පන්තිය පිරිසුදු කර නෑ කියා විදුහල්පතිගෙන් බෙල්ලට පහර කෑ පුංචි පුතාට මාස 3ක් බේත් බඳිනවා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    2,663
    6,576
    113
    43
    Living in an Atom
    Untitled.png


    පන්ති කාමරය පිරිසිදු නොකළැයි විදුහල්පතිවරයා විසින් 12 හැවිරිදි සිසුවකුට කළ පහර දීමකින් සිසුවාගේ ගෙලෙහි අස්ථි දෙකකට හානි සිදු වී මාස තුනක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටින පුවතක් මිද්දෙණියේ පාසලකින් වාර්තා වේ. මෙලෙස විදුහල්පතිවරයාගේ පහර කෑමට ලක්ව අසාධ්‍ය තත්ත්වයට පත්ව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර නේවාසික ප්‍රතිකාර ගෙන ඇත්තේ දෙබොක්කාව මහා විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි. සිද්ධියට මුහුණ දුන් පාසල් සිසුවා ඒ සම්බන්ධයෙන් අපට මෙසේ පැවසීය:

    “මම හතේ පන්තියෙ ඉගෙනගන්නෙ. අපේ පන්තියෙ නායකයා මම. පහුගිය මැයි දෙවැනිදා අපට පළමුවෙනි පීරියඩ් එකේ ආගම තිබුණෙ. ටීචර් ඇවිත් පන්තියේ ආගම උගන්වමින් ඉන්න කොට ප්‍රින්සිපල් සර් පන්තියේ දොරකඩට ඇවිත් 'මේ පන්තිය අතුගාල නෑනේ. කෝ පන්ති නායකයො?' කියලා ඇහුවා. මමයි, පන්ති නායිකාවයි නැඟිට්ටා. ප්‍රින්සිපල් සර් මට කතා කරලා අරගෙන, 'තමුන් පන්ති නායකයානේ. තමුන් මේවා පිරිසිදු කරවන්න ඕනි නේ!' කියලා මගේ කනෙන් අල්ලගෙන පන්ති කාමරයෙන් එළියට අරගෙන ඇවිත් අත මිට මොළවලා මගේ බෙල්ලට හයියෙන් දෙකක් ගැහුව. මට ඒ වෙලාවෙ හරියට රිදුණා. ඊට පස්සෙ ප්‍රින්සිපල් සර් මට කියලා ඒ වෙලාවෙ අපේ පන්තිය සම්පූර්ණයෙන්ම අතුගෑවෙව්වා. පන්ති නායිකාවට කිසිම දෙයක් කීවෙ නෑ. ඊට පස්සෙ මම වේදනාව ඉවසාගෙන පන්තියෙ අමාරුවෙන් ඉඳලා, ඉස්කොලෙ ඇරුණාම අම්මත් එක්ක ගෙදර යන ගමන් කීවා 'අම්මේ... මට ප්‍රින්සිපල් සර් බෙල්ලට ගැහුවා, හරිම අමාරුයි, ඉන්න බෑ...' කියලා.”

    දරුවාගේ මව වන අබේසිංහ ගමාච්චිගේ ලලනි චම්පිකා සිද්ධිය විස්තර කළේ මෙලෙසිනි:

