පරණ වාහන දුවන තත්වයේ නෑ. මන්ත්‍රීලා හැමෝටම නවීන වාහනයක් ලැබෙයි – මාලිමා ධර්මප්‍රිය

monson

Well-known member
  • May 7, 2007
    20,428
    18,012
    113
    :lol:
    සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නවීන වාහනය බැගින් රජයෙන් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඒ සම්බන්ධයෙන් රජය එකඟතාවකට පැමිණ ඇති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා පවසයි.

    “මන්ත්‍රීවරු අපි බලාපොරොත්තු වෙනවා හැම මන්ත්‍රීවරයකුටම වාහනයක් අවශ්‍යයි කියලා. ඩබල් කැබ්ද අපි දන්නෑ. මේ වෙනකොට කිසිදු මන්ත්‍රීවරයෙකුට එහෙම වාහනයක් ලැබිලා නෑ. අපිට වාහන ලබාදීම පිළිබඳව අපි එකඟතාවකට ඇවිල්ලා තිබෙනවා. වාහනයක් ලැබෙයි. ඒක ඩබල් කැබ් එකක්ද, ඊට වැඩිය සරල එකක්ද කියන එක සම්බන්ධයෙන් අපි තවම දන්නෙ නෑ. ඒක කොහොම දැනගත්තාද කියලා මම දන්නෙත් නෑ. අපට වාහනයක් තව සති කිහිපයක් ඇතුළත, මාසයක් දෙකක් ඇතුළත ලැබෙයි. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට, ඇමතිවරයෙකුට තමන්ගෙ කාර්යභාරය කරන්න වාහනයක් අවශ්‍යයයි කියන එක අපි බැහැර කරන්නෙ නෑ, අපි ඒක ප්‍රතික්ෂේප කරන්නෙ නෑ. ඉතින් අනිවාර්යයෙන්ම වාහන ලැබෙයි”

    ප්‍රශ්නය – වාහන ආනයනය කරලා ගෙනල්ලා දෙනවාද ? එහෙමද ?

    “ඔව්, ඒක අලුත් වාහනයක් ලැබෙයි. මොකද තියෙන පරණ වාහන පූල් එකක් තියෙනවා, එක වාහනයක්වත් ගන්න පුළුවන් තත්වයේ නෑ. ඒවා සේරම කැත විදියට අවභාවිතා කරපු වාහන. ඒ සියලුම වාහන ආපහු බලගන්වන්න නම් ඒවාගෙ දහ ගුණයක් ඒකට වියදම් කරන්න වෙලා තියෙන්නෙ. ඒ කිසිම එකක අවශ්‍ය කාරණ නෑ. සේරගේම බොහෝ දේවල් ඉවත් කරගෙන තමයි රජයට ආපහු බාරදීලා තියෙන්නෙ. ඒවා ඒ විදියට තමයි සිද්ධ වෙලා තියෙන්නෙ. සමහර බාර නොදීපු වාහනත් තවම තියෙනවා. ඉතින් බාර දීපු වාහන ආපහු යථාවත් කරනවාට වැඩිය අපි විශ්වාස කරනවා නවීන වාහනයක් ලබාදීමට කටයුතු කරනවා නම් ඒක සම්බන්ධයෙන් අපට ගැටලුවක් නෑ. කොහොමටත් වාහනයක් දෙන එක තමයි රජයේ ස්ථාවරය”

    ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (18) කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    - https://sinhala.lankanewsweb.net/01/19/149444/
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,936
    113
    Panadura
    අදයාපන සුදුසුකම් ඉදන් බොරු පෙන්නලා low iq මෝඩ ජෙප්පොන්ව රවට්ටලා චන්ද අරන් පාර්ලිමේන්තුවට ආවේ ඇත්තටම රට හදන්න.ඒක නිසා හොදට සැප පහසුකම් දෙන්න ඕන...
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,761
    5,539
    113
    සිරසේ සතුටු සුරන්ග

    Awkward Season 4 GIF by The Office