පින්ලන්තයේ ජොබ් හොයාගන්න අමාරුයිලු. සමහර සිංහලු කුනුබක්කි වල ටින් එකතු කරනවලු

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    3,919
    6,919
    113
    මේ දවස්වල ගොඩක් අය තමන්ගේ අත්දැකීම් share කරන නිසා මම අවුරුද්දකට ආසන්න මගේ අත්දැකීම් ගැන කියන්න හිතුවේ.මේ දේවල් මම ගොතලා කියන දේවල් නෙමෙයි මම අත්විඳි දේවල් සහ මම අහලා දැකලා තියෙන දේවල් එක්ක මට කියන්න හිතුන දේවල්.
    මුලින්ම මට කියන්න තියෙන්නේ කවුරුහරි අවුරුදු 30ට වඩා අඩු single කෙනෙක් මෙහේ එන්න හිතන් ඉන්නවා නම් finland ඔයාගේ first option එක කරගන්න කලින් කීපවතාවක් හිතන්න.ඔයාට english speaking country එකකට යන එක ඔයාගේ අනාගතය මෙහේ ආවට වඩා සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා.
    මෙහේ single කෙනෙක් විදියට එනවනම් ඔයාගේ course fee එක already තියෙනවානම් living cost එකත් සැළකිය යුතු මට්ටමක තියෙනව නම් විතරක් එන්න.මොකද ඇත්තටම තනියම ඇවිත් studies එක්ක ඔයාට part time එක කරන් ඔක්කොම වියදම් cover කරගන්න එක නම් හිතන්නවත් එපා.ඒක ඇත්තටම අමාරුයි.


    මම දන්න ගොඩක් couple ආපු අය නම් ගොඩක් හොඳ විදියට සාර්තක වෙලා ඉන්නවා.මොකද එක්කෙනෙක්ට full time job එක හම්බෙලා work permit දාපු අයත්,දෙන්නම එකතුවෙලා income එක පෙන්නලා work permit දාලා සාර්ථක උන අය ඉන්නවා.තනි කෙනෙක්ට මොකුත් benifits හම්බුනේ නැති උනාට couple එකකට ලැබෙන benifits වලින් shape එකේ ජීවත් වෙන්න පුළුවන්.එයාලට housing එක ලැබෙනවා.job එකක් නැත්නම් unemployment එක ලැබෙනවා.ඒත් ගොඩක් අය unemployment එක ගත්තේ න්හැ.
    Warning එක බබාල එක්ක එන්න ඉන්න අයට.ඔයාලා පුළුවන් තරම් සල්ලි ගේන්න.ඉස්සර group වල ඉන්න පරණ අක්කලා අයියලා එහෙම කියද්දී හිතින් බනිනවා කොහේ තියෙන සල්ලිද කියලා.ඒත් ඇත්තටම මාස ගාණක් job එකක් නැතුව ජීවත් වෙද්දි තමයි ඒක තේරෙන්නේ.ලංකාවෙන් එද්දී loan අරන් ආපු අයට මේක හොඳටම දැනෙනවා.ළමයින්ට day care එකෙන් කන්න දුන්නත් අපිට benifits ලැබුනත් හිතේ නිදහසේ ඉන්න සල්ලි ඕන.job එකක් ඕන.අනිත් එක visa extend කරන්න ගියාම.හරියට ජොබ් එකක් නැතුව පවුලටම සල්ලි පෙන්නලා ආදායම් පෙන්නන්න ඕන නිසයි අමාරු.ඒකයි බබාල එක්ක එන්න ඉන්න අය ගොඩක් කල්පනා කරලා සුදානම් වෙලා එන්න ඕන.course fee එකට සල්ලි තියෙනවා නම් shape එකේ කාලා බීලා ඉන්න පුලුවන්නම් job එකක් ලැබෙනකම් බය නැතුව එන්න.


