මට මේ App එක අහම්බෙන් වගේ සෙට් වුනේ. හැබැයි මචන්ලා මේක නම් Hidden Gem එකක්. මේ App එකේ නම ඇවිල්ලා Speak English. ඒකෙන් කරන්නේ ඒ App එක පාවිච්චි අනිත් users ලට නිර්නාමිකව calls ඇරගෙන එයාලට English වලින් කතා කරන ගමන් අපේ English Improve කරගන්න පුළුවන් වෙන එක තමා. මේ App එකෙන් අපිට ගොඩක්ම කතා කරන්න හම්බෙන්නේ Spanish Speaking Countries වල ඉන්න, එයාලගේ English improve කරගන්න try කරන සුද්දොත් එක්ක තමා. හැබැයි එයාලට හොඳට English පුළුවන්. ඒ වගේම මේ app එකේ call limitations එහෙම මොනවත් නෑ. (Ads නම් පෙන්නනවා හැබැයි. ඒකත් පොඩි Ads ප්‍රමාණයක් තමයි පෙන්නන්නේ.) මේ App එකේ හොඳ Level system එකක් තියෙනවා. ඔයාගෙ English practice එක වැඩිවෙන්න වැඩිවෙන්න ඒක evaluate වෙලා ඔයාගෙ Level එක up වෙනවා. තව Vocabulary හදාගන්න වෙනම Section එකක් තියෙනවා. තව English ඉගෙනගන්න පුළුවන් වෙනම section එකක් තියෙනවා. ඒත් මේ app එකේ තියෙන ප්‍රධානම සහ වටිනාම feature එක තමා ඇත්තම මිනිස්සුත් එක්ක නොමිලේම calls ඇරගෙන කතා කරන ගමන් අපේ English Speaking Skills improve කරගන්න පුළුවන් වෙන එක. මං පොඩි කාලෙ ඉඳන්ම කඩ්ඩෙන් videos , movies බලපු හින්දයි, තව හොඳ English class එකකට ගියපු හින්දයි මට කඩ්ඩ තේරුම් ගන්න එකේ කිසි අව්ලක් නෑ. හැබැයි මං ඉගෙනගත්තේ සිංහල medium වලින් නිසා මගේ English "Speaking" skills නම් එච්චර improve වුනේ නෑ. මට තේරුණ දෙයක් තමයි කොච්චර හොඳට කඩ්ඩ තේරුම්ගන්න පුළුවන් වුනත්, එදිනෙදා ජීවිතේදී හැමදාම කඩ්ඩෙන් කතා කරන්න chance එකක් තිබ්බොත් විතරයි අපේ English Speaking Skills improve කරගන්න පුලුවන් වෙන්නේ. අපිට ඒ chance එක මේ app එකෙන් අරන් දීලා තියෙනවා. ඔයගොල්ලොන්ට හිතෙන්න පුළුවන් මේ app එකෙන් කරන්නේ Omegle App එකෙන් කරන වැඩේම නේද කියලා. හැබැයි Omegle එකේ කොච්චර අසහනකාරයෝ ඉන්නවද කියලා ඔයාලා දන්නවනේ. අනික මං දන්න විදිහට Omegle එකෙන් කතා කරනවානම් අනිවාර්යෙන් Camera එක on එකේ තියෙන්න ඕනේ. ඒ නිසා ඒක anonymous වෙන්නෙත් නෑනේ. ඒත් Speak English App එකේ Camera එක on කරගෙන ඉන්න ඕනෙ නෑ. අනික call එකක් ඇරන් ඉවර වුණාම ඒ call එක ගත්ත user ගෙ behavior එක ගැන අපිට rate කරන්න පුළුවන්. ඒ user මොනවහරි නුසුදුසු දේවල් අපිට call එකේදි කිව්වොත් එව්වා report කරන්නත් පුළුවන්. ඒ හින්දා කව්රුහරි user කෙනෙක් පට්ටම unpleasant විදිහට හැසිරෙනවනම් එයාව app එකෙන් ban වෙනවා. ඒ නිසා මේ app එක පාවිච්චි කරන්න කිසිම බයක් වෙන්න ඕනේ නෑ. ඒ නිසා ඔයාලටත් ඔයාලගේ English Speaking Skills improve කරගන්න ඕනෙ නම් මේ App එක Install කරගෙන බලන්න. 
App Name - Speak English
https://play.google.com/store/apps/details?id=com.app.appoaholic.speakenglish
https://apps.apple.com/us/app/speak-english-online-talk-chat/id1528832033
(Affiliate Links නෙමෙයි.)

App Name - Speak English
https://play.google.com/store/apps/details?id=com.app.appoaholic.speakenglish
https://apps.apple.com/us/app/speak-english-online-talk-chat/id1528832033
(Affiliate Links නෙමෙයි.)