

නැවතත් අලි සංගණනයක් පැවැත්වීමට වනජීවි එකෙන් ක්‍රියාමාර්ග අරන් තියෙනවා කියලා සමස්ථ ලංකා වනජීවී නියාමක නිළධාරීන්ගේ සංගමයේ මේ ලිපියෙන් කියවෙනවා. අන්තිමට අලි සංගනනයක් සිදුවුනේ 2011 දි. 2011 දි සංගණනය සිදුවු ආකාරවල තිබුනු ප්‍රශ්න ගනනාවක් හින්දා ක්ශේත්‍රය ගැන උනන්දුවක් දක්වන අය, පරිසරවේදීන් සහ බොහෝමයක් ක්ශේත්‍රයට අදාල ශාස්ත්‍රඥයන් මේ ගනන් මිනිම්වලට එකඟ වුනේ නෑ. ඒ ඇයි කියන එක මම පැහැදිලි කරන්නන් මේ පෝස්ට් එකේ මැද.
ඊට කලින් සංගනනයක් කියන්නේ මොකක්ද සහ මේ කරන්න යන්නේ ඇත්තටම සංගනනයක්ද කියලා අපි පැහැදිලි කරගෙන ඉන්න ඕන. සංගනනයක් කියන්නේ යම්කිසි ගහනයක සාමාජිකයන් පිළිබඳව තොරතුරු ක්‍රමානුකූලව වාර්තාගත කිරීම. හැබැයි 'අලි සංගනනය'/'අලි සමීක්ෂණය' කියන්නෙ ඒ වගේ සුක්ෂම දත්තවලට යන වැඩක් නෙවෙයි. ඒ වගේ දේකදි කරන්නෙ ඇත්තටම අලි කොච්චර ඉන්නවද කියලා නිමානයක්. එතකොට සංගනනයක දත්ත සහ නිමානයක දත්ත අතර ලොකු පරස්පරතා තියෙන්න පුළුවන්. උදාහරණයකට ජන සංගනනයකදි දෙහිවල ගල්කිස්ස නගරසභා බල ප්‍රදේශයේ වයස අවුරුදු 55 ට අඩු පුද්ගලයන් සංඛ්‍යාව ගැන ලැබෙන ආසන්න නිශ්චිත පිළිතුරක් මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ අලි සංඛ්‍යාව ඇහුවට ලැබෙන්නෙ නෑ. මෙන්න මේ කාරණය මුලින්ම ඔලුවට දාන් ඉන්න ඕන.
ඊලඟ කාරණය තමයි මේ 'සංගනනය' සිදුකරන ක්‍රමවේදය. වන සතුන් පිළිබඳව ගනනය කිරීම්වලදි සෘජු ක්‍රමවේද (direct sighting method) සහ වක්‍ර ක්‍රමවේද (indirect sighting methods) කියලා ද්විත්වයක් තියෙනවා. මේ අලි සංගනනයේදි ඇත්තටම භාවිතා කරන්නෙ waterhole method කියන සෘජු ක්‍රමවේදය. Waterhole method එකේදි භාවිතා කරන මූලධර්මය තමයි ග්‍රීස්ම කාලයට හිඳි යන දිය උල්පත් සහ වෙනත් ජල මුලාශ්‍ර නිසා වන සතුන් යම්කිසි ආකාරයකින් තෝරාගත් නිශ්චිත ජල මූලාශ්‍රයකට සීමා වීම සිදුවෙනවා. මේ ක්‍රමවේදයේදි ග්‍රීශ්ම කාලයට මේ දිය කෙම්, ජල මුලාශ්‍ර අසලට පැමිණෙන සතුන් ගනනය කිරීම තමයි කරන්නෙ. මේකෙදි සතාව ටැග් වීම වෙන්නෙ නැති නිසා සමහර වෙලාවට ඩබල් කවුන්ට් එකක් වෙන්න පුළුවන් ගනනයට ලක්වන ආසන්න දියකෙම් දෙකකට ගනනය සිදුකරන කාල සීමාව තුල සතා ගමන් කිරීම නිසා. දැන් මේ වැඩේ කොටියෙක්ට සිංහයෙක්ට වගේ කරනවානන් ලොකු අවුලක් නෑ. එහෙම දෙකකට යන්න පුළුවන් සම්භාවිතාව අඩුයි. නමුත් අලි කියන්නේ වතුර හොයන් යන සත්තු සහ විශාල සීමාවක ගමන් කරන සතුන්. ඒ විතරක් නෙවෙයි රංචු පිටින් ගමන් කරන සතුන් නිසා වරදින්න පුළුවන් සම්භාවිතාව වැඩී සහ වැරදුනොත් ඩබල් කවුන්ට් එක වදින්නෙ එකකින් දෙකකින් නෙමේ රංචු පිටින්. මේ වැඩේ ඇත්තටම මම අත්දැකීමෙන් දන්නවා උදේ කෙම ලඟ නවතින රංචුව හවස කවුන්ට් එකේදි වැව් පිටියේ දකින්න පුළුවන් වීම වගේ වැඩ නිසා. ඉතින් මේක පරිස්සමෙන් කරන්න ඕන වැඩක්.