    මේක ලියන මගේ spouse ටත් අපි ඇවිත් අවුරුද්දකට කිට්ටු උනත් හරියට full time ජොබ් එකක් නැහැ.ඒ නිසා අපි ගොඩක් stress එකේ ඉන්නේ visa extend කරන්න ඕන නිසා.අපිට මේ පාර්ට් ටයිම් එක ලැබුනෙත් මාස 7කට ආසන්න කාළයක් ඉඳලා.ඒක අපේ වෙලාව කියලා අපි හිතන් ඉන්නේ.මොකද අපි දැන් වැඩ කරන තැන් වලින් අපිට positive feedback තියෙන්නේ.ඉතින් අපේ confidence වල වැඩ කරන විදියේ වරදක් ඇති කියලා අපි හිතන්නේ නැහැ.හැබැයි අපි skill workers ලා නෙමෙයි ලංකාවෙදි.සාමාන්‍ය රජයේ සේවකයන්.කොහොම උනත් skills තියාගෙන degrees තියාගෙන job එකක් සෙට් නොඋන අයත් කිසිම skill එකක් නැතුව ආව ගමන් දාපු application එකෙන් දෙකෙන් job ලැබුන අයත් මෙහේ ඉන්නවා.එයාලා නම් සෑබෑ වාසනාවන්තයන්.එයාලට හදවතින්ම සුබ පතනවා..!


    ජොබ් එකක් නැතුව අසරණ වෙලා ටින් එකතු කරන කතාවක් දැක්කා.ඒක ඇත්තක්.ගොඩක් වෙලාවට ඒක වෙන්නේ මෙහෙමයි.ඇවිත් මාස 3,4 යද්දිත් ජොබ් එකක් නැති උනාම හිතට දැනෙන බය දන්නේ ඒක අත්වින්ද අය තමයි.එහෙම උනාම කන්න බොන්න ටිකවත් shape කරගන්න කියලා තමයි ඔය වැඩේ පටන් ගන්නේ.ඒත් හිතන්න මේ සීතලේ බින් වලට අත දාගෙන ටින් හොය හොය යන එක මොනතරම් අමාරුද කියලා.ඒක මොනතරම් මානසික කායික පීඩාවක්ද කියලා කරන අය දන්නව.ටින් එකෙන් ලැබෙන සත ගානේ එකතු කරලා ගෙදරට මොනවත් ගේනියන්න ඒ කෙනා මොනතරම් මහන්සි වෙනවද.ඒ නිසා කවදාවත් ඒ වගේ කෙනෙක්ට කතා කියන්න හිනා වෙන්න ලංකාවේ නම කනවා කියන්න එපා.ඒක ඒ මනුස්සයගේ අන්තිම option එක.එහම කරන්න පෙළබෙන්න කළින් ඒ කෙනා හැම එකටම application දාල ,job එකක් හොය හොය හතර අතේ ඇවිදලා,පත්තර බෙදන්න අවස්ථාවක් වත් ලබාගන්න උත්සාහා කරලා කරන්න ඕන හැමදේම කරලා බැරි තැන තමයි ඒවා එකතු කරන්නේ.හැබැයි මෙහේ අය නම් එහෙම කරන කෙනෙක් දිහාවත් අමුතු විදියට නොබලන එක සහනයක්.
    මගේ අත්දැකීම් එක්ක දැනට මෙහේ ඇවිත් ඉන්න අලුත් අයට කියන්න තියෙන්නේ ඔයාල ආව ගමන් TE office එකට ගිහින් language course එකට register වෙන්න.ඒක එන්න මාස කීපයක් යනවා.ඒ අතරේ apply කරන්න ජොබ් වලට.අපිට උනේ අපි ජොබ් හොය හොයා හිටියා විතරයි පිස්සුවෙන්.දන්නෙම නැතුව මාස ගණන් ගියා නිකරුනේ.අපිට ඉතුරු උනේ පසුතැවීම.ඒ නිසා පුළුවන්නම් හොඳම දේ ඒක අලුත් කෙනෙක්ට.ඒක මාස 10-12 ක course එකක්.අපි දන්නෙම නැතුව ඒ කාළය යනවා.ඒත් අපේ ජීවිතේම ගොඩ යනවා ඒකෙන්.


