නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කොච්චර අසාර්ථකද....පැතුම් නවතම කතිකාවතක් අරඹයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    අලුතින් පනතක් ආවහම රටෙන් කීදෙනෙක් ඒ ගැන දන්නව ද?

    සමාජ මාධ්‍ය වල විශේෂයෙන් කථා බහට ලක් වුන පනතක් තමයි Online Safety Bill එක කියන්නේ. දැන් ඒක සම්මත වෙලා ඉවරයි.

    ඒත් රටේ ජනතාවගෙන් 66% ක් කියනවා ඒක ගැන දන්නේ නෑ කියලා. ඔබට මතක නම් යම් වෙනත් සමීක්ෂණයක ප්‍රථිපලයක් ලෙස ආවේ මේ පනතට ඒ සමීක්ෂණයට සහභාහී වූ පිරිසෙන් 98% ක් එකඟ නොවන බවයි. ඒ සමීකරණය කරලා තිබුනේ අන්තර්ජාලය ඇසුරෙන්ම තමයි. ඒ නිසා තමන්ට සෘජුවම බල පවත්වන පනතකට විරෝධය පළ කරන්න අන්තර්ජාල භාවිතා කරන්නන් කටයුතු කරලා තිබුණා.

    නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුල ඇති දුර්වල කමක් නම්, තමන් පාර්ලිමේන්තුවට යවපු නියෝජිතයන් කරන කියන දේ මහජනතාව නොදැනීම. ඡන්දය දීලා යැව්වට පස්සේ අපිව බලාගනියි , අපේ දෙයියා වගේ හිතලා ඉන්න මිනිස්සු මේ පත් කරන නියෝජිතයා කුමක් කරන්නේ දැයි කියන එක ගැන දන්නේ නෑ. එය දැන ගැනීමේ වුවමනාවක් හෝ යාන්ත්‍රණයක් නිර්මාණය වෙලා නෑ. ඉතිං පාර්ලිමේන්තුවේ යන කෙනා කරන්නේ තමන්ට ඕන දේ.

    ඒ වගේම මෙහෙම ජනතා සහභාගිත්වයෙන් තොරව සිදු වන දේශපාලන ක්‍රියාකාරිත්වය ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීමක්. මෙහි තේරුම තමයි අපි ඡන්දය දෙන ප්‍රජාතන්ත්‍රවාදයක සිටියට එහි ගුණාත්මකභාවයක් නොමැති කම. මේ කිසිවක් නොදන්න ජනතාවට ඡන්දය කාලයට මොනවා හරි දීලා ඡන්දය දිනා ගැනීම තමයි අපේ රටේ දේශපාලනය. අපිට වැරදුන ලොකුම තැන එතැන.

    අර වින්ස්ටන් චර්චිල් කියනවා වගේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ දුර්වල ක්‍රමයක්. ඒත් ලෝකයේ සිදු කළ අත් හදා බැලීම් එක්ක, අපිට දැනට තියෙන හොඳම එක ඒක. මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔබ්බට ගිහින් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් නිර්මාණය කිරීමට අප කටයුතු කළ යුතුයි. ඒත් ඒකට ජනතාව සූදානම් කර ගන්න කාලයක් ඕනේ.

    මේ වෙරිටේ සමීක්ෂණයෙන් කියනවා (දෙවැනි රූපය) 25% ක් විශ්වාස කරනව මේකෙන් ලොකු වැඩක් නෑ කියලා. තව 19% ක් කියනවා සමාජ මාධ්‍ය අවභාවිතා වීම අඩු වෙයි කියලා. 56% ක් කියනවා තමන්ගේ නිදහස අඩු වෙනවා කියලා. මට හිතෙන්නේ ඒ ඔක්කොම හරි. ඒක අපි එකිනෙකාට බලපාන විදිය වෙනස්. පිරිසකට මේකෙන් ගැටලුවක් නෑ. පිරිසක් හිතනවා මේ අවභාවිතා වීම්, හානිදායක දේ අඩු වෙන එක හොඳයි කියලා. තව පිරිසකට මෙයින් බාදා වෙනවා.

    ඒ වගේම මේක යම් අවස්ථාවක මර්ධනය වෙනුවෙනුත් යොදා ගන්නවා.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ දුර්වල සංකල්පයක්. ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය අඩු වෙන කොට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ දුර්වල පාලන ක්‍රමයක්. ජනතාවගේ සහභාගිත්වය ඉහළ නොයා, දැනුම, බුද්ධිය ඉහළ නොයා මේ සංකල්පය හරියටම ඵලදායි ලෙස වැඩ කරන්නේ නෑ.

    ලී ක්වාන් යූ මේ ගැන ලස්සනට කිව්වා. ' අපේ ආසියාතික සමාජයේ මේ සංකල්පය සාර්ථකව ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා අපිට බටහිර තියෙන තරම් ගුණාත්මක ප්‍රජාතන්ත්‍රවාදයක් හදන්න බෑ.'

    ඔබ හිතෙන දේත් කියන්න.

    පැතුම් කර්නර් #හරිත #පැතූනොමික්ස්