පරිසරය විදිමින් සිරිපා කරුණා කරමු - කුරුවිට එරත්න පාරෙන් ☸️🙏🍃🌱🎋🌳 ( Kuruwita Erathna )

netudara

Well-known member
  • Sep 17, 2012
    272
    1,180
    93
    පරිසරය විදිමින් සිරිපා කරුණා කරමු - කුරුවිට එරත්න පාරෙන් ☸️🙏🍃🌱🎋🌳 ( Kuruwita Erathna ) - Your Choice Way
    අද අපි සිරිපා කරුණාව කරන්න යන්නේ සොබාදහම අපූරුවට විදින්න පුලුවන් පාරකින්.ඒ තමා කුරුවිට එරත්න පාර.

    අනෙක් පාරවල් වගේ පඩිපෙළවල් විතරක් මෙහි නෑ...

    ඒ පාරෙන් ලොකු සංචාරක පිරිසක් සංචාරය කරන්නෙත් නැහැ.

    කඳුවැටි ගල් මුල් උඩින් පැනලා කැලේ මැදින් ගමන යන්න වෙන්නේ..

    මුතුන් මිත්තෝ සිරිපාද නැග්ග එදා අත්දැකීම ගන්න පුළුවන් සුපිරි ම පාරක් තමයි කුරුවිට එරත්න පාර.

    මේ ගමනේ සම්පූර්ණ කාලයෙන් වැඩි කොටසක් කැලේ ඇතුලෙන් තමයි අපිට යන්න වෙන්නේ. අතරමැද පාර දෙපැත්තේ කඩවල් ගොඩක් නැහැ.

    ඉඳහි ට නවාතැන් පොලක්, අම්බලමක් හමු වෙනවා.

    වෙන පාරවල් වගේ නෙමේ පුළුල් සීත ගඟුලක් කුරුවිට එරත්න පාරෙදි අපිට හමු වෙනවා.

    අධික වැසි කාලයට මේ සීත ගඟුලෙන් එ තෙර වෙන්නත් ටිකක් අමාරුයි.

    ඒ කාලෙට කේබල් එක්ක අල්ලගෙන අමාරුවෙන් තමයි සීත ගඟුලෙන් එතෙර වෙන්න ඕනි..

    මේ පාරේ යද්දි අතරමගදි වල් ඌරො, මීමින්නෝ වගේ සත්තු දකින්න ඉන්නවා. ඒ වගේම ගල් කුලු අස්සේ බඹරු දෙබරු වගේ සත්තුත් ඉන්නවා.


    මේ ගමන දුරුතු උඳුවප් කාලේ යනවානම් තදබල සීතලකට රාත්‍රී කාලෙදි මූහුණ දෙන්න වෙනවා.

    අමතර සපත්තු සෙරප්පු ජෝඩුවක් ගෙනියන්න අමතක කරන්න එපා...

    කන්ද උඩින් සීතලේ ගලන දොළ පාරවල් හරී අපූරුවට දකින්න පුලුවන්

    කිලෝමීටර 8ක් විතර ඇවිදලා අතරමග හම්බෙන අම්බලමක නැවතිලා උයා පිහාගෙන, කාල බීල නිදාගෙන, ඉන් පස්සේ පාන්දරම ගමන් ආරම්භ කරන එක තමයි අපේ පැරැන්නෝ කළේ.

    ඒ කාලේ වගේම සමහර වන්දනා නඩ තාමත් ඇවිල්ලා මේ අම්බලම් වල උයා පිහා ගෙන කාලා සිරිපා කරුණාව කරනවා.

    හැබැයි මේ කාලේ නම් බෑ මොකද රටේ පවතින වසංගත තත්ත්වය හමුවේ අපි සෞඛ්‍ය නීති වලට අවනත විය යුතුයි.

    මේ යන පරිසරය සුන්දර වනාන්තරයක්. ඒ වගේම සිරිපාද ගමන බැතිබර ගමනක්. ඒ කාරණා දෙකම සිහියේ තබාගෙන ගමන යන්න...

    මොකද බුදුරජා ණන් වහන්සේගේ වම් සිරිපා සලකුණ සමනළ කන්දමුදුනේ තියෙනවා කියලා බෞද්ධ ජනතාව විශ්වාස කරනවා.

    ඒ අසිරිමත් සලකුණ බලන්න වන්දනාමාන කරන අරමුණ ආගම් භේදයකින් තොරව සමනළ කන්ද නගින්න හොදම පාර කුරුවිට එරත්න පාරයි...

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    7,554
    3
    40,826
    113
    Gampaha
    කියන්න ලැජ්ජයි. එක පාරයි තාම සිරීපාදෙ ගිහින් තියෙන්නෙ. ඒකත් හැටන් පාරෙ.

    පුරුදු කෙනෙක් නැතුව මේ පාරෙ ගියොත් උඩට යන්න පාර හොයාගන්න පුලුවන්ද? පාරෙ සීමා ලකුණු කරල තියෙනවද?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    13,373
    84,563
    113
    Colombo, Sri Lanka
    කියන්න ලැජ්ජයි. එක පාරයි තාම සිරීපාදෙ ගිහින් තියෙන්නෙ. ඒකත් හැටන් පාරෙ.

    පුරුදු කෙනෙක් නැතුව මේ පාරෙ ගියොත් උඩට යන්න පාර හොයාගන්න පුලුවන්ද? පාරෙ සීමා ලකුණු කරල තියෙනවද?
    එහෙම පාර හොයාගන්න අවුලක් වෙන්නේ නෑ මචෝ. එක දිගට පාර පඩිත් එක්ක තියෙනවා. බහිනකොට නගපු පඩි පෙලෙන්ම බහින්න. නැත්තම් අනිත් පැතිවලට යන පාරත් තියෙන නිසා. බෝඩ් ගහලා තියෙන්නේ බය වෙන්න දෙයක් නෑ . බුදු සරණයි ...!!!
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    7,554
    3
    40,826
    113
    Gampaha
    එහෙම පාර හොයාගන්න අවුලක් වෙන්නේ නෑ මචෝ. එක දිගට පාර පඩිත් එක්ක තියෙනවා. බහිනකොට නගපු පඩි පෙලෙන්ම බහින්න. නැත්තම් අනිත් පැතිවලට යන පාරත් තියෙන නිසා. බෝඩ් ගහලා තියෙන්නේ බය වෙන්න දෙයක් නෑ . බුදු සරණයි ...!!!
    තෑන්ක්ස් මචෝ👍👍👍