    එන්න හිතන් ඉන්න අයට කියන්නේ එන්න කළින් ගොඩක් හිතන්න.අවංකවම දැන් ජොබ් තත්වය අමාරු නිසා.course fee එකවත් තියෙනවා නම් විතරක් එන්න.happiest country කියන එකට ආස වෙලා පසුතැවෙන්න එපා.happy එකේ මෙහේ ඉන්න ඕන නම් අපිට සල්ලි ඕන නිසා.සල්ලි හම්බකරන්න job එකක් ඕන නිසා.ඒ නිසා ප්‍ර්දානම දේ job එකක්.ඒත් තමන් ආස රටකට යන එක උණක්.ඒ උණ හොඳ කරන්න අමාරුයි.උණ හොඳවෙන්නේ ඒ රටට ගොඩබැස්සම.ඒත් ආයේ උණ හැදෙන්නේ අපි මුහුණ දෙන අභියෝග.ඒ නිසා ඔයාලා මෙහෙම හිතන්නකෝ.ජපන් යන්න ආස කෙනා ජපන් ඉගෙනගන්නවා වගේ,කොරියා යන්න ආස කෙනා කොරියානු භාශාව ඉගෙනගන්නවා වගේ ඔයාගේ ඒකම dream එක finland නම් ඔයා Finnish ඉගෙනගන්න පටන් ගන්න.බය නැතුව I can speak fluent finnish,I can speak basic finnish, my finnish language skill is good,fluent කියලා කියන්න පුළුවන්නම් ඔයා බය නැතුව එන්න සුදානම් වෙන්න.මොකද ම්හේ language පුලුවන්නම් jobs තියෙනවා.
    TE office එකේ අත්දැකීම් කිව්වොත් එයාලා අපිව guide කරනවා විතරයි.එයාලා cv හදන්න උදව් කරා.අපිව ගෙන්නගෙන අපි cv දාන විදියටම online apply කරා විතරයි.හැබැයි language course එක ගොඩක් වටිනවා.
    මෙහේ ඇවිත් කවුරුවත් උදව් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා.ඇත්තටම හැමෝම ඉන්නේ ගොඩක් busy shedule වල.මෙහේ ඉන්න අවුරුදු 5 වගේ ඉඳන් ඉන්න අය ගොඩක් හොඳ අය ඉන්නවා.නිහතමානී අය.අලුතින් ආව අය එහෙම නැහැ.කොහොමත් ලංකාවේ අය ගොඩක් අමුතු ගතිගුණ තියෙන අය.වාසියට අනිත් අය ඇසුරු කරන අය වැඩියි.තමන්ට උදව් කරපු අය,තමන්ට රස්සාව හොයලා දුන්න මනුස්සයා පවා අනිත් පැත්තට කපලා දාපු අයත් ඉන්නවා.ඒ නිසා තනියම ඉන්න එක හොඳ්‍යි.තමන්ට සල්ලි තියෙනවා නම් හොඳට කාලා බීලා ඇවිදලා ජොලියේ ඉන්න පුළුවන්.
    මේ post එක පිළිවෙලක් නෑ වගේ ඇති.මට මතක් වෙන වෙන සැරේට type කර නිසා.අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ මේ summerඑකේ අපිට ජොබ් එකක් ලැබෙයි කියලා.එහෙම බලාපොරොත්තු තියන් ඉන්න ගොඩක් අය ඉන්නවා.එයාලටත් හොඳම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සුබ පතනවා හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා.


     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    7,161
    1
    15,170
    113
    දැන් ගොඩක් රටවල් වල ජොබ් හොයන එක අමාරු තමයි. ඒෂියන් එවුන් ඇවිල්ල පිරිලා ඉන්නේ. කට්ටක් කන්න වෙනවා.
    කැනඩාවේ කිලෝමීටර් තුනක් දිග පාට් ටයිම් ජොබ් කියු එක.

