පටිච්ච සමුප්පාදය නුවණින් විමසන ආකාරය ඉගෙන ගනිමු

S_M_S

Well-known member
  • Sep 28, 2017
    549
    606
    93
    පටිච්ච සමුප්පාදය (හේතුඵල දහම) කියන්නෙ බුදු රජාණන් වහන්සේ විසින් දේශිත පරම ගම්භීර දේශනාවක්. අර්ථ සහිතව තේරුම් ගන්න කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ විස්මිත අවබෝධය ගැන විශාල පැහැදීමක් ඇති වෙනවා. මේ පටිච්ච සමුප්පාදය නුවණින් විමසීම ධර්මාවබෝධය ලැබීම සඳහා ඉතාමත්ම උපකාරි වෙන දෙයක්.
    හේතුඵල දහමේ කරුණු 12 අපිට හොඳට පාඩම් වුණාට ඒ කරුණු ධර්මාවබෝධය පිණිස නුවණින් විමසන විදිහ අපි ඉගෙනගෙන නෑනෙ. "ශ්‍රද්ධා" රූපවාහිනි නාලිිකාවෙ රාත්‍රි 8.00 ට මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව ත්‍රිපිටක බුද්ධ දේශනා අනුව පවත්වන දේශනා මාලාවක් විකාශය වෙනවා. මම ඒ වැඩසටහන පටන්ගත්ත දවසෙ ඉඳන් නරඹපු/අහපු කෙනෙක් විදිහට මට හිතෙනවා ඒ දේශනා මාලාව අහන්න මම මොන තරම් පින්වන්තද කියලා. මම බෞද්ධයෙක් විදිහට ඉපදිලා, මේ දහම් කරුණු අහන්නැතිවම මැරිලා ගියා නම් ඇත්තටම අපරාදෙ.

    ඉතින් "ශ්‍රද්ධා" රූපවාහිනි නාලිිකාවෙ රාත්‍රි 8.00 ට විකාශය වෙන ඒ වැඩසටහන බලන්න ඔයාගෙ ගෙදරට "ශ්‍රද්ධා" නාලිකාව පේන්නෙ නැත්තන් ශ්‍රද්ධා රූපවාහිනි සජීව විකාශය මෙතනින් නරඹන්න පුළුවන්.
    https://www.youtube.com/shraddhatvlive/live
    විනාඩි 20ක විතර දේශනාවක්. පෙර වැඩසටහන් වලදි පටිච්ච සමුප්පාදයේ කරුණු 12 එකින් එක පැහැදිලිව විස්තර කරලා දුන්නා. ඒ වගේම ඒවා එකිනෙක ගැළපෙන ආකාරයත්.
    ඊළඟට පටිච්ච සමුප්පාදය නුවණින් විමසන ආකාරය. මඟහැරගන්න එපා.

    තෙරුවන් සරණයි!
     
    Last edited: