අප්ඩේට් එකට තෑන්ක්ස් මචෝ....ගොඩක් වටින ලිපියක් බොහොම ස්තූතියි මචෝ
පොඩි දෙයක් මේකත් වැදගත් වේවි...
දැන් ජාතික හැඳුනුම් පත එන්ගිරිසි සහ සිංහල දෙකනම තියනවා. එක නිසා ග්‍රාමසේවක දෙන ෆෝම් එක බෂා දෙකන්නම ලියන්න.
මුලින් සිංහලන් ලියලා යටින් එන්ගිරිසි නුත් ලියන්න...
මොකද එතන ඉන්න පොරක් තමා ඕක ට්රාන්ස්ලට කරන්නේ එතකොට නම ලිපිනය පොඩ්ඩක් අකුරු වරදින්න පුළුවන් එහම උනාම ආපහු රස්තියාදු වෙන්න වෙනවා වෙනස් කරන්න...
උදාහරණයක් හරියට මෙ ලිපිය දාපු එක්කනගේ නම
අකිල
akila
Akela
ඔය විදි දෙකටම ලියනවා. උබ නම ලිපියන වැරදි කියල උප්පැන්න සහතික එන්ගිරිසි සහ ගමනාගමන බලපත්‍රය අරගෙන යන්න වෙනවා වෙනස් කරගන්න
කොල්ලුපිටිය
Colpetty
Kollupitiya
Kollupeteya
අපෝ මෙලොරහක් නැති කොල්ලෝ ටිකක් මචන් ඔයාලගේ පැත්තේ ඉන්නේ. මම ඕක ඇහුලුවනම් සෙට් එකත් එක්ක චිකන් කොත්තු කාලා ඇඩ්රස් එක හොයන රෑට ගේ ගාවට ඇවිල්ලා හූත් කියලා දුවන්නේවටින ලිපියක් මචෝ... තෑන්ක්ස්..
මගෙත් පර්ස් එක වැටිල ගෙවල් පැත්තෙ ළමයි දෙන්නෙක් අහුලල ගෙදරටම ගෙනත් දුන්න....
අපෝ මෙලොරහක් නැති කොල්ලෝ ටිකක් මචන් ඔයාලගේ පැත්තේ ඉන්නේ. මම ඕක ඇහුලුවනම් සෙට් එකත් එක්ක චිකන් කොත්තු කාලා ඇඩ්රස් එක හොයන රෑට ගේ ගාවට ඇවිල්ලා හූත් කියලා දුවන්නේ![]()
![]()
Thamath me widiyatamada okkoma wenneපර්ස් එක නැති උනාද ?
අතරමගදී , බස් එකකදී කවුරුහරි ගැට කපන පින්වතෙකුට පූජා කරලා හරි , අහක යන කෙල්ලෙක්ට පැණි හලන්න ගිහින් අමතක වෙලා හරි තියෙන වටිනා ලියකියවිලි ටිකත් එක්ක පර්ස් එක නැති උනාද ?
නැත්නම් නැතිකරගන්න බලාපොරොත්තු වෙනවද ? එහෙනම් මෙන්න මං තුමා ලද First Hand Experience අනුව ඔබට ලබාදෙන උපදෙස් මාලාව.
මේක ලියන්න හිතුවේ නැතිඋන ජාතික හැඳුනුම් පතක් , රියදුරු බලපත්‍රයක් අලුතෙන් හදාගන්න එක ගැන 1919 අංකයෙන් පවා ලබාදෙන තොරතුරු වැරදි සහ අඩුපාඩු සහිත නිසයි.
මෙන්න වැදගත්ම එක.
ජාතික හැඳුනුම්පත .
ජාතික හැඳුනුම්පත නැති උනානම් මුලින්ම කරන්න ඕනේ තමන් පදිංචි (ස්ථිර පදිංචිය) ප්‍රදේශය අයත් ග්‍රාමසේවක මහතා හමුවෙන එක. ගිහින් කතාව කියන්න. එතකොට අවශ්‍ය දේවල් ටික කියයි.
මෙතැනදී මම කියන්න යන්නේ පොලිසියේ කරන පැමිණිල්ල ගැන. මේ පැමිණිල්ල කරන්න ඕනි ඔබගේ ස්ථිර පදිංචිය අදාළ වන පොලිස් ස්ථානයේ .කොළඹ කොටුවේ දී නැති උනේ කියල කොටුවේ පොලිසියට පැමිණිලි කරලා වැඩක් නෑ.තාවකාලිකව (බෝඩිමක් වගේ) ඉන්නවනම් ඒ අදාළ පොලිසියට පැමිණිලි කරලත් වැඩක් නෑ .
අනික මේ පැමිණිල්ල නිකන්ම ලියල දෙන්නේ නෑ . ග්‍රාමසේවක මහතාගෙන් පදිංචිය සහතික කරලා හැඳුනුම්පත නැතිවීම සම්බන්ධව පැමිණිල්ල බාරගන්න කියල ඉල්ලීමක් කරපු ලියුමක් අනිවාර්යෙන් අරන් යන්න ඕනි.(ඒක තමයි මුලින්ම ග්‍රාමසේවක මුණගැහෙන්න කිව්වේ. ග්‍රාමසේවක ටක් ගාල මේ ලියුම ලියල දෙනවා)
පොලිසියට ගියාම ,
1. මතක් කරලා තමන් අතින් නැතිඋන නිසා නැවත හදාගන්න ඕනි හැම දෙකටම වෙනම පැමිණිලි පිටපතක් ලියවාගන්න .(එකක ඔක්කොම ලියල ෆොටෝ කොපි ගන්නවට වඩා හැම එකටම වෙනම පැමිණිල්ලක් ලියාගන්න එකයි හොඳ ,ඒ කියන්නේ ජාතික හැඳුනුම්පත නැති උනාට එකයි, රියදුරු බලපත්‍රයට එකයි වගේ මටනම් එහෙම ලියල දුන්න.)
2. ඒක පැමිණිලි පිටපතට රු. 25ක් ගන්නවා . මාරු සල්ලි අරන් යන්න.
3. නැතිඋනා ලියකියවිලි වල අංක මතකනම් ඒවා පැමිණිල්ලට ඇතුලත් කරගන්න.
හරි පැමිණිල්ල ගෙනාවම ග්‍රාමසේවක දෙයි කොළ පාට ෆෝම් එකක් . ඒක හරියට පුරවන්න. එකේ කියල තියෙන ප්‍රමාණයෙන් ෆොටෝ 5 කුත් ගන්න.
තව බැංකු පාස් පොතේ මුල් පිටුවේ ෆොටෝ කොපියක්(මේක ගන්නේ එම ජාතික හැඳුනුම්පත් අංකය කලින් භාවිතා කල බවට සාක්ෂි විදිහට .ඒ නිසා හැඳුනුම්පත් අංකය සඳහන් බැංකු පොතක මුල් පිටුවේ පිටපතක් ගන්න. ඔය කොමර්ෂල් බැංකුවේ පොතේ එහෙම ඕක නෑ), උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් , ෆොටෝ කොපියක් , මාස තුනක් ඇතුලත ලබාගත් සේවා සහතිකයේ පිටපතක් එහෙම අරන් යන්න.
රු. 35ක සහ 15 ක මුද්දරත් ඕනි වෙනවා , දිග ලියුම් කවරයක් එක්ක (one day service දානවනම් 35 මුද්දරයි ලියුම් කවරෙයි ඕනි නෑ )
ඔය ටික ග්‍රාම සේවකට දෙන්නයි තියෙන්නේ. එයා ඔක්කොම පුරවල යවයි . මාසයක් වගේ යයි හැඳුනුම්පත එන්න.මේ සාමාන්‍ය ක්‍රමය .
one day service දානවනම් වෙනම ලියුමකුත් ලියාගෙන යන්න වෙනවා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ට address කරලා එක දින සේවයෙන් හැඳුනුම්පත ලබාදෙන මෙන් ඉල්ලමි කියල.
මේ ලියුමයි අනිත් ටිකයි ග්‍රාමසේවක සහතික කරලා කලින් ක්‍රමේ වගේ එයා යවන්නේ නැතුව ඔයාටම ආපහු දෙයි. ඒ ටික අරන් ඔයාට යන්න වෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. එතනින් ඔක්කොම සහතික කරලා ලියුම් කවරෙකට දාල අලවල එහෙම ආපහු ඔයාට දෙයි .
ඕක අරන් දැන් යන්න වෙනවා ජාවත්තේ තියෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට . මෙතන 7 ට වගේ වැඩ පටන් ගන්නවා . උදෙන්ම යන තරමට හොඳයි .
ඇතුලට ගියගමන් කාගෙන්හරි අහන්න one day service දෙන තැන. ඒ තැනට ඇතුල් වෙනකොටම එතන ඉන්න ග්රාමාරක්ෂක නිලධාරි කෙනෙක් ඔයාට අංකයක් දෙයි ඒ අන්කෙත් අරන් ඒ hall එකේ ඉස්සරහ ඉන්න නිලධාරියාගෙන් ඔයාගේ ලියකියවිලි ටික සහතික කරගන්න. අර කවරේ ගලවන් යන්න මෙතනට යනකොට.
ඊට පස්සේ අංකය කතාකරනකන් ඉඳගෙන ඉන්න. කතාකරම අදාළ කවුන්ටරේට ලියකියවිලි ටික දෙන්න. උප්පැන්න සහතිකේ මුල් පිටපත වෙනම දෙන්න.ඒක ඒ වෙලාවේම ආපහු දෙනවා ෆයිල් එකක අනිත් ලියකියවිලි ටිකත් දාල දෙනවා ඊට පස්සේ මුදල් දෙවන කවුන්ටරේට 1000ක් ගෙවල අර ෆයිල් ඒක බාරදෙන්න .
දැන් තමයි අමාරුම වැඩේ. පැය තුනක් විතර බලන් ඉන්න වෙනවා. සෙනග වැඩිනම් ඔයාව hall eken එලියට යවයි. එත් announcement පැහැදිලිව ඇහෙන තැනක ඉන්න.හතරවටේ රස්තියාදු ගහන්න කෙල්ලෝ පස්සේ යන්න එපා. මොකද අයදුම්පත්‍රයේ හරි ලියකියවිලිවල හරි අඩුපාඩු තියෙනවනම් කතා කරනවා.
හැඳුනුම්පත හදල ඉවර උනාම නම කතා කරලා(ඒක පාර නම් 20ක් වගේ කියනවා හරියට අහන ඉන්න)කවුන්ටරයක් කියනවා ඒ කවුන්ටරෙන් හැඳුනුම්පත ගන්න අත්සන් කරලා. මතක ඇතුව පෑනක් එහෙම අරන් යන්න.
ඔච්චරයි ඒ කතාව . රියදුරු බලපත්‍රය සහ අනික් ඒවානම් එච්චර අමාරු නෑ , ප්‍රතිචාර අනුව ඒ ටික දාන්නම් . වැරදි තියෙනවනම් පෙන්නලා දෙන්න.
EDIT : Driving license , ATM Cards දෙවැනි පිටුවේ
Thamath me widiyatamada okkoma wenne
වෙලාවට මම අපේ පැත්තෙ පදිංචිකාරයෙක් වුණේ... ඔයාලගෙ පැත්තෙ හිටියනං පර්ස් එකත් නැති කරගෙන දෙක පහේ කොල්ලො කුරුට්ටංගෙන් හූත් අහන්න වෙනව....අපෝ මෙලොරහක් නැති කොල්ලෝ ටිකක් මචන් ඔයාලගේ පැත්තේ ඉන්නේ. මම ඕක ඇහුලුවනම් සෙට් එකත් එක්ක චිකන් කොත්තු කාලා ඇඩ්රස් එක හොයන රෑට ගේ ගාවට ඇවිල්ලා හූත් කියලා දුවන්නේ![]()
![]()