ප්‍රේමදාසලා ඒ කාලේ කරපු දේවල් මේ වත්මන් කාලයේ කරන්න පුලුවන්ද ?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,250
    1
    2,114
    113
    1631146231754.png


    මේ පොස්ට් එක දාන්න හිතුනේ ඔය උඩ රූපේ දැකලා , මගේ ප්‍රශ්නය ලංකාවට විතරක් නෙවෙයි ලෝකයටම පොදුයි,
    70-80 නැත්නම් 80-90 කාලේ දාපු සෙල්ලම් දැන් 21 වැනි සියවසේ දාන්න පුලුවන්ද? මම මේ කථා කරන්නේ මානව හිමිකම්,
    ප්‍රචණ්ඩත්වය.භිෂණය ගැන .

    එහෙම දේවල් අද නෙවෙයි ඕනෙම කාලෙක කරන්න පුළුවන් ඔබ ඔබ ගැන හිතන්නේ නැති suicidal අදහස් තියෙන පිස්සෙක් නම්.
    එත් හෙට ගැන තමන්ගේ චන්ද ගැන ප්‍රතිරූපය ගැන සිතන දැන් මේ සියවසේ ඉන්න කෙනෙක් නම් ඕවා කරන්න හිතන්නේ නැහැ.

    ඔක්කොටම වැඩිය දැන් ලෝකේ තාක්ෂය එක්ක සමීප වෙලා. එක video එකක් වෙන රටකට එම්බසියකට. UN human rights වලට යවන්න තත්පරයක් වත් යන්නේ නැහැ.

    70-80 ගණන් වල එහෙම තත්වයක් තිබ්බේ නැහැ. චන්දෙකට ඔය පිටින් ස්වාදීන නිරිෂ්කයෝ ආවත් ලොකු දෙයක් වෙන්නේ නැහැ.

    දැන් රටවල් වට්ටන්න , රටේ පාලකයෝ අල්ලා ජාත්‍යන්තර හිර ගෙවල් වලට අදගෙන්න යන්න උනත් පුළුවන්. ඒක මේ දැන් ඉන්න පලකයොත් හොඳට දන්නවා.
    එක නිසා කැමැත්ත තිබ්බත් ලොකු සෙල්ලම් දාන්න නම් බැහැ .
    මතකනේ ඉරාකෙ සදාම් හුසේන්, ගඩාෆිට වෙච්ච දේ. ලෝකේ කියන දේ අහන්නේ නැති පිස්සා kim jong un උනත් පිස්සු කෙලියත් ලෝකේ බලගතු රවල් අව්ව්සගන්න දේවල් කරන්නේ නැහැ,

    මම හිතන්නේ එහෙම තමයි වෙන්න ඕනේ. මේ හැම දෙයකින්ම සාමාන්‍ය පුරවැසියන්ට තමයි වාසිය. අපිට තමයි මේ හැම දෙයකින්ම ආරක්ෂාව , සුරක්ෂිත බව ලැබෙන්නේ,

    විශේෂයෙන්ම ලංකාවේ දැන්ඉ ඉන්න ඉහල පාලකයෝ කොහොමත් පිස්සු කරන්නේ නැහැ මේ යන විදිහට, මොකද ඔවුන්ගේ ගෙවල් දොරවල් තියෙන්නේ ඇමෙරිකාවේ.
    human rights කෙස් වලට අහු උනොත් උන් ප්ලාන් කරන් ඉන්න life එක ගෙනියන්න බැරිවෙනවා. ඇමෙරිකන් වගේ ආණ්ඩු කිසිවක් නොකලත්.
    ඒ රටවල විපක්ෂ NGO , සහ media ඇමෙරිකන් හෝ වෙන රටක් නම් ඒ රටවල ආණ්ඩුවලට එල්ල කරලා මුන්ව විනාස කරනවා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    9,833
    2,953
    113
    එහෙමම කියන්නත් බෑ. ඔය සිරියාව වගේ යුද්ධ තියෙන රටවල ඔයිට වඩා දරුණු දේවල් වෙනව. ඇමෙරිකාව වගේ මානව හිමිකම් උඩින්ම රකිනව වගේ පෙන්නන රටවල්ම ඇස් ඉස්සරහ කරපු සෑහෙන අපරාධ තියෙනව.

