ප්‍රශ්නය වී ඇත්තේ බොහෝ අය නිවන යනු නොතේරෙන නොපැහැඳිළි තත්වයක් ලෙස සිතීමය. එමෙන්ම සිතේ අධෛර්යමත් අකර්මණ්‍ය තත්වයක් ලෙස සිතීමය.
ලෞකික දේ ගැන කතා කරන විට ලැබෙන ප්‍රබෝධය නිවන ගැන සිතීමෙන් නොලැබේ. නිවන ප්‍රත්‍යක්ෂ කර නොමැති බැවින් තමන් පුරුදු ඒකාකාරී ඇලීම්, ගැටීම් එහි නැත. වර්තමාන සමාජය පමණක් නොව අපේ මව්, පියා, සීයා, ආච්චි ආදි මුතුන් මිත්තන් වුවද නිවන ගැන වැඩි කැමැත්තක් නොදැක්වූහ. අන් අයටද නිවන ගැන උනන්දු නොකළහ. කලාතුරකින් දවසක් පන්සලට ගොස් සිල් සමාදන් වී බණ ඇසීමට තම පවුලේ අය උනන්දු කළහ. භාවනාව කලාතුරකින් උපයෝගී කළේ තමාගේ දඩබ්බර සිත මෙල්ල කිරීමට, සන්සුන් කිරීමටය. එවිට හැසිරීම හොඳවන බැවිනි. එනමුත් නිතරම අවවාද දුන්නේ ලෝකයේ ජීවත්වීමේ පිළිවෙලය.
බොහෝ අය සිතන්නේ නිවන යනු නිශ්ශබ්ද තැනක් ලෙසය. එහි සංගීත තූර්‍ය නාද නැත. විනෝද වීමක් නැත. එහි තම සිත කුල්මත් කරන සංවේදනය කරන කිසිවක් නැත. එබැවින් එහි යෑමේ අවශ්‍යතාවයක් නැත. කිසිවෙක් නැති ශුන්‍යතාවයකි. පවුලේ අය, නෑ හිත මිතුරන්, ශබ්ද, වාහන, කුරුළු නාද, සිනහවීම්, හැඬීම් නැත. ලෝකයේ දියුණු වී වැජබීමට කැමති අය නිවන් දැකීමට නොකැමති වෙති.
නිවන් දැකීමට හැකි වන්නේ ලෝකයෙන් ඉවත් වූ ලෝකය ගැන අපේක්ෂාවක් නැති අයට වේ. නිවනේ තදබල හැඟීම් නැත. ප්‍රමාණය ඉක්මවා ලිහිල් වීමක් හෝ තද වීමක් නැත. සමබරතාවයකින් තැන්පත් වීමක්, අත හැරීමක්, සුවයක්, නිවීමක් ඇත. එය නියම මධ්‍යම ප්‍රතිපදාව වේ. ආසාව, බලාපොරොත්තුව, කැමැත්ත නැති බැවින් ලෞකික සැප අපේක්ෂා නොකරත්.
ලෞකික සැප තම සිත කළඹා අපේක්ෂා භංගත්වයට පත්කරයි. කිසිම දෙයකින් නොසෙල්වෙන නිවනෙහි ඉතා අනර්ඝ නිවීමක් නිරන්තරයෙන්ම පවතී. එය ලෞකික සතුට මෙන් ගොරහැඬි, අදක්ෂ , අකුශලතාවයක් නොවේ. ලෞකික සතුට යනු නිතරම වෙනස්වන නොපැහැඳිළි සැක සහිත , විශ්වාසය තැබිය නොහැකි ආශාවන්ගෙන් දූෂිත තත්වයකි. එය නොපැහැඳිළි මඬ වගුරකි. එය ලුණු ඇඹුල්, මිරිස්, කිවුල් ආදී රසයන්ගෙන් යුක්ත මිශ්‍ර ආහාරයක් වැනිය. එම ආහාර ආමාශයේ රෝග, දිරවීමට අපහසු අතෘප්තිමත් රසකාරකයෙන් යුක්ත වේ. නිදිමත වැනි මත් ස්වභාවයන්ද ඇති කරයි. නිතරම කැම ගැන විපරම් කරමින් තෝරා ගත යුතුය. මොන ආහාර හොඳද නැද්ද ලෙස තෝරා ගත යුතුය. මේ මේ දේ අවශ්‍යයය. මේ දේ අනවශ්‍යයය. මින් ලාභ ප්‍රයෝජන ලබයි. හානි ඇතිවේ. ආදී වශයෙන් නුසුදුසු අරමුණු බැහැර කර නොගත්තොත් ඒ සියල්ලම සිත තුළ රැස් වී හදවත පීඩාවට පත් කරයි.
ලෝකය දෙස බලන විට මෙවැනි රැස් කරගත් අහිතකර සිතිවිලි වලින් පීඩාවිඳීමක් හැම තැනම දක්නට ලැබේ.