පද පේළී - EK LYRICS THREAD PART 2

awjas2621

Well-known member
  • Dec 8, 2015
    9,848
    1,916
    113
    නිදුකාණනේ… නිදුකාණනේ
    යොමා බුදු නෙත කුළුණිනේ
    වඩිනු මැන නිදුකාණනේ //

    සිතෙන් සිතක රඳනා කෝප ගිනි
    උනුන් දවාලන අයුරු දකින්නට
    මුවින් මුවග ගලනා නාග විස
    උනුන් නසාලන අසිරි බලන්නට //

    යොමා බුදු නෙත කුළුණිනේ
    වඩිනු මැන නිදුකාණනේ

    නෙතින් නෙතක ගැටෙනා රාග සිත
    ලෙවන් නෙතින් පිසදා හරින්නට
    බියෙන් සැකෙන් නැගෙනා තාප ගිනි
    දයා දියෙන් සනහා නිවන්නට //

    කාලයයි නිදුකාණනේ
    දීපයයි නිදුකාණනේ
    දේශයයි නිදුකාණනේ
    වඩිනු මැන නිදුකාණනේ

    සංගීතය: රෝහණ වීරසිංහ
    පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
     
    • Like
    Reactions: Arthur Curry

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,076
    0
    තරු අතරේ
    මල් මුතුලැල් නිල් තුරුවැල් සකුණ විජිතයේ..
    මා සඟවා තබයි ඔබේ රාජධානියේ..
    ඇල් ගඟුලැල් නිල් දියරැල් සිහින නිම්නයේ...
    මා සිතගාවමයි ඔබේ තාරකාවියේ...


    හෝ...හෝ...හෝ...හෝ...
    ම්..ම්...ම්...ම්....

    නිල් නුගවිල් පුන් සඳ රැල් විසිරෙනා වෙලේ..
    මේ හසකැන් මේ දෙණුවන් තාරකා දිලේ..
    රන් රසුදැල් මල් හසරැල් සැසලෙනා හදේ..
    මේ නිකැලැල් ජීවන මල් මාලතී පිපේ..

    ජීවිතයෙන් ජීවිතේ වාසනා රැදේ...

    මල් මුතුලැල්...

    ගුම් විහඟුන් පෙම් පබැදුම් මුමුණනා උදේ..
    මාරුතයෙන් චාමරවන් ගායනා රැදේ..
    රන් සිහිනෙන් ගිම්නිමවින් සැතපෙනා දිනේ..
    නෑ ලතැවුල් සෝ කඳුලැල් මා ඔබේ ලොවේ..

    ජීවිතයෙන් ජීවිතේ වාසනා රැදේ..

    මල් මුතුලැල්...

    ගායනය : උරේෂා රවිහාරි, ජගත් වික්‍රමසිංහ
    සංගීතය : සරත් ද අල්විස්
     
    Last edited:
    • Like
    Reactions: Arthur Curry

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    :love::love::love::love:
    adaren_ma_adaren_sil_binda_yame.png
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,315
    413
    113
    ֍.මේරා ලඟ.֎
    🙏🙏 සෙබල පුතු 🙏🙏

    නැති වුවත් මව්බිමේ අඟලක් තමන්ගේ යැයි කීමට
    නුඹයි හැම බිම් අඟලක්ම නිදහස් කලේ ලක් මෑණිට
    ජීවිතේ හැම මිහිරි දේවල් අහිමි වූවත් ඔබ හට
    දිවි පරදු කොට සටන් කෙරුවේ ලක් මවුන් රැක ගැනුමට...

    රට නසන්නට සතුරු කැල අවි දරා ආවිට දස දෙසින්
    අප පුතුන් ඉදිරියට ආවේ මවු බිමට ඇති සෙනෙහසින්
    කොතෙක් සිටියද මෙහෙයවන්නට යුද්ධයේ සෙන්පතිවරුන්
    රටට ණය නැති සෙබල පුත නුඹ තමයි කණ්ඩුල ඇත් රජුන් ...

    දශක ගණනක් අපේ මිනිසුන් විඳි අපා දුක් යුධ බියෙන්
    තුරන් කල ඔබ සදා නොමියෙන අපේ විරුවෙකි හදවතින්
    ඉදිරි දිවියම ඇඳට වී ඔබ ගත කළත් අප හඬවමින්
    වැය කලේ ඔබ ඔබේ අද දින අපේ හෙට දින සුරකිමින් ...

    සෙනෙවියන් සෙන්පතිවරුන් යුද මෙහෙයවුවත් අණදෙමින්
    නොහැක මේ නිදහස ලබන්නට නොහිටියානම් මේ පුතුන්
    කැප කලේ මුළු තරුණ දිවියම දෙ ඇස් ඇත් පා දන් දෙමින්
    සෙබල පුත නුඹ වැදූ මව වෙනු ඇතිය මෙපිනින් මතු බුදුන්...


     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,315
    413
    113
    ֍.මේරා ලඟ.֎
    මගෙ අහසේ අදුර බිදින සඳවතී...

    මගෙ අහසේ අදුර බිදින සඳවතී
    අම්මේ ඔබ හැරෙන්න කවුරුද ලෝකේ
    හිරු සේ මගෙ ජීවිතයම එලි කළේ
    පියාණනේ සෙනෙහස පිටාර ගැලුවේ
    අත් දෙක අල්ලන් මගෙ ඉස්සර වාගේ
    පාර කියන තරු කැට යුවල
    නින්ද නැතුව මට මග කියන...

    වරදින්නේ මුලටම හරියන හින්දා
    පාඩම කියා දුන්නෙ ඔබමයි සැමදා
    සීමාවක් හොයන්න ඔබේ ආදරේ
    තව දුර එන්නද මම මේ සංසාරේ
    ආදරෙ වචන වලට හරවා ගන්න
    අම්මේ පුලුවන්නම් කියලා දෙන්න..
    අත් දෙක අල්ලන් මගෙ ඉස්සර වාගේ
    පාර කියන තරු කැට යුවල
    නින්ද නැතුව මට මග කියන...

    මා වෙනුවෙන් වයසට ගිහින් අකාලේ
    හීනත් දකින්න ඇති නේද දවාලේ..
    දෙපතුල ළග වැටිලා වැදගෙන ඉන්න
    ආත්ම ගාණක් මට උණුසුම දෙන්න
    ආදරෙ වචන වලට හරවා ගන්න
    තාත්තෙ පුලුවන්නම් කියලා දෙන්න...

    මගෙ අහසේ අදුර බිදින සඳවතී...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සිත්තම් කරමින්
    මනසේ ඔබෙ රුව
    කවදා හෝ යළි
    දකින තුරා
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,315
    413
    113
    ֍.මේරා ලඟ.֎
    සිහිනයකි ආදරේ...

    නොබිඳෙනා භාවනාවක් වගේ
    ඔබේ ඇස් දෙක කෙරේ
    බලාගෙන ඉන්න හැකි නම්
    මාගේ දිවියේ ඒ තරම් සැනසුමක්
    ජීවිතේ නැහැ මටත් සත්තමයි රත්තරන්
    අයිති කරගන්නට බැරි..
    නමුත් මනසින් පෙම් බැඳී..
    පෙම් කතාවක් ලෝකෙ කාටත් තියෙනවා..

    පෙනෙන දුරින් රැඳිලා අද හිටියත් අපි දෙදෙනා
    කිසි දිනෙක හැබෑ නොවෙනා
    සිහිනයකි ආදරේ...

    වරින් වර හමුවී වරින් වර වෙන් වී
    මුවෙන් මුව නොගැටී ගියත් ඔබ නොපෙනී
    කියන්නට නොහැකී කතාවක් සැඟවී
    හිතේ මිහිදන් වී තියේ මට වද දී
    අයිති කරගන්නට බැරි..
    නමුත් මනසින් පෙම් බැඳී..
    පෙම් කතාවක් ලෝකෙ කාටත් තියෙනවා..

    පෙනෙන දුරින් රැඳිලා අද හිටියත් ...

    කඳුළු බිඳු ගිලිහී යන විටදි කළු වී
    හිස නමා සමුදී කාලයට ඉඩදී
    ඉක්මනින් මියැදී ඉක්මනින් ඉපදී
    මතු ආත්මයකදී ඔබෙ වෙන්න පතමී..
    අයිති කරගන්නට බැරි..
    නමුත් මනසින් පෙම් බැඳී..
    පෙම් කතාවක් ලෝකෙ කාටත් තියෙනවා..

    පෙනෙන දුරිනි රැඳිලා අද හිටියත් ...
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,315
    413
    113
    ֍.මේරා ලඟ.֎
    වස්සානයේ කඳුළු වියලී යාවී...

    වස්සානයේ කඳුළු වියලී යාවී
    නුඹ ගැන මතකේ සිතෙන් මැකේවී
    අළුත් ඉරක් හෙට පායා ඒවී...

    හිනා මල් ලඟ මං නවතින්නෑ
    ස්නේහ මීදුමේ මං දැවටෙන්නෑ
    ආදරේ මට අවැසි වෙන්නෑ
    මං දැන් නිර්වාණයේ...

    බොඳ සිහිනවල ආයිත් ගිලෙන්නෑ
    අරුත් සුන් පද ආයිත් ගොතන්නෑ
    පැතුම් කඳු මං ආයිත් හදන්නෑ...

    නුඹේ උණුහුම මට හීතල නෑ
    නුඹේ හාදුවැල් මට උණුහුම් නෑ
    හිරුට පිපුණු කොඳ සඳු රවටනු බෑ
    මං දැන් නිර්වාණයේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සංසාර ආදරේ නුඹ ඉන්නවා
    හිත හදනවා ඇස් ඉඹිනවා
    සෙනෙහස අරන් දුරඉස
    හිස තියනවා
    හුස්මක් දුරින් තනියට
    නුඹ ඉන්නවා

    මතකය හිතේ අහසක් තරමට ගොතා
    ඉර හඳ පවා දිවුරයි පෙම්වත් කියා
    දුරකට නොයා තනියට පපුවට වෙලා
    හෙමිහිට රහස් අපි ගැන කිවුවා කථා

    සංසාර ආදරේ ...................

    ඇහිපිය පවා අඳුරන හීනය වෙලා
    කඳුළයි දුකයි තනියට හිතවත් කළා
    දහසක් සුසුම් අතරේ පැතුමක් මවා
    මුළු හිත පුරා තිබුණා නුඹ ගැන ලියා

    සංසාර ආදරේ ...................


    ගායනය :- ආත්මා ලියනගේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,076
    0
    තරු අතරේ
    ප්‍රේමයේ මන්දහාසිනී...
    යෞවනේ සිහින සාධනී
    නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ
    පාව යයි සුන්දරයි ජීවිතේ
    ප්රේමයේ මන්දහාසිනී...

    තාරකා නිව දමන්න නෙත් කැලුම් විදා
    මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා
    ප්රේමයේ මන්දහාසිනී...

    තාරකා නිව දමන්න නෙත් කැලුම් විදා
    මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා
    සඳත් වසන් වෙලා රැයක් මුදුන් කලා
    සඳත් වසන් වෙලා රැයක් මුදුන් කලා
    පාව යයි සුන්දරයි ජීවිතේ


    ප්‍රේමයේ මන්දහාසිනී...

    මාලතී වනේ රැඳෙම්ද මල් යහන් තලා
    මී විතේ අමා පුරම්ද රත් ලවන් පෙලා
    මාලතී වනේ රැඳෙම්ද මල් යහන් තලා
    මී විතේ අමා පුරම්ද රත් ලවන් පෙලා
    සුසුම් පවන් හැඟුම් දියත් කලා
    සුසුම් පවන් හැඟුම් දියත් කලා
    පාව යයි සුන්දරයි ජීවිතේ


    ප්‍රේමයේ මන්දහාසිනී...
     
    • Like
    Reactions: Arthur Curry

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,076
    0
    තරු අතරේ
    හිම රේනු වැටෙනා සීතලේ..
    නෙත ගාව රඳවා ආදරේ..
    සුදු සේල සුළගේ පා කලේ..
    ඔබ නේද මාගේ බිසෝ..


    රන් තෝඩු සැලෙනා රාවයේ
    සිත ගාව බැන්දු මාලිගේ..
    රතුු රෝස යහනා සෑදුවේ..
    මට නේද මගෙ මල් සරෝ..


    මධු පානයක් සේ වෑහිලා
    යනවාද දෙතොලේ ගෑවිලා


    මනමාලයන්ගේ චේතනා
    නොකියාම පාලා සිනා..


    හිම රේනු වැටෙනා සීතලේ..
    නෙත ගාව රඳවා ආදරේ..
    සුදු සේල සුළගේ පා කලේ..
    ඔබ නේද මාගේ බිසෝ.


    රන් තෝඩු සැලෙනා රාවයේ
    සිත ගාව බැන්දු මාලිගේ..
    රතුු රෝස යහනා සෑදුවේ..
    මට නේද මගෙ මල් සරෝ.


    මුතු මාලයක් සේ යාවුනේ
    අපි ආත්ම ගනනේ පෑ සෙනේ


    මනමාලියන්ගේ චේතනා
    පවසාවි දෑසේ ලතා


    රන් තෝඩු සැලෙනා රාවයේ
    සිත ගාව බැන්දු මාලිගේ..
    රතුු රෝස යහනා සෑදුවේ..
    මට නේද මගෙ මල් සරෝ..


    හිම රේනු වැටෙනා සීතලේ..
    නෙත ගාව රඳවා ආදරේ..
    සුදු සේල සුළගේ පා කලේ..
    ඔබ නේද මාගේ බිසෝ..
     
