පත්තිනි හෑල්ලුව
පත්තිනි හෑල්ලුව
ළඳුනගේ සෙත පතා කවදත්
නැගුනු සළඹේ ගෝසිය..
දුටිමි දවසක මෙමා නැවතූ
පුවරුවේ සන්තෑසිය..
කාසියේ බර අනුව හිමිවන
පරිදි දෙවියගේ වාසිය..
මමත් දන්නැති කෙනෙක් ඇවිදින්
පැනෙව්වද කොන්දේසිය...
පවෙන් වැළකී කුසල් කළවුන්
රකිනු හැකි මුත් නෙත හෙලන්..
දෙවඟනක් මිස රිදී පහනේ
භූතයා නොම වෙමි බොලන්..
බෙලෙක් පිළිමෙට රනින් තැලි පිළි
සුවඳ දුම් ඕසේට හලන්..
අහෝ වැඳගෙන ඉන්න හැටි මම
නිකන් දෙනකල් උඩ බලන්...
පුතෙක් වැදු පින් කඳක්, කොටහළු
වෙච්චි කෙල්ලත් කිල්ලට..
කැවිලි පලතුරු දෙවොලෙ මුල්ලට
කාසි කොළ කපු මල්ලට..
එකක් විසි කල නිසා ඉවසන
මිසක් පඬිපුර දැල්ලට..
ඉතිරි පියයුර කඩා මෙතනම
ගසමි කපුවාගේ බෙල්ලට...
සුවඳ ඇල් වී අතින් වපුරා
අඳුන් ගිර මඩ කොට පයින්..
දියෙන් පිස සත් පැයක් ඇතුලත
දනුත් පිළිගැන්වූ හෙයින්..
මටත් ඇඬුණා එහෙව් මට දොර
ළඟදී එකියක් කී දෙයින්..
"අඹෙන් ඉපදුනු නිසා වෙන්නැති
ඕකිගෙත් ඔය හැටි ලයින්..."
-mihir.rc.uom
පත්තිනි හෑල්ලුව
ළඳුනගේ සෙත පතා කවදත්
නැගුනු සළඹේ ගෝසිය..
දුටිමි දවසක මෙමා නැවතූ
පුවරුවේ සන්තෑසිය..
කාසියේ බර අනුව හිමිවන
පරිදි දෙවියගේ වාසිය..
මමත් දන්නැති කෙනෙක් ඇවිදින්
පැනෙව්වද කොන්දේසිය...
පවෙන් වැළකී කුසල් කළවුන්
රකිනු හැකි මුත් නෙත හෙලන්..
දෙවඟනක් මිස රිදී පහනේ
භූතයා නොම වෙමි බොලන්..
බෙලෙක් පිළිමෙට රනින් තැලි පිළි
සුවඳ දුම් ඕසේට හලන්..
අහෝ වැඳගෙන ඉන්න හැටි මම
නිකන් දෙනකල් උඩ බලන්...
පුතෙක් වැදු පින් කඳක්, කොටහළු
වෙච්චි කෙල්ලත් කිල්ලට..
කැවිලි පලතුරු දෙවොලෙ මුල්ලට
කාසි කොළ කපු මල්ලට..
එකක් විසි කල නිසා ඉවසන
මිසක් පඬිපුර දැල්ලට..
ඉතිරි පියයුර කඩා මෙතනම
ගසමි කපුවාගේ බෙල්ලට...
සුවඳ ඇල් වී අතින් වපුරා
අඳුන් ගිර මඩ කොට පයින්..
දියෙන් පිස සත් පැයක් ඇතුලත
දනුත් පිළිගැන්වූ හෙයින්..
මටත් ඇඬුණා එහෙව් මට දොර
ළඟදී එකියක් කී දෙයින්..
"අඹෙන් ඉපදුනු නිසා වෙන්නැති
ඕකිගෙත් ඔය හැටි ලයින්..."
-mihir.rc.uom