විදේශිකයන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමට නම් වෛද්‍ය සංචාරක ව්‍යාපාරය සහ උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ සඳහා සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ නැවත අවධානය යොමු කළ යුතුව ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඊයේ (08) පස්වරුවේ ජෝසප් ෆ්‍රේසර් රෝහලේ 100 වන සංවත්සර සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළේය.
වැඩි වශයෙන් වෛද්‍යවරුන් බිහි කිරීමට නම් තවත් වෛද්‍ය පීඨ මෙන්ම විශ්වවිද්‍යාල ද මෙරට ආරම්භ කළ යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා, ශක්තිමත් අනාගතයක් වෙනුවෙන් මෙරට සෞඛ්‍ය සේවා ශ්‍රම බලකාය පරිවර්තනයකට ලක් කරන බවද පෙන්වා දුන්නේය.
"මෙරට රෝහල් පද්ධතිය පෞද්ගලික රෝහල් හා රජයේ රෝහල් ලෙස වෙන් කර තිබෙනවා. ඒ වගේම වෛද්‍යවරු විශාල පිරිසක් දැන් රට හැර යමින් සිටිනවා. මෙවන් පසුබිමක් තුළ අපට වැඩි වැඩියෙන් වෛද්‍යවරුන් බිහි කිරීමට සිදුවී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී පළමු රාජ්‍ය නොවන වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා."
"දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනය (SAITM) අප මේ වනවිට මොරටුව විශ්වවිද්‍යාලයට ලබාදී තිබෙනවා. ඒ වගේම තවත් වෛද්‍ය පීඨ සහ විශ්වවිද්‍යාල මෙරට ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. වැඩිපුර වෛද්‍යවරුන් බිහි කිරීමට අනුගමනය කළ ක්‍රමය එයයි. මේ සඳහා වෙනත් විකල්පයක් නැහැ."
"ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් නොමැතිව අද වනවිට එක්සත් රාජධානියට තම රෝහල් පද්ධතිය පවත්වාගෙන යාමට අසීරු තත්ත්වයක් මතුවී තිබෙනවා. ඒ අනුව පාකිස්තානය, බංග්ලාදේශය සහ ඉන්දියාව සමග එක්ව, අප එක්සත් රාජධානියේ රෝහල් පද්ධතිය පාලනය කරමින් සිටින බව පැවසුවොත් නිවැරදියි. ඒ අනුව ශ්‍රී ලංකාව ආධාර ලබන රටක් පමණක් නෙවෙයි, ආධාර ලබාදෙන රටක් බවට ද පත් වෙනවා."
"ඒ වගේම පෞද්ගලික අංශයට සහ රාජ්‍ය අංශයට එකට වැඩ කළ හැකි නව ක්‍රමවේදයක් අප දැන් සකස් කර තිබෙනවා."
"එසේම සෑම පුරවැසියෙකුටම යම් වෛද්‍ය රක්ෂණයක් ලබාදීමට අප අපේක්ෂා කරනවා. එවිට ප්‍රතිකාර ලබාගැනීම සඳහා රජයේ රෝහලකට යනවාද, නැතිනම් පෞද්ගලික රෝහලකට යනවාද කියා ජනතාවටම තීරණය කළ හැකියි. අප අවධානය යොමු කළ යුත්තේ මෙම කරුණු පිළිබඳවයි."
ඇමරිකන් ගූ කන රනිලා මේ සැරේ නිදහස් අදයාපනය විනාශ කරන්න කලින් පාරට බැහැපල්ලා.