    • Like
    Reactions: Arthur Curry

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,076
    0
    තරු අතරේ
    මං නුබෙමද අහන හිතින් නුඹ මගෙමද හිතනවනම්
    මන් විතරද අහන මුවින් මගේ විතරද කියනවනම්
    සාගරේ හඩ දිගේ මේ ගඟ ගලනවනම්
    මං නුබේ නුබ මගේ අපි අපේ විතරනම්...

    සඳ අහසට රළු පොළව දුරයි කියනවා
    එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා
    කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවා නම්
    අපි ගැන දන්නා කවිරුත්ත ව නෑ
    අපි අපේ විතරනම්

    අපි අපේ විතරනම්

    මං නුබෙමද අහන හිතින්.............

    මං නුබේ නුබ මගේ
    අපි අපේ විතරනම්..
     
    • Like
    Reactions: Arthur Curry

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,025
    1,950
    113
    Scandinavia
    පුරුදු පාරෙම අදත් යනවා
    ඒත් වෙන ගමනක් පුතේ
    හුඟක් අය මගෙ පස්සේ එනවා
    තනිව ආ ගිය මගේ
    කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ
    හුඟක්බරනම් බිමින් තියපන්
    රිදෙනවා ඇති අත උඹේ

    කන්ද පාමුල සොහෙන හුරු නෑ
    දන්නවා ම්ං මගෙ පුතේ
    මගේ තනියට තවත් අය ඇති
    අඳුරගන්නම් හෙට උදේ
    සොබාදහමට අවනතයි මං
    ඉතින් යන්නම් ගොම්මනේ
    යන ගමන් මේ බේත් තුන්ඩුව
    අරන් පලයන් අම්මගේ

    -Ravi Royster-


     
    • Like
    Reactions: Arthur Curry

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති
    සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති
    අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට
    පාවි පාවි ගිය හැටි මතකයි

    ජිවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන
    කාලය තුල දිව යනවා
    කල කී දේවල් පමණක් පසු පස වාගෙ දැනෙනව
    සෙවනැල්ලක් වගේ

    විටකදි නොසිතු දේ විටකදි ළඟා වෙති
    එලෙසම සමහරක් දේවල් ඈත් වෙති
    අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට
    පාවි පාවි ගිය හැටි මතකයි

    ජිවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන
    කාලය තුල දිව යනවා
    කල කී දේවල් පමණක් පසු පස වාගෙ දැනෙනව
    සෙවනැල්ලක් වගේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,025
    1,950
    113
    Scandinavia
    වැහි ළිහිණියේ නුඹ නාවෙ ඇයි
    දුර ඈත ඉගිලුනි දෝ
    ආයේ දවසක සැඳෑවරැවක දකිනූ බැරිවෙයි දෝ

    වස්සානයේ මල් විනා පොකුරින්
    දෝත ගෙන ඔබ ඒවි යැයි මා
    වස්සානයේ අවසානේ වනතුරැ බලාගෙන හිටියා

    වැහි ළිහිණියේ නුඹ ආවෙනෑ
    මO බලාගෙන හිටියා

    එලබෙනා ඊළඟ වසන්තයට නෑවිදින් ඉන්නට එපා නුබ
    ආයේ සැරයක් එක වතාවක් දකින්නට ආසයි
    වැහි ළිහිණියේ නුඹ ආයෙමත් දකින්නට ආසයි

    -Kasun Kalhara-
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,220
    113
    දැහැනකි ඔබ මගෙ හදවත බන්දන
    සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන

    දිනයක් එළඹෙනු ඇත මන නන්දන

    අසිනිය
    මල්මද සිරිකත කැන්දන
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,220
    113
    It's good to touch the green, green grass of home

    The old house is still standing
    Though the paint is cracked and dry
    And there's that old oak tree that I used to play on
    Down the lane, I walk with my sweet Mary
    Hair of gold and lips like cherries
    It's good to touch the green, green grass of home

    Then I awake and look around me
    At four grey walls that surround me
    And I realize, yes, I was only dreaming
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,087
    113
    පොළොවෙ පස් යට
    දිනෙක මේ මාවතේ මතකයි පියමැන්නා
    හිරිපොද වැස්සේ කුඩයක මැදිවී

    හීතල වැහි පොද ඔබේ කොපුල් මත
    වැදී වැටෙන හැටි මතකයි අද වාගේ..
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    8,789
    12,206
    113
    Dubai, UAE
    ආදරේට හේතුකාර හාර හාර හොයනු එපා
    ආදරේ සැබෑ රසේ මැකේව් ඒ නිසා
    ගැලපෙනා කෙනා එනවා
    යන කෙනා ලොවෙත් යනවා
    කල්ගියත් එදේ වෙනවා
    හොඳම දේ තමා වෙනවා