    “පන්තිය අතුගාලා නෑ කියලා විදුහල්පතිවරයා මගේ දරුවගේ බෙල්ලට අත මිට මොළවලා ගහලා. දරුවා වේදනාව උහුලාගන්න බැරිව මට කිව්වා. මම ගෙදර එක්ක ගිහින් බෙල්ලේ තෙල් ටිකක් ගෑවා. රෑ වෙන කොට බෙල්ල හොඳටම ඉදිමිලා. පහුවදාම මම පාසලට ගිහින් මේ ගැන විදුහල්පතිගෙන් ඇහුවා. එතකොට විදුහල්පති මට ඉතාමත් පහත් ලෙස බැණලා එළවගත්තා. දරුවගේ බෙල්ල හොඳ නැති නිසා මම දරුවා ගෝණදෙණිය රෝහලට එක්කගෙන ගිහින් බෙහෙත් අරන් දුන්නා. ඒත් අමාරුවෙ කිසි අඩුවක් නෑ. දවස ගානේ අමාරුව වැඩි වුණ නිසා යළිත් ගෝණදෙණිය රෝහලට දරුවා අරන් ගියාම එහි වෛද්‍යවරු දරුවා රෝහලේ නවත්තලා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය මූලික රෝහලට දරුවා මාරු කරලා යැව්වා. ඇඹිලිපිටිය රෝහලේ වෛද්‍යවරයා දරුවා බලලා, 'දරුවට අමාරුවක් නෑ, බොරුවට ඉස්පිරිතාලේ ඉන්න ඕනැ නෑ' කියා දරුවගේ ටිකට් කැපුවා. ඒ වෙන කොටත් දරුවාට අමාරුයි. බැරිම තැන මම කරාපිටිය රෝහලේ වෛද්‍යවරයකු හමුවෙලා දරුවා පරීක්ෂා කෙරෙව්වා. කරාපිටිය රෝහලේ වෛද්‍යවරයා දරුවා පරීක්ෂා කරලා දරුවගේ බෙල්ලේ අස්ථි දෙකක් ඇදී ඇති බව කිව්වා. මේක අවදානම් තත්ත්වයක් බවත් ඔහු පැවසුවා. ඒ අනුව දරුවා කරාපිටිය රෝහලට ඇතුළත් කරලා ප්‍රතිකාර කළා. එහිදී දරුවගේ බෙල්ලට කොලරයක් දමා, ඔළුවේ වැලි කොට්ටයක් එල්ලා තබා තිබුණා. දැන් මේ වෙන කොට දරුවා මාස 3ක් තිස්සේ නිවෙසේ ප්‍රතිකාර ගනිමින් ඉන්නවා.”

    තම දරුවාට වූ අසාධාරණයට යුක්තිය ඉටු කරගැනීම සම්බන්ධයෙන් ගත් පියවර සහ එහිදී ලත් අත්දැකීම් මව මෙලෙස අප හා වැඩිදුරටත් විස්තර කළාය:

    “මගේ දරුවාට විදුහල්පතිවරයා කළ මේ අමානුෂික පහරදීම සම්බන්ධයෙන් මම මිද්දෙණිය පොලිසියට පැමිණලි කළා. දරුවා මෙච්චර අසාධ්‍ය තත්ත්වයේ සිටිද්දිත් මිද්දෙණිය පොලිසිය මේක සුළු සිදුවීමක් කියා පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කළා. දරුවා ඇඹිලිපිටි මූලික රෝහලට ඇතුළත් කළාම රෝහලේ කිහිපදෙනකු හා අධිකරණ වෛද්‍යවරයා 'මේක ප්‍රින්සිපල් අමාරුවේ දමන්න කරන වැඩක්, මේ ළමයට කිසි ලෙඩක් නෑ' කියා ටිකට් කැපුවා. පසුව මේ සම්බන්ධයෙන් මම තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයට වගේම කොළඹ ගිහින් කොළඹ ළමා ආරක්ෂණ අධිකාරියට සහ ළමා හා කාන්තා කාර්යාංශයට, පොලිස්පතිට හා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කළා. ඒත් මේ වෙනකන් මගේ දරුවට කිසිම සාධාරණයක් ඉටු වුණේ නෑ. මානව හිමිකම් කාර්යාලයෙන් මීට දින තුනකට කලින් ඇවිත් ප්‍රකාශයක් ලියාගෙන ගියා විතරයි. අපි වගේ අසරණ අයට දෙයක් වුණාම කියන්න කෙනෙක් නෑ. මේ සම්බන්ධ සියලු පරීක්ෂණ අතරමග නැවතිලා. මේ වෙන කොට මම හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයට මේ අවනඩුව ලිඛිතව දැනුම් දුන්නා. මගේ දරුවට වුණ දේ හෙට වෙනත් දරුවකුට නොවිය යුතුයි.”

