පැහැරගෙන අතවර කළැයි බොරුපැමිණිල්ලක් කළ තරුණියට නීතිමය පියවර

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    59,127
    55,131
    113
    වත්තල පරණ මීගමුව මාර්ගයේ සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි පැරැණි පෙම්වතා ඇතුළු සිවුදෙනකු තමා පැහැරගෙන ගොස් පහරදී ලිංගික අතවර කළ බවට බොරු පැමිණිල්ලක් කළ බව කියන තරුණියකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව වත්තල පොලිසිය පවසයි.මේ පැමිණිල්ල කර ඇත්තේ වත්තල, ඒ දණ්ඩ පාර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19 ක තරුණියකි.




    කිසියම් කටයුත්තක් සඳහා නුගේගොඩ ප්‍රදේශයට ගොස් නැවත බසයකින් වත්තල ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී පරණ මීගමු පාර ප්‍රදේශයේදී පැරැණි පෙම්වතා ඇතුළු සිවු දෙනකු තමා පැහැර ගත් බවට ඇය මෙසේ පැමිණිලි කර තිබූ බව කියති.සැකකරුවන් පහරදීමෙන් සිහි සුන්වූ බවත් පසුව පියවි සිහිය ලැබෙන විට තමා කාමරයක නිරුවතින් සිටි බවත් පැමිණිල්ලේ සඳහන් වේ.


    පසුව පෙම්වතාට දුරකතනයෙන් දැනුම්දීමෙන් අනතුරුව පොලිසියට පැමිණිලි කළ බවද ඇය කියා ඇත.සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ මූලික විමර්ශන කෙරිණි.පැරැණි පෙම්වතා තරුණියගේ මවට ක

    ෙටි පණිවුඩ යවන බව ඇගවෙන පරිදි තරුණිය විසින් ඇයගේ මවට කෙටි පණිවුඩ යවමින් ඇය පහර කෑමට ලක් වූ බව ඇඟවෙන ඡායාරූප ද යවා ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.


    සිද්ධිය සම්බන්ධයෙන් පැරැණි පෙම්වතා බව කියන 22 හැවිරිදි පුද්ගලයෙක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.පැමිණිලිකාරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති අතර අද (7) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,683
    6,831
    113
    හරි නම් පැරණි පෙම්වතාටයි ඌත් එක්ක ආවා කියන හදර දෙනාටයි ගහන්න දෙන්න ඕන. කුඩා ඒ දණ්ඩ පාරෙ කොහෙද දන්නෙ නෑ, විපතක් වෙලා නම් ගෙහුං බලන්ට
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,749
    113
    හරි නම් පැරණි පෙම්වතාටයි ඌත් එක්ක ආවා කියන හදර දෙනාටයි ගහන්න දෙන්න ඕන.
    neethiya athata ganna honda nane.