පහන් කූඩු තරගයක් දිනූ සිසුවකුට පහර දී මහාධිකරණයෙන් වරදකරු වූ විදුහල්පතිනියකගේ කතාව

rangana26

Well-known member
  • Feb 21, 2013
    8,494
    11,152
    113
    අජිත් පැරකුම් ජයසිංහ

    එක්ස් නම් සිසුවා 2013 වසරේදී ඉගෙනුම ලැබුවේ දොඩන්ගොඩ නවෝද්‍යා මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේය. ‍‍එම වසරේ පොසොන් උත්සවය නිමිත්තෙන් දොඩන්ගොඩ පොලිසිය විසින් පහන් කූඩු තරගයක් සංවිධානය කරන ලද අතර ඒ වෙනුවෙන් සිසුවා විසින් ඉදිරිපත් කරන ලද බෝතලයක් තුළ කැරකෙන පහන් කූඩුව මෙම ඡායාරූපයේ දැක්වේ.

    lantern-1.jpg

    තරගයෙන් මෙම නිර්මාණය පළමු තෑග්ග දිනාගත් අතර ඒ වෙනුවෙන් හිමි ත්‍යාගය ඔහු වේදිකාව මතදී ලබාගත්තේය. පාසලේ නම ප්‍රකාශය වූ අවස්ථාවේ සිසුවා වේදිකාවට නැග ත්‍යාගය ලබාගැනීම පිළිබඳ කුපිත වූ එම පාසලේ විදුහල්පතිනිය වූ සරෝජිනී නිර්මලා කොතලාවල සිසුවාගෙන් ඒ මොහොතේම ත්‍යාග මුදල වූ රු. 15,000 උදුරාගත් අතර පසුව සිසුවාට පහර දුන්නාය.

    ඒ පිළිබඳ ඒ දිනවල පළ වූ වාර්තාවක් මෙසේය:

    දොඩන්ගොඩ පොසොන් කූඩු තරගයක්‌ පැවැත්වුණා. මම තරගයට ඉදිරිපත් වීමට දොඩන්ගොඩ පොලිස්‌ ස්‌ථානාධිපතිතුමා හමුවුණා. ඔහු මට අයෑදුම්පත්‍රයක්‌ දී විදුහල්පතිනියගේ මාර්ගයෙන් ඉදිරිපත් කරන්නැයි කීවා. මං විදුහල්පතිනියගෙන් අවසර ලබාගෙන
    අයෑදුම්පත පොලිසියට දී තරගයට ඉදිරිපත් වීමට ලස්‌සන පොසොන් කූඩුවක්‌ හැදුවා. පොසොන් පොහෝ දින කූඩුව ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළා. පොසොන් කූඩු තරගයට අප පාසලෙන් මං ඉදිරිපත් කළ කූඩුවට ප්‍රථම ස්‌ථානය හිමිවුණා.

    පොසොන් කූඩු තරගයේ ත්‍යාග ප්‍රදානය කළ දා පාසලෙන් මං ඉදිරිපත් කළ කූඩුවට ත්‍යාග මුදල් හිමිවුණා. පාසලේ නම කියන විට මං ගිහින් ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා අතින් ත්‍යාග මුදල් ලබාගත්තා.

    මං වේදිකාවෙන් බැස එන විට විදුහල්පතිනිය මා අත තිබූ මුදල් උදුරා ගත්තා. මං වේදිකාවට නැගල ගන්න තිබූ ත්‍යාග මුදල් උඹ ගත්තේ ඇයි දැයි ඇසුවා.


    lantern-2.jpg

    26 වැනිදා මා පාසල් ගියා. පාසලේ උදැසන රැස්‌වීමේදී මුතුකුමාර සර් මං ළඟට පැමිණ “මැඩම් ගන්න හිටපු ත්‍යාග මුදල් උඹ ගත්තේ ඇයි? රැස්‌වීම අවසන් වුණාට පස්‌සේ මැඩම් හමුවන්න” කීවා. රැස්‌වීමෙන් පසුව මට මැඩම් ගැසුවා. වේවැල් පාරවල් 20 ක්‌ පමණ ගැසුවා. මට වේදනාවක්‌ ඇතිවුණා. මං පාසලේ බියෙන් සිටියා.

    රාත්‍රියේ තාත්තා හා අම්මා මාව පරීක්‍ෂා කළා. තුවාල දැක දොඩන්ගොඩ පොලිසියට එක්‌කරගෙන ගොස්‌ පැමිණිල්ලක්‌ දැම්මා. තුවාල පරීක්‍ෂා කළ පොලිස්‌ නිලධාරීන් මට රෝහලට ඇතුළත් වෙන්න ලිපියක්‌ දුන්නා. 26 වැනිදා රාත්‍රි රෝහලට ඇතුළත් වුණා.

