පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව විමර්ෂණය කිරීම සදහා පත් කළ ජනාධිපති කොමිසම විසින් කරන ලද නිර්දේශයන්ට අනුව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එවකට අගමැති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අයට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට නියමිත බව වාර්තා වේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 270 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
කල්තියා දැනුම් දී තිබිය දී ත් ප්‍රහරය වළක්වා ගැනීමට කටයුතු නොකළ පිරිස් සහ අන්තවාදී මතවාද ව්‍යාප්ත කළ පිරිස් අත් අඩංගුවට ගැනීමට කටයුතු නොකල අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව කොමිසම නිර්දේශ කර තිබේ.
කොමිසම, පසුගිය සදුදා දිනයේ දී එහි අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දී තිබුණි.හෙට රැස්වන කැබිනට් මණ්ඩලයේ දී මෙම අවසන් වාර්තාව පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.
කෙසේ වෙතත්, මේ වන තෙක්, එම අවසන් වාර්තාව නීතිපතිවරයා වෙත ලබා දී නැති බව ද වාර්තා වේ.
කොමිසම ලබා දුන් අවසන් වාර්තාව පිළිබදව කාදිනල් හිමිපාණන් ද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. එම සාකච්ඡාවේ දී කොමිසමේ නිර්දේශ රටට හෙළි කරන ලෙස ද කාදිනල් හිමිපාණෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව පැවසේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 සැප්තැම්බර් මාසයේ මෙම කොමිසම පත් කළ අතර, කොමිසමේ කටයුතු 2021 ජනවාරි 31 වන දායින් අවසන් විය.
කොමිසම, සාක්ෂි කරුවන් 451 දෙනෙකුගෙන් ප්‍රශ්න කර තිබේ.
සන්ඩේ ටයිම්ස්.