දැන් මේ කවුන්ට් එක කරන්නෙ කලින් GPS මාර්ක් කරලා ගන්න ජල මූලාශ්‍ර හඳ එලිය තියෙන දින දෙකක් තොරන් රට පුරාම එකවර සිදුකරන එක. සීන් එකේ බරපතලකම තේරෙනවා ඇතිනෙ. දවස් දෙකක් වගේ සීමිත කාලයක් තෝරගන්නෙ එහෙම නොවුනොත් ආයේ අලින්ගේ රේන්ජ් එක නිසා ඩබල් කවුන්ට් යන්න තියෙන ඉඩකඩ ගෙවෙන පැයක් ගානේ වැඩිවෙන නිසා. රට පුරාම මේ වගේ වැඩක් දවස් දෙකක් ඇතුලත කරන්න විශාල මානව සම්පතක්, මුල්‍යමය සම්පතක් අවශ්‍ය වෙනවා. මේ දේ අලි මිනිස් ගැටුම දවසින් දවස උත්සන්න වෙන්න අපි වගේ රටවල ජන සංගනනයක් තරම්ම වැදගත්කමක් උසුලන දෙයක්. මොකද මේවා මත පදනම්ව තමයි ඉදිරි ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක වෙන්න ගන්නෙ., සමහර මිනිස්සුන්ගේ ජීවිත තීරණය වෙන්නෙ, සමහර පොඩිත්තො අලි ගහනවට බයේ ඉස්කෝල ගමන අතාරිනවද නැද්ද කියලා තීරණය වෙන්නෙ, කෘශිකාර්මික නිශ්පාදිතයට කොතරම් හානියක් වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නෙ.
ඉතින් රටේ මිනිස්සු වැදගත්මක් නුදුන්නට මේවා ඇත්තටම රටේ අතිශයින්ම වැදගත් කටයුත්තක්.
මේ පහත ලිපියේ නියාමක නිළධාරීන් වැදගත් කාරණයක් කියනවා. ඒ තමයි ග්‍රීශ්ම සමය උපකල්පනය කරලා ජල මුලාශ්‍රවල GPS පාඨාංක ගත්තට හදිස්සියේම හිතපු නැති වැස්සක් සති දෙකක් තිස්සෙ වනෝද්‍යානවලට ආසන්න කලාපවලට වැටිලා නිසා දැන් අර ඉඩෝර දියකෙම්වලට අමතරව තවත් මුලාශ්‍ර ගනනාවක් හැදිලා තියෙනවා කියන එක. ඒකෙන් වෙන්නෙ ඉඩෝර දියකෙම්, මුලාශ්‍රවලට ඇදෙන අලි බෙදිලා විසිරිලා යන එක. ප්‍රතිඵලය තමයි අලි සමීක්ෂණය/සංගනණය මේ පසුබිම මත සිදුකලොත් ලැබෙන දත්ත විශාල අපගමනය වීමක් වෙන්න පුළුවන් කියන එක. ඒක ඉතින් හරි සරල තේරුම්ගත හැකි තත්වයක්.
මිලියන ගානක වැඩේට යන වියදම විතරක් නෙමෙයි ලැබෙන දත්ත අනුව වෙන්න පුළුවන් වැඩ ගොඩක් හබක් වෙන තත්වයක් මේක. ඉතින් බළධාරීන්ගෙන් ඉල්ලන්න ඕන දේ තමයි පවතින තත්වය සැලකිල්ලට ගෙන වඩාත් සුදුසු දේ සිදුකරන්න කියන එක.
සාමාන්‍යයෙන් මේකේ ලියන ඒවා ශෙයාර් කරන්න කියලා කියන්නේ නෑ. ඒත් මේක පුළුවන්නන් ශෙයාර් කරන්න. පෝස්ට් එක ශෙයාර් කරන්න අකමැතිනන් ගලවලා උපුටා අරන් ශෙයාර් කරන්න. නම් ගම් නොලිව්වට ගැටලුවක් නෑ.
Don Supz