ඉතිහාසයෙන් බිදක්
වාමාංශික මතධාරියකු වූ ‘රණවක’ 1993දී දකුණු පළාත් සභා ඡුන්දයේදී කරළියට එන්නේ ‘ජනතා මිතුරෝ’ නමින් සංවිධානයක් අටවා ගෙනය. ඒ චන්ද්‍රිකාගේ සහයටය. ඉන්පසු 1998දී ‘ජනතා මිතුරා’ මාරුවෙන්නේ ‘ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය’ටය. එම ව්‍යාපාරයට දේශපාලන හුස්ම පිඹින්නේ ‘සිහළ උරුමය’ නමින් පක්ෂයක් ආරම්භ කරමිනි. 2004දී එය තවත් ශක්තිමත් වන්නේ භික්ෂූන් වහන්සේලාගේ නායකත්වයෙන් ‘ජාතික හෙළ උරුමය’ වෙමිනි. මේ චම්පික ඇටවූ සිහළ උරුමයේම වර්ධනීය තැනය. එහි ආරම්භක සාමාජිකයන් වූයේ කොළොන්නාවේ සුමංගල හිමි, උඩුවේ ධම්මාලෝක හිමි, එල්ලාවල මේධානන්ද හිමි, ඕමල්පේ සෝභිත හිමි, අතුරලියේ රතන හිමි සහ තිලක් කරුණාරත්නය. එයට ලැබෙන මහඟු ආශිර්වාදය වූයේ සෝම හිමිගේ අපවත්වීමය. එතෙක් සමාජය තුළ සෝම හිමි ආක්‍රමණය කරමින් සිටි පදාසයම ‘ජාතික හෙළ උරුමයට’ දාගන්නට හැකිවූයේ මේ හිමිකරුවෝය. මේ සියල්ල පිටුපස සිටි සැබෑ වුවමනාකාරයා චම්පික රණවක විය. ඔහු පැවිද්දන්ගේ කරපිටින් ආවා කියනවාට වඩා නිවැරදි වන්නේ ඔහු පැවිද්දන්ටත් බණ කියා තම මතවාදයට හරවා ගත් බවය.
- a comment says.