වන්නෙ ඒ නමින්. ගන්ධාරය රාවල්පිණ්ඩි - පේශාවර් ප්‍රදේශය. වනවාස දැන් බනවාසි. තම්බපණ්ණි ඉතින් අපි දන්න මේ ලංකාව. යවන බොහෝදුරට වෙන්න ඇත්තෙ ග්‍රීක සම්භවය ඇති මිනිස්සු පදිංචි වෙලා උන්න ප්‍රදේශ විය හැකී. මේ ස්ථාන සියල්ල තෙවන ධර්ම සංගායනාවෙන් පස්සෙ ධර්ම දූතයන් වහන්සේලා පිටත් වූ ප්‍රදේශ.

    මේ ථේරීය පාඨය ලංකාවෙදිත් දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙහි අර්ථය වන්නේ සංඝපීතෘවරුන් නැත්නම් elders. විභජ්ජවාදීන් කියන්නෙ කව්ද කියලා හැමෝම දන්නවා. මේ දෙපිරිසම ⁣අදාළ ප්‍රකාශනයට ඇතුළත්. නවංග ශාසනය ගැන දැක්වෙන කොටස අනුව පැහැදිලි වන්නේ මේ කියන භික්ෂූන්වහන්සේලා බුද්ධ ධර්මය ගැන දැනුවත් භාවයකින් සිටි බව. සුත්ත, ග්‍යෙය, ව්‍යොකරණ, ඝාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අභූත ධම්ම හා වේදල්ල. තවදුරටත් මේ ප්‍රකාශනයේ සඳහන් වෙනවා අරියවංශ ආදී කොටසක්. එයිනුත් පේන්නෙ භික්ෂූන් වහන්සේලාගේ පරිණතභාවයයැයි සිතිය හැකියි.

    මේ ඔක්කොම තියෙන ප්‍රකාශනය දැන් කියවමු. ඒකෙ තියෙන්නෙ මෙහෙමයි. එක එක පේලිය අංක කරලා තියෙනවා.

    1. සිධම් ආචාරියනාම් ථේරියනම් විභජ්ජවාදනම් කශ්මිර-ගම්ධාර-යවන-වනවාස-තම්බපම්නිදීප-පසාදකනම්

    2. මහාවිහාර-වාසිනම් නවම්ග සතු ශාසන අත ව්‍යජන විනිච්ඡය විශාරදනම් අරිවවම්ශ පවෙනි ධරනම්

    3. විහාරෙ භගවතො පාද සම්ඝද නිපටිතපිතො සව සතනම් හිත සුක් අතනයා ති

    සරල අර්ථය

    සශ්‍රීකත්වය උදාවේවා. සියළු දෙනා⁣ගේ යහපත සහ සැප ප්‍රාර්ථනා කරමින්, කාශ්මීර - ගන්ධාර - යවන - වනවාස සහ තම්බපණ්ණි දීපයේ වාසය කරන ජනතාව ⁣බුදු දහමින් සතුට ට පත් කරනු ලැබුවා වූ ද නවංග ශාසනයේ පරිණතවාදී වූ සහ සතර සම්ප්‍රදායන් මනාව දන්නා වූ ද තෙරවරුන් හා විභජ්ජවාදීන් වැඩ වසන්නා වු, මහා විහාරයේ බුදුරජාණන්වහන්සේගේ පා යුගලය පිහිටුවන ලදි.

    (අන්තර්ජාලය ඇසුරෙනි)

    මුල් ලිපියට
     
    Last edited: