පාතාලයෙන් ඇහෙන කතා කියන්නේ

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    310
    83

    Hmm Karathi Dhammika Inna wa Lu Phone ekak wath Use karanne Nahalu...
    Dan Habai Pathalaya Bida Watena wa Okkama STF eken Allala Marana wa ekek wath Tiya ganne na....
    Ahuwechha gaman Ewwlema Karaganna ona ewa kara gena marala dana walu.

    kara ganna one eva kiyanne machan?

    baduwak unanam kara ganna dewal one tharam thiyanawa :lol::lol:
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මේ කතාවේ එන ඉතාලි ජගත්ව නම් අපේ පවුලේ අය අදුරණවද කොහෙද :rolleyes:? මම නම් දැකලවත් නෑ :no:. දැක්කත් පොඩි කාලේ හින්දා මතක නෑනේ .දැන් මට අවුරුදු 19යි. :)
    කොහොම හරි මේකේ එන එක පාතාල නායකයෙක්ගේ හොදම ගෝලයෙක් අදටත් ඉතාලියේ ඉන්නවා .නම නම් අහන්න එපා.:baffled: අපි ඔන්නම් සුදු මල්ලි කියමුකෝ ( දන්නෝ දනිති );).මම දවසක් ඇහුවා මිනී මරන්න බය නැද්ද කියලා
    " ඔලුව මත් කලාම කටපුන්චා කොහෙට යනවද දන්නේ නෑ ලොක්කේ " :dull:

    ------------------------------------------------------------------------------------------------------------------

    එකල කැලණියෙහි ප්‍රදීප් ඩයස් සහ නෙරො ඩයස් නමින් ඥාති සහෝදරවරු දෙපලක් විය . ඩයස් අයියලා මල්ලිලා නමින් කැලණිය ප්‍රදේශය තම රාජධානිය බවට පත් වන තැනට නීති විරෝධී කටයතු රැසක යෙදුනු ඔවුහු අතිශය දරුණු සිත් ඇත්තන්ය.එවකට අනාගත පාතාල කෙරුමන් බවට පත් වන ලකුණු පෙන්නමින් කරළියට පැමිණෙන ප්‍රින්ස් කොලම් , ඇට ඉන්දික , තොප්පි චමින්ද ,කොට ගාමිණි වැනි මැරවරයන් සමග ඉතා සමීප ඇසුරක් පැවත්වූ නිසාම කැලණියේ ජනතාව බිය වද්දමින් සිය අණසක පැතිරවීම ඩයස් සහෝදරවරුන්ට අපහසු වුයේ නැත.
    කප්පම් ගැනීම ප්‍රධාන ආදායම් මාර්ගය කර ගත් ඩයස් අයියා මලෝ කැලණිය අවට ප්‍රදේශද තම අයිතියට නතු කරව ගත්තේ උණ්ඩ කිහිපයක ලේ තවරමින් හා පොලිස් නිලධාරින්ගේ අත් වලට කළු සල්ලි වල රස්නය ලබා දෙමින්ය.

    මේ අතරතුර බට්ටා නැමති විකට නාමයෙන් හදුන්වනු ලැබූ පුද්ගලයෙක් ඩයස් සහෝදරයන්ගේ ඇසුරට වැටුනි. ඔහු කුලියට මිනීමැරීමේ කොන්ත්‍රාත්තු පාතාලයට ලබා දෙන හවුල්කාරයෙකි. එක්තරා ව්‍යාපාරිකයෙක් තවත් ව්‍යාපාරිකයෙක් වූ ආරියපාල මුදලාලි සමග ආරවුලක් පැවතුනි. ඒත් ව්‍යාපාර සම්බන්ධයෙනි.

    බට්ට හට මෙය ආරන්ච්චී විය . ඔහු ව්‍යාපාරිකයා හමු වී කල කතා බහේ ප්‍රතිපලය වුයේ ආරියපාල මුදලාලි මෙලොවින් තුරන් කිරීමේ කොන්ත්‍රාත්තුව ඩයස් සහෝදරයන්ට යාමයි.කෙසේ හෝ පෑලියගොඩ පොලිසිය විසින් නීති විරොධි ක්‍රියා හෙතුවෙන් ඩයස් සහෝදරවරු අත් අඩංගුවට ගත් නිසා ටික කලකට කැලණිය ඔවුන්ගේ ක්‍රියාකලාප වලින් නිදහස් විය.මේ අතරතුර ඉතාලියේ රැකියාව කල ජගත් නැමති පුද්ගලයෙක් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ සිය උපන්බිම වූ කැළනියෙහි නතර වී හෝටලයක් ආරම්භ කරන අරමුණෙනි. බොහෝ දෙනා ඔහු හැදින්වුයේ ඉතාලි ජගත් ලෙසිනි.

    ඔහු ඇරඹු " ඉතාලියානෝ " හෝටලය ඉතා ඉක්මනින් ජනප්‍රිය වුයේ ඉතාලි ජගත් ධනවතෙක් කරමිනි.මාස කිහිපයක සිර දඩුවමෙන් පසු ඩයස් සහෝදරවරු නැවත තම දඩබිමට පැමිණෙන්නේ ගොදුරක් සොයා ගැනීමේ අරමුණිනි.
    දිනක් ජගත් හට දුරකථන ඇමතුමක් ලැබුනී.
    " ජගත්ද කතා කරන්නේ "
    " ඔව්. කවුද කතා කරන්නේ "
    " ඩයස් . අපි කාලේ කපන්න ගිහින් හිටිය කාලේ මෙහෙ ආව හින්දා අදුරගන්නත් බැරි උනානේ "

    කොටියා කට අරින්නේ ආයුබෝවන් කීමට නොවන බව ජගත් දැන සිටියේය.

    "ඉතින් "
    " මෙහෙ බල්ලෝ ගස් වලට හුජ්ජ කරන්නෙත් නෑ අපෙන් අහන්නේ නැතුව. මොකද ලයින් එක අදින්නේ අපි . වෙන කාටවත් සීමා නෑ. තාත්තගේ බූදලයක් වුනේ නැතැත් මේකේ කඩ කරන එක තීරණය කරන්නේ අපි "
    " දැන් මොකක්ද මට කියන්නේ "
    " ඔය රට පෙට්ටිය වහලා මෙහෙන් පලයන්. දෙපාරක් කියන්න තියන්න එපා "

    දුරකථනය විසන්ධි විය.
    ජගත් දින කිහිපයක් තිස්සේ මේ පිලිබද කල්පනා කලේය. මරණ බිය දැනෙන්න වූ නිසා ඔහු තම මිතුරෙකු වූ මොරටු සමන් හමුවීමටෙ පැමිණියේය.

    මොරටු සමන් යනු එකල පාතාලයේ ප්‍රබලයෙකි. ඩයස් අයියා මලෝ සමග සැසැදීමේදී මොරටු සමන් යනු මෝරෙකි.

    " තව අවුරුදු ටිකක් ගියාට පස්සේ ඉතාලි පයිනවා ජගතයා
    " මොරටු සමන් සිය සගයා සමග ආගිය තොරතුරු කතා කලේය.
    ජගත් තමන්ට මුහුණ දීමට සිදු වූ කරදරය පිලිබද පැවසුවේය.
    " උඹ බය නැතුව ඉදහන් . අපිත් ඉන්නේ මේ පුංචි රටේනෙ. "
    ඉන් පසු මොරටු සමන් නිතර දෙවේලේ ඉතාලි ජගත් හමු වීමට කැලණියට පැමිණියේය.පාතාලයේ මොරටු සමන්ට තිබූ තැන ගැන මනා අවබෝධයක් තිබු ඩයස්ලා තම වේලාව පැමිනෙණ තුරු වෛරයෙන් පසුවීය.

