පාකිස්තාන IMF සාකච්චා ඇණහිටී.. මාසික ණය ට‍්‍රිලියන බාගයකින් ඉහලට.. රටින් පැනයන්න පෝලිම්..
පාකිස්තානයේ උද්ගත වී ඇති දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් එරට විවිධ වෘත්තිකවේදීන් ඇතුළුව මිලියන 13.53කට වැඩි පුද්ගලයන් පිරිසක් රට හැර ගොස් ඇතැයි පාකිස්තාන ආර්ථික සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ වසරේ අප්‍රේල් මාසය වනවිට එක්රැස් කරනු ලැබූ දත්ත සංඛ්‍යා ලේඛන ඇසුරින් එම වාර්තාව සකස්කර ඇති අතර, එම පිරිස විදෙස් රටවල් 50කට වැඩි සංඛ්‍යාව මේ වනවිට විවිධ රැකියාවල නිරතව සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඒ අනුව බුද්ධිගලනය අතින් ඉහළම විගමන අනුපාතයක් පෙන්නුම් කරන දකුණු ආසියාවේ දෙවැනි විශාලතම රට බවට පාකිස්තානය පත්වී ඇතැයි ද, උගත් සහ දක්ෂ පුද්ගලයන් විදේශගතවීම පාකිස්තානයට ඉදිරියේදී එරට විවිධ ක්ෂේත්‍රයන් හී සංවර්ධන කටයුතුවලදී දැඩි බලපෑමක් එල්ල වන කරුණක් වනු ඇතැයි ද වාර්තා වේ.
එම සමීක්ෂණ වාර්තාවට අනුව වසර 2022දී පමණක් උපාධිධාරින් 92,000ක් සහ පුහුණු ශ්‍රමිකයන් 3,50,000ක් රට හැර ගොස් ඇති අතර, වෛද්‍යවරුන් 2,500ක්, ගණකාධිකාරීවරුන් 6,500ක් සහ ඉංජිනේරුවන් 5,534 ඊට ඇතුළත් බව ද වාර්තා වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පැකේජය සම්බන්ධව මෙතෙක් සාර්ථක ප්‍රතිඵල නොලැබීම හේතුවෙන් ලබන වසරේ ආදායම් වියදම් පරතරය පියවා ගැනීම සඳහා පාකිස්තාන රුපියල් ට්‍රිලියන 9.3ක දේශීය ණය ඇස්තමේන්තුවක් සකස් කිරීමට රජයට සිදුවී ඇතැයි එරට ‘ඩෝන්‘ පුවත් සේවය වාර්තා කළේය. මේ තත්ත්වය මත පාකිස්තානයේ දේශීය ණය මුදල ඉහළ යෑමෙන් එරට රජය දෙබිඩි ණය උගුලක පැටලී සිටින බව ද ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
පාකිස්තානයේ ආර්ථික විශේෂඥවරුන්ට අනුව පසුගිය ජූලි මාසය වන විට එරට දේශීය ණය රුපියල් බිලියන 537කින් ඉහළ ගොස් ඇතැයි ද, රාජ්‍ය යාන්ත්‍රණයේ වියදම් සීඝ්‍ර වශයෙන් ඉහළ යෑම ඊට හේතු වී ඇතැයිද වාර්තා වේ.
මේ තත්ත්වය මත දේශීය ණය ගැනීම් තවදුරටත් ඉහළ ගොස් ඇති බවත්, පසුගිය ජූනි මාසයේ පාකිස්තාන රුපියල් ට්‍රිලියන 68. 914ක් වූ රටේ මුළු දේශීය ණය ප්‍රමාණය ජූලි මාසය වන විට ට්‍රිලියන 69ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ මාසයක් ඇතුළත රුපියල් බිලියන 690කින් බව ඩෝන් පුවත් සේවය සඳහන් කළේය.
5,435 views