ප්‍රියා සූරියසේනගේ නිවසේ තාප්පය කඩා වැටී පාසල් සිසුවෙක් රෝහලට!

monson

Well-known member
  • May 7, 2007
    15,843
    8,642
    113
    කොළඹ LNW: අද (16) දහවල් 12.50 ට පමණ මහරගම විජේරාම ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ පිටුපස නිවසේ තාප්පය කඩාවැටීමෙන් පාසලේ දරුවෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

    වසර 30කට වඩා පැරණි මෙම තාප්පය අවධානම් තත්ත්වයේ තිබූ එකක් බව විදුහල්පතිවරයා පවසන අතර මෙම තාප්පය අවධානම් බව ග්‍රාම නිලධාරී හරහා එම නිවෙස් හිමියාව කිහිපවතාවක් දැනුවත්කර තිබූ බවද විදුහල්පති පවසයි.

    එලෙස කඩා වැටි ඇත්තේ ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ නිවසේ තාප්පය බව සඳහන්.

    අඩි 13කට ආසන්න උසක් ඇති මෙම තාප්පය නිසි ප්‍රමිතියකින් තොරව තනා ඇති බවට ආනාවරණය වී ඇත. තාප්පය සැකසීමේදී අවම වශයෙන් කොන්ක්‍රිට් කනුවත් යොදාගෙන නොමැති බවත් දින කිහිපය පුරාම තිබෙන වර්ෂාව සමග තාප්පය පෙගී කඩාවැටී ඇති බව වාර්තා වෙයි.

    තාප්පය අසල ඇති වැසිකිළියට එම දරුවා ගිය අවස්ථාවේදීයි තාප්පය කඩාවැටී ඇත්තේ.

    මෙලෙස තුවාල ලබා ඇත්තේ 4 ශ්‍රේණිය ඉගනුම ලබන දරුවෙකි.

    තුවාල ලැබු දරුවා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත්කර ඇත.

    මහරගම ප්‍රාදේශීය ලේකම්වරිය,ආපදා කලමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරීන් හා මිරිහාන පොලීසියේ නිලධාරීන් ස්ථානීය පරීක්ෂාවන් සිදුකරනු ලබයි.

    IMG_20231016_144128_resized_20231016_034533327-1024x479.jpg
    IMG_20231016_143846_resized_20231016_034533570-1024x479.jpg
    IMG_20231016_143836_resized_20231016_034534132-1024x477.jpg
    IMG_20231016_143823_resized_20231016_034533999-1024x477.jpg


    - https://sinhala.lankanewsweb.net/10/16/75847/

    විජේරාම හන්දියේ පිහිටි මහරගම ජනාධිපති ප්‍රාථමික විද්‍යාලය අසළ අනාරක්ෂිත මායිම් තාප්පයක් (16) දා දහවල් 12 .30 ට පමණ කඩා වැටීමෙන් එම පාසැලේ ඉගෙනුම ලබන දස හැවිරිදි පාසල් සිසුවකු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි .

    අනතුරින් තුවාල ලැබූ එම පාසැලේ 4 වසරේ ඉගෙනුම ලබන දස හැවිරිදි පාසල් සිසුවාගේ පාදයකට දෙ අත් වලට හා සිරුරේ ස්ථාන කිහිපයකට තුවාල සිදුව ඇති බවත් ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බවත් රෝහල් ආරංචිමාර්ග පවසයි.

    මහරගම විජේරාම හන්දිය ආසන්නයේ පිහිටි ප්‍රසිද්ධ ගායකයකුට අයත් නිවසක අඩි හතළිහක් පමණ දිගින් යුත් අනාරක්ෂිත තාප්පයක් මෙසේ කඩා වැටි ඇති බවයි එම පාසැලේ මාපියන් පවසන්නේ.

    එම තාප්පය අඩි හතළිහක් පමණ දිගින් යුක්ත වන අතර අඩි පහළොවක් පමණ උසින් යුත් මෙම තාප්පයට කොන්ක්‍රීට් බීම් හෝ ලින්ටල් නොයොදා ඉදිකිරීම හේතුවෙන් මෙම අනතුර වී ඇති බවත් වසර හතළිහක් පමණ පැරණි මෙම තාප්පය අනතුරුදායක බැවින් එය ඉවත් කරන ලෙසට අවස්ථා කිහිපයකදී නිවසියන් දැනුවත් කළද ඊට යහපත් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම අනතුර වූ බවත් පාසලේ දෙමාපියන් චෝදනා කරති.

    අනතුරින් සිසුන් භාවිතා කරන කැසිකිළි පද්ධතිය හා ආචාර්ය මණ්ඩලය භාවිතා කරන වැසිකිලි වැසිකිලි පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

    අනතුර වන අවස්ථාවේ දී සිසුන් තිදෙනෙකු කැසිකිලිය භාවිතා කරමින් සිට ඇති අතර එක්වරම අඩි පහළොවක් පමණ උසින් යුත් තාප්පය සිසුවාගේ ඇග මතට වැටී මෙම අනතුර වී තිබුණි.

    අනතුරත් සමග ආචාර්ය මණ්ඩලය හා මාපියන් එක්ව දරුවා ප්‍රතිකාර සඳහා කඩිනමින් කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවත් ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බවත් පැවසේ.