    පහර කෑමට ලක්‌ වූ දරුවාගේ පියා වන තොටවත්ත බණ්‌ඩාරගේ අනුර ජයලත් මහතා මෙසේ පැවසුවා. පහර කෑමට ලක්‌ වී ඇත්තේ මගේ පුතා. ඔහු ලස්‌සන කූඩුවක්‌ පොසොන් කූඩු තරගයට නිර්මාණය කර ඉදිරිපත් කර ත්‍යාග ලබා ගත්තා. මුදල රුපියල් 15,000 යි. එම මුදල් විදුහල්පතිනිය ගත් බව පුතා කීවා. 26 වැනිදා මම සහ බිරිඳ රැකියාවට ගිහින් ගෙදර එන විට පුතා ගෙදර සිටියේ නැහැ.

    ඔහු ලිපියක්‌ ලියා තිබුණා. එහි මෙසේ සඳහන් කර තිබුණා. “අම්මේ තාත්තේ ඊයේ මට කූඩුව හින්ද මැඩම් මට පිට්‌ටනියේ රැස්‌වීම් ශාලාවේ ඉස්‌සරහට ගෙනල්ලා හොඳටම ගැහුවා. මට දැන් ඉස්‌කෝලේ යන්න බැහැ. ලැඡ්ජයි. ඒ හින්ද ගෙදරින් යනවා. මම ආයේ එන්නේ නැහැ. මාව ආයේ හොයන්න එපා. මීට පුතා යෑයි සඳහන් කර තිබුණා. මං ලිපිය බලා කලබල වුණා.

    මමත් බිරිඳත් අසල්වාසීන්ද රාත්‍රියේ පුතා හොයන්න ගත්තා. කැලෑවක සැඟවී සිටි පුතාව අප සොයාගත්තා. දොඩන්ගොඩ පොලිසියට ගිහින් පැමිණිල්ලක්‌ කළා. පුතාව පරීක්‌ෂා කළ පොලිස්‌ නිලධාරීන් ඔහුගේ පිටේ තිබූ වේවැල් පාරවල් හා තුවාල නිසා රෝහල්ගත කරන්න ලිපියක්‌ දුන්නා.

    පුතාව 26 වැනිදා රාත්‍රි රෝහල්ගත කළා. මාගේ තවත් දියණියක්‌ දොඩන්ගොඩ නවෝද්‍යා පාසලේ ඉගෙනුම ලබනවා. දියණියටත් මේ නිසා දැන් පාසල් යන්න බැහැ. මගේ පුතාට අමානුෂික ලෙස පහරදීම පිළිබඳව පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ඉල්ලා සිටිනවා.


    වයස අවුරුදු 15 ක්වූ බාලවයස්කාර දරුවෙකුගේ භාරකාරත්වය හෝ ආරක්ෂාව දරා සිටිමින් එම දරුවාට වේවැලකින් පහරදීම, අඩත්තේට්ටම් කිරීම, හිංසා කිරීම හා නොසලකා හැරීම යන චෝදනාවලට වරද පිළිගත් මෙම විදුහල්පතිනියට කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් එන්.අබේරත්න මහතා විසින් රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක් එම දරුවාට ගෙවන ලෙස නියම කළේය. මෙම නඩුව විසඳෙන්නේ දස වසරකට පසු 2023 දෙසැම්යබර් 14දාය.

    ඊට අමතරව රජයේ ගාස්තු වශයෙන් රුපියල් 1500/ ක් ගෙවන ලෙසත් නියම කළ විනිසුරුවරයා එම මුදල නොගෙවන්නේ නම්, මාස තුනක සුළු වැඩ සහිත සිර දඩුවමක්ද, වන්දි මුදල නොගෙවන්නේ නම් මාස 24 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළේය. විදුහල්පතිනිය ඊයේ (14) දිනයේදීම විනිසුරුවරයා ඉදිරියේ එම මුදල ගෙවා දැමුවාය.

    මෙම විදුහල්පතිනියට මෙවැනි ලිහිල් දඬුවමක් නියම කිරීමේදී විනිසුරුවරයා විසින් 2018 වසරේ කළුතර අධ්‍යාපන කලාපයේ හොඳම විදුහල්පතිනිය වීම සැලකිල්ලට ගෙන තිබිණි.

    එදා විදුහල්පතිනියගෙන් මේ අන්දමින් පහර කෑ සිසුවා දැන් 25 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ අධ්‍යාපනයට මෙම සිදුවීම හේතුවෙන් බාධා සිදු විය. එහෙත්, ඔහු මේ වන විට වෘත්තීය පුහුණුවක් ලබා තාක්ෂණික ශිල්පියකු ලෙස සුළු පරිමාණ ව්‍යවසායකයකු ලෙස කටයුතු කරන බව සතුටින් සටහන් කරමි.