    මොරටු සමන් ඝාතනය කිරීමත් සමග ඩයස්ලා එය තමන්ගේ වේලාව බව දැන ගත්තේය.ඉතා ඉකමනින් ඉතාලි ජගත්ගේ මල සිරුර කැලණි රජ මහ විහාරය අසල තිබෙනු දක්නට ලැබුනු කැලණි ජනයා බියෙන් සලිත වී ජීවත් වුයේ ඩයස්ලාගේ මමංකාරය ඉහල දමමිණී.

    ඉදින වප් මස පසලොස්වක පොහෝ දිනයි. ප්‍රදීප් ඩයස් තම සගයින් සමග මත්පැන් පානය කරමින් සිටියේය. ඔවුන් සතුව තිබු මත්පැන් අවසන් වූ පසු ප්‍රදීප් සිය සගයන් කැලණියට පිටත් කලේ එදින පොහෝ දිනක් බව අමතක වීමෙනි. කැලණියේ සියලු මත්පැන් අලවිසැල් කඩ වසා බැවින් සිය පිරිවර හිස් අතින් පැමිනීම ප්‍රදීප්ගේ නොසතුටට හේතු විය .

    " හිඹුටුවෙල්ගොඩ ටෙරන්ස්කාරයා ගාවනම් ඇති "
    ටෙරන්ස් යනු අබාධිත පුද්ගලයෙකි . ජීවත් වීම සදහා නිවසේ සිට මත්පැන් විකිණීම ඔහු සිය ජීවිකාව කරගෙන ටිබුනී.

    දාහේ කොලයක් විසි කල ප්‍රදීප් සිය සගයන් දෙදෙනෙකුට ටෙරන්ස්ගේ බෝතලයක් රැගෙන එන ලෙස අණ කලේය.
    ටෙරන්ස් සෙවීමට පැමිනි දෙදෙනා ඔහුගේ නිවසට තට්ටු කලේය.
    " ඒයි. ටෙරන්ස් . අපිට බෝතලයක් දියන් "
    කතා බහක් නැත.
    " අඩෝ . බෝතලයක් දියන්. ඩයස් අයියාගෙන් ඕඩරේ "
    " මේ වෙලාවේ අරක්කු මම කොහෙන් හොයන්නද බන් . හෙට උදේ වරෙන්. ගැලුමක් හරි දෙන්නම් "

    " තොට කීව එක ඇහුණේ නැද්ද , ඩයස් අයියා ගේන්න කීවේ "
    " උගේ නමට මෙතන අරක්කු හැදනවද බන් . හෙට වරෙන් "
    " අයිඩින්ටි කාඩ් සයිස් පොටෝ එකකුත් එහෙනම් ලෑස්ති කර ගනින් ටෙරන්ස් "

    ඩයස්ව දුරකථනයෙන් ඇමතූ එක් සගයෙක් ටෙරන්ස්ගේ පිලිතුර ඩයස්ගේ කනේ තැබූ වහාම ඔහු වෙඩි කෑ ඌරෙකු මෙන් කිපුණේය.

    "ෆෝන් එක දීපන් ඔකගේ ගෑනිට "

    " අනේ ඩයස් මහත්තයා මේ වෙලාවේ අපි ගාව අරක්කු නෑ. හෙට උදේට දෙන්නම් "
    ඇය පැවසීය. ඩයස්ට එම පිලිතුර ප්‍රමාණවත් විය. මත්පැන් අධික ලෙස පානය කර තිබු නිසා ඔහුට කිසිවක් නොතේරුණී.

    ඔහු මාලිගාවත්තේ සවුජාන් සමග මෝටර් බයිසිකලයට නැග ටෙරන්ස්ගේ නිවස දෙසට ඉතා වේගයෙන් පැමිණියේය.
    ප්‍රදීප් බැස් කතාවක් නොමැතිවම ටෙරන්ස්ගේ නිවසෙහි දොර කඩා ඔහුව එලියට ඇද දැමුවේය.ඊලගට ඔහුගේ හිසට ප්‍රදීප්ගේ තුවක්කුවෙන් එල්ල වූ උණ්ඩ කිහිපයට ටෙරන්ස්ගේ අවසන් හුස්ම දිය විණි. අසල නිවෙස් වල සිටි ගම්මුන් පිරිස සැනෙකින් දිව ආවේ සිදු වුයේ කුමක්දැයි බැලීමටය
    " තොපි මොකද ? මුගේ වලිගේ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්නද " පවසමින් ප්‍රදීප් තවත් වෙඩි පහරක් අහසට එල්ල කලේය. නැවතත අහසට වෙඩිල්ලක් තැබීමට උත්සහ කරද්දී සිය තුවක්කුවේ උණ්ඩ අවසන් බව ප්‍රදීප්ට වැටහුණි. හදිස්සියට පත්තු වීමට මෝල් ගහවත් නොතිබුණි.
    " යන් ඩයස් අයියා . වෙන අඩි නෑ. "

    ගැමියන්ට ඔවුන් වැටී සිටි තත්වය වැටහුණි. ඩයස් ඇතුලු පිරිසට ගුටි බැට දීමට ඔවුන් පෙලඹුණ අතර වෙරි මතින් සිටි පිරිසට සිදු වන්නේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකි විය.මෙම සටනේදී ප්‍රදීප්ගේ ඔලුවට ගලක් වැට්ටවු බව පැවසේ. කෙසේ හෝ ගැමියන්ට ටෙරන්ස් සමග දිව්‍ය ලෝකේ යාමට අවශ්‍ය දැයි විමසු ප්‍රදීප්ට සිදු වුයේ පරලොව බලා ගමන් ඇරඹීමටයි.


    මචන්ස්ලා! මේ සීන් එක නම් මම කිහිප සැරයක්ම අහලා තියෙනවා!

    "මහත්තයා" කියන්නේ මුට නේද??
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,180
    677
    113
    ගෙන්දගම් පොළොve
    මේ කියන්න යන ගෝනවල සුනිල්ගේ ඥාතියෙක්ගේ පුතෙක් අදටත් මගේ හොදම යාලුවෙක්.

    ගෝනවල සුනිල්

    ගෝනවල සුනිල් යනු ශ්‍රී ලංකාවේ නම ගිය පාතාල රජෙකි.එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කටයතු වලදී ඔහුට නිතර සහය දැක්වු අයෙකි.වරක් ඔහු අවුරුදු 14 ක් වයසැති තරුණියක් දූෂණය කල වරදට වරදකරු ලෙස ඔප්පු වූ අතර ජේ.ආර්.ජයවර්ධන මහතාගේ අණ පරිදි ඔහු නිදහස් කරන ලදී.මේ පිලිබද විමසන ලද අවස්තාවේ ඒ මහතා පැවසුවේ
    " මම කලේ මට එහෙම කරන්න බලය තියෙන හින්දා " ලෙසය.
    එමෙන්ම එක්සත් ජාතික පක්ෂය ඔහුව සාමවිනිසුරුවරයෙක් ලෙසත් පත් කලේය.

    රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමතිධූරය දරන සමයේ ඔහු පිටුපස සිටි අදිසි හස්තය ගෝනවල සුනිල්ය. එම කාලයේ ලමයකු පාසලකට ඇතුලත් කිරීමේදී ගෝනවල සුනිල්ගේ ලියුමක් ඇත්නම් ලමයාගේ සුදුසුකම් පිලිබද කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරවම ඔහුව ඇතුලත් කරගනී.ටික කලක් ගත වත්ම රනිල් වික්‍රමසිංහ මහතාට ගෝනවල සුනිල් තමා ලග තබා ගැනීම තම දේශපාලන ජීවිතයේ ඉදිරි ගමනට කැළැලක් ඇති වේයයි බියක් ඇති විය. ගෝනවල සුනිල් ඝාතනය වන්නේ ඉන් පසුවය.

