පාස්කු මිනීමරුවා ගෝඨාභය ප්‍රහාරයේ පරීක්ෂණ කඩාකප්පල් කළ හැටි

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,008
    1
    2,960
    113
    the universe

    ඕස්ට්‍රේලියාව (ABC) – ඕස්ට්‍රේලියානුවන් ඇතුළු සිය ගණනකගේ මරණයට හේතු වූ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයන්ට ත්‍රස්තවාදී කණ්ඩායම සමඟ දේශපාලන වාසි තකා ශ්‍රී ලංකා රජය, හවුල් වි තිබිය හැකි බවට ප්‍රකාශයක් කරමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු එම පරීක්ෂනයට නව ආලෝකයක් විහිදුවා ඇතැයි ඕස්ට්‍රේලියානු මහජන සේවා විකාශන ආයතනය වන ABC මාධ්‍ය සංසථාව ප්‍රකාශ කරයි.

    දේවස්ථාන සහ සුඛෝපභෝගී හෝටල්වලට ඉස්ලාමීය රාජ්‍යයෙන් (අයිසිසිස්) උන්මාදය ලද ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු ඇතුළු 269 දෙනෙකු මිය ගිය අතර තවත් පුද්ගලයින් 500 ක් පමණ තුවාල ලැබූහ.

    කොළඹ කිංග්ස්බරි හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් මෙල්බර්න් කාන්තාවක් වන චතුදිල්ලා වීරසිංහගේ සහාය ඇතිව, ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ ප්‍රධානියා දැන් චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයකට සහාය දෙන ලෙස ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටී.

    “ඔවුන් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. මක්නිසාද යත් එදින පිපිරීම් විශාල ප්‍රමාණයක් සිදු වූයේ එකම වේලාවක, සම්බන්ධීකරණයකින් යුතුව. එය ලොකු සැලසුම් සහගත දෙයක්” යැයි වීරසිංහ මහත්මිය පැවසුවාය.

    සැප්තැම්බර් මාසයේදී එක්සත් රාජධානියේ චැනල් 4 නාලිකාව පැවැති රජයේ සහායකයෙකු වූ අසාද් මවුලානාගේ ප්‍රකාශයක් විකාශනය කළේය. එහිදී ඔහු කියා සිටියේ හිටපු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ( එනම් ගෝඨාභය රාජපක්ෂට – ශ්‍රි ලංකා බ්‍රීෆ්) උදව් කිරීමට යැයි කියනු ලබන කුමන්ත්‍රණයක කොටසක් ලෙස ඉහළ බුද්ධි නිලධාරියෙකු ජාතික තව්හිද් ජමාත් (NTJ) ත්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයින් හමුවූ බවයි. ඒ ප්‍රහාර මගින් ජාතික ආරක්‍ෂාව පිළිබඳ අර්බුදයක් ඇතිකර ගෝඨාභය රාජපක්‍ෂ ජයග්‍රහණය කරවීම පිනිසය.

    දැන්, බෝම්බ ප්‍රහාර පිළිබඳ විමර්ශනයේ හිටපු ප්‍රධානියා පොලිස් පරීක්‍ෂණය අඩාල කළ දේශපාලන ඇඟිලි ගැසීම් යැයි කියන සිදුවීම් ගැන පළමු වරට කතා කර තිබේ.

    හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පැවසුවේ බෝම්බ ප්‍රහාරයෙන් මාස හයකට පසු ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමත් සමඟ තම කණ්ඩායම එම පරීක්ෂන වලින් ඉවත් කළ බවයි.

    සෙනෙවිරත්න මහතා ඕස්ට්‍රේලියානු විකාශන සංස්ථාවෙහි (ABC )විමර්ශනයට පැවසුවේ “නව රජය තේරී පත් වූ වහාම අගමැතිවරයෙකු හෝ කැබිනට් මණ්ඩලය පත් කිරීමටත් පෙරම ” කිසිදු හේතු දැක්වීමකින් තොරව ඔහුගේ ප්‍රධාන විමර්ශකයා ( එනම් ශානි අබේසේකර -ශ්‍රී ලංකා බ්‍රිෆ්) ඉවත් කළ බවයි.

    ඉන් පසු මාස කිහිපය තුළ තවත් නිලධාරීන් 22 දෙනෙකු විමර්ශනයෙන් ඉවත් කළ නමුත් එම ස්ථාන මාරුවීම් කිසිවක් සඳහා තමාට කිසිදු හේතුවක් ලබා නොදුන් බව ඔහු පැවසීය.

    සෙනෙවිරත්න මහතාගේ නායකත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් 700කට වැඩි පිරිසකට විදේශ ගමන් තහනමක් ද බලයට පත්වන රජය විසින් පනවන ලදී.

    සෙනෙවිරත්න මහතා කියා සිටියේ මෙය රාජපක්ෂ පාලනයේ හිතවතුන් ගැන විමර්ශනය කරන්නට ඉඩ තිබූ පොලිසිය බිය ගැන්වීමේ උත්සාහයක් ලෙසය.

    සෙනෙවිරත්න මහතා පැවසුවේ, “එය දරුණු නීති විරෝධී ක්‍රියාවක්” කියාය.

    “මේ ක්‍රියාව නිසා බොහෝ නිලධාරීන් බය වුණා. සමහර නිලධාරීන් තව දුරටත් එහි වැඩ කිරීමට අකමැති නිසා ස්ථාන මාරුවීම් පවා ඉල්ලා සිටියා.”

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය පුද්ගලයන් 90කට වැඩි පිරිසකට චෝදනා එල්ල කළ නමුත්, “සමහර බුද්ධි අංශ නිලධාරීන් මුස්ලිම් කණ්ඩායම සමඟ සම්බන්ධතා ඇති” බව සොයා ගත් විට විමර්ශකනයට මාර්ග බාධක දැමූ බව සෙනෙවිරත්න මහතා පැවසීය.


    ඉන් එක් කරුණක් නම් එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ සහාය ඇතිව අනාවරණය කර ගත් රහස් හමුදා බුද්ධි ක්‍රියාකරුවෙකු විසින් භාවිතා කරන ලද අන්තර්ජාල ප්‍රොටෝකෝල ලිපිනයක් NTJ ත්‍රස්තවාදීන් සමඟ කළ නිරන්තර සන්නිවේදනයන් සොයා ගැනීමට අදාලවය.

    ප්‍රහාරය එල්ල වූ දින උදෑසන හමුදා බුද්ධි නිලධාරීන් එක් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ නිවසට ගිය නමුත් එම තොරතුරු පොලිසිය සමඟ බෙදා නොගත් බව සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර ඇත.

    “එවැනි අවස්ථාවලදී, අපි යම් යම් පුද්ගලයන් සහ කණ්ඩායම් ප්‍රශ්න කිරීමට උත්සාහ කළ විට, අපට යම් යම් බාධාවලට මුහුණ දීමට සිදු වුණා,” සෙනෙවිරත්න මහතා පැවසීය.

    මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ සගයන්,ගේ ජාතික ආරක්‍ෂක මෙහෙයුම්වලට සම්බන්ධ බව පවසමින් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම ශ්‍රී ලංකා බුද්ධි අංශ විසින් දෙවරක් නතර කළ බව ඔහු පැවසීය.

    “එම නිලධාරීන්ගේ බුද්ධි අංශ සම්බන්ධ රහස්‍ය කාරණා සම්බන්ධයෙන් කටයුතු කරන බවට හමුදා බුද්ධි අංශ අපට දැනුම් දුන් නිසා අප ඒවා වැඩිදුර විමර්ශනය කළේ නැහැ.” යැයි ඔහු කීය.

    සෙනෙවිරත්න මහතා පැවසුවේ, පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්විමට ඉඩ තිබිණැයි තමා විශ්වාස කරන විමර්ශනයක්, හමුදා බුද්ධි අංශ විසින් ව්‍යර්ථ කළ බව ය.

    පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස හයකට පෙර නැගෙනහිර ශ්‍රී ලංකාවේ කොස්තාපල්වරුන් දෙදෙනකු ඝාතනය කිරීමේ NTJ හි භූමිකාව වසන් කරමින් හමුදා බුද්ධි අංශ “වැරදි තොරතුරු” රහස් පොලිසියට ලබා දී ඇති බව ඔහු පැවසීය.

    සෙනෙවිරත්න මහතා පසුගිය වසරේ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ ලේඛනවල සඳහන් කළේ, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම පිළිබඳ සැබෑ ප්‍රහාරකයන් සොයා ගැනීමෙන් වැළැක්වීමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නොමඟ යැවීමට හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය සහ ආරක්ෂක බුද්ධි සේවය කුමන්ත්‍රණය කර ඇති බවට සැක කරන බවයි. “

    සෙනෙවිරත්න මහතා ඕස්ට්‍රේලියානු විකාශන සංස්ථාවෙහි (ABC) විමර්ශනයට කියා සිටියේ “පොලිස් ඝාතනවල සැකකරුවන් සොයා ගැනීමට අපට හැකි වූයේ නම් පාස්කු ඉරිදා ප්‍රහාරය වැලැක්වීමට හැකියාවක් තිබූ බවට” තමන් විශ්වාස කරන බවයි.

    වත්මන් ශ්‍රී ලංකා රජයේ ඇමතිවරයෙකුගේ හිටපු සහායකයෙකු වන අසාද් මවුලානා, 2018 පෙබරවාරි මාසයේදී, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට මාස 14 කට පෙර, NTJ ත්‍රස්තවාදීන් සහ එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සාලි අතර හමුවක් තමන් දුටු බව මෙම සැප්තැම්බර් මාසයේදී, චැනල් 4 හි ඩිස්පැච් වැඩසටහනට පැවසීය.

    මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට රාජපක්ෂ මහතාට “අනාරක්ෂිත තත්වයක්” අවශ්‍ය බව බුද්ධි අංශ ප්‍රධානියා පසුව තමාට පැවසූ බව මවුලානා මහතා චැනල් 4 වෙත කියා සිටියේය.

    සෙනෙවිරත්න මහතා පැවසුවේ මවුලානා මහතාගේ ප්‍රකාශයන් නිසා බුද්ධි අංශ නිලධාරීන් NTJ පිළිබඳව පොලිසිය නොමඟ යැවූයේ මන්දැයි ඇතුළුව “පූර්ණ පරීක්‍ෂණයක්” අවශ්‍ය කරන බව ය.

    මවුලානා මහතාගේ හිටපු ප්‍රධානියා, රාජ්‍ය මාර්ග අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මවුලානාට විදේශ සරණාගතභාවය සඳහා වූ ඉල්ලීම තහවුරු කිරීම සඳහා මෙම චෝදනා ගොතන ලද බවට චෝදනා කළේය.

    පසුගිය වසරේ තනතුරෙන් නෙරපා හැරීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් කැනඩාව විසින් සම්බාධක පනවන ලද රාජපක්ෂ මහතා එම චෝදනා “අභූත” යැයි ප්‍රතික්ෂේප කර ඇත.

    ------ Post added on Dec 28, 2023 at 2:17 PM
     
    • Like
    Reactions: SLK_sri

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,008
    1
    2,960
    113
    the universe

    සලේ මහතා, තමා මවුලානා හමුවූ බව කියන අවස්ථාවේ ඔහු විදේශගතව සිටි බව පවසමින් NTJ ත්‍රස්තවාදීන් සමඟ කිසිදු සම්බන්ධයක් ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු දැන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක බුද්ධි සේවයේ ප්‍රධානියා වේ. පසුගිය වසරේ ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O’Neil ඇතුළු ඕස්ට්‍රේලියානු නිලධාරීන් හමුවීමට ඔහුට අවස්ථාවද ලැබුණි.

