ප්‍රකෝටිපති ව්‍යාපාරික නතානියෙල් රොත්ස්චයිල්ඩ් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සොයා සංචාරයක

dxx

Well-known member
  • Dec 26, 2011
    11,412
    9,398
    113


    එක්සත් රාජධානියේ ප්‍රකෝටිපති ව්‍යාපාරික නතානියෙල් රොත්ස්චයිල්ඩ් සිය පෞද්ගලික ජෙට් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.

    අඟහරුවාදා (ජනවාරි 12) ශ්‍රී ලංකාවට පැමිණි ඔහු බදාදා පෞද්ගලික ව්‍යාපාරික නායකයින් කිහිප දෙනෙකු හමුවීමට නියමිත අතර ඉන් අනතුරුව බ්‍රහස්පතින්දා පෝට් සිටි ව්‍යාපෘතියේ සංචාරයක නිරතවීමට නියමිත බව ඔහුගේ සංචාරය පිළිබඳව තතු දත් ආරංචි මාර්ග බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

    රොත්ස්චයිල්ඩ් පවුල බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරයන් හි නියුතු ඉතාමත් ධනවත් පවුලක් වන අතර ඔවුන් පවුම් බිලියන ගනනක දේපලවලට හිමිකම් කියන බව වාර්තාවල දැක්වේ.

    ස්විට්සර්ලන්තයේ වෙසෙන නතානියෙල් රොත්ස්චයිල්ඩ්, ගෝලීය ඒකාබද්ධ නිෂ්පාදන සමාගමක් වන එක්සත් රාජධානියේ ලැයිස්තුගත වොලෙක්ස් පීඑල්සී හි විධායක සභාපති සහ විශාලතම කොටස් හිමියා වේ.

    ඔහුගේ පැමිණීම හේතුවෙන් බදාදා කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික කටයුතුවල විශාල වර්ධනයක් පෙන්නුම් කළ බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2019 වසරේ පාස්කු ප්‍රහාරය හමුවේ කඩාවැටුණු අතර එයින් මිදීමට සැරසෙන අවස්ථාවේදී ගෝලීය කොරෝනා වසංගතය හමුවේ නැවතත් කඩාවැටීමට ලක්විණි.

    ලංකාවේ විදේශ වෙළෙඳ හිඟය ඉහළයාම හේතුවෙන් විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ඇතිවූ ප්‍රවනතා හමුවේ රුපියලේ අගය ඉතාමත් සීග්‍රයෙන් අවප්‍රමාණය වීමත් සමඟම රජය විසින් ආනයන සීමා කෙරිණි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 දෙසැම්බරයේ බලයට පත්වීමෙන් පසු විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා නව ආයෝජන සඳහා බදු ප්‍රතිලාභ ප්‍රකාශයට පත් කිරීම ඇතුළු ව්‍යාපාරික හිතවත් තනතුරු ප්‍රවර්ධනය කර තිබේ.



    ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ මධ්‍යයේ අපනයන නැඹුරු ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීම, වෙළඳ භාණ්ඩ වැඩිදියුණු කිරීම, අපනයන ආකර්ෂණය කර ගැනීම නව ආණ්ඩුවේ ආර්ථික අරමුණු අතර පවතින බව මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් වෙයි.

    ශ්‍රී ලංකාවේ විදේශීය ආයෝජන බොහෝ දුරට සංචාරක, දේපළ වෙළඳාම්, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති, වරාය සහ විදුලි සංදේශ යන අංශවල වැඩි අවධානයක් යොමු කර ඇත. වර්ධනය වන මධ්‍යම පංතිය සමඟ, ආයෝජකයින්ට දේශීය වෙළෙඳපොළ සඳහාත්, සිල්ලර වෙළඳාම, තොරතුරු තාක්‍ෂණ සේවා සහ සැහැල්ලු නිෂ්පාදන සඳහා අවස්ථා ද දැකගත හැකිය.

    2019 දි ශ්‍රී ලංකාවට ණය ඇතුළු විදේශීය ආයෝජන දළ වශයෙන් ඩොලර් බිලියන 1.2 ක් දක්වා පහත වැටී ඇති අතර එය 2018 දී ඩොලර් බිලියන 2.3 ක් විය. 2020 වර්ෂයේ දී මෙය ඉතාමත් නරක අතට හැරෙනු ඇතැයි පුරෝකතනය කර ඇත.


    source: BBC
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,023
    1,900
    113
    ආයේ අලුතෙන් කරන්න දෙයක් නැ rothschild family එකට අයිති වත්තක් ලංකාවේ තියනවා
    රොත්ස්චයිල්ඩ් ස්ටේට් කියලා කොළ පාටින් ගහපු ලොරි තියනවා තේ කොළ අදින.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    5,011
    2,803
    113
    හිට්ලර් ට යුද්ධ කරන්න සල්ලි ණයට දුන් විරුවන්...

    ඕකුන්ට සල්ලි කියන්නේ සමහර රටවල මහ බැංකු වුනත් උන්ට අයිති කියනවා. රටක ගන්න දෙයක් තියෙනවා නම් රට විනාශ කරලා හරි ගන්නවා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    18,351
    3,222
    113
    ආශ්චර්යමත් රටක
    ඌ කෙලවගන්න යන්නේ 😅
    ඌ නං කෙළවගන්නෙ නෑ, අපේ රටට කෙළවන්න මේ සැරේ මොකක්ද විකුණන්න ඉන්නෙ කියල මං කල්පනා කළේ.

    Rothschild family එක ගැන අහලා ඇතිනේ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    1,062
    1,554
    113
    හම්මෝ දැන්නේ මීටර් වුනේ. මාර කන්ස්පීරසි තියරීස් ගොඩක් තියෙනවා මේ ෆැමිලි එක ගැන. ර්
    ඌ නං කෙළවගන්නෙ නෑ, අපේ රටට කෙළවන්න මේ සැරේ මොකක්ද විකුණන්න ඉන්නෙ කියල මං කල්පනා කළේ.

    Rothschild family එක ගැන අහලා ඇතිනේ.
    දැන් නේ මචන් උන් කවුද කියලා මීටර් වුනේ, රටවල් කීයක් උන් නිසා කෙලවගත්තද, මිනිස්ටර්ස්ලා ප්‍රයිම් මිනිස්ටර්ස්ලා කී දෙනෙක් මැරුම් කෑවද, කී දෙනෙක් අතුරුදහන් වුනාද, කලින් ඇරියේ රාජපක්ෂ පවුල විතරයි දැන් මුන් ඇවිල්ලා ජාත්‍යන්ත්රෙන් අරින්න හදන්නේ. ඇමෙරිකාව, ඉන්දියාව,චීනේ වගේ රටවල් ඇරුනම පවුල් වලිනුත් කෙලවගන්න යන්නේ. පහළ පන්තියෙයි මධ්‍යම පන්තියෙයි අනාථ සිංහලු ටික පවු. උන් දන්නෙත් නෑ උන් කොච්චර කෙලවගෙනද ඉන්නේ කියලා. රියලටිය දුකක් වෙද්දී ෆැන්ටසිය සැපක් වෙන්න යන්නේ සිංහලු.