    මෙම සිදුවීම වන විට මෙම විදුහල්පතිනිය වයස අවුරුදු 43ක දීප්තිමත් අනාගතයක් හිමි කාන්තාවක වූ බව ද අපරාධ වරදක් සම්බන්ධයෙන් මහාධිකරණයෙන් ලද මෙම දඬුවම සමග ඇයට රැකියාව අහිමි වීමට නියමිත බව ද අපගේ අධ්‍යයන මගින් හෙළි විය. ඇය ද දරුවන් දෙදෙනෙකුගේ මවක බව දැනගන්නට ලැබිණි. ඇය කුපිත වී තිබෙන්නේ ඇමති කුමාර වෙල්ගම හමුවේ පෙනී සිටීමට ඇයට ලැබුණු අවස්ථාව අහිමි වීම පිළිබඳ බව දැනගන්නට ලැබිණි.

    මෙම නඩුවෙන්, රජයෙන් වැටුප් ලබමින්, රජයේ දේපලක් වන ළමයින්ට උඹ, බං, බොලන් කියමින් අවමන් කරමින්, ගුටි තලන ලංකාවේ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් පාඩමක් ඉගෙනගත යුතුය. එසේම, මෙවැනි විදුහල්පතිවරුන්ට සම්මාන ලැබෙන නිර්ණායක වහා වෙනස් කළ යුතුය. ලංකාවේ සමස්ත අධ්‍යාපන ක්‍රමයම වෙනස් කළ යුතුව තිබේ. ඒ සඳහා මේ ළමයාගේ මව්පියන් සේම ඔබ අප ද ආකල්පමය වශයෙන් හැඩගැසිය යුතුය. දැනට ලංකාවේ තිබෙන්නේ අධ්‍යාපනයක් නොවන බව පළමුව වටහා ගත යුතුය. වෙනස් කළ යුත්තේ එතැන් සිටය.


    https://www.praja.lk/education/පහන්-කූඩු-තරගයක්-දිනූ-සිස/?fbclid=IwAR1Rv7YU2L6qwhDvCjV95oksRnGPBRdXvFEVs_IFR_kx_TJEFPitGHqfGl4
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    8,494
    11,152
    113
    // රජයෙන් වැටුප් ලබමින්, රජයේ දේපලක් වන ළමයින්ට උඹ, බං, බොලන් කියමින් අවමන් කරමින්, ගුටි තලන ලංකාවේ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් පාඩමක් ඉගෙන ගත යුතු නඩු තීන්දුවක්

    //
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,176
    113
    96
    හෝමාගම

    ඇය කුපිත වී තිබෙන්නේ ඇමති කුමාර වෙල්ගම හමුවේ පෙනී සිටීමට ඇයට ලැබුණු අවස්ථාව අහිමි වීම පිළිබඳ බව දැනගන්නට ලැබිණි.


    ඔච්චර ආස නන් වෙල්ගමයට කියල හුකා ගන්නෙ නැතුව අර කොල්ලට ගැහුවෙ ඇයි
    ලම‍යින්ගෙ අනාගතෙ කනව මේ වගේ මරිමෝල් මෝඩ ගුරාල
    ------ Post added on Dec 15, 2023 at 10:39 AM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    4,363
    6,300
    113
    ඔච්චර ආස නන් වෙල්ගමයට කියල හුකා ගන්නෙ නැතුව අර කොල්ලට ගැහුවෙ ඇයි
    ලම‍යින්ගෙ අනාගතෙ කනව මේ වගේ මරිමෝල් මෝඩ ගුරාල
    වෙල්ගම කැමති වෙයිද හුකන්න ? :rolleyes:
     
    • Haha
    Reactions: Ryan08

    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    මෙම නඩුවෙන්, රජයෙන් වැටුප් ලබමින්, රජයේ දේපලක් වන ළමයින්ට උඹ, බං, බොලන් කියමින් අවමන් කරමින්, ගුටි තලන ලංකාවේ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් පාඩමක් ඉගෙනගත යුතුය. එසේම, මෙවැනි විදුහල්පතිවරුන්ට සම්මාන ලැබෙන නිර්ණායක වහා වෙනස් කළ යුතුය. ලංකාවේ සමස්ත අධ්‍යාපන ක්‍රමයම වෙනස් කළ යුතුව තිබේ. ඒ සඳහා මේ ළමයාගේ මව්පියන් සේම ඔබ අප ද ආකල්පමය වශයෙන් හැඩගැසිය යුතුය. දැනට ලංකාවේ තිබෙන්නේ අධ්‍යාපනයක් නොවන බව පළමුව වටහා ගත යුතුය. වෙනස් කළ යුත්තේ එතැන් සිටය.
    වැදගත් ම කොටස
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    910
    1,630
    93