    ABC විසින් කරන ලද සම්මුඛ පරීක්ෂණ ඉල්ලීම් හෝ ප්‍රශ්නවලට රාජපක්ෂ මහතා හෝ සලේ මහතා ප්‍රතිචාර දැක්වූයේ නැත.

    රහස්‍ය මූලාශ්‍ර ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවක් පවසමින් වත්මන් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරම්භ කරන ලද විමර්ශන කොමිසමක් හමුවේ පෙනී සිටීම පසුගිය මාසයේදී චැනල් 4 ප්‍රතික්ෂේප කළේය.

    ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථානයේ ප්‍රධානී මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටියේ “මෙම පුද්ගලයන් 270 දෙනාට ඇත්ත වශයෙන්ම සිදුවූයේ කුමක්ද සහ එය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න සොයා ගැනීමට අපට උපකාර කරනු පිනිස” ස්වාධීන පරීක්ෂණයක් සඳහා ජාත්‍යන්තර තෙරපුම ගොඩනැගීමට සහාය වන ලෙසයි.

    “ඕස්ට්‍රේලියානු රජය මෙන්ම ලෝකයේ බොහෝ රජයන්ද මෙය බරපතල මානව හිමිකම් කඩකිරීමක්, මනුෂ්‍යත්වයේ ගෞරවය උල්ලංඝනය කිරීමක් සහ දේශපාලන කුමන්ත්‍රණයක් මතුවීම පිළිබඳ බරපතල සැකයක් ලෙස සැලකීමට අපට අවශ්‍යයි” ඔහු පැවසීය.

    ඔහු ශ්‍රී ලංකාවේදී ප්‍රකාශ කළේ, “ලොකු මිනිස්සු, ඇමතිවරු… බුද්ධි අංශවල ඉන්න අය, යුධ සමයේදී අතුරුදහන්වීම්, මිනිමැරුම්, ඇතුලු ව්‍යසනයේ යම් කාර්යක් ඉටු කර තිබෙනවා.”

    “ඒ නිසා තමයි අපි ඝෝෂා කරන්නේත්, දේශපාලඥයින් විසින් මෙහෙයවන්නේ නැති සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුවත් නිදහස්, විනිවිද පෙනෙන පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේත්.”

    සුරේෂ් සලේ සහ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කිරීමෙන් පසු තම පූජකයෙකුට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පවරා බව කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කර තිබේ. ඔහු ප්‍රකාශ කළේ එය “ඉහළින් සිටින පිරිසකගේ දේශපාලන කුමන්ත්‍රණයක්” ලෙස පෙනී ගිය බවයි.

    “අනෙක් පූජකවරු… මේ අයගේ සෝදිසි නිරීක්‍ෂණයට ලක්වෙලා. ඔවුන් සතුව අප බොහෝ දෙනෙකු ගැන ලිපිගොනු ඇති බව මට විශ්වාසයි, මා ගැන පවා, මට ඒ ගැන හොඳටම විශ්වාසයි, මන්ද අපගේ දුරකථන මගින් තවදුරටත් අපට නිදහසේ කතා කිරීමට ආරක්ෂාවක් නැති නිසා” යැයි ඔහු පැවසීය.

    මෙල්බර්න්හිදී, චතුදිල්ල වීරසිංහ තවමත් ජීවත් වන්නේ පාස්කු ඉරිදා කොළඹ කිංග්ස්බරි හෝටලයට එල්ල වූ NTJ ප්‍රහාරයේ බෝම්බ කැබැල්ලක් සමඟ ය.

    “එය හදවතට යාබදව ඇති නිසා එය පිටතට ගැනීම ඉතා අවදානම් සහගතයි” ඇය පවසන්නීය.

    “[වෛද්‍යවරුන්ට] හදවත අවදානමට ලක් කිරීමට අවශ්‍ය නැහැ. ඒ නිසා ඒක එතනම තියන එක හොඳයි.”

    මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ගණිත කථිකාචාර්යවරයෙකු වන ඇගේ පියා වන රංජිත් පැවසුවේ මෙම ප්‍රහාරයට ශ්‍රී ලංකාවේ ඇතැම් නිලධාරීන් හවුල් වන්නට ඇතැයි යන චෝදනාව පවුලේ අය බැරෑරුම් ලෙස සලකන බවයි.

    “එය ඕස්ට්‍රේලියාවේ සිදු වූවා නම්, නියත වශයෙන්ම මම කම්පනයට පත් වෙනවා,” ඔහු පැවසීය.

    “නමුත් නැවත ශ්‍රී ලංකාවේ එය වෙන්න පුලුවන්. දේශපාලකයෝ හරිම වෙනස් ජාතියක්.”

    ජොෂ් රොබට්සන් විසින්, ABC විමර්ශන යන තේමාව යටතේ ඉංග්‍රිසි බසින් පල කරන ලද ලිපියක සිංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

    https://sinhala.srilankabrief.org/?p=45151
     
    • Like
    Reactions: SLK_sri

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,083
    3,083
    113
    රවි සෙනෙවිරත්න කියන්නේ දේශපාලන ගොට්ටෙක් . උගේ මහ එකා ශෘනි කියන්නේ ඕනම බලු වැඩක් ලැජ්ජාවක් නැතුව කරන එකෙක් . රන්ජගේ වළං හෝදන්න හදපු හුත්තිගෙ පුුතාලා සෙට් එක .. ක්‍රිශ් එකේ වංචාවක් උනා කියලා පරීක්ෂන කරපු රවි අද ඒකේ ප්‍රධාන විධායක නිලධාරියා ... ඕවා තමයි ගේම් ..
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    6,729
    13,150
    113
    Milagiriya
    රවි සෙනෙවිරත්න කියන්නේ දේශපාලන ගොට්ටෙක් . උගේ මහ එකා ශෘනි කියන්නේ ඕනම බලු වැඩක් ලැජ්ජාවක් නැතුව කරන එකෙක් . රන්ජගේ වළං හෝදන්න හදපු හුත්තිගෙ පුුතාලා සෙට් එක .. ක්‍රිශ් එකේ වංචාවක් උනා කියලා පරීක්ෂන කරපු රවි අද ඒකේ ප්‍රධාන විධායක නිලධාරියා ... ඕවා තමයි ගේම් ..
    Fcid එකේ හිටපු රවී නාකි මයිනලා ගොට්ටෙක්නේ. Asp ලාගේ ඉඳලා Senior Dig වෙනකම් ඉන්න උන්ගේ කොහොමත් දේශපාලන නැඹුරුවක් මොන පක්ෂයකට හරි තියෙනවා.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,083
    3,083
    113
    Fcid එකේ හිටපු රවී නාකි මයිනලා ගොට්ටෙක්නේ. Asp ලාගේ ඉඳලා Senior Dig වෙනකම් ඉන්න උන්ගේ කොහොමත් දේශපාලන නැඹුරුවක් මොන පක්ෂයකට හරි තියෙනවා.
    ඌ කාගේ ගොට්ටෙක්ද කියලා දන්නෝ දනිති .. ඌ මයිනගේ ගොට්ට නිසාද බන් Fcid දැම්මේ . ශානිත් මයිනගේ ගොට්ටෙක්ද බන් .
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,108
    56,586
    113

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,538
    60,680
    113
    මාලඹේ
    ගෝඨාභය එන්න අවුරුදකට කලින් බොම්බේ ගැහුවේ පොන් ස් 🤦
    බොම්බේ ගැහුවේ කවුද කියලා කියයි ඉබ්‍රාහිම් නානා ගෙන් ඇහුවා නම්🤩
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,108
    56,586
    113
    ගෝඨාභය එන්න අවුරුදකට කලින් බොම්බේ ගැහුවේ පොන් ස් 🤦
    බොම්බේ ගැහුවේ කවුද කියලා කියයි ඉබ්‍රාහිම් නානා ගෙන් ඇහුවා නම්🤩
    ඉබ්‍රාහිම් නානා kiyala thiyenne gothabaya gassuwe kiyala