    මේ දරුවාට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් නීති සහාය ඉල්ලා දරුවාගේ මව විසින් හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත ලිඛිත පැමිණිල්ලක් සිදු කළ බව එහි සම්බන්ධීකාරක තරංග එල්. පටබැඳි මහතා දිනමිණට පැවසූ අතර, දෙබොක්කාව විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ ඇඹිලිපිටිය රෝහලේ බලධාරීන් වෙතින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීමට අප උත්සාහ ගත්තද දුරකතනවලට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් එය අසාර්ථක විය.

    (නුවන් ජයසේකර)
     

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    734
    997
    93
    පොල්ලක් අරන් පිනාගෙ බෙල්ල ඇදවෙන්න නෙලුවනම් ඉවරනෙ...ඕවා නීතියෙන් කරන්න බෑ...පොහොට්ටුවෙ ගූ කාපු එකෙක් වෙන්න ඕන ඔය පිනා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    17,867
    17,052
    113
    මේවට නීතියෙන්ම යුක්තිය ඉටු කරගන්න ඕනෙ බන්. ගිහින් ගැහුවට වැඩක් නෑ.
     
    • Haha
    Reactions: YelaWolf

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    26,912
    57,393
    113
    Kuwait-Galle
    කොළඹ ළමා ආරක්ෂණ අධිකාරියට සහ ළමා හා කාන්තා කාර්යාංශයට, පොලිස්පතිට හා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කළා. ඒත් මේ වෙනකන් මගේ දරුවට කිසිම සාධාරණයක් ඉටු වුණේ නෑ.
    මොන වෙස බල්ලෝද ඉන්නේ මේකේ.
     
    • Like
    Reactions: Draco Malfoy

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,610
    2,227
    113
    පොල්ලක් අරන් පිනාගෙ බෙල්ල ඇදවෙන්න නෙලුවනම් ඉවරනෙ...ඕවා නීතියෙන් කරන්න බෑ...පොහොට්ටුවෙ ගූ කාපු එකෙක් වෙන්න ඕන ඔය පිනා
    අම්ම විතරද දන්නෙත් නෑ ඉන්නෙ. පවු
     
    • Like
    Reactions: Draco Malfoy

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,124
    11,158
    113
    Behind u :p
    පුකට පිහි පාරක් දුන්න නම් ඔය උන හරියනව
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    1,492
    1,234
    113
    මගේ එහෙම ළමයෙක්ට කරානම් ඕකව මරනවා..මට කමක් නැහැ ඕකා මොන පක්ෂෙකට පුක දුන්නත්.
    සිරා කතාව. කන්ට්‍රැක් එකක් දීල හරි උකෝනව උගෙ පවුලටම
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    390
    817
    93
    ලංකාව කියන්නේ Contacts / ඇදුරුම්කම් වලින් හැදිච්ච රටක් !! එහෙම රටක Contacts / ඇදුරුම්කම් නැති ඕනෙම කෙනෙක් පට්ටම අසරණයි !! සල්ලි තිබ්බත් සමහර ලොකු ලෙවල් වලදී ඒකත් මදි වෙනවා survive වෙන්න මේ රටේ !! හිතන්න අපි සාමාන්‍ය හොඳ Upper Middle Class Family එකක උනත්.. ඉහළ දේශපාලකයෙක්ගෙන් හරි ලොකු එකෙක්ගෙන් හරි අසාධාරණයක් උනොත් අපි ඒ තැනේදි සල්ලි තිබ්බත් අසරණයි !! අපිට එහෙම situation එකක් ආවේ නැති එක තමා වෙනස.. ආවොත් අසරණයි !!