    ඔච්චර ආස නන් වෙල්ගමයට කියල හුකා ගන්නෙ නැතුව අර කොල්ලට ගැහුවෙ ඇයි
    ලම‍යින්ගෙ අනාගතෙ කනව මේ වගේ මරිමෝල් මෝඩ ගුරාල
    ------ Post added on Dec 15, 2023 at 10:39 AM
    සිරාවට. වෙල් ගමයත් කුකුල හින්ද 43 බඩුවක් එපා කියන එකක් නෑ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,360
    20,096
    113
    41
    අපි ඉස්කෝලෙ යන කාලෙදි ගුරුවරු අපිට ඔයිට වැඩිය ලොකු දඩුවම් කරා. ඒ ගුරුවරු දඩුවම් කරපු නිසයි අපි අද මෙහෙම තැනක ඉන්නෙ. අදටත් පාරෙදි හම්බුනාම අපි ඒ ගුරුවරුන්ට දනගහලා වදිනවා.
     

    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    lankawe nadu walata yana kalenam pattama asadaranai. ochchara evidence thibila oka max 2, 3 years walin solve karanna thibbane.
    mama lagadi ahuwa lamayekwa awurudu 14,16 wage dushanaya karapu ekata naduwa iwara wenakota eya 26, 27 years una kathawakuth.
    ඒ වෙද්දී ඒ ගෑනු ළමයි කසාද බැදලා කසාදෙ කැඩෙයි කියල බයට නඩුවට එන්නෙත් නැහැ ලු :baffled:
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,402
    1,903
    113




    ඔච්චර ආස නන් වෙල්ගමයට කියල හුකා ගන්නෙ නැතුව අර කොල්ලට ගැහුවෙ ඇයි
    ලම‍යින්ගෙ අනාගතෙ කනව මේ වගේ මරිමෝල් මෝඩ ගුරාල
    ------ Post added on Dec 15, 2023 at 10:39 AM
    සිරාවට. මොංගල් හුත්තෙ ගෑනුන්ට තනතුරු හම්බුනාම ඔහොම තමා
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    2,438
    2,567
    113
    Colombo
    සිරාවට. වෙල් ගමයත් කුකුල හින්ද 43 බඩුවක් එපා කියන එකක් නෑ
    නැද්ද ඒ වේසිගේ පින්තූරයක්? පොන්න හුත්තිට බල්ලො දචාලා ගස්සන්න ඕන පුන්ඩේ කැරි වේසි...
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,131
    12,690
    113
    අපි ඉස්කෝලෙ යන කාලෙදි ගුරුවරු අපිට ඔයිට වැඩිය ලොකු දඩුවම් කරා. ඒ ගුරුවරු දඩුවම් කරපු නිසයි අපි අද මෙහෙම තැනක ඉන්නෙ. අදටත් පාරෙදි හම්බුනාම අපි ඒ ගුරුවරුන්ට දනගහලා වදිනවා.
    හරක් කොහොමටත් ආස ගුටි කාල හැදෙන්න. මොකද උන්ට යමක් කියපුවාම ඒක තේරුම් අරගන හැදෙන්න තරං පරිකල්පන ශක්තියක් නෑ. සමහර මිනිස්සුත් ඒ වගේ. හරක්.. පරිකල්පන ශක්තිය 0. උන් ඉතිං හුරේ දානවා තග දාල ගුටි දීල තමන්ගෙ පරිකල්පන ශක්තිය නැති නිසා ඇති කරගන්න බැරි පුරුදු හිතේ බය නිසා ඇතිකරලා දෙන ගුරුහොරුන්ට
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    6,534
    1
    20,942
    113
    ලංකාවේ ගුරුවරු බහුතරයක් කුහක මානසික රෝගීන්. දැන් පිටරටවල් වල අලුතෙන් එන තරුණ ගුරුවරුත් බහුතරයක් මානසික රෝගීන් තමයි. උන් LGBTQ, BLM, Anti White agenda පොඩි ළමයින්ගේ ඔලුවට දාලා මොල හෝදනවා.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    9,727
    21,240
    113
    අම්බකිස්ස
    lankawe nadu walata yana kalenam pattama asadaranai. ochchara evidence thibila oka max 2, 3 years walin solve karanna thibbane.
    mama lagadi ahuwa lamayekwa awurudu 14,16 wage dushanaya karapu ekata naduwa iwara wenakota eya 26, 27 years una kathawakuth
    ලංකාවේ ගණන් වැඩිම යුක්තිය