පනාගොඩ හොරෙන් හංගන් ඉන්න ස්කූල් බස් තොගය මාට්ටු

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    12,497
    14,344
    113
    日本
    ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම වසර හතකට පෙර මෙරටට ආනයනය කරන ලද විශේෂයෙන් නිර්මාණය කරන ලද බස් රථ අසූවක් තවමත් එම සමාගමේ පනාගොඩ කර්මාන්ත ශාලාවේ ගාල් කර තිබෙන බව වාර්තා වෙනවා. විශේෂත්වය වන්නේ ඒවා පාසල් සිසුන් ප්‍රවාහනය කිරීම සඳහා කියමින් මෙරටට ගෙන්වා තිබීම යි. විදේශ විනිමයක් වැය කරමින් ගෙන්වා ඇති මෙම බස් රථ මිල දී ගැනීමේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය නොලැබීම හේතුවෙන් බස් රථ මෙසේ ගාල් කර තිබෙන බවයි කියන්නේ.

    හෝමාගම පනාගොඩ ලංකා අශෝක් ලේලන්ඩ් සඟවා ගෙන සිටින මේ බස් රථ කඩිනමින් ධාවනයට එක් කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතියද ගෙන ඇති බව විෂය බාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා තිබෙනවා. අමාත්‍යවරයා කැබිනට් අමාත්‍ය ධුරයක් දැරූ වසර ගණනාවකට පසු මෙම බස් රථ පිළිබඳව තොරතුරු හෙලිදරව් කරගැනීම විශේෂ කරුණක්.

    oG9fvLu.jpeg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    36,037
    1
    23,979
    113
    හොරෙන් තියෙන ලබු ගෙඩියක් නැහ් ඕකට යන ඕන කෙනෙකුට පේන්න තියල තියෙන්නෙ 😂 තනිදොර සුන්දරම් ඒවත් තියෙනව නිකං දිර දිර
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,237
    1,307
    113
    රජරට
    මොනවද බං මේ කතා බස් 80ක් හංගලා තියාගෙන ඉඳලා තාක්ෂණික කමිටු නිර්දේශය නැතුව. ගිණි පෙට්ටි ද? සබං කෑලි ද? ඒකත් අවුරුදු 07ක්. සාමාන්‍ය රජයේ ආයතනයක ලියුමක් දවස් දෙකක් පරක්කු උනොත් බලන්න පුලුවන්. බොරු ෂෝ තමයි. තව ටික දවසකින් බස් ටික එලියට දායි. වැරදි කාරයො නිදොස් කොට නිදහස් කරයි.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    1,405
    2,734
    113
    "විදේශ විනිමයක් වැය කරමින් ගෙන්වා ඇති මෙම බස් රථ" දැන් එතකොට මේ කියන්නේ මෙව්වා ගෙනත් තියෙන්නේ රජයේ සල්ලි වලින් කියලද?
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    567
    567
    93
    නිව්ස් එක සම්පූර්ණ තොරතුරු නෑ නේද? රජය ගෙන්වපු එකක්ද?? නැත්තම් පවුද්ගලිකව ගෙන්නපුවාද? මොන තාක්ෂණික කමිටුවෙන්ද අනුමත උනේ නැත්තේ... කියල...
    ඇමතියාව උස්සන්න හෝ වෙනත් යටි අරමුනකින් දමපු නූලක් වගේ...
    තාක්ෂණික කමිටුව අනුමත කරේ නෑ කියල බස් හංගන් ඉන්න ඕන නෑ නේද?
     
    • Like
    Reactions: khjinesh and NRTG

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    5,920
    15,237
    113
    නිව්ස් එක සම්පූර්ණ තොරතුරු නෑ නේද? රජය ගෙන්වපු එකක්ද?? නැත්තම් පවුද්ගලිකව ගෙන්නපුවාද? මොන තාක්ෂණික කමිටුවෙන්ද අනුමත උනේ නැත්තේ... කියල...
    ඇමතියාව උස්සන්න හෝ වෙනත් යටි අරමුනකින් දමපු නූලක් වගේ...
    තාක්ෂණික කමිටුව අනුමත කරේ නෑ කියල බස් හංගන් ඉන්න ඕන නෑ නේද?
    Technical commitee එකේ අනුමැතියක් නැතුව ඕව ගෙන්නන්නම බෑනෙ. බස් ටික ගෙන්නලා අනුමැතියට දාන්න ඇති.

    ගෙන්නුවෙ මොකාද කියල තමා බලන්න ඕන.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,237
    1,307
    113
    රජරට
    Technical commitee එකේ අනුමැතියක් නැතුව ඕව ගෙන්නන්නම බෑනෙ. බස් ටික ගෙන්නලා අනුමැතියට දාන්න ඇති.

    ගෙන්නුවෙ මොකාද කියල තමා බලන්න ඕන.
    ඒකනේ බං, මේ කතා හොඳයි කොන්ඩෙ බැඳපු, ඇස් පුංචි චීන්නුන්ට. මුං හිතාගෙන ඉන්නෙ රටේ ඉන්න සේරම තණකොල කනවා කියලා.