     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    7,161
    1
    15,170
    113
    මෙහේ ඉන්න අවුරුදු 5 වගේ ඉඳන් ඉන්න අය ගොඩක් හොඳ අය ඉන්නවා.නිහතමානී අය.අලුතින් ආව අය එහෙම නැහැ. කොහොමත් ලංකාවේ අය ගොඩක් අමුතු ගතිගුණ තියෙන අය.වාසියට අනිත් අය ඇසුරු කරන අය වැඩියි.තමන්ට උදව් කරපු අය,තමන්ට රස්සාව හොයලා දුන්න මනුස්සයා පවා අනිත් පැත්තට කපලා දාපු අයත් ඉන්නවා.ඒ නිසා තනියම ඉන්න එක හොඳ්‍යි.තමන්ට සල්ලි තියෙනවා නම් හොඳට කාලා බීලා ඇවිදලා ජොලියේ ඉන්න පුළුවන්.
    මේක ඇත්ත කුහකම එවුන් එන්නේ
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    8,810
    8,219
    113
    Sinhalu going to pinlanthaya without doing any research

    Happiest ma country kiyala hina loka wala idagena yanwaa godak un, 40+ panala student visa danawaa :baffled::baffled:

    Reality eka, cons gana awabodayak naa. Finland Happiest ma country kiuwata ehee minissunta Sunlight nathuwa depression enawaa

    Owa gana danagena, ewata ready wela yana unta owa awulake na
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    3,919
    6,919
    113
    Sinhalu going to pinlanthaya without doing any research

    Happiest ma country kiyala hina loka wala idagena yanwaa godak un, 40+ panala student visa danawaa :baffled::baffled:

    Reality eka, cons gana awabodayak naa. Finland Happiest ma country kiuwata ehee minissunta Sunlight nathuwa depression enawaa

    Owa gana danagena, ewata ready wela yana unta owa awulake na

    ගොඩක් උන්ට තේරෙන්නේ නැහැ සතුට කියන එක මනින්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක. මොකක් හරි ලිස්ට් එකක තියෙන පලියට හිස මුදුනින් පිලිගන්නවා. සතුට තිබ්බත් ඒ සතුට තියෙන්නේ ඒ රටේ හැදිලා වඩිච්ච එහෙ උන්ට. අඩුම ගානේ එහෙ සෙට්ල් උන එවුන්ට. අවුරුදු 35 පැනලා ණය වෙලා ස්ටුඩන්ට් යන උන්ට ඒ සතුට නැහැ. උන් පට්ටම ස්ට්‍රෙස් එකක ඉන්නේ.

    සිංහලු හිතන්නේ happiest කන්ට්‍රි කිව්වම එහෙ ගොඩබැස්ස ගමන්ම සුරලොව හම්බෙනවා කියලා.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    1,217
    1,647
    113
    Sinhalu going to pinlanthaya without doing any research

    Happiest ma country kiyala hina loka wala idagena yanwaa godak un, 40+ panala student visa danawaa :baffled::baffled:

    Reality eka, cons gana awabodayak naa. Finland Happiest ma country kiuwata ehee minissunta Sunlight nathuwa depression enawaa

    Owa gana danagena, ewata ready wela yana unta owa awulake na
    Agency කාරයොයි, youtube චැනල් සෙට් එකයි තමයි දුන්නේ නිකන්.
    ‍කට්ටිය වැඩිය හොයන්නේ නැතුව තමයි ආවේ.
    මේ පහල comment එක දාලා තියන කෙනා whatsapp group වල හෙන ලොකු talk දීගෙන ඉදියේ.
    පරන set එක කුහක කමට අවුල් කියනවා කිව්වා. ඔන්න දැන් අදහස
    IMG_0328.jpeg


    Positive negative දෙකම තියනවා.
    හොදට කල්පනා කරලා තීරන ගන්න ඕනේ

    අවුරුදු 35 පැනලා ණය වෙලා ස්ටුඩන්ට් යන උන්ට ඒ සතුට නැහැ.
    එහෙමම කියන්නත් බෑ. Professional jobs නොකරත් ඔහොම උන්ගෙන් ගොඩ දාගන්න සෙට් එකක් ඉන්නවා. හැබැයි බුදු කට්ටක්.
    ------ Post added on Jan 12, 2024 at 2:46 AM
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    3,919
    6,919
    113
    හැබැයි බුදු කට්ටක්.
    ------ Post added on Jan 12, 2024 at 2:46 AM

    ඒක තමයි මාත් කියන්නේ. සෙට්ල් වෙනකන් සතුට නැහැ. සමහරුන්ට සෙට්ල් වෙන්න වෙන්නෙත් නැහැ කට්ට කන්න බැරිකම හින්දයි ලක් එක නැති හින්දයි.