    මේ 2003 වගේ මෑත කාලෙක ඇමෙරිකාවෙ හමුදාවෙන් ඉරාකෙ Abu Ghraib prison එකේ කරපුව. පොඩ්ඩක් ඕපන් කරල ෆොටෝ ටික විතරක් බලපන්කො.
    https://en.m.wikipedia.org/wiki/Abu_Ghraib_torture_and_prisoner_abuse

    ලෝකෙ තියෙන බලගතුම දේ බහුතර ජනතා කැමැත්ත. ඒකෙන් විතරයි තමන්ට වැරැද්දක් කරන පාලකයෙකගෙන් බේරෙන්න පුලුවන්.

    මොනව උනත් ලෝකෙට පේන්න හරි මානව හිමිකම් රකින බලවත් රටවල් කිහිපයක් ලෝකය පාලනය කරන එක හොදයි. නැත්තන් ලෝකෙ මීට වඩා දරුණු තැනක් වෙන්න තිබ්බ.
     
    • Like
    Reactions: wtsamantha

    shenat

    Well-known member
  • May 13, 2007
    26,643
    22,946
    113
    ආශ්චර්යමත් රටක
    ඔව්. මාත් හිතන්නෙ එහෙමයි. ඒ කාලේ වගේ ඕන ඕන දේවල් කරන්න බෑ දැන්. ඒක හොඳයි. රටේ දියුණුවට දෙයක් කරනව නං කරන්න පුළුවන් ඔය පරිසරය ඇතුලෙ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    27,392
    8,281
    113
    තමන්ගෙ නොහැකියාව වහගන්න කරන මර්ධනයයි, බහුතරගෙ පහසුව වෙනුවෙන් කරන මර්ධනයයි දෙකක්. ප්‍රේමදාසලා කරේ බහුතරේ ගැන හිතලා.
     
    • Like
    Reactions: ukkuwa

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,403
    9,816
    113
    Gotham City
    ඔව්. මාත් හිතන්නෙ එහෙමයි. ඒ කාලේ වගේ ඕන ඕන දේවල් කරන්න බෑ දැන්. ඒක හොඳයි. රටේ දියුණුවට දෙයක් කරනව නං කරන්න පුළුවන් ඔය පරිසරය ඇතුලෙ.
    එව්වත් හැම රටකටම හරියන්නෙ නැහැ නෙ බන් ?
    මෙච්චර තාක්ෂණෙ දියුණු කාලෙ තලෙබාන් උන් ආයෙ ඇෆ්ගනිස්ථානය අල්ලගත්තෙ.

    අර අපෙ රටෙ මහ දවාලෙ කෙල්ලෙක්ව මරලා බෑග් එකකට දාගෙන ඇවිත් කුණු බක්කියකට දැම්මෙ?
    මෙච්චරම දියුණු කාලෙක නේද ?

    භීෂණය වගෙ දෙවල් ඇවිස්සුනෙ ගොඩක්ම ජනමාධ්‍ය වල ක්‍රියාකාරීත්ව වගෙ දෙවල් නිසා .
    ආණ්ඩු විරොධි උන් මිනිස්සු කුපිත කරන්න ඔහෙ ලියනවා ,
    ඒ වගෙම පොඩි දෙයක් උනත් ලොකුවට පෙන්වනවා .

    අන්න ඒ කසි කබල් මීඩියාස් වලට නම් වැදුණා තාක්ෂණෙ දියුණුවෙන් නම්.
    එත් ගොඩක්ම වැරදි තොරතුරු ඊට එහා සමාජ ගත වෙනවා මෙ සොෂල් මීඩියාස් හරහා .
     
    • Like
    Reactions: wtsamantha