    යම් හෙයකින් මෙම අනතුර විවේක කාලය තුළදී සිදු වූයේ නම් මීට වඩා විශාල අනතුරක් සිදු වන්නට ඉඩ තිබූ බව මහරගම ජනාධිපති විද්‍යාලයේ විදුහල්පති සරත් අධිකාරී මහතා පවසයි.

    ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය අමාත්‍යංශයේ ඉහළ බලධාරීන් දැනුවත් කොට ඇති අතර ඉදිරි පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවයි.

    සිද්ධියෙන් පසුව මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ස්ථානීය පරීක්ෂණයක් සඳහා පාසලට පැමිණ සිටිනු දක්නට ලැබුණි.

    සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිසිය ඉදිරි පරීක්ෂණ පවත්වයි.

    - https://www.lankadeepa.lk/news/මහරග...කඩා-වැටී-දස-හැවිරිදි-සිසුවකු-රෝහලේ/101-641497
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,218
    4,419
    113
    PANNIPITIYA
    නඩු දාන්න ඕන ඕකට..ඉස්කෝලයක් ළග ඔහොම අවදානම් විදිහට තාප්ප තියනවද.අනික දැනුවත් කරලා තියෙද්දිත් මුකුත් කරල නෑ..මහ අාත්මාර්ථකාමී මිනිහෙක්.ඕකුන්ට බොන්න නම් සල්ලි තියෙනවා.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    16,769
    17,840
    113
    日本
    ඕකා ජෙප්පෙක්..අමු කුණෙක්..ඕකුන් කොහෙද තාප්ප හදන්නේ..🤣
     

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    541
    579
    93
    සුදු පරවි රෑන්ස් සේ... පියා සලා...
    පාසල නිමවී.. යොවුන් කුමරියන්..
    පෙලින් පෙලට ඒ....
    ඈ.. තාම නෑ...

    ඉස්කෝලේ උන්ගෙත් වැරැද්ද බන් බලපන් ටොයිලට් එක තාප්පෙටම හේත්තු කරලා වගේ..
    ------ Post added on Oct 16, 2023 at 6:47 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    26,678
    33,115
    113
    සේදවත්ත
    ඇයි පාසලට 50% වගකීමක් තියනවා බැම්ම හදන්න . සමාජ වගකීම 1000% වගේ. විදුහල්පති නිසි ක්ක්‍රියාමාර්ග අරගෙන නෑ . ප්‍රියාට බැනල වැඩක් නෑ ප්‍රියා බාස් කෙනෙක් ද
     

    Iroh

    Well-known member
  • Dec 9, 2022
    159
    302
    63
    වසර හතළිහක් පමණ පැරණි මෙම තාප්පය අනතුරුදායක බැවින් එය ඉවත් කරන ලෙසට අවස්ථා කිහිපයකදී නිවසියන් දැනුවත් කළද
    අද රෑට...අද රෑට...අද රෑට හදනවා... කිය කිය ඉන්න ඇති
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,106
    9,025
    113
    In the eyes of my girl
    පොඩි එකාට ඉක්මන් සුව පතනව
    වැරද්ද ප්‍රියාට යනව ඉතින් මෙතන තාප්පෙ හදන්න තිබ්බ
    ලොකු ලාභ නැතුව සුපිරි සින්දු කියපු මිනිස්සු
    සල්ලි නෙමෙ හම්බ කලෙ මිනිස්සු
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    4,518
    5,280
    113
    ප්‍රියා විතරක් නෙවෙයි වැරදි. පිනාත් වැරදි කාරයෙක්.. දැන් ඌ ඇග බේර ගන්ඩ ප්‍රියාගෙ පැත්තට තනිකර වරද පටවනවා. තාප්පේ අවධානම් නම් ළමයි ඒ පැත්තට යවන එක වලක්වන්න ඕනේ. ඉස්කෝලේ ළමයින්ගේ වගකීම මුං ගන්න ඕනේ.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    3,407
    4,724
    113
    ප්‍රියා විතරක් නෙවෙයි වැරදි. පිනාත් වැරදි කාරයෙක්.. දැන් ඌ ඇග බේර ගන්ඩ ප්‍රියාගෙ පැත්තට තනිකර වරද පටවනවා. තාප්පේ අවධානම් නම් ළමයි ඒ පැත්තට යවන එක වලක්වන්න ඕනේ. ඉස්කෝලේ ළමයින්ගේ වගකීම මුං ගන්න ඕනේ.
    :yes: meka lamaya accident una ekata 100% pina waradi ethanata lamayi yanna ida dipu eka,
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    11,970
    20,578
    113
    :yes: meka lamaya accident una ekata 100% pina waradi ethanata lamayi yanna ida dipu eka,
    ethana toilet ekane ban.

    Staff toilet ekai lamayinge toilet ekai dekama ethana nam yanne nathuwa kohomada?

    anika Prathamika widyalayak kiyanne podi ekak.

    owata enne gamwala duppathma minissunge lamai.

    e demawpiyangen ekathu karala hadannawath oya wage iskolekata wathkamak na.

    kipa parak danuwath kara kiyanne Pina nikam idala na.
     

    Similar threads