    1983 දී දෙමළ සිරකරුවන් සමුලඝාතනය කිරීමේදීත් මුලිකත්වය ගෙන කටයතු කලේ ගෝනවෙල සුනිල්ය.මෙය පිලිබද තොරතුරු මාධ්‍ය වල පලවීම වැලැක්වීමටත් රජයට ගත හැකි උත්සාහයක් නොතිබුනි.2000 මැයි 20 වන දින පුවත්පත් වල,පොලිසියෙන් පලා යාමට තැත් කිරීමේදී වෙඩි පහරවල් වැදී ගෝනවල සුනිල් මිය ගිය බව වාර්තා වී තිබුනි.එම මසම 3 වනදා කැලණී පොලිසිය ඔහු පසු පස හඹා ගියත් ගෝනවල සුනිල් ඉන් පැන ගත්තේ සිය සගයන් 4 දෙනෙකුම පොලිස් වෙඩි පහරින් මිය යන අතරතුරය.ඔවුන් නමින් පූගොඩ ගාල්ලෙගේ රොහාන් චමිත් පෙරේරා, ඩබ්.ඩී චමින්ද තිලක්, එච්.දොන් සුමිත් සුජීව හා කේ.පී.ප්‍රියදර්ශන වේ.

    ගෝනවල සුනිල්ගේ කෝට්ටේ පිහිටි නිවස වැටලීමේදී පොලිසියට අත් බෝම්බ ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමට තැත් කල නිසා ඔහුට වෙඩි තැබීමට සිදු වූ බව එදින වැටලීම සිදු කල නුගේගොඩ විශේෂ පොලිස් කණ්ඩායම පවසා තිබුනී.කෙසේ වුවත් ගෝනවල සුනිල්ගෙන් සහය ලැබූ බලවතුන් අදටත් ජීවත් වේ.

    ..

    ගෝනවල සුනිල් 1989 හෝ ආසන්න වර්ෂයකදී, ගෝනවල පිහිටි ඔහුගේ නිවස තුලදීම තුවක්කු කරුවන් විසින් වෙඩිතබා ඝාතනය කරන ලදී. වෙඩි තැබීමෙන් පවුලේ එක් සාමාජිකයෙකු හැර අන් සියලුදෙනා මරණයට පත්විය.. අදටත් එම නිවස අත්හැර දමා ඇති අතර, ඒ ආකාරයටම පවතී..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    539
    0
    ..

    ගෝනවල සුනිල් 1989 හෝ ආසන්න වර්ෂයකදී, ගෝනවල පිහිටි ඔහුගේ නිවස තුලදීම තුවක්කු කරුවන් විසින් වෙඩිතබා ඝාතනය කරන ලදී. වෙඩි තැබීමෙන් පවුලේ එක් සාමාජිකයෙකු හැර අන් සියලුදෙනා මරණයට පත්විය.. අදටත් එම නිවස අත්හැර දමා ඇති අතර, ඒ ආකාරයටම පවතී..
    -----Gonavala Sunil maruve JVP ekendha?
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    තව කොච්චර නම් ඉන්නවද බන්. ඕකුන්ට වඩා මරපු උන් ඕන තරම් ඉන්නවා ඒත් උඩට යන්න නම් මිනී මරපු ගානට වඩා මොලෙන් ගේම ගහන්න ඕන
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මං දාන්නම් අද රෑට අල්ෆ්‍රඩ් සොයිසා (කලත්තෑවේ සොයිසා) ගැන.
    අපේ සීයා :p
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    712
    113
    60 වත්ත
    මං දාන්නම් අද රෑට අල්ෆ්‍රඩ් සොයිසා (කලත්තෑවේ සොයිසා) ගැන.
    අපේ සීයා :p

    අඩේ විලි මාමා අපේ සීයා කෙනක්....
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,147
    5,467
    113
    mee okkoma paradai ape GOD ta. manne athata gattahama okkoma iwarai :rofl::rofl::rofl: ( patta mchn ++ )