පාරාවෝ සුසාන භූමියකින් වසර 2500 ක් පැරණි සිරුරු 100 ක්

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,184
    510
    113
    ඊජිප්තුවේ කයිරෝ නගරයට දකුණින් පිහිටි පාරාවෝ රජවරුන්ට අයත් සුසාන භූමියකින් ඉතා හොඳින් සංරක්ෂණය කරන ලද සිරුරු 100 ක් පමණ හමුවී තිබේ.

    පුරාවිද්‍යාඥයින් පවසන්නේ මේවා වසර 2500ක් පමණ පැරණි බවයි.

    image_1ed597c533.jpg


    ඉතා හොඳින් මුද්‍රා තබා තිබූ පෙට්ටි වල සංකීර්ණ තීන්ත මෝස්තර හොඳින් ආරක්ෂා වී ඇති බවද ඔවුහු පෙන්වා දෙති. රන් ආලේපිත මුහුණු ආවරණ හා රන් ආභරණ ද සමග සිරුරු මිහිදන් කර තිබූ බව ද ඔවුහු පවසති. සිරුරේ හැඩයටම සකස් කරන ලද දැවමය පෙට්ටිවල සිරුරු සුරක්ෂිත කර තිබේ.

    එම සිරුරු උසස් පුද්ගලයන්ට අයත් ඒවා වියහැකි බව ඒවා සංරක්ෂණය කර තිබෙන ආකාරයෙන් පෙනී යන බව ද පුරාවිද්‍යාඥයෝ පවසති.

    "මෙම සොයාගැනීම විශේෂිතයි, සිරුරු බහා තිබූ පෙට්ටිවල ගුණාත්මකභාවය හා ප්‍රමාණය අනුව ඒවා උසස් පුද්ගලයන්ට අයත් බව පෙනී යනවා." යනුවෙන් ඊජිප්තුවේ පුරාවස්තු කවුන්සිලයේ මහලේකම් මොස්ටාෆා වසිරි පැවසීය.

    පුරාවිද්‍යාඥයින් විසින් එක් පෙට්ටියක් විවෘත කර සිරුර ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමුකර තිබේ. එමගින් සිරුර සංරක්ෂණය කළ ආකාරය සම්බන්දව තොරතුරු සොයාගැනීමට හැකිවූ බව ඔවුහු පවසති.

    එම සිරුර අඩි 5.4 - 5.7 අතර පිරිමි පුද්ගලයෙකුට අයත් බවත් ඔහුගේ ජීවිත කාලය හොඳ සෞඛ්‍යයෙන් ගතකර ඇති බවත් අවුරුදු 40 - 45ත් අතර වයසේදී මියයන්නට ඇති බවත් විද්‍යාඥයෝ අනුමාන කරති.

    සංචාරක හා පුරාවස්තු අමාත්‍යාංශය පවසන්නේ මෙම පෞරාණික සිරුරු ඊජිප්තුව පුරා පිහිටි කෞතුකාගාර වලට යැවීමට සැලසුම් කර ඇති බවයි.

    image_8ffbea40ed.jpg


    image_34f5652ebb.jpg


    image_331df6e8fa.jpg


    image_928185c0ce.jpg


    image_c137520a16.jpg


    image_dc52006b8d.jpg


    image_e986ec08b5.jpg


    ඊජිප්තුවේ පළමු රාජ වංශය දක්වා දිවෙන මෙම විශාල සුසාන භූමියේ පැරණිතම පිරමීඩය ද පිහිටා තිබේ.



    සීඑන්එන් ඇසුරිණි

    සෝස් ලංකාදීප
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    11,499
    12,164
    113
    වලලන්ඩ කියපල්ලා ආපහු... මේ හරි අවුරුද්ද නෙමෙයි ඔය වගේ ඒව ආයෙ ගොඩගන්ඩ...
    ඔව් නේ බන් මොකක් හරි වසන්ගතේකින් මැරිච්ච උන්ද දන්නෙත් නෑ ගොඩ අරගෙන ආතල් ගන්නෙ.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    4,515
    6,115
    113
    ඔව් නේ බන් මොකක් හරි වසන්ගතේකින් මැරිච්ච උන්ද දන්නෙත් නෑ ගොඩ අරගෙන ආතල් ගන්නෙ.
    කියල වැඩක් නෑ.. කොරේ පිටට මරේ කියල හඳුනානොගත් තවත් වසංගතයක් ආවොත් හොම්බෙං යන්න වෙන්නෙ...
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    1,450
    2,137
    113
    යකෝ නැති ප්‍රශ්න ඇති කරන ගොබ්බ හැත්තක් ඉන්නේ බන්. ඕව මෙච්චර කල් තිබබා යස අගේට පරිස්සම් වෙලා. ගොඩ අරන් මොන මගුල් කරනවද මන්ද, ඕවයේ අපි නොදන්නා දේවල් සැහෙන්න තියනවා බන්. අපිට හිතාගන්න වත් බැරි තරම්.
     
    යකෝ නැති ප්‍රශ්න ඇති කරන ගොබ්බ හැත්තක් ඉන්නේ බන්. ඕව මෙච්චර කල් තිබබා යස අගේට පරිස්සම් වෙලා. ගොඩ අරන් මොන මගුල් කරනවද මන්ද, ඕවයේ අපි නොදන්නා දේවල් සැහෙන්න තියනවා බන්. අපිට හිතාගන්න වත් බැරි තරම්.

    Marunata passe monawa wennada bn thawa:rofl:
     
    • Like
    Reactions: Cenon

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    3,949
    2,160
    113
    kandy
    මැරිලා වත් නිදහසේ ඉන්න දෙන්නෙ නෑ.
    අනික මොන මොන වෙෙරස් තියනවා ද දන්නෙත් නෑ.
     
    • Like
    Reactions: dhanuka kumara

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,184
    510
    113
    ඔව් නේ බන් මොකක් හරි වසන්ගතේකින් මැරිච්ච උන්ද දන්නෙත් නෑ ගොඩ අරගෙන ආතල් ගන්නෙ.
    :shocked: කොරෝනා මදිවට අව්රුදු 2500 ක් පරණ වයිරස් එකක් ආයි ඇක්ටිවේට් උනොත් කොහොමද‍