    කට්ට නොකා හොඳ ජොබ් (විශේෂයෙන් IT ) සෙට් උන එවුනුත් ඉන්නවා. හැබැයි බහුතරය එහෙම නෙමෙයි.
     
    • Like
    Reactions: sami_boy and Amew

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    7,161
    1
    15,170
    113
    Sinhalu going to pinlanthaya without doing any research

    Happiest ma country kiyala hina loka wala idagena yanwaa godak un, 40+ panala student visa danawaa :baffled::baffled:

    Reality eka, cons gana awabodayak naa. Finland Happiest ma country kiuwata ehee minissunta Sunlight nathuwa depression enawaa

    Owa gana danagena, ewata ready wela yana unta owa awulake na
    ලක්ෂ පනහෙන් හැටෙන් යන්න පුළුවන් නිසා ගොඩක් උන් ෆින්ලන්ඩ් යන්නේ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    14,421
    10,287
    113
    Piliyandala
    භාෂාව තමා ඉතින් හරහට හිටින්නෙ..

    ගොඩක් ජොබ් වලට භාෂාව ඉල්ලනවා.

    ඒක නිසයි ජොබ් වලට අප්ලයි කරා කර ඉද්දී නිකන්ම කාලේ යනවා තේරෙන්නේ නෑ.. ගෙනාපු සල්ලිත් ඉවරයි... පොඩි එකෙක් එක්ක ඉන්නවා කියන්නේ තත්වේ තවත් භායනකයි...

    ඕකයි ඇතුලේ කතන්දරේ
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    1,217
    1,647
    113
    My sister got 80% off scholarship for masters in UoH for teaching. She's planning to move there with her husband and let him find a job. He's a Wearhouse manager in srilanka. I'll tell them to take at least money for 6 months.
    Helsinki වල නම් මොකක් හරි ගේමක් ගහන්න පුලුවන් වෙයි.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    3,919
    6,919
    113
    My sister got 80% off scholarship for masters in UoH for teaching. She's planning to move there with her husband and let him find a job. He's a Wearhouse manager in srilanka. I'll tell them to take at least money for 6 months.

    Group wala kattiya kiyanne 5 months wath yanawa kiyala part time cleaning job ekak unath hoyaganna.

    lol not because they like the country it's culture or Metal music ? Then they are fucked ! :lol:

    ගොඩක් එවුන්ට ඕන "කොහෙට" හරි යන එක මිසක් තමන් කැමති රටකට යන එක වත් සල්ලි හම්බු කරන්න පුළුවන් රටකට යන එකවත් තමන්ට සෙට්ල් වෙන්න ලේසි රටකට යන එකවත් නෙමෙයි.
    ------ Post added on Jan 12, 2024 at 4:09 AM
     
    • Haha
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    18,730
    12,717
    113
    Auckland
    lankawe ewun ehema hoyala balala yanne hari aduwen. rallata yanna lesi ganan adu ratakta yanwa. ekai dan oya Finland yanne polime. :ROFLMAO:
    Group wala kattiya kiyanne 5 months wath yanawa kiyala part time cleaning job ekak unath hoyaganna.



    ගොඩක් එවුන්ට ඕන "කොහෙට" හරි යන එක මිසක් තමන් කැමති රටකට යන එක වත් සල්ලි හම්බු කරන්න පුළුවන් රටකට යන එකවත් තමන්ට සෙට්ල් වෙන්න ලේසි රටකට යන එකවත් නෙමෙයි.
    ------ Post added on Jan 12, 2024 at 4:09 AM

    Hari ne bun ithin

    They will ask why the fuck are you even here

    Honestly I don't have any sympathy for people like that.

    Hithala balapan lankawata awith "mata job ekak deepan" kiwoth apita kisima widiyakin set wenne nathi ewun tikak mokada wenne kiyala ?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    15,606
    31,996
    113
    කළු මිට්ටොන්ට තියෙන්නේ කයියයි පොයියයි විතරයි.
    ඉන්ටර්වීව් එකක් ගොඩදාගන්න බෑ, හරියට වැඩක් කරගන්න බෑ
     
    • Like
    Reactions: KadawathaKolla