පැතුම්ටත් නිවන් සුව පතයි...සමාජ විරෝධීන්ට පැතුම් දුන් පිළිතුර මෙන්න

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,049
    2,746
    113
    මට ඊයේ නිවන් සුව ප්‍රාර්ථනා කරපු අර ගොඩක් හිටියා. ඒ අයට බොහෝම ස්තුතියි. බෞද්ධයෙක් විදියට මම ධර්මය තේරුම් ගත්ත දවසේ ඉඳලා ප්‍රාර්ථනා කරන්නෙත් නිවනම තමයි.

    ඒ ගමන හරි අමාරුයි. මැරිච්ච පළියට හෝ ප්‍රාර්ථනා කරපු පලියට ඒක ලැබෙන්නේ නෑ. ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕනේ.

    නිවනට යන්න මාර්ග ඵල ලබන්න ඕනේ. අඩුම තරමින් ආයෙත් මනුෂ්‍ය ආත්මයක් ලබන්නත් ගොඩක් පිං කරන්න ඕනේ.

    ඔය නිවනත් අපේ ඇබ්ස් වගේ තමයි. අපි තුලම තියෙනවා. මහන්සි වුනොත් හදා ගන්න පුළුවන්. හැබැයි එක ජීවිත කාලයකින් හදන්න බෑ. සසර පුරා මහන්සි වෙලා හදා ගන්න ඕනේ.

    නිවනට යන කෙනෙක් තමන්ගේ අවසන් ජීවිත කාලය තුල අරහත් භාවයට පත් වෙනවා. ඒ රහතුන් තමයි නිවනෙන් සැනසෙන්නේ.

    හැබැයි අවාසනාවකට කොච්චර ප්‍රාර්ථනා කලත් නිවන නොලැබෙන එකයි වැඩේ. ඒ නිවන ලැබෙන්නේ ප්‍රාර්ථනාවකින් නොවන නිසා. මරණින් පසු අපි අනුන්ට නිවන ප්‍රාර්ථනා කරනවා. ඒත් මම නම් එහෙම කියලම නෑ. මොකද මට ඒකේ තියෙන්නේ හරි හිස් බවක්.

    ජාතික හරිත පෙරමුණේ මරණ ශෝකාප්‍රකාශයේ තියෙන්නේ මහ පොළොවෙන් උරා ගත් සියල්ල යළිත් මහ පොළොවට බාර දී නික්ම යා යුතු වේ කියලා.

    නිවන් ප්‍රාර්ථනා කරපු NPP යේ හැමෝටම බොහෝම පිං!!! ඉඳලා හිටලා හරි පංසලකට ගොඩ වෙලා බණක් දහමක් අහන්න. ඡන්දය ඉල්ලන්න විතරක් හාමුදුරුවන් පස්සේ ගියාට නිවන ලැබෙන එකක් නෑ.

    මට නිවන් සුව ලැබේවා!!!
    සියළු සත්ත්වයෝ නිවනට පත් වෙත්වා!!!

    පැතුම් කර්නර්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    26,096
    1
    30,518
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "නිවන් සුව ලැබේවා" කියන එකයි "රහත් වේවා / පසේ බුදු වේවා/ බුදුවේවා" කියන එකයි සමානයි.

    ඇයි මේ සක්කිලි දේසපාලුවන්ට එහෙම සුගතියක් ප්‍රර්ථනා කරන්නෙ?
     
    • Like
    Reactions: shenat and Cypress

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    18,951
    1
    28,123
    113
    ඒකද මූ කුලප්පු වෙලා කිරියෙ ත්‍රෙඩ් දැම්මෙ. පොඩි එකෙක් වගේනෙ :rofl:
     
    • Haha
    Reactions: Cypress

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,049
    2,746
    113
    අපි සැමරුවේ නිදහස නෙවෙයි. අපි සැමරුවේ ජාතික දිනය.
    ජාතියක් විදිහට එකතු වෙලා, එක දවසක්, එක රටක් විදිහට සමරන එක ලෝක සිරිතක්.
    ඒ වැදගත් දවසේ අපිට කරන්න පුළුවන් හොඳම දේ අපිට ජීවත් වෙන්න සාරය සපයන මහ පොළොවට උපහාර කරන එක.

    ඒ වගේම මිනිස්සුන්ට ජීවත් වෙන්න සුදුසු ජනාවාස ප්‍රදේශ නිර්මාණය කර ගන්න පරිසරය රැක ගන්න එක.

    ඉතිං ඒ මහ පොළොවට ආදරෙන්, ශ්‍රී ලාංකීය ජාතියට ආදරෙන් අපි අපේ ජාතික දිනය සැමරුවා.

    මේ රටේ ප්‍රමාණවත් නිදහසක් අපිට නෑ. තියෙන නිදහසට සීමා ගොඩයි. කොල්ලෙකුට කෙල්ලෙකුට පාක් එකක යන්නවත් නිදහසක් නැති රටක්. පාර පුරා බැරියර් දා ගත්ත, යන යන තැන පොලිසියෙන් වාහන නවත්තලා චෙක් කරන, පාලකයාගේ සිතුම් පැතුම් නීතීය වෙච්චි රටක නිදහස තියෙන්නේ සමරන්න නෙවෙයි, සටන් කරලා දිනා ගන්න. ඒ නිදහස වෙනුවෙන් කළ යුතු සටනක් තවමත් අප ඉදිරියේ තිබෙනවා. හැබැයි ඒ සටන අපිව මේ මාතෘ භූමියට උපහාර කරන එකෙන් නවත්වන්නේ නෑ.

    නිදහසේ සටන තවම ඉතුරුයි. ඒ දිනය වෙනුවෙන් අපි මොහොතින් මොහොත සූදානම් !

    ජයවේවා !!!

    පැතුම්
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,984
    3,528
    113
    Ithin puka nodi gehin mahana una nam iwaraine.. Niwana prarthana karanawanam karanna one de mahana wela ee weda tika karana ekane?