නිරුවත්වී සිසුවා වෙත පැමිණ අතවර කරන්න හැදූ විදුහල්පති අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,109
    56,603
    113
    සිය පාසලේ 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 16 හැවිරිදි සිසුවකු තමා පදිංචි නිවෙසට රැගෙන ගොස් පිහියක් ගෙලට තබා බියගන්වා ඔහුව ලිංගික කටයුත්තකට පොලඹවා ගැනීමට තැත් කළ විදුහල්පතිවරයකු පොල්පිතිගම පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (08) අත්අඩංගුවට ගෙන තිබේ.

    පනස්හතර හැවිරිදි වියේ පසුවන මහව අධ්‍යාපන කලාපයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොල්පිතිගම පොලිසිය සඳහන් කළේය. මෙම අපරාධය ඔහු විසින් සිදු කර ඇත්තේ පසුගිය මාසයේ දිනකදී බව ද පොලිසිය සඳහන් කරයි.

    විදුහල්පතිවරයා පදිංචි තලකොළවැව පිහිටි නිවෙසට සිසුවා රැගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගෙන සිසුවාගේ ගෙලට පිහියක් තබා විදුහල්පතිවරයා තමාගේ ඇඳුම් ගලවා නිරුවත් වී සිසුවාව ලිංගික කටයුත්තක් සඳහා පොලඹවා ගැනීමට ඇවිටිලි කර ඇති බව පොලිසිය කියයි.

    පාසල නිමවූ පසු විදුහල්පතිවරයා තම යතුරුපැදියේ නංවාගෙන නි‍වෙසට රැගෙන ගොස් මෙම අපරාධය සිදු කර තිබේ. නි‍වෙසට ගිය සිසුවා තැතිගැන්මෙන් යුතුව පසුවන දෙස අවධානය යොමු කළ මව ඒ සම්බන්ධව කරුණු විමසීමේදි සිසුවා තම මවට සිදු වූ අකරතැබ්බය පවසා පසුව තම මව සමඟ සිසුවා පොලිසියට පැමිණ පැමිණිල්ලක් කර තිබේ.⁣
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,036
    113
    Kotte
    අපි ඉස්කෝලෙ යනකාලෙ ගුරුවරු අපිට මීට වැඩිය දේවල් කරා , එහෙමයි කියල අපි පොලිසි ගානෙ ගියෙ නෑ. ඒ ගුරුවරු එහෙම කරේ අපිව හදාගන්න. අදටත් පාරෙදි හම්බුනොත් අපි දනගහල වදිනව.
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,573
    2,400
    113
    මටත් අවුරුදු 15 වගේ ඔය වගේ කඩේක පකෙක් ඔය සීන් එකක් දාන්න ආව. 20 මම දුන්න පකයගෙ ඔලුව පැලෙන්නම පොල්ලකින්.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    1,696
    2,054
    113
    අපෝ කොළුකරයෝ දැන් වහිවහල. හොඳ මිනිස්සු වගේ උදව්වට එන්නේ කොළු සීන් එකට. ලෝයස්ල ප්‍රින්සිපල්ල මනේජරල විශේෂයි
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    4,129
    4,779
    113
    පාසල නිමවූ පසු විදුහල්පතිවරයා තම යතුරුපැදියේ නංවාගෙන නි‍වෙසට රැගෙන ගොස් මෙම අපරාධය සිදු කර තිබේ.
    bike eke dagena yanakan mu bambu gahalada 😅